නිවැසියන් ඉහළටම ගෙන යන පඩිපෙළ

සැප්තැම්බර් 8, 2023

පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන අන්තරීක්ෂ ශක්තියට ද විවිධාකාරයෙන් බලපානු ලබයි. මෙහිදී දැවයෙන් තනනු ලබන පඩිපෙළකින් ඇති කරන බාධාවට වඩා කීප ගුණයක බාධාවක් දැනට බහුලව භාවිතාවන කොන්ක්‍රීට් පඩිපෙළවලින් ඇති කරයි. මෙයට හේතුව වන්නේ අන්තරීක්ෂ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් කොන්ක්‍රීට් පඩිපෙළ විසින් උරාගනු ලැබීමයි.

වර්තමානයේ බොහෝ විට ඉදිකිරීම්වල විවිධ අවශ්‍යතාවන් අනුව යකඩ භාවිතයෙන් පඩිපෙළනිර්මාණය කිරීමද සිදු වේ. එවැනි අවස්ථාවකදීද යම් බාධා වීමක් සිදු කළ ද එය සිදු වන්නේ කොන්ක්‍රීට් පඩිපෙළක ආකාරයට නොවේ. යකඩ භාවිතයේදී පඩිපෙළ අවට අන්තරීක්ෂ ශක්තිය ගලා යෑමේදී චුම්බකමය ක්ෂුද්‍ර ක්ෂේත්‍රයක් හට ගනී. කෙමෙන් ක්ෂේත්‍රයේ ප්‍රබලතාව (ජ්ධ්ඡ්ඹ්ච් ඉබපඥදඨබඩ) වැඩි වීමත් සමඟ අන්තරීක්ෂ ශක්තියට එය විනිවිද යෑමේ නොහැකියාවක් ඇති වේ. ඒ අනුවත් අවසානයේ සිදු වන්නේ අන්තරීක්ෂ ශක්තියට බරපතළ ලෙස බාධාවක් ඇති වීමයි.

මේ කවර ආකාරයකින් සලකා බැලුවද අන්තරීක්ෂ ශක්තියට පොදුවේ ඕනෑම පඩිපෙළකින් බාධා ඇති වෙතත් අවම බාධා කිරීම සිදු වන්නේ දැවයෙන් කරන ලද පඩිපෙළකින් බව අප වටහා ගත යුතුව තිබේ. එබැවින් ඊශාන දිශාව ප්‍රධානව නැඟෙනහිර උතුර යන දිශා තුනටම පඩිපෙළක් නොයෙදීමට අපි කටයුතු කළ යුතු වෙමු.

ඍජු පඩිපෙළක් වෙනුවට වමට හෝ දකුණට නැඟී යන පරිදි පඩිපෙළක් යෙදීමට විටෙක සිදු වේ. එවැනි අවස්ථාවලදී ඉහළට නැඟීමේදී දකුණට හැරෙන පරිදි පඩිපෙළ නැඟීම කළ යුතු බව පොදු අරමුණක් බවට පත්ව තිබේ. එසේම සර්පිලාකාරව කැරකෙන පඩිපෙළක් යෙදීමේදී දක්ෂිණාවර්තව නැඟෙනහිරින් බටහිරට හෝ උතුරෙන් දකුණට නැඟෙන පරිදි පිහිටුවීම වඩාත් උචිත යැයි සැලකේ. ඍජු පඩිපෙළක් යෙදීමේදී සෑම විටම පහතින් පිහිටිය යුත්තේ උතුර නැඟෙනහිර හෝ ඊශානයි. එලෙසම දකුණ, බස්නාහිර හා නිරිතද ඉහළින් පිහිටා තිබීම අවශ්‍ය වේ.

මෙහිදී කරුණු කීපයක් පිළිබඳව අපගේ සැලකිල්ල යොමු විය යුතු වේ. සම මට්ටමේ යම් පුද්ගලයකු වේගයෙන් ගමන් කරන්නේ, එනම් දිව යන්නේ නම් එවිට එකී ධාවන චලනය වාමාර්තවීම අනිවාර්ය වේ. එයට හේතුව ධාවනයේදී කේන්ද්‍ර අපරණය හෙවත් පිටතට විසි වීමේ නැඹුරුව ඉතා තදින් හෘදයට ඇති කරයි. එබැවින් දක්ෂිණාවර්ත ධාවනයෙන් කේන්ද්‍රයට වඩාත් ඈතින් හෘදය පිහිටා ඇති බැවින් වැඩි බලපෑමක් හෘදයට ඇති වේ. නමුත් පඩිපෙළකදී සිදු වන්නේ සම මට්ටමේ චලනයක් නොව ඉහළ නැඟීමකි. ඉහළ නැඟීමේදී දෙපයේ කෙණ්ඩ හා කළවා වෙහෙස කරවමින් හෘදය වෙත එන රුධිරයේ පීඩනය වැඩි වේ. එවැනි අවස්ථාවකදී අත්වැටට බර දීම දෙන විඩාව අවම කර ගැනීමට මහත් සහායක් වේ. එසේ අත්වැටට සුපුරුදු දකුණතින් බර දීමට නම් පඩි පෙළ හැරී යෑම දකුණට වීම වඩාත් උචිත වූවකි.

