සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 18, 2024

ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 02 භාග වප් අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 08 භාග වප් අව අටවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - තුලා

කුජ – මිථුන ( 20 දා දහවල් 02.19 කටක)

බුධ - තුලා

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - වෘශ්චික

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සිත ( 24 දා අලුයම 12.43 සා)

කුජ – පුනාවස

බුධ - සා ( 23 දා අලුයම 04.06 විසා)

ගුරු - මුවසිරස

ශුක්‍ර - අනුර

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ඔක්. 24 බ්‍රහස්පතින්දා අලුයම 01.24න් අව අටවක ලබා 25 සිකුරාදා අලුයම 02.03න් ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්

චන්ද්‍ර චාරය

19 දා සවස 04.16 වෘෂභ

21 දා සවස 06.23 මිථුන

24 දා අලුයම 12.08 කටක

දිනූ තත්ත්ූවය

ඔක්තෝබර් 18 සිකුරාදා

තුලා රවි 02 භාග වප් අව පෑලවිය තිථිය ලත් කිවිදින ඉර උදාව 08.57 ඉර බැසීම 05.55 අස්විද නැකත දහවල් 01.30 න් ගෙවී බෙරණ නැකත ලබයි. වප් අව පෑලවිය තිථිය දහවල් 01.19න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය අලුයම 01.43න් ගෙවී වජ්‍ර යෝගය ලබා එය රාත්‍රි 09.37න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.06න් ගෙවී කෞලවකරණය ලබා එදින දහවල් 01.19න් ගෙවී තෛතිලකරණය උදාවී එදින රාත්‍රී 11.33න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - ගිනිකොන

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

ඔක්තෝබර් 19 සෙනසුරාදා

තුලා රවි 03 භාග වප් අව දියවක තිථිය ලත් ශනි දින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.54 බෙරණ නැකත උදේ 10.51න් ගෙවී කැති නැකත ලබයි. වප් අව දියවක තිථිය උදේ 09.53න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය සවස 05.46න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. ගරජ කරණය උදේ 09.53න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.20න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - නැඟෙනහිර

යෝගිනි - උතුර

සුබ දිසාව - දකුණ

 

ඔක්තෝබර් 20 ඉරිදා

තුලා රවි 04 භාග වප් අව තියවක හා ජලවක තිථිය ලත් රවි දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.54 කැති නැකත උදේ 08.35න් ගෙවී රෙහෙන නැකත ලබයි. වප් අව තියවක තිථිය උදේ 06.49න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය දහවල් 02.17න් ගෙවී වාරියන්යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.49න් ගෙවී බවකරණය ලබා එය සවස 05.34න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම / පෙකණිය

අමෘත කලාව - බැම / තන

මරු - උතුර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

ඔක්තෝබර් 21 සඳුදා

තුලා රවි 05 භාග වප් අව විසේනිය තිථිය ලත් සඳු දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.53 රෙහෙන නැකත උදේ 06.53න් ගෙවී මුවසිරස නැකත ලබයි. වප් අව ජලවක තිථිය අලුයම 04.20න් ගෙවී අව විසේනිය ලබයි. වාරියන් යෝගය දහවල් 11.16න් ගෙවී පරිඝයෝගය ලබයි. බාලවකරණය අලුයම 04.20න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 03.26න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග,යෝනි

අමෘත කලාව - ඇස

මරු - වයඹ

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

ඔක්තෝබර් 22 අඟහරුවාදා

තුලා රවි 06 භාග වප් අව සැටවක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.53 මුවසිරස නැකත අලුයම 05.53න් ගෙවී අද නැකත ලබයි. වප් අව විසේනිය අලුයම 02.34න් ගෙවී අව සැටවක තිථිය ලබයි. පරිඝයෝගය උදේ 08.50න් ගෙවී ශිව යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 02.34න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 02.01න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

ඔක්තෝබර් 23 බදාදා

තුලා රවි 07 භාග වප් අව සතවක තිථිය ලත් බුධ දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.53 අද නැකත අලුයම 05.40න් ගෙවී පුනාවස නැකත ලබයි. වප් අව සැටවක තිථිය අලුයම 01.34න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. ශිව යෝගය උදේ 07.01න් ගෙවී සිද්ධ යෝගය ලබයි. වණිජකරණය අලුයම 01.34න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.25න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - නිරිත

යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා

තුලා රවි 08 භාග වප් අව අටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.53 පුනාවස නැකත උදේ 06.17න් ගෙවී පුෂ නැකත ලබයි. වප් අව සතවක තිථිය අලුයම 01.24න් ගෙවී අව අටවක තිථිය ලබයි. සිද්ධ යෝගය අලුයම 05.53න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බවකරණය අලුයම 01.24න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 01.39න් ගෙවී කෞලවකරණය උදාව වෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - දකුණ යෝගිනී - ඊසාන

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.