ජීවිත රකින ලේ දන් දීම

ජුනි 14, 2024

 

හදිසි අනතුරකදී කලකෝලාහයකදී, වැටීමකදී, කැපීමකදී, රෝගී අවස්ථාවකදී අධික ලෙස රුධිරය පිටවීමකදී හෝ ශරීරයට අවශ්‍ය රුධිරය නොමැති අවස්ථාවකදී හෝ රුධිරය අඩු කෙනකුට වෙනත් අයකුගෙන් ලබාගත් රුධිරය ඔහුට හෝ ඇයට ශරීරගත කිරීම රුධිර පාරවිලයනය ලෙස හඳුන්වා ඇත. යම් අයකුගේ සිරුරෙන් රුධිරය ලීටරයක් හෝ ලීටර් දෙකක් පිටවීම අනතුරුදායක තත්ත්වයකි.

එමෙන්ම මොනයම් හේතුවක් නිසා හෝ සිරුරෙන් අධික ලෙස රුධිරය පිටවීමත් සමඟ ඔහුගේ හෝ ඇයගේ රුධිර පීඩනය ඉතා වේගයෙන් පහළ යෑමක් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුර තුළ රුධිරය සංසරණයවීමේ වේගය ද අඩුවේ.

එමෙන්ම රුධිරයේ රතු රුධිරානු ධාතුවක් ශීඝ්‍රයෙන් අඩුවේ. මේ තත්ත්වය නිසා සිරුරේ සෛලවල ක්‍රියාකාරීත්වයක් අඩු වේ. විශේෂයෙන් මොළයේ සෛලවල පැවැත්මට අවශ්‍ය ග්ලුකෝස් හා ඔක්සිජන් සැපයීමත් අඩුවීම නිසා මොළයේ සෛලවලට හානි පැමිණේ. එය රෝගියාගේ පැවැත්මට අනතුරුදායක විය හැකිය. රුධිරය අවශ්‍යවන්නකුට රුධිරය ලබා දෙන්නේ විශේෂ පරීක්ෂණයකින් පසුවය. ඒ අනුව ශල්‍යකර්මවලදී රෝගීන්ට ලබාදීමටත් දරු ප්‍රසූතියේ දී අධික ලෙස රුධිරය වහනයවුවහොත් ද පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා තැලසිමීයා රෝගීන් සඳහා රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන් සඳහා රුධිරය කැටිගැසීමේ ආබාධ සහිත රෝගීන්ට අලුත උපන් දරුවන්ගේ රුධිරය විනාශ වූ විට අඩු වූ විටත් රුධිරය ලබාදෙයි. ඒ හා සමාන සියලු කාර්යයන් ඉටු කරනු ලබන්නේ ලේ බැංකුව මඟිනි.

ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය

ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස ජුනි මස 14 වැනිදාට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන ලදී. මෙදිනට මේ දිනය නම් කිරීමට විශේෂ හේතුවක් වූයේ ප්‍රථම වරට රුධිර වර්ගීකරණය කළ වෛද්‍ය කාල් ලැන්ඩිස්ටිනර්ගේ උපන්දිනය ජූනි 14 වනදාට යෙදී තිබීමයි. මේ වැදගත් දිනය සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට අන්තර්ජාතික රතු කුරුස හා රතු කුරුස අඩසඳ ෆෙඩරේෂනය රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාත්‍යන්තර පෙඩරේෂනය හා ජාත්‍යන්තර රුධිර පාරවිලයන සංගමය යන සංවිධානවල එකතුවද ලැබී ඇත. මේ ආයතනවලින් සැදුම්ලත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් එකසිය අසූ දෙකක් ස්වේච්ඡාවෙන් රුධිරය සපයන ලේ පරිත්‍යාගශීලීන්ගේ සමාජ පනතක් හා ලොව පුරා රුධිර පාරවිලයන ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් ද එක්ව මෙම දිනය ලොව පුරා විවිධ වැඩසටහන් මඟින් සමරනු ලැබීය. යමෙක් රුධිරය පරිත්‍යාග කරන්නේ නම් ඔහුගෙන් හෝ ඇගේ බර අඩුවීමක් සිදු නොවේ. බර වැඩි ද නොවේ. රුධිරය පරිත්‍යාග කිරීම නිසා වෙනත් රෝගාබාධ ද ඇති නොවේ.

