හැම ලිපකම කිරි ඉතිරෙන අවුරුද්ද

අප්‍රේල් 12, 2019

ජීවිතය වෙනස් විය යුතු ය. නැත්නම් අලුත් විය යුතුය. සොබා දහම අප එයට යොමු කරයි. වර්ෂයකට අයත් මාස ගණන ඍතුවලට බෙදා ඇත්තේ ඒ අනුව ය. සිසිර, වසන්න, ගී‍්‍රෂ්ම, වර්ෂා, සරත් හා හේමන්ත වශයෙන් නම් කර ඇත්තේ එයයි.

ඒ අතරින් වසන්තය මිහිරි ය. ගස් වැල්හි මල් පිපෙන, ඵල දරන, කුරුලු පරපුර වැඩිවෙන වන ලැහැබවල මීවද බැඳෙන වසන්තයේ ඵලදාව අපට ලැබෙන්නේ මේ මාසයේ දී ය. එහෙයින් බක්මහ අසිරිමත් ය. ග්‍රහ මඬුල්ලේ ප්‍රධාන රවි ග්‍රහයා උච්ච බල යුතුව ලෝකායතන කේන්ද්‍රය ගොඩ නඟන්නේත් අපේ‍්‍රල් 14 වැනිදාය . ඒ නිසා එදිනෙන් ඇරැඹෙන ඉදිරි වර්ෂයක පලාපල පෙන්නුම් කරන එකකි. එයම ලෝකායතන කේන්ද්‍රයද වේ. හෙවත් සමස්ත ලෝකයටම පොදු ලග්නයකි. ඒ නිසා මේ උදා අවුරුද්ද සමස්ත විශ්වය කෙරෙහි බලපෑම් කරන්නකි. එහෙම වන්නේ සමස්ත ලෝකයටම පායන්නේ එකම සූර්යාය බැවිනි.

සිංහල අවුරුද්ද යනු ජාතියේ අභිමානවත් දවස යි. ලෝකයේ හැම දෙනාටම මෙය පොදු වැදගත්කමක් ඇති එකක් වූවත් එය වැදගත් සේ සලකන්නේ ඉතා දීර්ඝ සංස්කෘතියක් ඇති ලංකාව, ඉන්දියාව වැනි රටවල පමණි.

සිංහල අලුත් අවුරුද්ද යනු ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානම ග්‍රහයා වන සූර්යාය හෙවත් රවි, ස්වකීය උච්ච රාශිය වන මේෂයට පැමිණෙන දවසයි. සාමාන්‍යයෙන් හිරු මේෂ රාශියට පැමිණෙන්නේ හැම වසරකම අපි‍්‍රයෙල් මස 14 වැනිදා වැනි දවසක හෝ එදිනට සමීපතම දවසක ය. 2018 වර්ෂයේ දී රවි ග්‍රහයා මේෂ රාශිගත වූයේ අපි‍්‍රයෙල් 14 වැනි දින උදේ 08.13 ටය . 2019 වර්ෂයේ දි රවි මේෂ රාශි ගත වන්නේ අපි‍්‍රයෙල් 14 වැනිදා සවස 02.09 ට ය.2020 වර්ෂයේ දී රවි මේෂ රාශි ගත වන්නේ අපි‍්‍රයෙල් 13 රෑ 08.23 ට ය. මේ ආදි වශයෙනි.

රවි හෙවත් සූර්යාය ස්වකීය උච්ච රාශිය වන මේෂයට සම්ප්‍රාප්ත වන දවස සංස්කෘතික ජීවිතයක් ගත කරන වැඩි දෙනෙක් මහත් අභිමානයෙන් යුතුව එදින උත්සවශ්‍රීයෙන් සමරති. 2019 අපි‍්‍රයෙල් මාසයේ 14 වැනිදාට යෙදෙන සිංහල අවුරුදු උත්සවයට කල් තබා සූදානම් වේ. අලුත් අවුරුද්ද යන මේ යෙදුමේ අලුත් යන වදන පුළුල් අරුතක් දෙයි. සිංහල අලුත් අවුරුදු නැකතට අලුත් ලිපක,අලුත් වලඳක අලුත් ඇඳුමක් ඇද හැම දෙනාටම පොදු වු නැකතකින් වැඩ කටයුතු අරඹති. එම උත්සවයට ආසන්න පෙර හෝ පසු දිනයක මව, පියා සමීප නෑදෑයන්, සිය ගුරුවරයා ආදීන් හමු වී තෑගි භෝග පිරිනාම ජීවිතය අලුත් අවුරුදු චාරිත්‍රවල සුවිශේෂ වැදගත්කමක් වේ. ඒ ජීවිතයද අලුත් කරන බැවිනි. සිංහල අලුත් අවුරුදු මාසය බක්මහ යනුවෙන්ද හඳුන්වති. එහි අදහස භාග්‍ය මාසය යනුයි. අපි‍්‍රයෙල් බක් මාසය හෙවත් භාග්‍ය මාසය වන්නේ අස්වැන්න ගෙට ගන්නා දිනය නිසා ය. මේ කාලයේ ඉස්මතු වී පෙනෙන විවෘත ආර්ථික රටාව අනුව අවශ්‍ය හැම දෙයක්ම මිලදී ගැනීමට වෙළෙඳ නගර හැම ගමකම හැම පළාතකම ඇති නිසා , අතේ මුදල් වේ නම් අපට හැමදාමත් අවුරුදු තමා’යි කෙනෙක් කියති. එහෙත් ගොවියා සිය අස්වැන්න ගෙට ගන්නේ ඉමහත් පී‍්‍රතියෙනි. ඒ නිසා ගොවි සමාජයට සිංහල අවුරුද්ද විශේෂයි. සිංහල අවුරුද්ද විශේෂයෙන් වැදගත් වන්නේ ගොවියාට ය. වසරේ හැම දිනයක්ම කුඹුරට, හේනට වගා බිමට එයට ගැළපෙන ඇඳුමකින් යුතු ව ගොවියා වසරේ වැඩි දිනක් සිය කුඹුරේම ගත කර අස්වනු නෙළා ගෙන ගෙදරට ගෙන එන්නේ මහත් පී‍්‍රතියෙනි. ඒ මේ සිංහල අවුරුද්දට ය. අලුත් ඇඳුම් කට්ටලයකින් සිය සිරුර ප්‍රබෝධමත් කරන්නේ එදාට ය. අතමිටසරුවන්නේත් එදාට ය. ඒ ඇසින් බලන විට විවෘත ආර්ථිකය යනු “ශාපයකි” එහෙම සඳහන් කරන්නේ විවෘත ආර්ථිකයට මිනිසා ගොදුරුවීමත් සමඟම වත්මන් පරපුරට, උදැල්ල කුඹුර අමතකව ඇත. බෝලයට හා පිත්තට ගොදුරු වු කුඹුර නොහඳුනන වී වර්ග ගැන වැටහීමක් නැති ආටෝප සහගත ජීවිතයක් ගත කරන පිරිසක් බිහිවී ඇති බැවිනි. තවත් අවුරුදු කීපයක ඇවෑමෙන් ගොවිතැන නොදන්නා පුහු මිනිසුන් සමාජයක් බිහිවන මුහුදෙන් නගරයට ‘බත’ සැපයෙන තුරු බලා සිටින පිරිසක් ඇතිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ආචාර්ය පියසේන රතුවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.