වර්ෂ 2022 ක්වූ August 05 වැනිදා Friday
මත්වතුර භාවිතය නිසා මානසික ව්‍යාධිය ඇතිවෙනවා
දෙසැම්බර් 10, 2021
මද්‍යසාර භ්‍රාන්තිය
මේ කියන්නේ මත්වතුර බීලා නන්දොඩවන එක නෙවෙයි. මත්වතුරවලට ඇබ්බැහි වූ අයකු මත්වතුරනොගෙන සාමාන්‍ය අන්දමින් සිටින විට කවුරුහරි කෙනෙක් ඉතා සැරපරුෂ ලෙස බණින ආකාරයක් ඇසිය හැකියි. මෙහිදී තමන්ට දොස් නගන පුද්ගලයන් පෙනෙන්නේ නෑ. නමුත් ඉතා තදින් බණින අන්දමට ඇසෙනවා. ඒ නිසා එම පුද්ගලයාට තමන්ගේ ජීවිතයට අනතුරක් කරයි කියලා විශාල බයක් ඇති වෙනවා. කාලයක් තිස්සේ එක දිගට මත්වතුර පානය කළ කෙනෙකු ඉන්පසු මත්වතුර නතර කළ විටත් මේ තත්ත්වය හට ගන්න පුළුවන්. මෙය බීමත්කමට ඇබ්බැහි වූ අයගෙන් 10 % - 20 % කට පමණ ඇති වන තත්ත්වයක්. සමහර අයට මත්වතුර පානය නතර කළ පසු සති දෙක තුනකින් මේ තත්ත්වය ඉබේටම නැතිවන අතර තවත් අයට මත්වතුර නතර කර හය මාසයක් පමණ ගත වන තුරුත් මෙය දිගින් දිගටම පවතී. පසුව මඟ හැරී යයි. එසේම දිගටම මේ තත්ත්වය තිබී ඉන්පසු හින්නෝන්මාදය (ඉජඩඪලධනඩපඥදඪච) රෝගය දක්වාම වර්ධනය වීමද ඉතා කලාතුරකින් සිදුවිය හැකි ය.
විශාදය
මෙහි ස්වභාවය නම් එම පුද්ගලයන්ගේ මානසික තත්ත්වය අස්ථාවර වීමයි. මේ අනුව සතුට දුක ආදී වූ හැඟීම් වේගයෙන් වෙනස් වෙමින් මනසේ අස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා. මත්වතුරවලට ඇබ්බැහි වූවන්ගෙන් 70% කට පමණ මේ තත්ත්වය හට ගන්නවා. මද්‍යසාර විරමන රෝග තත්ත්වයට (ඒතජධඩධත ඹඪබඩඤපචඹචත ඵරදඤපධථඥ) පත් වූ අයට ප්‍රතිකාර දී එය සුව වූ පසු පළමු මාසය තුළ 50 % කට පමණම මෙම විශාද රෝග තත්ත්වය ඇතිවෙනවා. පසුව ඉබේම එම තත්ත්වය යටපත් වන මුත් 15% - 20 % කගේ පමණ මෙය දිගු කාලීනව පැවතිය හැකියි. මත්වතුර නිසා විශාද තත්ත්වයට පත්වීම සේම විශාද තත්ත්වය නිසා මත්පැන්වලට ඇබ්බැහි වීම දක්නට ලැබෙන්නේ අඩුවෙන්. නමුත් එසේ ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් වැඩි දෙනෙක් ඊට යොමු වී තිබෙන්නේ විශාද රෝගය පැවතීම නිසයි. තවත් පිරිසකට මත්වතුරවලට යොමු වී ඊට ඇබ්බැහි වීමෙන් පසුවද විශාද තත්ත්වය හට ගන්නවා. බොහෝ දෙනෙක් සිතන්නේ මත්පැන් මානසික අසහනයට පිළියමක් බවයි. නමුත් එය විනාඩි පහක දහයක අස්වැසිල්ලක් පමණයි. දිගු කාලීනව ලැබෙන ප්‍රතිඵලය වන්නේ මත්වතුර නිසා මානසික තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහළටම බැස අන්තිමේ විශාද රෝගය හට ගැනීමයි.
