වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
රජ පුටු ඇති නැති කළ කොණ්ඩදෙණියේ හාස්කම්
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වල බල මහිමය කෙතරම් ද යත් එකී බලයන් උපයෝගීකරගෙන පනහ, හැට දශකවල මෙරට දේශපාලන ක්‍රියාවලිය වෙනසකට පත්කරන්නට ද සමත් විය.
රටක් උඩුයටිකුරු කළ මේ අයෝමය යතිවරයාණන් තම ගමන් මඟට පිවිසි දින සිට අවසන් මොහොත දක්වාම කළ යාතු කර්මයන්ද ඒ සඳහා ඉවහල් කරගත් බලගතු යන්ත්‍ර මන්ත්‍ර කෙම්ක්‍රම බොහොමයක් මුළුමහත් ජන සමාජයට ද, සමස්ත රටේ ද පාලනය ද අවස්ථානුකූලව දිශානුගත කිරීමට තරම් බලවත් විය.
එකල අගනුවර සිදුවන දේශපාලනික ක්‍රියාකාරකම්වල වෙනසක් කිරීමට ඇතැම් ව්‍යාපාරික පිරිස් යොමු වූයේ මේ කාල වකවානුවේදීය.
නිතර කොණ්ඩදෙණිය පන්සලේ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු කරගැනීමට පැමිණෙන අගනුවර සුප්‍රකට පොත් සමාගක අධිපතිවරයකු කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ කුළුපග මිතුරකු විය.
එවක තිබූ පැරණි ආවාස ගෙය සම්පූර්ණයෙන්ම නවීකරණය කොට හිමියන්ට ප්‍රදානය කිරීමට ද ඒ මහතා කටයුතු කළේය. එහිදී හිමියන්ට සහ විශේෂ ආගන්තුකයන්ට පමණක් භාවිත කළ හැකි පරිදි නාන කාමරයක්, සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කාමර කිහිපයක් සහ දැකුම්කළු මැද මිදුලක් සහිත ලැගුම් ගෙයක් සකසාදීම මේ කොණ්ඩදෙණිය පන්සලට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන රාජ, රාජ මහාමාත්‍යාදීන්ට සාමාන්‍ය ජනතාවගේ ඇස නොගැටී කතාබස් කිරීමට කදිම තෝතැන්නක් විය.
අප හිමියන් මුණ ගැසීමට විවිධ තරාතිරමේ අය දිනපතා කොණ්ඩදෙණිය පන්සලට පැමිණෙන්නට විය. රට පුරා උන්වහන්සේගේ හාස්කම් ප්‍රචලිත වීමත් සමඟ විවිධ කණ්ඩායම්, ආතුරයන්, සංඛ්‍යාව ද වැඩිවන්නට විය.
රටේ පවතින දේශපාලන ක්‍රියාවලිය අලුත් මඟකට ගමන් කරවීමට පොත් ප්‍රකාශක මහතා ඇතුළු පිරිසකට අවශ්‍ය විය. කලින් දැනුම් දී පැමිනුණ නිසා උදේ පාන්දරින් තම හිතවත් ජනතාවට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සෙත්ශාන්ති පවත්වා හනිකට අමුත්තන් පිරිසට පිළිසරණ වී පිටත්කර යැවීමට සීලරතන හිමියන් කටයුතු කළ සේක.
“අවසරයි හාමුදුරුවනේ”
“ආහ්........මේ අපේ පොත් මහත්තයා නොවැ...”
විශේෂ අමුත්තා ආවාස ගේතුළ ඇති හිමියන්ගේ පෞද්ගලික කාමරයට කැඳවාගෙන ගොස් සත්කාර සංග්‍රහ කොට පිළිසිඳරේ යෙදුණු සේක.
“ඉතිං අපේ මහත්තයා කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.”
“අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් උපදේශයක් ගන්නට එක්කයි ආවේ. අපේ රට දැන් ටික ටික ආගාධයට යන්නේ. එකිනෙකා ඇන කොටා ගන්නවා. මුළු රටම අරාජික වේගෙනයි එන්නේ මොකක්හරි කරල මේ අපේ රට ගොඩදාල දෙන්න හාමුදුරුවනේ.”
