වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
පාඨකයින්ගෙන් ලැබෙන ලිපි සහ විද්‍යුත් මාධ්‍යය හරහා (තෙවැනි ඇසින්) බලන විටදී අත්දැකීම් සමූහයක්ම ලබා ගැනීමට හැකි වී ඇත. මෙම ලිපි හා විද්‍යුත් සටහන්...
2022-05-19 18:30:00
අප රටේ ජනයා අතර බොහෝ පිරිසක් පත්තිනි දෙවියන් ඇදහීම සිදුකරති. ගැබිනි මවුවරු තම දරුවා නීරෝගිව උප්පත්තිය ලැබීමට පත්තිනි මැණියන්ට බාර හාර සිදු කරති....
2022-05-19 18:30:00
ජීවිතයට පැමිණෙන නොයෙකුත් ගැටලු, බාධක හා අභියෝග ආදියට මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක ජයගැනීමේ අධිෂ්ඨානයෙන් ජීවත් වීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එකී...
2022-05-19 18:30:00
අද ලියන්න යන්නේ, කාන්තාවන්ගේ මුළු ජීවිතයම පවා කණපිට හරවන්නට හේතු වන දෝෂයක් ගැනයි. මම එලෙස කියන්නේ මෙම දෝෂය මඟින් අධ්‍යාපනය, ආදරය, විවාහය...
2022-05-12 18:30:00
සිංහල බෞද්ධයෝ අතීතයේ සිටම පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සිදු කරනු ලබන පුදබිමක් ලෙස කතරගම පුදබිම හැඳීන්විය හැකිය. බුදුන්වහන්සේ තෙවන...
2022-05-12 18:30:00
මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේනිසා ම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මවුපියන් මොනතරම් කැපවීමක් කරනවා ද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා...
2022-05-12 18:30:00
චෛත්‍ය විහාර ධර්මශාලා ආදිය ගොඩනැගීම මඟින් බුදුසසුන රැකගැනීමට නොහැකිය. අරණ්‍ය සේනාසන පිහිටුවා සිල්වත් ප්රතිපත්තියෙහි නියැළී සඟ පරපුරක් ඇති කළ යුතුයගං...
2022-05-12 18:30:00
දෙවියන්ට පුද පුජා තබන විට දී අනිවාර්යනේම තැබිය යුතු ද්‍රව්‍ය අතර අත්‍යවශ්‍ය දෙයක් වන්නේ, පොල් ගෙඩියකි.ගණ දෙවියන් මුල් කරගෙන පොල් ගෙඩියක් පූජාවට...
2022-05-05 18:30:00
සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත...
2022-05-05 18:30:00
“නිය පොත්තෙන් කඩන්න තිබුණ වැඩේ පොරවෙන් කපන්න බලා ඉන්න එපා.” යන කියමන අපේ ජන සමායේ බෙහෙවින් ප්‍රචලිත වූවක්. එහි නියපොත්ත සුළු දෙයකි. “ඒක මං නිය...
2022-05-05 18:30:00
චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්රයාමතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳීන්වේ....
2022-05-05 18:30:00
අපේ රටේ පවත්නා ශාන්ති කර්ම රාශිය අතර දහඅට සන්නිය වැදගත් තැනක් ගනී. සන්නි යකුම නම් වූ මෙය පහතරට බලිතොවිල් අතර ප්‍රධාන තැනක් ගනී. සබරගමු පළාතේ ද...
2022-04-28 18:30:00
මෙරට බහුලව ඇතිවන හිසරදය හේතු රැසක් නිසා හටගනී. වාතය, පිත සහ සෙම යන තුන්දොස් වෙන් වෙන්ව හෝ තුනම එකතු වී කෝපවීම නිසාත්, රක්තජ (ලේ කෝපවීම නිසා) ක්‍රිමිජ...
2022-04-28 18:30:00
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය ප්...
2022-04-28 18:30:00
“හපොයි එයා ඇස් වහකාරයාඑයාට පේන්න මුකුත් කරන්න එපා”ඇස් වහ, කටවහ, හෝවහ ගැන විශ්වාසයක් එදා මෙන්ම අදත් ජන සමාජයේ වන්නේ ය. “හපොයි එයා නම් ඇස්වහ කාරයා එයාට...
2022-04-28 18:30:00
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට...
2022-04-28 18:30:00