සඳ ගමන, හිරෝෂිමා බෝම්බය

ත්‍රස්තවාදී පරාජය වසර 500කට පෙර කී නෝස්ත්‍රද‍ාමස්
අගෝස්තු 11, 2023

මෝස්ත්‍රදාමස්ගේ ප්‍රකාශයට පත්කරන ලද අනාවැකි අපක්ෂපාතීය. එය ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රයට අනුව අපක්ෂපාතී ලෙස කරන ලද්දකි. ඒවා අතර උපත්, මංගල්‍යයන්, මරණයන් ආදී විශේෂ සිදුවීම් පිළිබඳ කරන ලද මතකයන් තක්සේරුවක් කර එහි අයිතිවාසිකම් පිළිබඳ නිර්ණයක් සිදුකරන ලදී. නමුත් ඒ සඳහා ඔහුගේ සමකාලීන ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් වූ ලෝරන්ස් විඩෙල් විසින් අශක්නුවත්බව සහ “සංසන්දනාත්මක හඳහන් කීම” මඟින් සත්‍ය වශයෙන්ම අනාගත සිදුවීම් ප්‍රකාශ කළ හැකි යැයි පැවසීම එනම් අතීතයේ සිදු වූ සිදුවීම් ඇසුරින් අනාගතය සඳහා අනාවැකි පළ කිරීම විවේචනය කරන ලදී.

පර්යේෂකයන් යෝජනා කරන්නේ ඔහුගේ අනාවැකි කාර්යයන්, ලෝක අවසානය පිළිබඳ අතීත අනාවැකිවල අනුවාදයන්, අතීත සිදුවීම්වලින් එකතු කරන ලද පෙර නිමිති වාර්තාවල ගද්‍ය, පද්‍ය සංග්‍රහයන් හා සංසන්දනාත්මක හඳහන කීම ආධාරයෙන් අනාගතය සඳහා කරන ලද කෘතියක් ලෙස සැලකිය හැකි බවයි.

මේ අයුරින් බලන කල ඔහුගේ බොහෝ අනාවැකි අතීත සිදුවීම් ඇසුරින් වෙයි. නිදසුනක් ලෙස සුල්ලා, ගායස්මේරියස් නීරෝ සහ අනෙකුත් අතීත පුද්ගලයන් හා වලාකුළු අතර යුද්දය” සහ “අහසින් වැටෙන ගෙම්බන්” යන සිදුවීම ගෙන කරන ලද විස්තරයන් ලෙස දැක්විය හැකිය. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය ඔහු ලියන ලද පොත්වල පූර්විකාවන්හි දෙවරක් පමණක් සඳහන් වන අතර, 41 වතාවක් ඔහුගේ සියවස් තුළ සඳහන් වෙයි. නමුත් දෙවැනි හෙන්රි රජුට ලියන ලද සාක්ෂාත් ලිපියේ නිතර නිතර එය භාවිත කර ඇත. එහෙත් ඔහුගේ හයවැනි සියවසේ අවසාන ශ්ලෝකයේදී ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයන් හට නිග්‍රහයන්ද සිදුකර ඇත.

මිචෙල් ඩි. මෝස්ත්‍රදාමස්ගේ අනාවැකි සාරංශයක් ලෙස ගත් කල ලොව ප්‍රචලිත සිද්ධීන් පිළිබඳව මෙයට වසර 500 පෙර පැවසූ අනාවැකිවලින් 80%ට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සනාථ වී තිබීම පුදුම සහගතය.

ඉන්දීය උපමහද්වීපය තුළ සිදුවීම් පිළිබඳ අනාවැකි

 

ෂාජහන් අධිරාජයාගේ නූර්ජාන් බිසවගේ අභාවය සහ ඒ වෙනුවෙන් අනාගතයේ දී ටජ්මහල ආදර සංකේතයක් ලෙස ඉදිවන බව දක්වා ඇත.

