වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
සොබාදහමට තුති පුදන තෛපොංගල්
සූර්යය දිව්‍යරාජයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීමෙන් ඇතිවන උත්තරායනම් නැකැත් කාලයේදී පවත්වනු ලබන තෛපොංගල් උත්සවය හිරු දෙවියන්ට කෘතගුණ සැළකීම ප්‍රධාන කොට පවත්වනු ලබන උත්සවයකි.
මකර සංක්‍රාන්තිය වෙනුවෙන්ද හඳුන්වනු ලබන තෛපොංගල් උළෙල කෙතේ බත බුලත සශ්‍රීකත්වය හා සෞභාග්‍ය උදා කිරීමට මුල්වන හිරු දෙවියන් පුදන උළෙල ද වේ. මෙම තෛපොංගල් උළෙල පවත්වමින් හිරු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් පෙර මෙන් තම තමන්ට සියලු සශ්‍රීකත්වය හා දියුණුව ලබාදෙන ලෙසයි.
හින්දු භක්තිකයින්ගේ වැදගත් ආගමික උත්සවවලින් එකක්වන තෛපොංගල් උත්සවය මෙවරද යෙදී ඇත්තේ ජනවාරි මස දාහතරවනදාට ය. එසේ යෙදී ඇති එම උත්සවය හින්දු භක්තිකයින් සළකනු ලබන්නේ සූර්ය සංක්‍රමණය ලෙසටයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>