වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
එක් එක් අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ හා ජීවන චර්යාවන් මෙසේ යැයි දක්වා ඇත. එහෙයින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට...
2021-12-23 18:30:00
අපේ ජීවිතය සතුට හා දුක අතර ගෙවී යන්නෙකි. මුළු ජීවිත කාලයේදී අපි දුක මෙන්ම සතුට එකසේ විඳ ඇති නිසා සිනහව කඳුළ කාටත් පොදුය. කඳුළට වඩා බොහෝ දෙනෙක්...
2021-12-16 18:30:00
මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංදිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය, හා මරණය හෙවත් මනුෂ්‍යාගේ විපතයි.මෙම...
2021-12-16 18:30:00
ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියෝස්කන්ධ, කුමාර, කාර්තිකේය ලෙස ද , දකුණු ඉන්දියාවේදී සුබ්‍රමණියම් (සුබ්‍රහ්මණ්‍ය) මුරුගන් හා මුරුගා යන නම්වලින් ද,...
2021-12-09 18:30:00
මද්‍යසාර භ්‍රාන්තිය මේ කියන්නේ මත්වතුර බීලා නන්දොඩවන එක නෙවෙයි. මත්වතුරවලට ඇබ්බැහි වූ අයකු මත්වතුරනොගෙන සාමාන්‍ය අන්දමින් සිටින විට කවුරුහරි...
2021-12-09 18:30:00
සිනහ පාමින් මුහුණු එළිය කරවීමටත් හඬාවැලපෙමින් මුහුණු මලානික කරවීමටත් කෝපයෙන් වියරුවැටී මුහුණූ අඳුරු කරවීමටත් මුහුණේ පෙනුම ලක්ෂණ හෝ අවලක්ෂණ කරවීමටත්...
2021-12-02 18:30:00
තම කේන්දරයේ දශා විදශාවන් හා ග්‍රහ ගෝචර ගමන් සලකා බලා තම භාර්යාව හෝ ස්වාමියා වෙනත් ආශ්රයන්ට පත්ව ඇත්දැයි තේරුම් ගත හැකිය.ස්වාමියකු හෝ භාර්යාවක එවන්...
2021-12-02 18:30:00
අපේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ උදරයේ පිටුපස බිත්තියට ආසන්නවය.වම්පස වකුගඩුව දකුණු පසට වඩා තරමක් ඉහළින් පිහිටා තිබේ.වකුගඩුවල ව්‍යුහය තරමක් සංකීර්ණය.එයට...
2021-12-02 18:30:00
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම...
2021-11-25 18:30:00
තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ප්‍රධානම දුර්වලතාවය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් තයිරොක්සින් හෝමෝනය නිපදවීමයිතයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා...
2021-11-25 18:30:00
සුබ ඵල ගෙනෙන ළයාන්විත පිහිටීමක් ඇත්තේ වරා මලක පොහොට්ටුවක හැඩය ගත් නාසයක් ඇය සතුවී ඇත්නම් පමණි. මෙවන් ස්ත්‍රියක ක්‍රමවත් ලෙස පිළිවෙළකට ජීවිතය හැඩගස්වා...
2021-11-18 18:30:00
සිනාවෙන් හෝ කතාවෙන් මැනිය නොහැකි මිනිසුන් වෙසෙන සමාජයක් තුළ ඔවුන්ගේ දේහ ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් අනුව ගත හැකි නම් ඔවුන් හා කටයුතු කිරීමට එය...
2021-11-18 18:30:00
ලෝක ජනගහණයෙන් මිලියන දෙසිය පණහකට අධික සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙමින් සිටි අතර, එය දෙදහස් විසිපහවන විට මිලියන තුන්සිය අසූවට අධිකවන බව සංඛ්‍යා ලේඛන...
2021-11-11 18:30:00
නොවැම්බර් මස 01 වෙනි දිනය මෙරට අධ්‍යාපන වංශ කතාවට එක් වූ සිරිලක ප්‍රධාන අධ්‍යාපන ආයතන දෙකක් ආරම්භ වූ දිනයක් බවට පත් වී ඇත. ඒ අනුව පළමුවෙනි අධ්‍යාපන...
2021-11-11 18:30:00
මීමැස්මොරය, අපස්මාරය යන නමින්ද හැඳීන්වේ.අපස්මාරය මොළයට ඍජුවම සම්බන්ධ රෝගී තත්ත්වයකි.එබැවින් ප්‍රථමයෙන්ම මොළය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ...
2021-11-11 18:30:00
අත්ලේ ප්‍රධාන රේඛාවන් ලෙස සැලකෙන හෘද රේඛාව සුළඟිල්ලට පහළ ප්‍රදේශයේ සිට ශීර්ෂ රේඛාවට ඉදිරිපසින් දබරැඟිල්ල දෙසට විහිදීයයි. මෙම හෘද රේඛාව ක්‍රම කීපයකින්...
2021-11-11 18:30:00