මෝගල් අධිරාජයාගෙන් බලය ලබාගත් සිවාජීතුමන් පිළිබඳව

හින්දු භක්තිකයන් මුස්ලිම් ආගමට බඳවා ගැනීමට විරුද්ධවූ ගුරු ගෝබින්ද සිං පිළිබඳව

1857 ඉන්දීය නිදහස වෙනුවෙන් අරගලය

රාණි ලක්ෂ්මී බායි තුමාගේ විමුක්ති අරගලයට පණ පෙවූ නායිකාව පිළිබඳව

ඉන්දියාවේ ජාතියේ පියා යයි විරුදාවලිය ලත් මහත්මා ගාන්ධි තුමාගේ ඝාතනය

නෙතාජී සුබාෂ් චන්ද්‍රබෝස් ඉන්දීය නිදහස් සටනේ විරුවා පිළිබඳව

ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ ඝාතනය පිළිබඳව (1984.10.31 දින)

ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනය පිළිබඳව (1991.05.21 දින)

වී.පී.සිංග් මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය චන්ද්‍රසේකරම් මැතිතුමා පිළිබඳව

රාම් ජන්ම භූමි බබ්රි මස්ජීඩ්ගේ ක්‍රියාකලාපය.

1991 දී භූමිකම්පාවෙන් ඉන්දියාවේ තේරි වේල්ල බිඳ වැටීම.

බංග්ලා දේශයේ ෂුල්ෆිකාර් අලි බූටෝගේ මරණය (1979.04.04)

ඔහුගේ දියණිය බෙනාසීර් බූටෝ දේශපාලන දිවියට සම්ප්‍රාප්තිය (2007.12.27) සහ ඇයගේ මරණය.

1955 හංගේරියන් විප්ලවය

1964 ලතින් භාෂාව මුල්කරගෙන ප්‍රේය නම් නව භාෂාවක් ලෝකයට හඳුන්වාදීම (Language of prayer)

ජෝර්දාන්, සිරියාව, ඊජිප්තුව අතර දවස 06 යුද්ධය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්සන් සම්බන්ධ වූ වෝටගේට් සිද්ධිය

සෝවියට් සමූහාණ්ඩුවේ අවසානය කොමියුනිස්ට්වාදයේ බිඳ වැටීම.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අනාවැකිය වයර් රහිත සන්නිවේදන ක්‍රමවේදය.

අභ්‍යවකාශ සැටලයිට් මධ්‍යස්ථානය බිහි වීම.

ස්වයංක්‍රීය බලය උපයෝගී කරගෙන විවිධ තාක්ෂණික උපකරණ බිහිවීම. 1758 දී හේලිගේ වල්ගාතරුව සොයා ගැනීම.

වායු බැලුන් සොයා ගැනීම. සබ්මැරීනය සොයා ගැනීම.

රැහැන් රහිත සම්ප්‍රේෂණ ක්‍රම සොයාගැනීම.

රැහැන් රහිත ජංගම දුරකතන භාවිතය.

ගුවන් ගමන් ඇරඹීම, අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඇතිකිරීම ඇපලෝ 11 යානය මිනිසා සඳමත පා තැබීම.- 1969.07.16

රසායනික යුද්ධ ඇතිවීම අනාගතයේ දී ලේසර් යුද්ධ ඇතිවීම.

පෞරුෂත්වයන් විද්‍යමාන වීම් පිළිබඳ අනාවැකි.

නැපෝලියන් බොනපාට්

විලියම් II එංගලන්ත රජු පිළිබඳව

එඩ්වඩ් II එංගලන්ත රජු පිළිබඳව

මුසුලෝනින්ගේ නැග්ම හා බිඳවැටීම

ඔස්ට්‍රියාවේ උපත ලද ජර්මන් ජාතික හිට්ලර්ගේ නැගිටීම හා බිඳ වැටීම. දෙවැනි ලෝක සංග්‍රාමයේ ඩග්ලස් මැක්තර්ගේ භූමිකාව

ප්‍රංශයේ දෙගෝලී භූමිකාව

සෝවියට් සමූහාණ්ඩුවේ අයෝම පුරුෂයාගේ භූමිකාව

ඇමරිකාවේ දෙවැනි ලෝක යුද්ධ සමයේ බන්ධනාගාරය තුළම හිට්ලර් මියයාම.

 

අරාබි සහ මැදපෙරදිග පිළිබඳව කළ අනාවැකි

 

ඊශ්‍රායල් නමින් නව රටක් බිහිවීම.

