ඔබේ පක්ෂියා රජවන අවස්ථා

අගෝස්තු 11, 2023

 

පංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ඡ්‍යොතිෂයේදී විවිධ අවස්ථා සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු ලබයි. එම ක්‍රමය සඳහා රජාලියා, බකමූණා, කපුටා, කුකුළා හා මොණරා යන පක්ෂීන් 5 දෙනාත් ඔවුන්ගේ රජ, භෝජන, ගමන, නිදි හා මරණ යන අවස්ථා 5 යොදා ගනු ලබයි. මෙහිදී රජ භෝජන ගමන යන පක්ෂි අවස්ථා 3න සුබ වන අතර, නිදි හා මරණ යන අවස්ථා 2ක අසුබදායක වේ.

අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක් ලැබීමට අකමැති වෙමු. සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි.

ඡ්‍යොතිෂවේදයට අනුව තමන් දරන උත්සාහයන් සාර්ථක කර ගැනීමට පංච පක්ෂි ක්‍රමය අනුගමනය කිරීම, භාවිත කිරීම, වඩාත්වම උචිත වෙයි. තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණ, නඩු කීම, විවාහ කටයුතු, නව ගෘහ ආරම්භය, ගෘහ ප්‍රවේශය, වැදගත් ගමන් බිමන්වල යෙදීම ආදී ශුභ කටයුතුවලදී ජයග්‍රහණය ලබා ගැනීමට පංච පක්‍ෂි ක්‍රමය යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අපේක්‍ෂා කළ හැකිය.

සෑම පුද්ගලයකුටම තමන් උපන් නැකතට අයත් (හිමි) පක්ෂියකු සිටී. උපන් නැකත නොදනී නම් තමා භාවිත කරන මුල් නමේ ස්වරය අනුව ද පක්ෂියා තෝරා ගත හැකිය.

ඔබේ උපන් නැකත, අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුව, සිරස යන නැකත් 05 න් එකක් වී නම් ඔබට අයත් පක්ෂියා වන්නේ භේරූඬයා නොහොත් රාජාලියාය.

අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකත් 06 ට යෙදෙන්නේ පිංගල නොහොත් බකමූණු පක්ෂියාය.

උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකතකින් උපන් අයට යෙදෙන පක්ෂියා වන්නේ කාක නොහොත් කපුටාය. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකත් 06 ට යෙදෙන පක්ෂියා වන්නේ කුක්කුට නොහොත් කුකුළාය.

දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05 න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි.

තමන්ගේ උපන් නැකත තමුන් නොදනී නම් අ, ආ ස්වරවලට අයත්ව පක්ෂියා වන්නේ භේරූඬ (රාජාලියා) පක්ෂියාය.

ඉ, ඊ, ස්වරවලට බකමූණාය (පිංගල) උ, ඌ ස්වරවලට යෙදෙන පක්ෂියා වන්නේ කුකුළාය.

මයුර (මොණරා) අයත් වන්නේ ඔ, ඕ ස්වරවලටයි.

මෙම පක්‍ෂින් පස්දෙනාගේ අවස්ථා පහක් වෙයි. එකී අවස්ථා මෙසේය. රජ, භෝජන, ගමන, නිදි සහ මරණ වෙයි. මෙම පංච පක්ෂි ක්‍රමවේදයේ පැය දෙකයි විනාඩි 24ක් යාමයක් ලෙස සැලකෙයි. යාම ක්‍රමය අනුව දිවා කාලයට උදේ 6.00 සිට සවස 6.00 දක්වා යාම 05ක්ද, රාත්‍රි කාලයට සවස 6.00 සිට පාන්දර 6.00 දක්වා යාම 05ක්ද අයත් වෙයි. පක්ෂියාගේ අවස්ථා පිළිබඳව සැලකිලිමත් වීමේදී පුර පක්‍ෂය හා අව පක්‍ෂයත්, දවාල සහ රාත්‍රියත් යෙදෙන අයුරු දැනගත යුතු වන්නේය. පුර පක්‍ෂයේ උදේ 6 සිට සවස 6 දක්වා වූ යාම පහ වෙන්වන්නේ මෙසේය. පළමු යාමය 6 සිට 8.24, 2 වැනි යාමය 8.24 සිට 10.48, තෙවැනි යාමය. 10.48 සිට 1.12, සිව්වැනි යාමය 1.12 සිට 3.36, පස් වැනි යාමය 03.36 සිට 6.00 දක්වා සිදු වෙයි. අවපක්‍ෂයට යට කී අයුරින් කාලය වෙන්වෙයි.

