පොසොන් අසිරිය

ජුනි 21, 2024


ගුවනෙහි පොසොන් සඳපායන අයුරු පෙනේ
පන්සල වෙහෙර බෝමලුවෙහි සිසිල දෙතේ
බැලු බැලු හැමතැනම බුදුගුණ මිහිර දැනේ
පැතිරෙයි දසත අනුබුදු නා සමිඳු ගුණේ

තුරුලිය පලබරය සිත සුව ගෙන දේය
ගොඩමඩ අහස නව සිරි යෙන් බැබ ළේය
සැනසුම ලබ ලබා සව්සත පිබි දේ ය
අනුබුදු මිහිඳු හිමි අසිරිය පැති ෙර්ය

යහගුණ වගාවෙන් හදවත් පණ පෙව්ව
ගොවිතැන තුළින් නව ජීවන රස මැව්ව
අඹතල ගලමුදුනෙ දම්රස විහි දෙව්ව
අනුබුදු සමිඳු නමදිමි නිවනට මඟ කිව්ව

දාගැබ් පෙතිපිළිම මහවැව් අමුණූ තනා
සමිඳුගෙ උවදෙසින් මගෙ රට එකලු වුණා
උත්තම පොසොන් දින දැයකට ඉසුරු ගෙනා
සමරමි සැමවිටෙක සඳහම් ගඟුලෙ නනා

නෙත සිත යොමු කළොත් යටගිය යුගය වෙත
ඒ හැම විටම සිත අබිමන් නැඟෙනු ඇත
යහගුණ සුවඳ ඉස ගෙන දුන් රටට සෙත
නමදිමි මිහිඳු හිමි සඳහම් සුවඳ කොත

අවුකන ඉසුරු මුණි රන්මැලි මහ සෑයයි
මහබේ සමිඳු හෙළයට ආසිරි ගීයයි
සීගිරි දෙගල්දොරු ලෝවා මහ පායයි
අනුබුදු හිමි ගෙ පැවසෙන ගුණ සමුදායයි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.