ඉරානයේ සාර් රජුන් පිළිබඳව

පලස්තීන විමුක්ති සංවිධානය සහ එහි යසර් අර්පත්තුමාගේ භූමිකාව

මුස්ලිම් විමුක්ති සංවිධානයේ අයතුල්ලා කොමෙයිනි ආගමික නායක පාලන යුගය පිළිබඳ

ඊජිප්තුවේ අන්වර් සදාත්ගේ මරණය පිළිබඳව

ලිබියාවේ කර්නල් ගඩාෆිතුමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව

ඉරාකයේ සදාම් හුසෙයින් පිළිබඳව

අරාබිකරයේ ගල්ෆ් යුද්ධය පිළිබඳව

 

ඓතිහාසික සිදුවීම් පිළිබඳව කළ අනාවැකි

 

1665 දී ලන්ඩනයේ මහාමාරිය වසංගතය චාල්ස් රජු සමය

1666 එංගලන්තයේ ලන්ඩන්හි විශාල ලෙස පැතිරුණු ගින්න.

ප්‍රංශ විප්ලවය

වොටලූ සිද්ධිය ලුවී පාස්චර්ගේ නව සොයාගැනීම

රුසියානු විප්ලවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීම.

ලෝක මහ යුද්ධයේ දී ජපනුන් විසින් පර්ල් වරායට බෝම්බ දැමීම.

හිරොෂිමා, නාගසාකි පරමාණු බෝම්බය දැමීම. හිරෝෂිමාවට 1945.08.06 සහ නාගසාකි 09 වැනි දිනවල

ජපානය යළි නැඟී සිටීම.

ආසියාවේ තාක්ෂණිකව දියුණුම රට බවට පත්වීම.

ක්‍රිස්තු භක්තිකයන්ට එරෙහි වන තුන්වන පාර්ශවයන් බිහිවීම.

ඉන්දියාවේ නරසිංහ රාවෝ පිළිබඳව

ඉන්දියාවේ අනාගතය පිළිබඳව

මුම්බායිවල ඉරණම

ඉන්දියාවේ ඉදිරි අශුභ කාලයක් පිළිබඳ තොරතුරු

ජන සමූහයන් සිදුකරන ජන අර්බුධ පිළිබඳ

ඉන්දු, පකිස්ථානය අනාගත සමගිය

ඒඩ්ස්වලට නව ප්‍රතිකර්ම සොයා ගැනීම.

එංගලන්ත අධිරාජ්‍යයේ වෙනස්කම් සිදුවීම

අනාගත ලෝක විනාශයන් සහ ලෝක අවසනා දකින ආකාරය.

ලෝකයේ අවසානය කවදා සිදුවේද? ක්‍රි.වර්ෂය 7000 පමණ එය සිදුවෙතැයි මෝස්ත්‍රදාමස් අනුමාන කර ඇත. එහිදී සූර්යයාගේ ගිනිගැනීම නිසා පෘථිවිය අළු දූවිලි බවට පත්වේ. එය කිසිවකු නොදන්නා කිසිසේත් අපේක්ෂා නොකරන වකවානුවක සිදුවන බව නෝස්ත්‍රදාමස් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික ගැටුම පිළිබඳවත් එල්.ටී.ටී.ඊ සංවිධානය ඇරඹීම සහ එය විනාශවීම පිළිබඳවත් විවිධ කාලවලදී ආර්ථික උද්ධමනයන් සිදුවීම් පිළිබඳව එය පසුකාලීනව පාලනය වීම සම්බන්ධව ඉඟි නෝස්ත්‍රදාමස් අනාවැකි තුළ අන්තර්ගත වී ඇත.

මෙලෙස බලන කල මෙයට වසර 500කට වඩා ඉහත කාලයකදී මුළුමහත් ලෝකය තුළ අනාගතයේ සිදුවෙතැයි සලකන සිද්ධිදාම යන් රැසක් ප්‍රංශ ජාතික නෝස්ත්‍රදාමස් අනාවැකි ලෙස දක්වා තිබීම විස්මය දනවන සුලුය. එය නොදෙවෙනි වනුයේ භාරතයේ එකල සිටි සෘෂිවරුන්ගේ ඥාන ප්‍රභාස්වරයට පමණි.

තවද ලෝකයේ අතීත සිදුවීම් චක්‍රියව නැවත සිදුවෙතැයි යන මතය නෝස්ත්‍රදාමස්ගේ අනාවැකි තුළින් විද්‍යමාන වෙයි. ඔහු පළකළ අනාවැකිවලින් මෙතෙක් සියයට අසූවක්ම සත්‍යවීම පුදුම සහගතය. එය අනාගත මිනිසාගේ සුඛ විහරණය සඳහා ප්‍රයෝජනවත් ක්‍රියාදාමයකට යොදාගත හැකිනම් කෙතරම් අගනේදැයි අපට සිතේ.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය

විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.