පක්ෂි අවස්ථා රජ, නිදි, මරණ, භෝජන සහ ගමන ලෙස වෙන් වේ. උදේ 6 සිට 8.24 දක්වා භේරූඬ (රාජාලියා) භෝජන, 8.24 සිට 10.18 දක්වා ගමන 10.18 සිට 1.12 දක්වා රජ, 1.12 සිට 3.36 දක්වා නිදි, 3.36 සිට 6.00 දක්වා (සවස) මරණ යන අවස්ථාවල සිටී. මේ අවස්ථා සෙසු පක්‍ෂීන්ට එනම් පිළිවෙළින් (බකමූණා) පිංගල, කපුටු, කුකුලා, මොණරා යන අයට යටකී වේලාවන්ට යෙදෙනවිට පිංගල (බකමූණා) පිළිවෙළින් ගමන, රජ, නිදි මරණ, භෝජන, අවස්ථාවලට ලක් වේ. කපුටා,

රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්ථාවල යෙදෙයි. කුකුළා, නිදිමරණ, භෝජන, ගමන රජ යන අවස්ථාවල යෙදෙයි. මොණරා, මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. මෙම අවස්ථා යෙදෙන්නේ ඉරිදාට සහ අඟහරුවාදා යන දිනවලටයි.

සඳුදා සහ බදාදා දින දෙකට පිළිවෙළින් කලින් සඳහන් කළ කාලය තුළ භේරූඬ පක්ෂියා මරණ භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදෙයි. පිංගල පක්ෂියා භෝජන, ගමන, රජ, නිදි මරණ යන අවස්ථාවල යෙදී සිටී. කාක පක්ෂියා ගමන, රජ, නිදි මරණ, භෝජන අවස්ථාවල යෙදේ. කුකුළා, ගමන රජ, නිදි මරණ, භෝජන යන අවස්ථාවල යෙදේ.

මොණරා රජ, නිදි, මරණ, භෝජන ගමන, රජ යන අවස්ථාවල යෙදී සිටී. පිංගල මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. කපුටා භෝජන, ගමන, රජ, නිදි මරණ අවස්ථාවල යෙදේ. කුකුළා ගමන රජ, නිදි, මරණ, භෝජන යන අවස්ථාවල යෙදේ.

මොණරා රජ, නිදි, මරණ, භෝජන ගමන යන අවස්ථාවල යෙදේ. මේ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අවස්ථා 05 ක යට කී අයුරට වෙනස්ව සිදු වෙයි. රාත්‍රියට මේ තත්ත්වය වෙනස් වේ.

අවපක්‍ෂයට ද දිවා කාලයට සහ රාත්‍රි කාලයට ද ඒ ඒ දින අනුව සහ කලින් සඳහන් කළ කාලවේලාවන් අනුව පක්‍ෂීන්හේ අවස්ථා යෙදෙයි.

මෙහිදී රජ, භෝජන - ගමන යන අවස්ථා යෙදුණු පක්ෂියා ජයග්‍රහණය කරයි. ශුභ ඵල උදාකරයි. නිදි මරණ අවස්ථාවලදී අශුභ ඵල ලැබෙන නිසා එකී වේලාවන් යොදා ගැනීම සුදුසු නොවේ.

පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාවකට පිවිසි වේලාව පුර - අව මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන සැලකිලිමත්වීම වටී. ලංකා පංචාංග හා ඈපා යන ග්‍රහස්ඵුට ලිතෙන් මේ ගැන වැඩි විස්තර දැනගත හැකිය.

ඔබටත් තමන්ට හිමි පක්ෂියා රජ හෝ භෝජන යන අවස්ථාවලට පැමිණි කල තරග අවස්ථා හා විභාග කටයුතු, සම්මුඛ පරීක්‍ෂණ, රැකියා හා ගමන් බිමන් යාම, විවාහ කටයුතු වැනි වැදගත් කාර්යන්වල යෙදීම මඟින් යහපත් සුබපල අත්කර ගත හැකිය.

 

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.