අනාවැකියක් වැරදුණාම බනින්න එපා

අගෝස්තු 11, 2023

 

දැන් කාලේ වගේම අතීතයේ ද අනාවැකි කරුවන් සිට තිබේ. කාලයෙන් කාලයට මතුවෙන ප්‍රශ්නයක් වන්නේ අපගේ ඡ්‍යොතිෂවේදියකු හෝ ඡ්‍යොතිෂවේදිනියක අනාවැකියක් කී පසු එය වැරදුණොත් මුළු ඡ්‍යොතිෂ ශාස්ත්‍ර‍යටම විවිධ චෝදනා ගැරහුම් එල්ල කිරීමයි. අනාවැකිය කියන ලද ශාස්ත්‍රවේදියාට පමණක් බැණ නතර නොවී, මුළු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටම ඉතාමත් පහත් ලෙස ගැරහුම් කරයි.

බොහෝ දුරට මෙය කැපී පෙනෙන ලෙස සිදුවන්නේ ඡන්දයක් ළං වූ විට එකම ජාතියේ එකම ක්ෂේත්‍රයේ අයම කුලල් කාගැනිමක්ද සමඟිනි.

ඡ්‍යොතිෂ විරෝධී කියා ගන්නා කොටසක් සිටින බැවින් ඔවුන් හට මෙය ඉතාමත් රසවත් මාතෘකාවක් වේ. හිතේ හැටියට මේ වටිනා ශාස්ත්‍රය ටිකෙන් ටික ගලවා දැමීමට අවස්ථාවක් නිර්මාණය කර දීමක් වේ.

විවිධ පක්ෂ පාටවලට බෙදුණු අපගේ ඡ්‍යොතිෂවේදීන් වේදිනියන් තමන්ගේ පක්ෂය දිනන බවට අනාවැකි නිර්මාණය කිරීම සඳහා සිද්ධාන්ත ඔවුන්ට වාසී වන පරිදි ගොඩ නඟා ගනිති. එයින් සිදුවන්නේ අපේ ශාස්ත්‍රය අපකීර්තියකට පත් වීමකී. එකම රෑනේ උන් සමගියක් නොමැතිව කොටස්වලට කැඩී තම වාසියට අනාවැකි පවසා ඡ්‍යොතිෂය අවභාවිත කිරීම අශෝභන ක්‍රියාවකි. එයින් ඔහු විතරක් බැනුම් අසනවා නම් කම් නැත,මිනිසුන් බනින්නේ වටිනා ශාස්ත්‍රයටත් වීම කනගාටුදායකයි.

නවීන විද්‍යාවේදියකු පරික්ෂණයක් කර එය වැරදුණ විට දවසෙන් අමතක කර දමයි. සාර්ථකයි කියා සොයා ගත් ඖෂධයක් වූව පසුකාලීනව අහිතකරයි කියා ඉවත් කරයි. නමුත් ඒ ඖෂධය පාවිච්චි කර කිසිවෙකු එළියට පැමිණ විරෝධතා උදිරිපත් නොකරයි. නවීන විද්‍යාවට පහරක් ගහන්නේද නැත.

නවීන විද්‍යා අනුව අනාවැකි කියා වැරදුණත් එය දවසෙන් අමතක කර දමයි. භූමි කම්පා, වර්ෂාව, උල්කාපාත කඩා වැටීම්, ඒ වැටෙන ස්ථාන වැරදුණාට එය පොඩි දරුවකු කළ වරදක් සේ් සිතා ඉක්මනින් අමතක කර දමයි. සැත්කමක් කළොත් මේ රෝගීයාගේ ජිවිතය බේරා ගත හැකි කියා සැත්කම කළ පසු රොගියා මිය ගියහොත් රෝගියාගේ පැත්තට කිසිවකු කතා නොකරයි. වෛද්‍යවරයාටද කිසිම ප්‍රශ්නයක් ඇති නොවේ. දැන් මේ වෛද්‍යවරයාද පැවසුවේ අනාවැකියක් නොවේද?

