පංච මහා පුරුෂ යෝගයක් යෙදුණු ධනවත් ව්‍යාපාරික අත්ලක කතාව

සැප්තැම්බර් 20, 2024

රටකට උගතුන් බිහිකරන්නේ විශ්වවිද්‍යාල නමැති කම්හලයි. එහෙත් රටකට දක්ෂ හා උගත් ව්‍යාපාරිකයකු බිහිවන්නේ ස්වභාවිකවයි.

මේ අල්ල තුළ දිස්වන ප්‍රධානම යෝගය වන්නේ පංච මහා පුරුෂ යෝගයට අයත් රුචක යෝගය යි. කුජ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක තැන්පත්වීම නිසා ‘රුචක’ යෝගය යෙදෙන බව ඡ්‍යොතිෂ විද්‍යාවේ සනිටුහන් වන්නේය. ඔහු ව්‍යාපාරික ලොවේ තවම සිටින්නේ හෝඩි පොතේය. ඔහු යන ඒ ගමන අල්ලේ ලියවී ඇත්තේය. දකුණුූ පළාතේ ව්‍යාපාරික පවුලක උපන් ඔහුට සිය පියාගේ අභාවයෙන් පසුව ඒ සඳහා පා තබන්නට ලැබිණි.

ඔහුගේ අල්ල රවි – බුධ- කුජ - සිකුරු මණ්ඩල පිරුණ චන්ද්‍ර මණ්ඩලය ද උස්ව ඇත. ඔහුට ඇති අල්ල හතරැස්ය. චතුරශ්‍ර හස්තය මනිබන්ධනයෙහිද ඇඟිලි හා ඇඟිලි මුල ද හතරැස් ස්වරූප ඇත්තේය. නිය කොටස හතරැස්ය. මෙවැනි අත් ඇති අය උත්සාහවන්ත වූ ද ක්‍රමානුකූලව කටයුතු කරන්නා වූ නීතිගරුක අය වෙති. පරම්පරාගත භක්තිය ද ඇත්තෝය. බොහෝවිට මෙවැනි අය වෛද්‍යවරු ද, නීතිඥයෝ ද වෛද්‍ය වෘත්තියට අයත් දේ විකුණන්ණෝ ද වෙති. මේ අල්ල බුධට හිමිය.

ඔහුගේ ජීවන ගමන ගැන කියවෙන ප්‍රධාන රේඛාව වන්නේ ආත්ම රේඛාවයි. එය ශීර්ෂ රේඛාවයි. එය හරියට අල්ල මැදින් කුජ මණ්ඩල දෙකම යා කරමින් වැටී තිබේ. ( ඒ සිට ඒ ) කුජ තලාව හරහා කුජ මණ්ඩල දෙක යා කරමින් වැටී ඇති මෙවැනි රේඛාවක් වැටෙන්නේ කියන දේ කරන හරියට ඉලක්කයක් කරා ජීවිතය ගෙන යන කෙනකුට ය. රුචක යෝගය නිවැරැදිව වැටෙන කෙනකුගේ අල්ලේ වැටෙන පද්ම ලාංඡනය කුජ මණ්ඩලය තුළ වැටී ඇත. (අංක 1) චිත්ත රේඛාව හැඳින්වෙන්නේ මනුෂ්‍ය ජීවිතයක ආණ්ඩුකාරවරයාගේ රේඛාව ලෙසය.

සෑම කෙනෙකුටම පෞරුෂ ලක්ෂණයක් සහ සහජ දක්ෂතාවක් ඇත. තමන්ට දක්ෂතාවක් නැතැයි කල්පනා කරන අයටත් ගුප්ත හැකියාවක් තිබේ. එවැනි හැකියාවක් ඇති බැව් අත්ලේ සලකුණුවලින් පැවසේ.

චිත්ත රේඛාව අඟහරු මණ්ඩල දෙක අතර හරස්ව විහිදී යන්නේ නම් ඔහු නියම යථාර්ථයට යොමුවන අයෙකි. බොළඳ සිතුවිලි හා සිහින මවමින් නොසිට තමන් ඉදිරියේ ඇති සත්‍යය නිවැරදිව අවබෝධ කර ගනිමින් මුදල් හා බලය ලබා ගැනීමේ හැකියාවත් ක්‍රියාකාරී කරයි. මෙවැනි අය බොහෝවිට ව්‍යාපාරික රාජකාරිවල යෙදුණහොත් රජුන් පවා දණ ගස්වයි. මොවුහු මනුෂ්‍ය වර්ගයාගේ ජීවත්වීමට ශක්තිය ලබා දෙන්නෝය. විලාසිතාවලට පි‍්‍රයජනක හෙයින් මහජනයා අතර ජනපි‍්‍රයත්වය ලබයි.

නැපෝලියන් බොනපාට් ප්‍රංශ විල්පවයෙන් උපන් වීර දරුවාය. ඔහුගේ කේන්ද්‍ර සටහනේ රුචක යෝගය යෙදී තිබුණි. එහෙත් ඒ අල්ල තුළ ශීර්ෂ හා ජීව රේඛාව (මාතෘ) රේඛා එකට බැදී තිබුණි. ඔහු ඒකාධිපතියකු විය. සාමාන්‍ය පවුලක ඉපදී සොල්දාදුවෙකු ලෙස බැදී ප්‍රංශයේ සාර් රජ පවුල පෙරළා දමා ජනාධිපති පදවියට පත් විය.

මේ අල්ල තුළ කුජ මණ්ඩලයක් තුළ තවත් සැඟවුණ ලක්ෂණයක් තිබේ. ඒ පද්ම ලාංඡනයයි. (නෙලුම් මල් පොහොට්ටුවේ ලකුණයි.” (අංක 1)

මේ අල්ලේ මාතෘ රේඛාව හෙවත් ජීව රේඛාව පටන් ගන්නේ බුධ මණ්ඩලයට ඉතා ආසන්නවය. (ඕ - ඕ) භාතෲ ස්ථානය ලෙස සැලකෙන බුධ මණ්ඩලය තුළින් මේ රේඛාව පටන් ගැනීම යම් අල්ලක වැටේද එය මහත් ඥානකාරි ලක්ෂණයකි.

මේ අල්ලේ රවි, බුධ මණ්ඩල අතර බුධ මණ්ඩලයෙන් නැගුණ වෙළෙඳ ව්‍යාපාරික රේඛාවත් (අංක 2 -2) රවි මණ්ඩලයෙන් නැගුණ රවි ශිල්ප ධන රේඛාවත් ( 3 -3 ) එක්වී තිබේ. එයින් රවි, බුධ මණ්ඩල අතර මත්ස්‍ය ලාංඡනයක් සෑදී ඇත. (අංක 4) මෙයින් ප්‍රකාශ වන්නේ ඔහු මේ රුචක යෝගය නිසා කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාර රැසක ප්‍රධානියා වන බවය.

පංච මහා පුරුෂ යෝග පසකි.

කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි බලයෙන් යුතුව කේන්ද්‍ර ස්ථානයක උදාවන මේ මහා පුරුෂ පහෙන් එකක් රුචක යෝගය යෙදුණු පුද්ගලයා රජකු හෝ රජෙකු බඳු වීමේ භාග්‍යය සහිතය. ආගමික දැනුම ඇදහීම ඇත්තේය. වාසනාව කීර්තිය, මොහු කෙරේ ආඪ්‍ය වන්නේය. බලපරාක්‍රමයෙන් යුත් නිර්භීත අයෙකි. දේශපාලනයට බැස්සහොත් ඔවුහු රටක ඉහළම තලයට ගෙන යන්නේය.

මේ අල්ල තුළ බලන්න. ඔහුගේ රවි ධන රේඛාව චන්ද්‍ර මණ්ඩලයට (ඉහළ) යෙදී ඇත. එය පරිසර නායකත්වයක් ලැබෙන (නිවාස) ලකුණකි. අහඹු ධන සම්පත් ලබන්නේය. මෙය පරධන චිත්ත රේඛාව ලෙස ද හැඳින්වේ. මේ අල්ල තුළ යෙදෙන ඉරණම් රේඛාව අත්කරේ සිට මාතෲ රේඛාව කරා යයි.

මේ අල්ලේ චිත්ත රේඛාව හෘදය රේඛාව හා බැදී විහිදුණි නම් සාමුද්‍රිකා ඉසිවරු පෙන්වා දී ඇත්තේ සියයක් අල්ලා ගැනීමේ රේඛාව ලෙසය. එවැනි රේඛාවක් වැටෙන්නේ ඉතාම කලාතුරකිනි. එවැනි අය යම් තැනකට ආ විට ඉහළම මුදුනටම යන්නේය. එය රාජධානියක් පාලනය කිරීමේ ලකුණකි.

මෙම ව්‍යාපාරික අල්ල 1981 උපන් තරුණ අයෙකුගේය. හතළිහ නොඉක්මවූ ඔහු පියාගේ පුංචි ව්‍යාපාරය නවීකරණය කරගෙන ඉහළට යන්නෙකි. ඔහුගේ අල්ලේ ව්‍යාපාර රැසකට සැලසුම් ඇත්තෙකි. චිත්ත රේඛාව ද්විත්වයකට බෙදී යයි. (අංක 5 -5 ) චන්ද්‍ර මණ්ඩලයට එයින් අත්තක් වැටී ඇත. මෙය ඔහුගේ චරිතය, දක්ෂතා පෙන්වන කදිම කැඩපතකි. මෙයත් ඔහු වෙළෙඳ ලෝකයේ සත්‍යය අවබෝධ කරගත් වාසනාව ගෙනෙන ලකුණකි. අල්ලේ මේ ආකාරයේ දෙආකාරයක සලකුණු ඇත්තෝ දක්ෂතාවන් සම්බන්ධ වී කටයුතු කරන්නෝය. මොහු මුදලට වඩා මානසික පී‍්‍රතිය අගයන්නෙකි. ගසක් හොඳින් වැටී අතු බෙදී යන විට සෑම පැත්තටම ඵලදාව ගෙනෙන්නේය. මේ සිතුවිල්ල ඔබටය.

ශ්‍රී ලංකාවේ ප්‍රකට ජනකාන්ත ව්‍යාපාරිකයකුව සිටි. නවලෝක ව්‍යාපාරයේ නිර්මාතෘ ධර්මදාස මහතාගේ අල්ලේ ද්විත්ව බෙදීගිය චිත්ත රේඛාවක් පැවතිණ.

ඔහු රටට ඉමහත් සේවාවක් කළ අයෙකි. රටක රජයකට කළ නොහැකි මහා රෝහල්, නිවාස වෙළඳ ව්‍යාපාර, කර්මාන්ත ශාලා ඔහු ගොඩනැගුවේය.

මම රුවන්වැලි මහාසෑයේ දොළොස් මහේ පිරිතට 2008 දී සම්බන්ධව කටයුතු කරද්දී වාර කිහිපයක්ම මුණ ගැසුණෙමි. ඒ කාලයේදී දොළොස් මහේ පිරිතට අනුරාධපුරයට වැඩම කරන (දිනපතා එන යන) මහා සංඝයා වහන්සේට නවාතැනට, ආවාසයක් සංඝාවාසයක් ඉදිකරවා ගැනීමේ ක්‍රියාවලියට එතුමා එය පරිත්‍යාග කළ අවස්ථාවේදී මගේ පින් පොතේ මෙය ලියවෙලා ද කියා බලන්නැයි මට අත පෙන්වූයේ විහිළුවක් ද කරමිනි.

එතුමාගේ චිත්ත රේඛාව තුළ විශේෂිතව මෙවැනි රේඛා තිබුණි.

මෙයින් පැහැදිලි වූයේ ලෝකයේ මොනම විශ්වවිද්‍යාලයකටවත් නොගොස් ඔහු රට තුළ ගොඩ නැගූ මහා ව්‍යාපාරික පොදු ජන සේවා ක්‍රියාකාරකම්ය. ගසක අතු වගේ ඒ මහතාගේ අල්ල තුළ රේඛා රැසක් තිබිණි.

මේ අල්ල තුළ ගුරුමණ්ඩලයේ සිට වැටී ඇති පීතෲ රේඛාව වයස තිස් ගණන්වල කැඩී ඇත. එය ජීවිතයේ ව්‍යාපාර විටෙක බිඳවැටීමකි. (අංක 06) එහෙත් අතුරු පීතෲ ජීවන රේඛාවක් කර්මඵල රේඛාවට එක්වී තිබේ. එය අල්ලේ සියුම් ලෙස දිස්වේ. මේ අල්ල තුළ මේ පිහිටීම ජීවිතයේ එක්වරක ඇද වැටී අග කාර්තුවේදී ධනය ලබා පොහොසත් වීමයි. (අංක 7)

කර්මඵල ඉරණම් රේඛාව ශනි මණ්ඩලයේ මුලට විහිදී ඇත. අල්ල මැද සිට බුධ මණ්ඩලයට ඇදෙන ව්‍යාපාරික රේඛාව තුළ ද මේ බිඳවැටීම දිස්වේ. (අංක 08) මෙවැනි රේඛාවක් දෙකඩ වීම ව්‍යාපාරය තුළ බිඳ වැටිම්වල දර්ශනයකි. එක් අතකින් මෙය මේ කාලය තුළ සිදුවීමක් විය හැකිය. විශ්වයේ ප්‍රධාන බැඳීම් රේඛාව ලෙසම සැලකෙන්නේ කර්මඵල රේඛාවයි. ශනි ග්‍රහයාට එය අයත්ය. ශනි එක්වරක කෙනෙක් බිඳ දමා දෙවැනිවර රජ කරන්නේය.

රජෙකු රජ පුටුවෙන් බිමට ඇද දමා විටෙක යාචකයා රජ පුටුවට යවන්නේත් ශනි ග්‍රහයා බව ජන මතයකි. කලකදී වැටෙන ලකුණූ මේ අල්ල තුළ දිස් වන්නා සේ ශනි රේඛාව මැදඟිල්ලේ මුල් පුරුකේ ඇති ජය රේඛාව සමඟ බැදේ. (අංක 09) වාසනා රේඛාව හෙවත් ඉරණම් රේඛාවේ අගදී අතු බෙදී ඇත. මෙය අනාගතය යම් හස්තයක ජය කණුව කරා යන ලකුණකි.

මේ අල්ල තුළ හෘදය රේඛාව සුළැඟිල්ල මුලින් භාතෲ ස්ථානයෙන් වැටී වක්‍රව විහිදේ.

යමෙකුගේ කරුණාව හා මිනිස්කම දැක්වෙන්නේ හෘදය රේඛාවෙනි. මෙවැනි අන්දමට ( ඕ - ඕ) හෘදය රේඛාවක් දබරැඟිල්ල - මැදැඟිල්ල දෙසට අතු විහිදුණු රේඛාවන් යම් කාන්තාවකට පිහිටා තිබේද ඇය උතුම් බිරියක් සේ ද, මවක් සේ ද, ආශීර්වාද ලබයි. ඇය ස්වාමිපුරුෂයාට කැපවී කටයුතු කරයි. දූදරුවනට කැපවී උතුම් මවක් වන්නීය. දර්ශන මැදුරක පදිංචි වෙයි. යම් පිරිමියකුට පිහිටියේ ද එවැනි සැමියා බිරියට ළැදි හිතවත් යහපත් කෙනෙක් වන්නේය. බිරියකට දයාබර ස්වාමි පුරුෂයකු වන්නේය. මුලින්ම තම පවුල ගැන සලකන ආදරණීය පියකු සමාන කුලුනක් වන්නේය.

මේ රේඛාවෙන් චරිතය තුළ කරුණාව පෙන්නුම් කරයි. එය සිකුරු මණ්ඩලය දෙසට වක්වීම මානුෂික ගතිවලින් පිරි අයකු වන්නේය. හදවත උණුවෙන අනුන්ට ද පිහිට වන පියෙකු සතු රේඛා ලකුණකි.

බුධ මණ්ඩලය තුළින් රවි ඇඟිල්ල මුලට වැටෙන විවාහ රේඛාව විශාල ලෙස ධනවත්වන බිරියකගේ වාසනාව ලබන සැමියකුට පිහිටන්නේය. (අංක 10) හදිසියේ විවාහයට රූමත්, උගත් බිරියක් ලබන ලකුණකි.

සූර්ය රේඛාවට සම්බන්ධ වී විවාහ රේඛාව වැටුණ විට බිරිය ලද වාසනාවකින් සැමියා මහ ධනවන්ත වන්නේය. අම්බලන්ගොඩ පළාතේ මහා ව්‍යාපාරිකයකුගේ පුතෙකුව සිටින මේ අල්ල හිමි අය මෙරට මෙන්ම විදේශ රටවල ද ව්‍යාපාර රැසක් කරගෙන යමින් සිටින්නෙකි.

ඔහුගේ මාපට ඇඟිල්ල තුළ ධාන්‍ය රේඛාව (යව ඇට) සලකුණ වැටී ඇත. (අංක 11) ඒ මහත් ධනයක සංකේතය පිහිටා ඇත.

මේ අල්ලේ කුජ මණ්ඩලය තුළ කොඩි සලකුණකි. මෙවැනි රේඛාවක් වැටුණු විට කර්මාන්ත ශාලා හිමි වන්නේය. (අංක 11) ඔහුගේ මාපට ඇඟිල්ලේ අගපුරුකේ හරස් ඉරි සලකුණකි. එය මහත් ධනයක් උපයන සලකුණකි.

බ්‍රහස්පති මණ්ඩලය හෙවත් අභිලාස මණ්ඩලයට විහිදුණු කෙටි රේඛා හතරකි. එය අවස්ථා හතරකදී ජීවිතයේ අභිලාෂයන් ඉටු කර ගන්නා ලකුණකි. ඔහු වම් අත හුරු පුරුදු කෙනෙකි. වම් අතේ කුජ - සිකුරු මණ්ඩල තුළ ශංඛ ලාංඡනයකි. එය කලකදී බලාපොරොත්තු නොවූ ධනයක් ලබන බව වේදයේ එයි.

ඔහුගේ අල්ල තුළ බුධ ආදිත්‍ය යෝගය ගජ කේසරී යෝගය, ශංඛ යෝගය හා රුචක යෝගය සමඟ දිස්වේ.ස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ එච්.ඩබ්ලිව්. අභයපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.