දස දිසා පිරිතේ බල මහිමය

ජුනි 28, 2024

 

තඹ පත්‍රයක් රත්‍රන් වතුරේ දමා සකස්කර පළල, දිග 1ට 5 හෝ 2ට10 හෝ ප්‍රමාණයට ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳගන්න.

යන්ත්‍ර සටහනේ ලියා තිබෙන අංක 7 සඳහන් කර ඇති පිළිවෙළට ගාථා හත අංක 7 ක් ලියා ඇති කොටුවල ලියාගන්න.

යන්ත්‍රය පලඳීන අයගේ ජන්ම පත්‍රයේ පක්ෂියා රජකරන වෙලාවක හෝ එම අයගේ නමට හිමි පක්ෂියා රජ කරන වේලාවක ඔහුට සුබ දිනක සුබ හෝරාවක, යන්ත්‍රය ලියා, පුර පක්ෂයේ සුබ දිනෙක යන්ත්‍රය ජප කිරීමට පටන් ගන්න. යන්ත්‍රය ජප කරන තැනැත්තා ඉතා පිරිසුදුව සුදු වස්ත්‍රයක් ඇඳ පස් පවින් වැළකී බ්‍රහ්මචාරීව සිටිය යුතුය. යන්ත්‍රයේ 1 වෙනි ගාථාවේ සිට 7 වෙනි ගාථාව දක්වා යන්ත්‍රයේ ලියා ගන්න.

දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත

දිසාසු දසභාගෙසු – ඨිතා බුද්ධානුභාවතෝ

වේරාපි අන්තරායාපි – විනස්සන්ති අසේසතෝ

එවමාදී ගුණෝපේතං – පරිත්තං තං භණාමහේ

පදුමුත්තරො පුරත්ථිමායං – අග්ගිම්හිචේව රේවතෝ

දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ – නෙරුතේ ච සුමංගලෝ

පච්ජිමේ ච සිඛී බුද්ධෝ – වායව්‍යා මෙධංකරෝ

උත්තරෝ පියදස්සී ච – ඊසානේ දීපංකරෝ

පථව්‍යා කකුසන්ධෝ ච – ආකාසේ සරණංකරෝ

අච්චන්තරායා සබ්බේ තේ – සෝක රෝග භයා පි ච

විනස්සන්තු සදාතුය්හං – සබ්බිරියා පථේසු ච

යක්ඛාදී දේවතාභී ච – රාජ චෝරාරි අග්ගිහි

අමනුස්සෙහි සබ්බේහි – තිරච්ඡාන ගතේහි ච

ජාතා උපද්දවා සබ්බේ – විනස්සන්තු අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ – සාරිපුත්තෝ ච දක්ඛිණේ

වාමංසෙ මොග්ගල්ලාමෝ තේ - පුරතෝ පිටකත්තයං

පච්ඡිමේ තව ආනන්දෝ – චතුද්දිසා ඛීණාසවා

සමන්තා ලෝකපාලා ච – ඉන්දදේවෝ ච බ්‍රහ්මා ච

එතෙසං ආනුභාවේන – සබ්බුපද්දමුපද්දවා

අනේකා අන්තරායා පි – විනස්සන්තු අසේසතෝ

ඉහත සඳහන් පිරිත තමාට කියන විට (මේ) යන්නත් අන් අයට කියන විට (තේ) යන්නත් යොදා කියවිය යුතුය. තමාගෙ කියනවිට (මය්හං) යන්නත් අන් අයගේ කියන විට (තුය්හං) යන්නත් යොදා කියවිය යුතුය. දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ජර‍ පිරිතේ බලය අනුව කළ හැකි කටයුතු බොහෝ ඇත.

මේ පිරිත පාවිච්චි කරන සෑම අවස්ථාවකදීම තමාද පන්සිල් ගෙන ආතුරයාට ද පන්සිල් දී කටයුතු කළ යුතුය. කුඩා දරුවන්ගේ වලිප්පුවට, හීනෙන් බය වීමට, මාන්දමට, බාලගිරි දෝෂයට වන කුෂ්ඨ ආදියට රත ගෙඩිවලට යනාදී ඕනෑම දෙයකට අඹ අත්තට මේ පිරිතෙන් 21 වරක් දුම් අල්ලා මතුරා ශාන්ති කරන්න.

