කර්තෘට ලියුම්

ඔක්තෝබර් 4, 2024

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

පුරුෂ මර යෝග

 

මෙලොව උපදින බොහෝ දෙනා උත්සාහ කරන්නේ තම ජීවිතය සාර්ථකව ගොඩ නඟාගෙන ජීවත් වීමටය.

තරුණ වියට පා තබන සියලු දෙනා අපේක්ෂා කරනුයේ, හොඳ සහකරුවෙකු හෝ සහකාරියක ලබා ගෙන සාර්ථක විවාහ දිවියක් ගෙවීමටය. එහෙත් ජීවිතේ කෙතරම් සාර්ථකව ගෙවීමට උත්සහ කළ ද ජීවිත ගමන අතරතුරදී යම් යම් අවස්ථාවල විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නොරහසකි. එම නිසා අපේ රටේ ලාංකීය සිංහල ජනයාගෙන් බොහෝ දෙනකු කේන්දර පිළිබඳ විශ්වාසය තබති.

එමෙන්ම විවාහ මංගල කටයුතුවලදී දෙදෙනාගේ හඳහන්වල ගැළපීම් නොගැළපීම් පිළිබඳ ඡ්‍යොතිෂවේදියකුගෙන් විමසීමට ද උනන්දු වෙති. එසේ කේන්දර පරීක්ෂාවේදී පුරුෂ මර යෝග පිළිබඳ දැන ගැනීමට හැකි වේ. මේ පිළිබඳ සුබසෙතට සමීප පාඨක චමල්කා කර්තෘට ලියුම් මඟින් පැනයක් යොමු කර තිබුණි. එබැවින් ඇයගේ මෙන්ම සුබසෙත පාඨක ඔබ සියලු දෙනාගේ දැන ගැනීම උදෙසා ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ මහතා පුරුෂ මර යෝග සම්බන්ධව ලබා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් සටහන් කරමු.

වර්තමානයේ පුරුෂ මර යෝග සමාජයේ බොහෝ දුරට සාකච්ඡාවට භාජනය වන මාතෘකාවක් වනවා. පුරුෂ මර යෝගවලට අදාළ ග්‍රහ පිහිටීම් කාන්තාවකගේ ජන්ම පත්‍රයක තිබීමෙන් තමාට පෙර තම ස්වාමිපුරුෂයා මියැදෙන්නේ ද යන්න පරීක්ෂා කරගෙන දැන ගැනීමට හැකි වනවා. ගමේ ගොඩේ උදවිය මෙය කනවැද්දුම් දෝෂය ලෙසත් හඳුන්වනවා. භාරතීය කීර්තිමත් ඡ්‍යොතිෂ පඬිවරයකු වන M.K.Agarawal  විසින් රචිත Vedic Astrology For  Marriage  point, Love and  Discord නමැති ග්‍රන්ථයේ වැන්දඹු භාවයට පත්වන

කාන්තාවන්ගේ ග්‍රහ පිහිටීම් රැසක් දක්වා තිබෙනවා.

පුරුෂ මර යෝග කිහිපයක් පහතින් දක්වමු.

1 ස්ත්‍රී කේන්දරය හත්වැන්නාධිපති සහ අටවැන්නාදධිපති යෝගව හය වැන්නේ හෝ දොළොස් වැන්නේ තැන්පත් වීමෙන් තම සැමියා විවාහයෙන් ටික කලකට පසු මිය යන බව සඳහන්වේ.

2.සඳු මේෂ , වෘශ්චික රාශියක පාපකර්තරීකව ලැගුම්ගෙන සිටීමෙන් පුරුෂයා අකල් මරණයකට ගොදුරු වන බව එම කෘතියේ සඳහන් වේ.

3.රවි කුජ ශනි හත්වැන්නේ සිටීමෙන් පුරුෂ මර යෝගයක් යෙදෙන බවද සඳහන්ය.

4. ස්ත්‍රී කේන්දරයක ලග්නයෙන් හෝ සඳුගෙන් හත අට රාශිවල රවි, රාහු, කුජ හෝ ශනි තැන්පත් වීමද පුරුෂ මර යෝගයක් උදා කරයි.

5. කාන්තා කේන්දරයක 6,8,12 යන රාශියක සඳු සිටීමෙන් පුරුෂයා අකල් මරණයට පත් වේ.

6. අටවැන්න කුජගේ රාශියක් වී රාහු පාපි ග්‍රහයෙකු සමඟ එහි තැන්පත් වීමෙන් සැමියාගේ මරණය ඉක්මන් වන බව සඳහන්වේ.

7. රවි ග්‍රහයා කුජ සහ ශනිගේ දෘෂ්ටියට හසු වීමත් පුරුෂ මර යෝගයක් බව කිව යුතුයි.

 

මේ පුරුෂ මර යෝග භංග වන අවස්ථා කිහිපයක්

1. මිථුන හෝ කන්‍යා රාශිය තුළ කුජ තැන්පත් වීමෙන් මේ දෝෂය භංග වේ.