මෙයට අමතරව පොළොවේ භ්‍රමණය (තම අක්ෂය වටා කැරකැවීම) සිදුවන දිශාව හා මනාව ගැළපීමක්ද මෙකී දක්ෂිණාවර්තව ඉහළට නැඟීමෙන් සිදු වන බවද කිව යුතුයි. එබැවින් පඩිපෙළක් ඉහළට හැරීමේදී දක්ෂිණාවර්ත වීම උචිත වෙතත් එය මූලික දෝෂයක් ලෙස සැලකීමට තරම් බලවත් බවක් ඇති නොකරයි. පඩිපෙළක පඩි සංඛ්‍යාව ඔත්තේ විය යුතුය යන්නද භාවිතයේ පවත්නා සම්මතයකි. මෙය එතරම් සැලකිල්ලට ගත යුත්තක් නොවේ. එයට හේතුව සංඛ්‍යාත්මක වෙනසකින් අන්තරීක්ෂ ශක්තියට කිසිදු සැලකිය යුතු බලපෑමක් ඇති විය නොහැකි වීමයි.

පෙරද දක්වන ලද පරිදි ඊසානයට මෙන්ම උතුරට හා නැඟෙනහිරට පඩිපෙළ දැමීම උචිත නොවන්නා සේම නිවසේ දකුණ, බස්නාහිර, නිරිත යන කොටස්වලට පඩිපෙළ දැමීම උචිත වේ. මෙසේ දකුණ, බස්නාහිර, නිරිත, දිශාවන්ට පඩිපෙළක් යොදා අවහිර කළ විට නිවසට ඇතුළු වූ ශක්තිය නිවසෙන් පිටවීම වළක්වාලයි. එබැවින් නිවසේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව මහත් සේ වැඩි වෙයි

යම් පඩිපෙළක් මෙතෙක් දක්වන ලද දෝෂ තත්ත්ව සහිතව පිහිටුවා ඇත්නම් කළ යුත්තේ කුමක්දැයි විශේෂයෙන් සිතීමට සිදු වේ. එයට හේතුව වන්නේ වෙනත් ගෘහ අංගයක් කඩා ඉවත් කර වෙනත් දිශාවක පිහිටුවීම පහසු කාර්යයක් නොවීමයි. එවිට අඩු වියදමකින් හා අඩු කරදරයකින් එකී දෝෂය ඉවත් කර ගැනීම සිදු කර ගත නොහැකියි.

එවිට අපට වෙනත් දෝෂ නිවාරණ ක්‍රමයක් භාවිත කිරීමට සිදු වේ. ඒ සඳහා අවශ්‍ය වන පිරමීඩ ආශි‍්‍රත අන්තරීක්ෂ ශක්ති ධාරාව නිසා පඩිපෙළ අවටත් නිවස අභ්‍යන්තරයේත් අන්තරීක්ෂ ශක්තිය බලවත් කිරීමට හැකි වේ. මේ සඳහා පිරමීඩ සවි කිරීම ක්‍රම කීපයකට සිදු කළ හැකියි.

නිවස මධ්‍යයේ පඩිපෙළක් පිහිටා ඇත්තේ නම් එය නිසැක වශයෙන් රුධිරයේ කිසියම් වියවුලක් ඇති කළ හැකි හෘදය ආශි‍්‍රත රෝගයක් පවා හට ගැන්විය හැකි තත්ත්වයකි. මෙවැනි අවස්ථාවකදී පඩිපෙළ මැදිවන පරිදි ගුණන (ර්භතබඪඥප) පිරමීඩවලින් වට කළ විට එතැන අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩි වී බරපතළ හානිය අවම කර ගත හැකි වෙයි.

ඒ කෙසේ වුවත් අනෙක් දිශාගත දෝෂ සමඟ සැලකීමේදී මධ්‍යයේ පඩිපෙළ පිහිටා තිබීම හැර අනෙකුත් දෝෂයන් පිළිබඳව සුවිශේෂ සැලකිල්ලක් දැක්වීම නොකළ යුත්තකි.

 

 

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.