නමුත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව අනාවැකියක් කියා වැරදුණ පසු අනාවැකිය පැවසූ ශාස්ත්‍රවේදියාට පමණක් දොස් නඟනවා වෙනුවට මළුු ශාස්ත්‍රයම අතුගා දැමීමට උස්සහා කරයි. ඔවුන් එසේ කළත් ඒ අය සතුව තම කේන්ද්‍රය පවතී.

මෙයයි මට කියන්න අවශ්‍ය වූ කාරණය වන්නේ. අද ඊයේ නොවේ ඡ්‍යොතිෂවේදීින් අනාවැකි කීවේ, ඔබ බෞද්ධ නම් දන්නවා නේද සිදුහත් කුමරු ඉපදීමට පෙර යශෝධරාවන් සිහිනෙන් දුටුවා නෙළුම් මලක් සොඬින් ගත් ඇතැකු කුස තුළට ඇතුළු වූ බවට සිහිනයක් දුටුවා. ඉන් පසු එය රජතුමා පුරෝහිතයන් ගෙන්වා රාජකීය දෛවඥයින් කැඳවා එම සිහිනයේ තේරුම විමසුවා. (සිහින පලාපල පවසන අයත් ඒ කාලේ සිට තිබේ) සිදුහත් කුමරු ඉපදීමට පෙර සහ පසුවද රාජකිය දෛවඥයන් අනාවැකි පැවසුවේය.

සිදුහත් කුමරු ඉපදුණ පසු රාජ මාලිගාවට අනාවැකිකරුවන් එකසිය හතක් එකතුවී සිටි බවත්, අනාවැකිකරුවන් කියා සිටියේ කුමරු චක්‍රවර්ති රාජයකු වන අතර ඒ අනාවැකි කරුවන් අතර සිටි කොණ්ඩඤ්ඤ ආචාර්යවරයා පමණක් කියා සිටියේ ඒකාන්තයෙන්ම ගිහි ගෙය අත හැර ගොස් පැවදී වී බුදු බවට පත්වෙන බවයි.

ඒ අනාවැකිය ඇසූ සුද්ධෝදන රජතුමා කුමරුට මහල්ලෙකු, රෝගියකු, මළ මිනියක්, පැවදි උතුමෙකු දැකීමට ඉඩ අවකාශය අහුරණ ලදී, එසේ දුටු විට සසර කලකිරී රජකම අතහැර යාවී කියා සියලු අසුබ දේ ඉවත්කර දමන ලදී.

නමුත් කුමරුට මේ සතර පෙර නිමිති දැක ගැනීමට ලැබුණේය. කොණ්ඩඤ්ඤ ආචාර්යවරයා කී අනාවැකිය සාර්ථක කරමිනි.

කුමරු සියළු දේ දැක මේ සියළු දේ අනිත්‍යයි කියා දැනගත් පසු ගිහිගේ අතහැර සතා දැකීමට වනගත වී දුෂ්කර ක්‍රියා කරනා ලදී.

එහෙත් අනිත් ඡ්‍යොතිෂ ඇදුරන් කිව දේ සිදු නොවුණ කියා ශාස්ත්‍රය බාල්දු කළේ නැත. ඔවුන්ගේ හිස ගසා දැමුවේද නැත.

ක්‍රිස්තියානි ආගමේ අය දන්නවා තරුවක් පසුපස ගොස් ඒ තරුව අනුව අනාගත ගැලවුම් කරුවා උපදිනවා කියා අනාවැකි කරුවෙකු පවැසු පසු ඒ රාජ අණ දුන්නා ඒ දින උපන් සියලු පිරිමි දරුවන් මරා දමන්නට. ක්‍රිස්තුන් වහන්සේ කෙසේ හෝ සගවාගෙන සිටී නිසා ඔවුන්ගේ අනාගත ගැලවුම් කරු බෙරුණා.

