අප්‍රේල් මාසයේ උපන් ඔබ ගැනයි...

අගෝස්තු 11, 2023

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක මාර්තු මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි අප්‍රේල් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.

මාර්තු මාසයේ 21 න් පසු 26 දක්වා මීන රාශියේ බලය කෙමෙන් අඩුවන අතර මේෂරාශියේ බලය කෙමෙන් වැඩිවේ.ඃමාර්තු මාසයේ 26 සිට කුජගේ බලය අප්‍රේල් 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර මෙම කාලය ගිනි තිවංකයට අයිති වේ.

තිවංකය ගිනි වීමත් කුජ ධනාත්මක වීමත් නිසා මේ මස උපන් පුද්ගලයන්ට ශක්තිමත් පේශි පද්ධතියක් උරුම වේ. එතරම් උස පුද්ගලයන් වන්නේ නැත නොපසුබසින අධිෂ්ඨාන ශක්තියෙන් යුක්තය. ඒ වගේම මුරණ්ඩු ගති ලක්ෂණයක් පෙන්නුම් කරයි. හොඳ සංවිධාන ශක්තියකින් යුක්තය. එම නිසා බොහෝ සමිති සමාගම්වල මෙන්ම ජනතාව සංවිධානය කරන අංශයන් හි ප්‍රමූඛත්වය ගනී. සියල්ල සිදුවිය යුත්තේ මොවුන්ට අවශ්‍ය ආකාරයටය. එසේ නොවන කල්හි සියල්ල අතහරිනු ලැබේ.

ලෞකික දියුණුව සහ බලය ලබා ගැනිම පිළිබඳව නම් මේ පුද්ගලයන්ට දිගු ගමනක් යා හැකිය. ඒ එසේ වීමට නම් ඔවුන් නිවැරදි තීරණ තුළ සිටිය යුතුය. නමුත් සාර්කත්වය

බොහෝවිට අන්‍යයන්ගේ චාටු බස් නිසා හිස උදුම්මා ගැනීමෙන් ඇණ හිටිය හැකිය. අහංකාරව තම බලය පිළිබඳව වැරදි තක්සේරුවකින් ක්‍රියාකිරිමෙන් ද මෙම මස උපන් අය ඇද වැටෙති.

මොවුන් ක්‍රියාත්මක විමේදි අවදානම් ගන්නේ නැත. ප්‍රවේශම ඔවුන්ට වචනයක් පමණි. ස්වභාවයෙන්ම ආවේගශීලි නිසා වේගවත් හැගීම් ඇති බැවින් උපායශිලි නොවී කෙලින් කථා කිරිම නිසා සතුරන් ඇති කර ගනී. කඳු නැගිමේ ප්‍රබල ආශාවක් මොවුන් සතුය. නීතියක් වශයෙන්ම මොවුන් සාර්ථක වනවා සේම තනතුරු නිලතල උත්සහයකින් තොරව ලබයි. නොඑසේ නම් විශාල ධනවතුන් බවට පත්වේ.නමුත් මෙහි පහළ තත්ත්වයේදි මේ පුද්ගලයන් ස්වකීය අරමුණු අභිමතාර්ථ ඉටුකර ගැනිමේදි ඒ සදහා ඕනෑම දෙයක් කිරිමට පෙලඹේ. මේ තත්ත්වයන් යටතේ නායකත්වයට පත් වුව හොත් ඉතාම කෲර ලෙස වුවද ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ පුද්ගලයින් ගුප්ත ශාස්ත්‍රවලට කැමැත්තක් දක්වයි. ඔවුන්ගේ අලුත් අදහස් සහ වේගවත් ක්‍රියා මාර්ගවල ප්‍රතිපල කලින් නිවැරදිව දැන ගැනිමට ඇති දැඩි වුවමනාවට මීට හේතුවයි. එසේම මේ පුද්ගලයින් අභියෝග භාරගැනිමෙන් සහ අනිත් අය පැරදවිමෙන් ලොකු සතුටක් ලබන පුද්ගලයින් වේ. නමුත් මෙම පුද්ගලයින් ප්‍රේම සම්බන්ධතා වලින් වේදනා විදින අය වේ. ඒ ඔවුන්ට අනෙක් පර්ශවය තේරුම් ගැනීම පිළිබඳව ප්‍රබල ගැටලුවක් ඇති නිසාය.

මොවුහු සම්ප්‍රදාය ගරු නොකරන අතරම විනය ගැනද එතරම් සලකන්නේ නැත. එම නිසාම ගෘහ ජීවිතය ගැටලු කාරි වේ. නමුත් ස්වකීය මතයට ගරු කරන සානුකම්පිත වන සහ යටත් වීමට කැමැති භාර්‍යාවන් සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත හැකි වේ. මේ කාලයේ රවි උච්ච වීම නිසා ප්‍රචණ්ඩත්වය පුද්ගලයා තුළින් දැකිය හැකිය. එම නිසාම මේ මස පුද්ගලයින් ජීවන ගමනෙහි සියලු බාධක බිඳ දමමින් පෙරට ඒම වැළකිය නොහැක. එසේම හදිසි අවස්ථා වලට නොබියව මුහුණ ශක්තිය ඔවුන් තුළ ගොඩ නැඟේ. නමුත් ආවේගශිලි භාවය නිසා ගන්නා සමහර ක්‍රියාමාර්ගවල සාධාරණ කමක් නොතිබෙන්නට පුළුවන. එසේම මොවුන්ගේ හදිසි තිරණ අවසානය කැප කර වර්තමානය දිනා ගැනීමක් විය හැකිය මෙහිදී දීර්ඝකාලින පාඩු බලාපොරොත්තු විය හැකිය. නමුත් හොඳ ඉපයිම් ශක්තියක් ඔවුන් තුළින් විද්‍යාමාන වේ. කුජ සහ රවි යන දෙදෙනාගේ ක්‍රියාකාරිත්වය මීට හේතුවයි. එහෙත් සැලසුම් විශාල වීමත් වියදම්කාරි වීමත් නිසා බිඳ වැටිම්වලට ඉඩකඩක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතුය. එසේ නොවුණහොත් වරින් වර විශාල මුදල් පාඩු සිදුවේ. කෙසේ වුවද හොඳ සංවිධාන ශක්තියක් ඇති හෙයින් ලෞකික ජීවිතයේ දී ඔවුහු සාර්ථකත්වයට පත් වෙති.

අප්‍රේල් මාසයේ පුද්ගලයන් ශක්තිමත් සෞඛ්‍ය තත්ත්වයකින් ජිවිතයේ මුල් භාගය ගෙවිමට හැකියාව ඇති අතර වැඩ අධික භාවය නිසා සේම ව්‍යාපාර පරිපාලනයේ දෝෂ සහිත භාවය නිසා ඇති වන මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සෞඛ්‍යය කෙමෙන් කඩා වැටේ. මුලින්ම ආහාර ජීර්ණ පද්ධතියේ රෝගයන් ඉස්මතු වන අතර මධ්‍යසාරවලින් වැලකීම සහ දිනපතා ව්‍යායාම කිරිම මඟින් බොහෝ අසනීප වලක්වාගත හැකිය. හිස සහ මුහුණ සම්බන්ධ අවයව පීඩාවට පත්වීමද සිදුවිය හැකිය. හිසේ සහ මුහුණේ තුවාල කැළැල් ඇතිවිය හැකය. ආමාශගත රෝග බල පැවැත්විය හැකිය.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ගිනි තිවංකයට අයත් මාර්තු 21 සිට අප්‍රේල් 21 අයවලුන් සහ සැත්තැම්බර් 21 සිට අගෝස්තු 21 දක්වා ද නොවැම්බර් 21 සිට දෙසැම්බර් 21 දක්වා උපන් අය වේ. තවද සප්තමයෙන් සැප්තැම්බර් 21 සිට නොවැම්බර් 21දක්වා අයවලුන්ද සුදුසුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.