වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඊශානය බලගන්වමුු
සම්ප්‍රදායිකව සැළකීමේදීත් දින අටෙන්ම ඉතා වැදගත් හා ශුභ දිශාව ලෙස බොහෝ විෂයයන්ගේද සළකා බලනු ලබන්නේ ඊශානයයි. ඡ්‍යොතිර් විද්‍යාවේදී මරු නොසිටින දිශාව ලෙසත්, යන්ත්‍ර මන්ත්‍රාදී ශාස්ත්‍රයන්හිදී ශාන්ති කර්මයනට අදාළ දිශාව ලෙසත් සළකන ඊශානය නූතන වාස්තු විද්‍යාවට අනුව අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්තිය අප වෙත ගලා එන දිශාව ලෙසත් ඇගයීමට ලක් වී තිබේ. එබැවින් පොදුවේත්, වාස්තු විද්‍යාවට විශේෂයෙනුත් ඊශාන දිශාව පිළිබඳව අපි අතිශයින් සැළකිලිමත් විය යුතු වේ.
ඒ වාස්තු ශාස්ත්‍රයේදී ඊශාන දිශාවට අදාළ ධාතු තත්ත්වය ලෙස සළකා බලනුයේ ආපෝ ධාතුවයි. මෙය වැගිරෙන සුළු ගුණය ලෙස හඳුන්වා දිය හැකියි. එබැවින් ජලය මේ දිශාවට යෝග්‍ය බව දක්වා තිබේ. එසේ වුවත් නූතන පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ පොළොවට පහළින් ජලය පමණක් ඊශාන දිශාවට අදාළ වන බවයි. ඒ අනුව ඉහළ ජල ධාරකයක් (ටැංකියක්) පිහිටුවීම සඳහා කිසිසේත් ඊශාන දිශාව උචිත නොවේ.
නූතන බටහිර භෞතික විද්‍යාව අනුව සැළකීමේදී අන්තරීක්ෂ ශක්ති වළාවක් ඇතුළත භ්‍රමණය වෙමින් (කැරකෙමින්) පවත්නා පොළොවේ චලනය නිසා කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ශක්ති වළාව භ්‍රමණය (සාපේක්ෂව) වීම සැළකූ විට සරලව ඊශාන දිශාවෙන් අන්තරීක්ෂ ශක්ති ධාරාවක් අප වෙත ගලා එන්නේ යැයි සැළකීමේ වරදක් නොමැත. මේ අනුව වැඩි වැඩියෙන් අන්තරීක්ෂ ශක්තිය අප වෙත ගලා ඒම සඳහා ඇති සියලු බාධා ඉවත් කිරීම වාස්තු විද්‍යාවට අනුව සිදු කළ යුතුම කාර්යයක් වේ.
නිවෙසක මිදුලේ ඊශාන දිශාවට වන්නට කුණුූ ගොඩ ගසා ගිනි තබන්නේ යැයි සිතමු. එවිට ඊශානයෙන් අප වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තියට අයත් ෆෝටෝන අංශු ඉහළ නඟිමින් විසිරීමට පටන් ගැනීම නිසා නිවෙස ඇතුළතට ගලා එන අන්තරීක්ෂ ශක්තිය බෙහෙවින් අඩුවේ. මේ හේතුව නිසා නිවැසියන්ගේ ශක්ති ශරීරය බරපතල ලෙස දුර්වලව යන බව පෙනෙන්නට තිබේ. මෙය ශාරීරිකව, මානසිකව භාවමය මෙන්ම ආධ්‍යාත්මිකව ද බරපතළ වියවුල් ගණනාවකට හේතු වන බව ඉඳුරාම පැවසිය හැකියි.
නූතන වාස්තු විද්‍යාවට පුරෝගාමී කාර්යයක් ඉටු කළ ජිටෙන් සාමිතුමන් එතුමන්ගේ කෘතිවල ඊශානයට උචිත ගෘහ අංග දක්වා තිබේ. ඒ අතර, වන්දනා කටයුතු සඳහා වන ස්ථාන, භාවනාවට උචිත ස්ථාන ආදිය සුවිශේෂ වේ. වැරැන්ඩාවක්, පෝටිකෝවක්, පිලක් සඳහාද උචිතම දිශාව වන්නේද ඊශානයයි. එසේම ඉහළ මහල්වල යොදන සඳලුතල ආදිය ද ඊශානයට යෙදීම අතිශයින් ප්‍රතිඵලදායක වේ.
ආපෝ ධාතුවට මැනැවින් ගැළපෙන පරිදි ඊශාන දිශාවට ළිං කැපීම,පොකුණූ තැනීම උචිත වන අතර, භූගත ජල ටැංකි ආදියද ඊටම ගැළපෙන පරිදි ඊශානයේ පිහිටුවිය හැකියි.
නිවෙසේ සාලය වැනි අංගද ඊශානයේ සේම උතුරේ හා නැඟෙනහිරේ යෙදීම උචිත වන අතර, එහිදී වැඩි අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් නිවසට ඇතුළු වී නිවෙස පුරා පැතිර යෑමට ඉවහල් වන බවද කිය යුතු වේ.
ඉහත කී ගෘහ අංග පිහිටුවීමෙන් ඉතා යහපත් පරිදි නිවැසියන්ගේ ජීවිත සකස් වන අතර, වෙනත් අයහපත් ප්‍රතිඵල හිමි කර දෙන ගෘහ අංග පිළිබඳව මෙහිදී සළකා බැලිය යුතු වේ.
ඊශාන දිශාවට මුළුතැන්ගෙය පිහිටුවීම කිසිසේත් නොකළ යුත්තකි. එහිදී පෙර කී ඊශාන මිදුලෙහි ගිනි තැබීමට නොදෙවැනි හානියක් සිදු වේ. එසේ කිරීමෙන් නිවෙසේ ක්‍රියාකාරිත්වය බරපතළ ලෙස බිඳ වැටේ.
වැසිකිලි, කැසිකිලි, ගබඩා ආදී අපවිත්‍ර හා අශුභ ශක්තීන් හට ගන්නා ස්ථාන කිසිදු විටෙක ඊශානයේ පිහිටුවීම නොකළ යුතු වේ.
තාප්ප, විශාල ගස් කොළන් නිසා ඇතිවන අන්තරීක්ෂ ශක්තිය පැමිණීමට ඇති කරන බාධාවන්ගෙන් ද ඊශානය මුදා ගත යුතු වේ. ඊශානයේ වවන ගහකොළ උස්නොවන හා වදුල අඩු ඒවා වීම අනිවාර්ය වේ. එසේම ඵලදරන ගස් ඊශානයට උචිත නොවන්නේ අපවිත්‍රතාවන්ද ඒ සමඟම ඇති වන බැවිනි.
කෙසේ වෙතත් අන් කිසිඳු දිශාවකට නොදෙවැනි ලෙස ඊශානය පිළිබඳව සැළකිලිමත්වීම අත්‍යවශ්‍ය බව අවසානයේදී ද අවධාරණය කළ යුතු වේ.
ජනක පි‍්‍රයන්ත දයාරත්න
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක