ශ්‍රී ලක්ෂ්මී මහා පූජාව තබා ඔබත් සහනය ලබා ගන්න

ජූලි 19, 2024

මේ ලිපිය කියවන ඔබ කුමන තරාතිරමක වුවත් ජීවන ගැටලුවලට මුහුණපා සිටින කෙනෙක් විය හැකි ය. කේන්ද්‍රය පරීක්ෂා කර අපලවලට විවිධ අන්දමේ ශාන්ති කර්ම මෙන්ම ගුප්ත විද්‍යානුකූලව යන්ත්‍ර පැලඳීම් ආදියත් කරන්නට යෙදුණ මුත් තවමත් ප්‍රශ්නවලින් තරමක් දුරට හෝ විසඳා ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වන්නේ නම් ගුප්ත විද්‍යාවටත් ග්‍රහයින්ටවත් ගැරහීමෙන් ඇති වැඩක් නෑ.

දැන් ඔබ කළ යුත්තේ ඔබේ මානසික තත්ත්වය සම්පූර්ණයෙන් ඇද වැටෙන තැනට පත්වී තිබේ නම් තව තවත් මුදල් වැය කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ද නැති තැනට පත් වීමයි. මේ වන විටත් නිරවුල්ව සිතීමට අපහසු තත්ත්වයේ සිටීනම් භාවනා කරන්නේ කෙසේද තමාගේ මානසික මට්ටම ඉතාම වේගයෙන් පහළ තත්ත්වයට ඇද වැටී ඇත්නම් කිසිම වැඩකටයුත්තක් හරි හැටි කර ගැනීමද අපහසු වේ නම් කොපමණ බණ කිව්වත් දේශනා කළත් ඇති වැඩක් නැත. දිනපතාම අප වෙත එන සේවාදායකයන් සමඟ සුහදව කතා බහ කිරීමේ දී පැහැදිලි වන්නේ කරන්නේ නැත්නම් කළයුත්තේ කුමක්ද කියා සිතන්නට බැරි තැනට පත් වී සිටීමක්ය.

ගුප්ත විද්‍යාවේ දැක්වෙන් යන්ත්‍ර මන්ත්‍ර දහස් සංඛ්‍යාත ගණනක් යන්ත්‍ර හා මන්ත්‍ර පුරාණයේත් අඩංගු වී තිබේ. මහා චන්ද්‍ර පුරාණයේ සඳහන් වන පරිදි ලොව පාලනය කරන මහා බලසම්පන්න දිව්‍යරාජෝත්තමයාණන්ගේ පි‍්‍රයම්බිකාවිය වූ ශ්‍රී මහා ලක්ෂ්මී දෙවඟනට පුද පූජා පැවැත්වීමෙන් ද මන්ත්‍ර පිරීමෙන් ද භෞතිකව සිදුවන දුක්කරදර හිරිහැර අඩුවී සෞභාග්‍යය උදා කර ගැනීමට හැකිවන බැව් අත්දැක ඇත්තෙමු. විශාල ලෙස මුදල් වැය කර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර ප්‍රතිඵල නොමැති නම් පහත සඳහන් ශ්‍රී ලක්ෂ්මී දේව ආකර්ෂණය ළඟා කර ගැනීමෙන් ඔබට බලපාන කායික හා මානසික ගැටලු සමනය කර ගැනීමට හැකි බැව් මෙහිලා සනිටුහන් කරමු. පළමුවෙන්ම ඔබ කළ යුත්තේ ඔබේ ඉඩම සහ ඉඩමේ උතුර, ඊසාන සහ නැඟෙනහිර දිසාවන් පවිත්‍ර කර නිවස ඇතුළත හා පිටත පවිත්‍ර කර නිවසේ සුබ දිසාවක ආගමික වතාවත් කරන තැනට සමීපව ශ්‍රී ලක්ෂ්මී දෙවනගේ චිත්‍රයක් හෝ මූර්තියක් තබා නිල්මල් බඳුනක් තබා එළඟිතෙල් මැටි පහනක් දල්වා අෂ්ඨ ගන්ධ ධූපයෙන් දුම් අල්ලා ශ්‍රී ලක්ෂ්මී මන්ත්‍ර ජප කිරීමයි. විෂ්ණු දේව රූපයක් තැබීමද අනිවාර්ය වේ. ඉතාම භක්තියෙන් මේ ශ්‍රී ලක්ෂ්මී දේව පූජාව කළ යුතුයි. පළමුව ආගමික වතාවත් කරන්න. ඊට පසු මේ මහා ලක්ෂ්මී මන්ත්‍රය ජප කරන්න.

ඕම් ශ්‍රී මහා විෂ්ණු දේව නමෝ නාරායන සත පත්‍ර නේත්‍රධාරී ශ්‍රීමත් ශ්‍රී කුමාරි අම්මා පාමිනා මා දෙස බලා කෛªණ්ඨ නාරායනේ ජය ජය සිද්ධි සිද්ධි ඒස්වාහඞ

ඕං හී‍්‍රං හී‍්‍රං මහා ලක්ෂ්මී ඒ හි ඒ හි සර්ව සෞභාග්‍යම දේ හි මේ ඒස්වාහඞ

ඕං මහා ලක්ෂ්මීච විද්මහේ විෂ්ණු පත්භවධීමහී තානෝ ලක්ෂ්මී ප්‍රචෝදයාත්

ඕං හී‍්‍රං මහා ලක්ෂ්මී ඓංක්ලිං සෞං ආකාශ ලක්ෂ්මී අං උං වං සිං සර්ව ජය ලක්ෂ්මී වා වා නසී මසී වා නමඞ

 

අෂ්ට ගන්ධ ධූපයෙන් සුවඳ දුම් නිවස තුළ අල්ලන්න. පහනේ තෙල් තමාගේ හිසේ ගාගෙන පවුලේ අයගෙත් හිස්වල ගාන්න. මේ මහා ලක්ෂ්මී දේව මන්ත්‍ර සතියකට දෙවරක් පමණ ජප කිරීම ඉතාම යහපත් වේ.

ශ්‍රී මහා ලක්ෂ්මී දෙවඟනගේ දේව බැල්ම ආකර්ෂණය නිවසේ සිටින සියලු දෙනාටම ලැබේ. දිනෙන් දින දියුණු වේ. සියලු ග්‍රහදෝෂ ඇස්වහ කටවහ හෝවහ දෝෂ භංගවේ.

දුක් කරදර හිරිහැර නැතිවී නිවසේ දියුණුවත් මිල මුදල් ලැබීමත් ඇතිවේ. අත්හදා බලා අති සාර්ථක ප්‍රතිඵල ලැබූ බැවින් සුබසෙත ආදරණීය පාඨකයින් වෙත තිළිණ කරමු.

මේ ශ්‍රී මහා ලක්ෂ්මී පූජාව නිවැරැදිව හරියටම භක්තියෙන් කිරීමෙන් ඔබ වැටී සිටින ප්‍ර‍්‍රපාතයෙන් ගොඩඒමට හැකිවන බැව් ප්‍රකාශ කර සිටිමු.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.