2. සිකුරු හා ගුරු ලග්නගත වීමෙන්ද දෝෂය භංග වේ.

3. බලවත් ගුරු හෝ සිකුරුගේ දෘෂ්ටියට හසුවීමෙන් දෝෂ භංග වේ.

4. අටවැන්න මකර, කටක හෝ මීන රාශියක් වේ නම් දෝෂ භංග වේ.

5. කුජ හත්වැන්නේ නම් එම රාශිය මේෂ, වෘශ්චික, මකර හෝ කටක නම් පුරුෂ මර යෝග භංග වේ.

6. අටවැනි රාශි අධිපති උච්චව පිහිටා තිබීම ද පුරුෂ මර යෝග භංග වීමකි.

7. ශනි හෝ රාහු එක, දෙක, හතර, හත, අට, දොළහ යන රාශිවල තැන්පත් වී සිටීමෙන් දෝෂ භංග වේ.

8. එක, හතර, පහ, හත, දහය යන රාශියක් සිකුරුට අයත් වී සිකුරු එම රාශියේ තැන්පත් වී පාපී තුන, හය, එකොළහ ස්ථානවල සිටීමෙන් ද එම දෝෂය භංග වන බව සඳහන් කළ හැකියි.

ඉහත සඳහන් යෝග බොහෝ අවස්ථාවලදී ක්‍රියාත්මක නොවන බව භාරතීය ජෝතිෂ්‍යවේදීයෙකු වන ඉභථථඥඥබ ඛ්ඩභඨඩ ගේ උදබධතඤ ඉඥජපඥබඵ ධට ඍඥඤඪජ ඒඵබපධතධඨර කෘතියේ සඳහන් වනවා. එනිසාවෙන් තමා වැන්දඹු භාවයට පත්වන බවට අනිසි භීතියක් ඇති කර නොගත යුතුයි. කෙසේ නමුත්, ඡ්‍යොතිෂවේදියකු හමු වී පොරොන්දම් ගළපා විවාහ දිවියට එළඹීමෙන් සාර්ථක යුග දිවියක් උදා කර ගන්න ඔබටත් හැකියි.

ඡ්‍යොතිෂවේදී

රද්දොළුගම

ලෙස්ලි ජයසිංහ

සටහන - ඉෂාරා විජේරත්න

-----------------------------

පුරුෂ මර යෝග

සහන් - අක්මීමන

කර්තෘතුමියනි, පසුගිය සතියේ කර්තෘට ලියුම් පිටුවේ පුරුෂ මරයෝග සම්බන්ධව විමසීමක් දුටුවා. මා විවාහ වීමට සුදුසු වයසේ පසුවන අතර දෙමාපියන් මා වෙනුවෙන් මනාළියක සොයමින් පවතිනවා.

පුරුෂ මරයෝග සම්බන්ධව තරුණියකගේ කේන්දරයෙන් සොයා ගන්නේ කෙසේද? එවැනි කේන්දරයක් තිබෙන අයකු සමඟ විවාහ වීමෙන් මගේ ජීවිතයට හානියක් සිදුවෙතැයි සැකයක් පවතිනවා.

මේ හේතුව නිසා යෝජනා වුණු මා කැමැති තරුණියකට කේන්දරයක් නැති වීමෙන් ඇයගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට සිදු වුවොත් සාධාරණද යන්න පිළිබඳවත් මට සැකයක් තිබෙනවා.

මගේ කේන්දරයේත් කාලසර්ප යෝගයක් සහ කුජ දොෂයක් පවතින බව ඡ්‍යොතිෂවේදීන් පවසා තිබෙන බැවින් යෝජනාවකින් පමණක් විවාහ විය යුතු බව මවුපියන් තරයේ පවසනවා.

කරුණාකර මේ ව්‍යාකූලබව නැති කරගැනීම සඳහා පසුගිය සතියේ පැනයට පිළිතුරු දෙන අවස්ථාවට මාගේ ලිපියද සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.

------------------------

ශනි ග්‍රහයාගේ බලපෑම පිළිබඳ

සුබෝදා - නිකවැරටිය

මහත්මියනි,

මේ ලිපිය ලියන මාගේ කේන්දරයේ 7 වැන්නේ ශනි පිහිටා තිබෙන බව වරක් හදහන් පරීක්ෂාවකදී මට දැන ගන්න ලැබුණා. මේ ශනි ග්‍රහයාගේ පිහිටීම විවාහයට අසුබ පිහිටීමක් ලෙසත්, ශනි පීඩාකාරී ග්‍රහයකු ලෙසත් බොහෝ දෙනා පවසනවා. මෙය දැන ගත් දා සිට විවිධ අයගෙන් කේන්දර පලාපල විමසුවද ඔවුන් විවිධ මත පල කරන නිසා ස්ථිර අදහසක් ලබාගත නොහැකි විය. සුබසෙත පුවත්පත ඔස්සේ මීට පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.