සියදිවි හානිකර ගැනීම
මත්වතුරවලට ඇබ්බැහි වීම සහ විශාද රෝගය යන කරුණු දෙකම තිබෙන අයගේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය වැඩියි. එය සාමාන්‍ය අයට වඩා සිව් ගුණයකින් ඉහළ බවයි අනාවරණය වී තිබෙන්නේ. ඒ වගේම විශාදය නොතිබුණත් මත්පැන් භාවිතයට ඇබ්බැහි වූවන්ගෙන් 25% ක් වත් එක වතාවක් හෝ සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව
මත්වතුර භාවිතයට දිගු කාලීනව ඇබ්බැහි වූවන් තම බිරිඳව කිසිදු පදනමක් නැතිව සැක කරන්නට පුළුවන්. මත්වතුරවලට ලොල් වූවන් බහුතරයකගේ පවුල්වල මෙම තත්ත්වය නිහඬ, ඒත් දැවෙන ගැටලුවකි. එසේම දිගුකාලීනව මත්වතුර පානය කිරීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වූ පිරිමියකු තම බිරිඳ තමාගෙන් සතුටක් නොලැබීම මත ඇය වෙනත් පිරිමින් ළඟට යනු ඇතැයි සැක උපදවා ගත හැකියි.
ඩිමෙන්ෂියාව
දිගු කාලීනව මත්වතුර ගන්නා විට එය මොළයේ සෛලවලට බලපෑම් ඇති කිරීම හේතුවෙන් (ච්ඪපඥජබ බධයඪජ ඥටටඥජබ ) මත්වතුර නිසා හට ගන්නා ඩිමෙන්ෂියා තත්ත්වය ඇති විය හැකියි. මේ රෝගය හටගන්නේ කුඩා මොළයේ සෛල වැඩිපුර විනාශ වීම මඟිනුයි. එහිදී ඇවිදින විට පැත්තට ඇවිදීම, මතකය අඩු වීම වැනි තත්ත්වයන් හට ගත හැකි යි. මතකය අඩු වන විට භ්‍රාන්ති තත්ත්වයන් (විවිධ රූප පෙනීම, ශබ්ද ඇසීම වැනි දෑ) සේම මෝහ හෙවත් වැරදි විශ්වාස ද හටගනු ඇත.
කාංසාව
කාංසා රෝග සහ මත්පැන් අතර කිට්ටු සම්බන්ධයක් පවතිනවා. මෙහිදී වැඩිම සෘජු සම්බන්ධයක් තිබෙන්නේ සංත්‍රාසය සහ බැඳුණු ආබාධ (ර්‍ථචදඪජ ඤඪඵධපඤඥප) සමඟයි. සංත්‍රාසය හා බැඳී ආබාධ යනු එක්වරම කිසිදු හේතුවක් නැතිව බියක් දැනීම, හුස්ම ගැනීමට අපහසුවීම, ඇඟපත වෙව්ලීම, දහඩිය දැමීම වැනි ලක්ෂණ ඇති වී එය විනාඩි කිහිපයකින් නැතිවී යාමයි.
සමාජ භීතිකාව
සමාජයට මුහුණ දීමට තිබෙන පැකිලීම නිසා ආත්ම ශක්තිය ඇතිකර ගැනීම සඳහා සමහරු මත්වතුරවලට යොමු වෙනවා. මෙසේ සමාජ භීතිකාව නිසා මත්පැන්වලට යොමුවීම වගේම මත්වතුර නිසාත් සමාජ භීතිකාව ඇතිවිය හැකියි. මත්වතුරවලට ඇබ්බැහිවීම කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. මීට ඇබ්බැහි වූ අයකුට මෙයින් තනිව ගැළවීමට අසීරුය. එයට හේතුව මත්වතුර භාවිතයෙන් මිදීම සඳහා සිතෙහි ආත්ම ශක්තිය තිබුණත් ශරීරය මත්වතුර ඉල්ලා සිටීමයි. එනිසා මෙය විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු යටතේ ඖෂධ හා චර්යාත්මක ප්‍රතිකාර දී සුව කළ යුතුයි.
වෛද්‍යාචාරිනී, වෛද්‍ය ශිරෝමණී, පණ්ඩිත,
ටී.කේ. සී. විමලරත්න
සටහන
කීර්ති එස්.කුමාර
෴ සබැඳි ලිපි ෴
අතිශයින් දුෂ්කර වුවත් තම අභිමතය පරිදි දූ පුතුන් ලැබිය හැකිය. ඒ සඳහා උපක්‍රම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඡ්යොතිෂයේද වෛද්‍ය විද්‍යාවේද සඳහන් වී...
