වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වර මතිමතාන්තර
සදහටම බාලලියකගේ මල්වර වීම ඔවුන්ගේ ජීවිතයේදී වැදගත්ම අවස්ථාවක් මෙන්ම දෙවන ඉපදීම ලෙසද සළකා අනාගතය කෙරෙහි වගකීමක් භාරගැනීමට මග අසුරා ගන්නා කටයුත්තක් ලෙස, සැළකිය හැකිය. මෙය ස්වභාව සෞන්දර්යය මගින් උපදවා දෙන්නකි. නැවත පිබිදීමකි. ගසක, වැලක, මල් පිබිදී ගෙඩි පල දැරීමට සුදුසු වන්නා සේ ඇයද “මාතෘත්වයේ” හිමිකම ලබාගත් දායාදයක් ලෙසද අන්‍යයන්ට විදහා දක්වන පෙරනිමිත්තකි.
“කිකිළියකගේ කුසින් බිත්තරයක් එළියට එයි. එම බිත්තරය රැකීමෙන් පසුව, බිඳීමෙන් පැටවෙකු එළියට එයි. එම සතා දෙවරක් උපදී. එම ඉපදීම, වැනි දැරියකගේ “මල්වරය” ලෙස සලකා ඇතැම් අය. උසස් කාර්යයක් ලෙස ඉදිරි පැවැත්මට තීරණයක් කර ගනී.
“මල්වරය මතිමතාන්තරය, යනුවෙන් මීට ඉහත ලිපියකදී කරුණු රැසක් ඔබට දැන ගැනීමට හැකි වී යැයි සිතන අතර විවිධ පැවැතුම් මත එක් එක් අයගේ නොදැනුවත්කම හා නොසැළකීම අනුව චාරිත්‍ර හා අගය අතහැරි යන බවද කාලය තුළ ඇතිවන විපර්යාසයට මුහුණ දීමටද සිදුවනු ඇත.
ගැහැණු ළමයෙකුට සැබෑ ජීවිතයක් ආරම්භ කිරීමට අඩිතාලම මෙතැනින් උදාවෙයි. ඇයට හා මව්පියන්ට මංගල්‍යයකි. අසල්වැසියන්ට කිල්ලකි. නෑදැයන්ට බරකි.
භාරතයේ පැවැති, චාරිත්‍ර සිරිත් විරිත් මෙරට ජනයාද අනුගමනය කරණ අතර, මේ ගැන කටයුතු කරන්නේ අදට කළ යුතු කටයුත්තක් ලෙස සළකාගෙනය. මල්වරයට පත්වූ දැරියක් දිය නාවන තෙක් හැසිරීම හා රැකීම අද බොහෝ සෙයින් වෙනස් වී ඇත. මෙම වෙනස්වීම් හා කටයුතු කිරීම අනුව ඉදිරියට ඇතිවන සුබ හා අනිටු පලයන්ද ඒ පසු පසම ළඟා කරවයි.
“පළමුව ඔසප පැමිණුනු කලැ ඉතිරිය න්ට
පැවැසුව මෙකියනා විදි දැන හැසිරෙ න්ට
පිරිමිව සහ තිරිසන් සතා නොගැටෙ න්ට
පැවැතුම මෙලෙස මතු සුබ වැඩ සැල සෙ න්ට
මල්වර වූ දැරිය අහිංසකවීම තැන්පත්වීම, කීකරුවීම, පිරිමි දැකීමෙන් වැළකීම දොහොතින් දියබීම, පොල්කටුවෙන් දිය බීම (ඇතැම් පළාත්වල) කොළපතක හෝ කෙසෙල් කොළයක ආහාර ගැනීම, දවල් නිදීම නිය කැපීම, දත් නොමැදීම, තෙල් නොගෑම, සිනා නොවීම, කතාව අඩු කිරීම , සුවඳ ලාටු නොගෑම, වාතවේග දැරීම ආදිය නිසි දිනය පැමිණෙන තෙක් වැළකීමද නියම වී ඇති අතර, මේවා සමහර විට මහත් හිරිහැරයක් බවටද සැලකිය හැකිය. ඒවා මගහැරීම හා නොසැලකීම අනුව ඇතිවන ප්‍රතිඵලයන් කීපයක්ද මෙසේ දැක්වෙයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>