ඔබත් උපන්නේ ජූලි 13 සිට 19 දක්වා දිනෙකද?

ජූලි 12, 2024

 

ජුලි 13 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ ප්‍රබල අධිෂ්ඨානශීලී අයකු වන අතර නිවැරැදි තර්කයකදි පවා ඒ බව දැන දැනත් සෑමවිටම විරුද්ධව තර්ක කිරීම ඔබගේ ස්වභාවය වේ. ඔබ නීතිවලට කොටුවී සිටීමට ප්‍රිය කරන්නේ නැත. ඔබටම ආවේනික වූ අදහස් පෙරදැරි කරමින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. ආර්ථික වශයෙන් දියුණුව සඳහා ව්‍යාපාර ගොඩනැඟිලි ඉදිකිරිම් වැනි රැකියා ක්ෂෙත්‍රයන් සුදුසුවේ. ස්නායු සම්බන්ධ රෝගවලින් ප්‍රවේසම් විය යුතුය.

 

ජුලි 14 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ආකර්ෂණීය බව සහ හැසිරීම නිසාම පහසුවෙන් මිතුරන් ඇතිකර ගන්නා ඔබ සුවිශේෂි තීක්‍ෂණ ඥාණයක් බුද්ධිමත් භාවයත් ක්‍රියාශීලිතාවයක් ඇති අයකු වේ. ඔබට ඕනෑම ගැටලුවක් කරුණු විශ්ලේෂණය කොට අනිත් අයට පෙන්වා තහවුරු කිරිමේ හැකියාව ඇත. ලෞකික සැප සම්පත් ලැබීම් අතින් ඉතා වසනාවන්ත වන ඔබ විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබීමට වසනාව ඇත. ආර්ථික දියුණුව සඳහා ලේඛන කලාව ව්‍යාපාර ගුරුවෘත්තිය ආදිය සුදුසු වේ. පෙනහලු දුර්වල විය හැකි අතර නියුමෝනියාව සහ චර්ම රෝග සෑදිමේ ප්‍රවණතාවයක් ඇතිවේ.

 

ජුලි 15 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ආකර්ෂණීය දුටු දුටවන් සිත් වසග කර ගන්නා ඉතා ගෞරවණීය අයෙක් වේ. කා හටත් ආදරය කරුණාව දැක්වීම ඔබගේ ක්‍රමය වන අතර එසේම කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වේ. සමාජයේ ඕනෑම අයකු අවනත කර ගැනිමේ හැකියාව ඔබට ඇත. ආදරය වෙනුවෙන් විශේෂයෙන් කැප කිරීම් කිරීමද වගේම වෛර කිරිමේ සීමාවක් ද ඔබට නොමැත. ආර්ථික දියුණුව සඳහා ගුරු වෘත්තිය ග්‍රන්ථ ප්‍රකාශනය, කලා වෘත්තීන් යහපත් වේ. සෞඛ්‍යමය ගැටලු වශයෙන් හෘදයේ දුර්වලතා දියවැඩියාව වකුගඩු දුර්වල වීම ආදි රෝගයන් සෑදීමේ ඉඩකඩක් පවතින බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

ජුලි 16 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සදු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ වේ. ඉතාම ස්වාධින පෞරුෂයක් ඇති අයකු වන ඔබ විවිධ පර්යේෂණ කිරිම සඳහා විශේෂ දක්ෂතාවයක් දක්වයි. රහසිගතව කටයුතු කිරීමට ඔබ වැඩි කැමැත්තක් දක්වන අතර ඔබ කියන කරන දේ කිසිකෙනකුට පවසන්නේ නැත. තවද තමන්ගේ අවශ්‍යතාවය කුමන අන්දමකින් හෝ ඉටුකර ගැනීම ද ඔබගේ ක්‍රමය වේ. රහසිගතව ආදර සම්බන්ධතා පවත්වාගන යනු ඇත. ආර්ථික දියුණුව සඳහා මනෝවිද්‍යාව දර්ශනය වානිජ අංශ සුදුසු වේ.

 

ජුලි 17 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.යුක්තිය සාධාරණත්වය අගය කොට සලකන ඔබ බොහෝ විට නීතිය හා සම්බන්ධ වෘත්තීන්වල නියැළෙනු ඇත. ජීවිතය ගැඹුරින් දැකීම ඔබගේ ක්‍රමය වේ. එසේම හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුය. සියලු අභියෝග ඉවසීමෙන් වෙහෙසි කටයුතු කිරිමෙත් ජය ගත හැකිය. ජිවිතයේ හැල හැප්පීම් වැඩිය.නිරන්තරයෙන් අපකිර්තියට පත්වේ. එම නිසා ප්‍රවේශම් විය යුතුය. ආර්ථික වශයෙන් දියුණුව සඳහා පොළොව පදනම් කරගෙන කරන කටයුතු සාර්ථක වේ.

 

ජුලි 18 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. තේජවන්ත බැල්මක් ඇති ඔබ යම් දෙයක් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් හොඳින් හෝ නරකින් ලබා ගන්නා අයෙකු වේ.ඔබට ලැබෙන ඕනෑම අභියෝගයක් නොබියව භාර ගන්නා අතර එසේම තමා යෙදෙන ඕනෑම කටයුත්තක් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ හැකියාවක් ද සතුය. ඉවසීම බොහෝ සෙයින් අඩු නිසා කරදර විපත්තිවලට මුහුණ පෑමට සිදුවිය හැකිය. ආර්ථික දියුණුව සඳහා දේශපාලනය නීතිය ප්‍රවාහනය ආදිය සුදුසු වේ.

 

ජුලි 19 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ අභිමතාර්ථ ඉටුකර ගැනිම උදෙසා කුමන ක්‍ෂේත්‍රයක වුවද අධිකාරි බලය ලබා ගන්නා අයෙකු වන ඔබ තනි තීරණ ගැනීමට වඩාත්ම ප්‍රිය කරනු අයෙකු වේ. එසේම ඔබගේ වැඩවලට වෙනත් පුද්ගලයින් ඇඟිලි ගැසීම් සිදුකරනවාට ඔබ කැමති නැත. ගරු සම්මාන බලාපොරොත්තු වන අතර නිතැතින්ම ඇගයීමට ලක්වේ. ආර්ථික දියුණුව සඳහා ගුරු වෘත්තිය, දේශපාලනය සුදුසු වේ. ආතරයිටීස් ප්‍රවණතා අධික ලෙස පවති. උණ රෝග වැලඳීම සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.