කෙනෙකු රුධිරය පරිත්‍යාග කරන්නේ නම් එම රුධිරය නැවත ශරීරයේ ඇති වේ. යමෙකු පරිත්‍යාග කරනු ලබන රුධිරය රෝගියෙකුට දීමට පෙර විවිධ සංඝටක වෙන් කරනු ලබයි. එනම් රතු රුධිරානු, සුදු රුධිරානු රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මාව වෙන් කරමින් උෂ්ණත්වවලදී නියමිත කාලයක් ගබඩා කර තැබීමට පියවර ගැනේ. පරිත්‍යාග කරනු ලබන සෑම රුධිර ඒකකයක්ම විවිධ රෝග සඳහා වෙන් වෙන්ව පරීක්ෂා කරති. විශේෂයෙන්ම එම රුධිර එච්.අයි.වී. 1 සහ එච්.අයි. වී. 2 උපදංශ හෙවත් සිපිලීස් හෙපටයිටීස් බී, සහ සී මැලේරියාව ද වේ. රෝගීන්ට ක්ෂණිකව ලේ දීමේ හැකියාවක් ඇති කිරීම සඳහා ලේ බැංකුව ආරම්භ කළේ අමෙරිකානු ජාතික බර්නාඩ් ෆැන්ටස් විසිනි. මෙසේ ලේ බැංකුව ආරම්භ කිරීම නිසා හදිසි අනතුරුවලින් හා බරපතළ ලෙස රෝගී වී ලේ අවශ්‍ය කරන අයටත් ශල්‍ය කර්මවලට ලක්වන අයටත් රුධිරය ලබාදීමට ලේ බැංකුව කටයුතු කරති. එමෙන්ම දරු ප්‍රසූතියේ දී අධිකව ලේ වහනය සිදුවුවහොත් ඔවුන්ට ද ලේ ලබාදීමටත් ඉදිරිපත් වන්නේ ලේ බැංකුවයි. මෙවැනි තත්ත්වයන්හිදී ජීවිත රැක ගැනීමට ලේ ලබාදෙන ලේ බැංකුවේ අගය කියා නිම කළ නොහැකි තරම් ය.

එමෙන්ම තැලසිමීයා රෝගීන් සඳහාද ලේ ලබා දෙනු ලබන්නේ ලේ බැංකුවයි. ඒ සඳහා කොටස් වශයෙන් රුධිරය ලබා දීමට ක්‍රියා කිරීම නිසා ඔවුන්ගේ ජීවත්වීමේ කාලය ද දීර්ඝ වේ. රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන් සඳහා ද අවශ්‍ය රුධිරය ලබාදෙනු ලබන්නේ ලේ බැංකුවයි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම රඳා පවතින්නේ ජීවන රටාව සහ රෝගවලට ගොදුරුවීමෙන් වැළකී සිටීම මතය. ජීවිත ගණනාවක් බේරා ගැනීමට දායක වෙමින් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන ගුණවත් යහපත් පිරිසක් සිටීමත් වාසනාවකි. විවිධ රෝගාබාධ සඳහා අවශ්‍ය රුධිර සංඝටක නිපදවනු ලබන්නේ ජාතික රුධිර පාරවිලයන සේවය මඟිනි.

ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා ලේ සුරක්ෂිත රුධිරය වඩාත් ආරක්ෂිතව රෝගියකුට ලබා දීම දක්වා සියලු කාර්යයන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සහ අනෙකුත් ප්‍රධාන ලේ බැංකු මඟින් සිදුකෙරේ. විවිධ රෝගාබාධ සඳහා අවශ්‍ය රුධිර සංඝටක නිපදවීම සිදුවන්නේ ජාතික රුධිර පාරවිලයන සේවය මඟිනි. ගර්භණී මවුවරුන්ගේ රුධිර වර්ගය රෝගීන්ගේ රුධිර වර්ග පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන රුධිර වර්ග දැන ගැනීම සඳහා පර්යේෂණ සිදුකිරීමද රුධිර පාරවිලයන සේවය මඟින් සිදු කරයි.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.