මෑත කාලෙදී කොත්මලේ වැව සම්බන්ධයෙන් ඒ කාලේ සිටි දක්ෂ පඩිවරයෙකු වන කොත්මලේ ගණිතයා තම ගම් වැසියන්ට පැවසුවා ගඟට ඇගිල්ල දික් කර ඔය කඳු දෙක දවසක එකතුකර වැවක් සදාවී එවිට අප ජිවත්ව සිටින මේ භූමිය වතුරෙන් යට වේවි කීවා.

1983 දී කොත්මලේ වැව සදන ලදී. දැන් වගේ කී දෙනෙක් ඔය අනාවැකි කියද්දී හිනා වන්නට ඇද්ද? කොත්මලේ ගණිතයා හට.

නමුත් අනාවැකිය සාර්ථක වූ පසු එය සාර්ථක බැවින් අර අනාවැකි කී කොත්මලේ ගණිතයා හට ගෞරව කිරීමට ඔවුන් ඒ වනවිට ජිවත් නොවිණි.

වර්තමානයේ අපගේ ඡ්‍යොතිෂ වේදින් විශේෂ ග්‍රහ මාරුවක්, අනුව අනාගත අනාවැකි පවසා ඇත. වරදින්න ඉඩ තිබුණත් අනාවැකි කියන අතර, ඡ්‍යොතිෂය වේදියා කී අනාවැකිය වැරදුණ පසු බනින්නේ එක් අයෙකුට පමණක් නොවේ, මුළු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටම පෙරළා පහර දේ.

නවීන විද්‍යාවට අනුව යන අයට එක හැන්දක් සහ අපේ පැරණි ශාස්ත්‍රයට තවත් හැන්දකින් බෙදීම කුහක කමකී. එයට අපේ රැහේ අයගේද වැරදක් ඇත. ඡ්‍යොතිෂවේදියා අනිත් ඡ්‍යොතිෂවේදියා සමඟින් සුහදශීලී නොමැත. එක රෑනේ උන් එකට සිටියොත් තම සනුහරේ රැක ගැනීමට හැකි වනු ඇත. එහෙත් නැත්තේද එයමයි, වරදක් දුටුවිට එය සානුකම්පිතව සාකච්ඡා කර විසඳා නොගෙන

ඕනෑම ශාස්ත්‍රයක් විනාශ වන්න ආරම්භ වන්නේ ඒ ශාස්ත්‍රය කරන අයගෙන්ම බැවින් ඔබ ඒ පවුකාර වැඩේට හවුල් කරුවකු නොවන්න.

ඔබ ඡ්‍යොතිෂය ශාස්ත්‍රය විශ්වාස නොකරන අයකු නම්,ඡ්‍යොතිෂ විද්‍යාවට ගරහන අයෙකු නම් මුලින් ඔබගේ කේන්ද්‍රය පුලුස්සා දමන්න,දවසක ඔබට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පිහිට පැතිමට සිදුවේවී.

මම නම් ඔය කේන්ද්‍ර විශ්වාස කරන්නෑ. කියා පුරසාරම් දෙඩෙව්වාට විවාහවෙද්දී නැකැත් බලයි, දරුවකු ලැබුණු පසු දරුවාගේ කේන්ද්‍රය සදා ගනී, ගෑනු දරුවකු නම් කන් විදින්න,මල්වර වීම සම්බන්ධයෙන් නැකැත් ගැනීමට ඡ්‍යොතිෂ වේදියා හමුවේවී.

ඉඳුල් කට ගෑමට, අකුරු කියවීමට, නැකැත් සොයා ඡ්‍යොතිෂවේදියා සොයා යනු ඇත. මෙය දෛවයේ සරදමක් බඳුය.

 

ඡ්‍යොතිෂවිද්‍යා ප්‍රභාෂ්වර ශාස්ත්‍රශූරි

ගමගේ රොෂේන් දිලිප් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.