“ඉතින් අපේ මහත්තයට අලුත් පොතක් පතක් ගහල පළකරල තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ. “
“එහෙම පොත්පත් කියවන්නේ ටික දෙනෙක්නේ හාමුදුරුවනේ. අලුත් ආණ්ඩුවක්නෙ ගේන්න යන්නේ. ඒකට හොඳ ජීවමක් කරලා දෙන්න ඔබවහන්සේට පුළුවන්නේ.”
“රට රාජ්ජවලින් එන කෙනකුට නිදහසේ ගිමන් හරින්නටවත් තැනක් හදල දුන්න ඔබතුමන් කරන්න යන දෙයට මම ආශිර්වාද කරන්නම් කෝ. හොඳයි අපි දේව මන්දිරයටම යමුකෝ.”
එකවිටම මුළු දේව මණ්ඩලයේ පහන් සියල්ල මහත් ආලෝකයක් ගෙන දෙමින් ප්‍රභාශ්වර වන්නට විය. දේව ප්‍රතිමා සියල්ලද එක් විට මොහොතක් සෙලවිණි.
හිමියන් බලගතු මන්ත්‍රයක් හෝරා කිහිපයක් තිස්සේ ජීවම් කරන්නට වූහ. ක්‍රමයෙන් එහි හඬද වැඩි වන්නට විය.
ඩිංගිරි බණ්ඩා සුවඳ දුම් දේවමන්දිරය තුළට අල්ලන්නට විය.
ජනෙල් පියන්පත් විවර කරමින් කලු තඩි පූසකු දේවමන්දිරය තුළට පැන හිමියන්ගේ දෙපා මුල දැවටෙන්නට විය. ඒත් සමඟ සමන්පිච්ච සුවඳත් දේව මන්දිරය පුරා පැතිරෙන්නට විය.
දහස්වර පිරිත් කළ බලගතු මන්ත්‍රයකින් ජීවම් කළ පිරිත් නූල් පන්දුවක් පොත් ප්‍රකාශක මහතාට හිමියන් විසින් පිරි නැමුණු අතර එය දේශපාලන පෙරළිකාරත්වයේ නියමුවන් ලෙස වැදගත්කමක් දරන අයගේ දකුණු අතේ බඳින ලෙසට උපදෙස් දුන් සේක. ප්‍රකාශක මහතා රැගෙන ආ රන්සුර ගණනාවකට බලවත් මන්ත්‍ර ජීවම් කළ තෙල් බිඳ බැගින් දමා ඒ ඒ, ප්‍රබල පුද්ගලයන්ට ලබා දීම උන්වහන්සේගේ අනෙක් උපදෙස විය.
මේ කටයුත්තෙන් දින කිහිපයකට පසු එවකට රාජ්‍ය පාලකයා වූ අගමැතිවරයා විසින් උතුරේ සත්ත්ව ගොවිපළක් විවෘතකර එය නැරඹීමේ චාරිකාවකද නිරත විය. ඒ අතර පුවත්පතක මාධ්‍යවේදියකු ඇසූ පැනයකට ඇවිස්සුණු රාජ්‍ය නායකයාට තම කට පාලනය කරගත නොහැකිව “මමත් පට්ටි ගොනෙක් වුණානම්” යයි ඉබේම කියැවිණි. මාධ්‍යකරුවෝ ද රාජ්‍ය නායකයාගේ එම වදන් පටිගත කර ගත්හ. පසුදින පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් එම ප්‍රකාශය පළ වූයේ මහත් ආන්දෝලනයක් ගෙනදෙමිනි.
රාජ්‍ය නායකයා ඊළඟ දින පැවති දේශපාලන උණුසුමත් සමඟ කැලණියේ කිරිබත්ගොඩ මහජන රැස්වීමකටද සහභාගි විය. එතුමා වේදකාවේ කළ කතාව රැස්ව සිටි ජනතාවට එතරම් රිසි වුවක් නොවීය.