2022-08-04 18:30:00
අතීත සමාජයේ ජීවත් වූ මිනිසා මෙන් නොව වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත්ව කෘත්‍රිම ජීවන රටාවකට නැඹුරු වීම හේතු කොට ගෙන වර්තමාන සමාජයේ...
2022-08-04 18:30:00
කුස තුළ බීජයක් තැන්පත් කිරීමට පෙර සිට ධර්මය ශ්‍රවණය කිරීමෙන් හා ධර්මානුකූලවී නිතර නිතර බෝධි පූජා පැවැත්වීමෙන් මෙවැනි දේ සිදුවෙතැයි අපේක්ෂා කළ...
2022-07-21 18:30:00
අතීතයේ මෙන්ම වර්තමාන කාලයේද ( බොහෝවිට අනාගත කාලයේද) ස්ත්‍රී රුව නානාවිධ සැරසිලි කලාවක් ලෙසින් යොදා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා පැරැණි කාලයේ සිටි...
2022-07-21 18:30:00
ලාංකේය ජනතාවගේ සංස්කෘතික සන්ධිස්ථානය වන්නේ සිත්සතන් බුදුදහමින් සුපෝෂිත කළ මහින්දාගමනයයි. භික්ෂූවගේ කරුණාව, දයානුකම්පිත බව හා සැහැල්ලු ජීවන ප්...
2022-07-21 18:30:00
කරුණා සීතල හදයංපඤ්ඤා පජ්ජෝත විහත මොහතමංසනරාමර ලො ක ගරුංවන්දේ සුගතං ගති විමුත්තංසකල ජන මන ආනන්ද කරවූ කරුණාවෙන් තෙත් වූ හදවතක් ඇති ප්‍රඥාවෙන් ප්...
2022-07-14 18:30:00
කුවේණිය කපු කටින තවුසියක සේ වෙස්ගෙන රුක් මුලක කපු කටිමින් විජය හමුවීමේ අපේක්ෂාවෙන් සිටියා. විජයගේ පිරිස උගුලක සිරකළ ඇය, පිරිස සොයා විජය එන බව ඇය...
2022-07-07 18:30:00
සංවිධානාත්මක විවාහ ජීවිතයකට පාදක වන සේ වගකීම් සහිතව මානව නීතියත් සමාජ ස්ථාවර බවත් සැකසී තිබේ. තරුණ තරුණියන් නිසිකල පැමිණි විට යුගදිවියට ඇතුළු වන්නේය...
2022-07-07 18:30:00
වශී ගුරුකම් කියන විටම හිතට එන්නේ ස්ත්‍රියක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ස්ත්‍රියක්ව වශී කරන එක කියලා. සමාජයේ එහෙම කිව්වට මේ වශී මන්ත්‍රය කියවල බලන්නකෝ....
2022-06-30 18:30:00
හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ.ඈත...
2022-06-23 18:30:00
යමකුගේ දියුණුවට බලපාන හදිසි ධන ලාභයක් ලැබීමට (ස්ථිර දිනුමක් සේ බලාපොරොත්තු නැති ලැබීමක්) හේතුවන යෝග මොනවාදැයි අපි සලකා බලමු. මෙහිදී මූලික සැලකිල්ල...
2022-06-23 18:30:00
හත්වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර ඇතැම් විට හදිසි අනතුරුවලින් මරණය පවා සිදුකරයි.අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ ඒ...
2022-06-16 18:30:00
වර්තමානයේ ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මැදිවෙමින් පවතී. මේ සඳහා සුදුසුම පිළියමක් ලෙස අපනයන ආදායම් වැඩිකර ගැනීමටත් ආනයනය වියදම් අඩුකර ගැනීමටත් අප...
2022-06-09 18:30:00
ලක්දිව බුදු දහම ප්‍රචලිත කරවීමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු...
2022-06-09 18:30:00
උත්තරායනය, ගී‍්‍රෂ්ම ඍතුවෙහි වෘෂභ රවි 29 භාග පොසොන් මස පුර එකොළොස්වක තිථියලත් ජුනි මස 12 වෙනි රිවිදින අලුයම 04.28ට රසකාමි සිකුරු ඉන්ද්‍ර හෙවත්...
2022-06-02 18:30:00
සුබසෙත පුවත්පතට වසර 53ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්ගේ...
2022-06-02 18:30:00