වලිප්පුවට

තල්පතේ හෝ තඹ කොළයක මෙම පිරිත ලියා 26 වරක් මතුරා දරුවා නිදන කොට්ටේ ඇතුළට දමන්න.

බාලගිරි දෝෂයට සහ හීනෙන් භය වෙනවාට

තල් පතේ හෝ තඹ කොළයක ලියා 26 වරක් මතුරා නිදන කොට්ටේ ඇතුළට දමනු. පිරිසුදු අළුවලට මතුරා නළලේ තිලක තබන්න.

රත ගෙඩිවලට, හොරිවලට කුෂ්ටවලට

දිය මතුරා නාවනු, තෙල් මතුරා ගානු, අත්තෙන් ශාන්ති කරනු. සෑම විටම 26 වරක් මතුරා ගන්න.

උණට

26 වරක් තෙල් මතුරා ගාන්න. අඹ අත්තෙන් ශාන්ති කරන්න.

ඇස්වහට

කාක්කන් අඬලන්නට පෙර නොඉඳුල් දිය කලයට 26 වරක් මතුරා සෝදන්න

මාන්දමට

මේ පිරිත තල්පතේ හෝ තඹ කොළයක ලියා 108 වරක් මතුරා බඳීන්න.

වමනේට, බඩේ අමාරුවට

26 වරක් වතුරට මතුරා බොන්න දෙන්න

අරුචියට බඩේ පිපුමට

කෝපි මතුරා බොන්න දෙන්න

ඇඟ දැවිල්ලට

ඇඹුල් දොඩම් තුන් උදයක් 26 වර බැගින් මතුරා තුන් උදයක් හිස් බඩට දෙන්න.

බඩ දනවට

තැඹිලි ගෙඩි 7 උදය 7 ක් 26 වර බැගින් මතුරා ඉර උදාවෙන්ට ප්‍රථම බොන්න දෙනු.

රැකී රක්ෂා ආදියෙන් දියුණුවීමට

සඳුන් කුඩු , බෙලිමල්, කපුරු යනාදිය කුඩුකර මතුරාගෙන ගේ දොර දුම් ඇල්ලීමෙන් දියුණු වෙයි.

ගේ දොර ආරක්ෂා කිරීමට

විලඳ, එළ අබ, නොපෑගිච්ච වැලි, ගල් මතුරා වළලන්න, ඉසින්න. රත්මල් පොකුර මතුරා යට ලීයේ එල්ලන්න. සුවඳ කට්ටකුමංජල් මතුරා දුම් අල්ලන්න, තෙල් මතුරා පහන් දල්වන්න.

ගෙවැදීමට

ධාන්‍ය වර්ග මතුරා යටලීයේ එල්ලන්න

ගව වසංගතයට

පෙරුම්කායම්, වදකහ, කුඹුරු ඇට මද, සතකුප්ප, සූදුරු, කළුදුරු යනාදිය කොහොඹ තෙලින් අඹරා 108 වර නුග කොළයක ඔතා කරේ බඳීන්න.

ගෙබිමට

පිරිසුදු වැලි දහස්වර (1000) මතුරා ගෙබිමට ඉසින්න. ගෙබිම ගොඩ කරන්න. සර්ව ආරක්ෂාවයි.

උළුවහු තබන විට

රත්මල් මතුරා ඉස කඳ මල් තබා මැටි තබන්න.

සියලු මාරක බාධක අනතුරු නැතිවී ආරක්ෂාවට

රන්තැඹිලි තෙල් සුබ වේලාවන් අනුව සිඳ සුබ දිනෙක සුබ හෝරාවක පුර පක්ෂයේ ගුරු දිනක රාත්‍රී 10 ත් 2 ත් අතර වැඩිවාර ගණනක් මතුරා ගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.