⁣දෙවියන්ගේ වෙළේ සිට තවලමින් ගෙනැවිත් සැදේ මුරුතැන්

ජූලි 19, 2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සඳහා දෙවියන්ගේ වෙලේ වීි සහල් රැගෙන පැමිණීම ජූලි 05 වැනි දින සිදු විය. අතීතයේ මං මාවත් දියුණු වී නොතිබුණු යුගයේ කතරගම දෙවියන්ට අයත් බුත්තල පැලවත්ත දෙවියන්ගේ වෙලේ වී, සහල් රැගෙන පැමිණියේ ගවයින් බැදි තවලම මගිනි. වර්තමානයේ මංමාවත් දියුණු වී පැවතියත් මෙයට වසර 2200 කට ඉහතදී මේ රට එක්සෙසත් කළ දුටුගැමුණු රජතුමා විසින් නියම කළ රජ අණ පරිදි සැම වසරකම දෙවියන්ගේ වෙලේ වීි සහල් මෙලෙස රැගෙන එම සිදුවේ .

බුත්තල, ගොනගංආර, වල්ලිඅම්මාර, යාල අංක 02 කලාපයේ ගල්ගේ මාර්ගය ඔස්සේ, පුරා දින 02 ක කාලයක් ගෙවා මේ තවලම් මගින් ගොවියෝ වීි සහල් රැගෙන පැමිණෙති. මෙසේ රැගෙන එන විි සහල් කතරගම දේවාලයේ මහා බෙත්මේ ලේකම් දායනන්ද අදිකාරම් මහතා විසින් දෙවියන්ගේ දානයට කොටස් වෙන්කර දේවාලයේ රාජකීය පිරිස් වෙත ලබාදිමට ක්‍රියා කරයි. මේ වී සහල් ආලාත්ති අම්මාලා විසින් මෝල් ගස්වලින් කොටා දෙවියන්ගේ දානයට තැබීමට කපුමහතුන් ක්‍රියා කරති. මෙසේ පැමිණෙන ගවයින් ඇසළ මංගල්‍යය සමයෙහි දේවාල භුමියේ සැරිසරමින් සිටිති. ඇසළ මංගල්‍යය නිමාවිිමෙන් පසු දේවාලයට පැමිණි ගවයින් ද සමඟින් නැවත බුත්තල පැලවත්ත වෙත පියමන් කරති.

ජායාරූප විස්තරය

අවිෂ්කා සන්දීපනී දේවප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.