දහම් අමාවට සැරසෙමු

ජුනි 21, 2024



සිරිලක් අඹරෙ පුර පෝ දින සමරනවා
පොසොන් මසට බැති ගී හඬ රැව් දෙනවා
මිහිඳු සමිඳු වැඩිය දිනේ සිහිවෙනවා
පොසොන් උදාවට අපි දැන් සැරසෙනවා

මිහින්තලා ගල් සෙවණේ මිහිඳු සමිඳු වැඩි දිනේ
තිස්ස කුමරු අඹ උයනේ කෙලි දෙළමින් සිටිය තැනේ
රජුගේ නෙත් පහදවන්න තිස්ස තිස්ස කියූ තැනේ
විපරම් කර බැලුවේ රජ කවුදැයි මට අණ කෙරුණේ

මුව දඩයම පසෙක දමා රජු තිසරණ සරණ ගියා
මිහිඳු සමිඳු සමඟින් ආ පිරිසක් මඟ ඵලට ගියා
දෙරටක් සිත් යා කරමින් බුදුගුණ ලොව පැතිර ගියා
සම්මා සම්බුද්ධ බලෙන් අපි තිසරණ සරන ගියා

පොසොන් තොරන් දන්සැල් සහ ගීත ගයන වැඩසටහන්
පොසොන් මසට කවුරුත් දෙති දනට පිනට පතා නිවන්
පොසොන් උදාවම සමරයි හෙළ බැතියන් සිහි නුවණින්
පොසොන් මසේ සියලු රෝග දුරුවන්නැයි පතමු සිතින්

වැදුම් පිදුම් කළත් එදා ගස් ගල් දෙස බලාගෙනම
යක්ෂ දේව නාග රූප ඇදහුවේ පින් පතාගෙනම
සමිඳු වැඩිය නිසා මෙලොව එළිය දුටුවෙ සියලු දෙනම
නිවන් මඟට පිළිපන්නට මඟ ඵල ජය කියාගෙනම

චුල්ල හස්ති නම් සුතුරයි මහරජු හට දම් දෙසුවේ
භණ්ඩුක නම් උපාසකත් එපිනෙන් මඟ ඵල දැරුවේ
ලක්වැසියන් සියලු දෙනම තුන් සරණින් පණ ලැබුවේ
සම්බුදු හිමි මිහිඳු රහත් පා පියුමට දණ නැමුවේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.