හිතුවක්කාර කොල්ලෙක් ඒ අසල පොල්ගහකට නැග හූවක් කීවේ පාලකයාට විහිළුවක් කිරීමේ අදහසිනි. “කොල්ලාගේ හූ හඬ වැඩිවිය. සපත්තු පැළඳ සිටි පාලකයා එම සපත්තු පිටින්ම එම පොල්ගහට නඟින්ට තැත් කළේය. ඔහුට නඟින්නට හැකිවූයේ අඩියක් දෙකක් පමණි. ඔහු රූටා වැටෙන්නට විය. හූ හඬ තවත් වැඩි විය. රැස්වීමට පැමිණ සිටි ජනයාගේ හූ හඬ එන්න එන්නම වැඩි විය. රැස්වීමට පැමිණ සිටි ජනයාගේ හූහඬ මැද සහායක පිරිස සමඟ පසුබා යාමට ඔහුට සිදුවිය. මේ පුවතද රට පුරා පැතිර ගියේය.
පොත් ප්‍රකාශක මහතා තවත් දිනෙක කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් මුණගැසීමට පැමිණියේය. “අවසරයි නායක හාමුදුරුවනේ. හදිසියේ අපි ආවේ තවත් මොනවද ඔබ වහන්සේගෙන් කරගන්න තියෙන්නේ කියල දැන ගන්නයි.”
“මහත්තයා මං කළ ගුරුකම හරි නේද?
මට කොළඹ පැත්තෙ නිදහස් තැනක ඉදන් ගුරුකමක් කරන්න වෙනවා. හැබැයි මේ දවස්වල පන්සලේ ජීප් එකේ අලුත්වැඩියාවක් තියෙනවා. මට වාහන පහසුකම් ලබාදෙන්නා පුළුවන් නොවැ.
“එහෙයි හාමුදුරුවනේ ඒ පහසුකම් සියල්ල සූදානම්. අදම ඒ වැඩේ අපි කරමුද හාමුදුරුවනේ.” සියල්ල නිසි ලෙස සංවිධානය කර තිබුණි. කොළඹ 7 නිවෙසක උණු තෙල් තාච්චියක් කැකෑරෙමින් තිබුණි. එයට ඇත් රූපයක් දැමූ හිමියන් බලගතු මන්ත්‍ර පුරා රාත්‍රිය මුළුල්ලේ ජපකරන්නට වූහ. හිමිදිරි පාන්දර හිමියන් කොළඹ සිට කොණ්ඩදෙණිය බලා වැඩියේ කාහටවත් දැන ගන්නට හෝ ඉඩක් නොතබාය.
ජනතාව නිරන්තරයෙන්ම කුපිත වන්නට විය. පෙළපාල,ි උද්ඝෝෂණ, වර්ජන ලංකාව පුරා පැතිරිණි. අවසානයේ සිදුවූයේ රාජ්‍ය නායකයා අන්දමන්දව රාජ්‍ය පාලනයෙන් ඉවත්ව යෑමයි.
තිරයෙන් පසුපස සිට එවක රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට කොණ්ඩදෙණියේ හිමියන්ට හැකිවිය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල බලය සහ ප්‍රතාපවත් යතිවරයකුගේ බල පරාක්‍රමය ලාංකීය ජනතාවට අත්දැකීමට අවකාශයක් ලැබුණි.
පුදුමයක මහත!
මේ හාස්කම්වලින් ගන්නා ප්‍රයෝජන එතනින් නොනැවතී වත්මන් කාලය දක්වා අඛණ්ඩව පැමිණීම මොනතරම් ආහ්ලාදජනකද? කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් වෙතද දේශපාලන බලපොරයේ නියුතු රාජ රාජ මහාමාත්‍යාදීන් ද රටේ ඇතැම් පළමු පුරවැසියන්ද මුළු රටම නිදි සුව විඳින මොහොතේ පැමිණ නොයෙක් ගැටලුවලට විසඳුම් සොයා ගන්නට කොණ්ඩදෙණිය පන්සලේ දෙවොල තුළ රෑ දොළොස් පැයේ අවදියෙන් සිටින බව දන්නේ කීයෙන් කීදෙනාද?
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