වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
වාස්තු විද්‍යාව සමාජ ව්‍යසනයක් නොවීමට නම්...
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්‍රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්‍යාවත් මැනැවින් හදාරා ඇති බවක් නොපෙනේ. සමාජ ස්වරූපත් හීනමානයත් කුළු ගැන්වෙන කියුම්වලින් සමාජයේ චරිතයක් වීමට වැර දරන ඒ අසරණයනට අනුකම්පාවෙන් අප කළ යුත්තේ ඔවුනට වටහාගත හැකි පරිදි මේ විෂයයන් පැහැදිලි කර දීමයි.
උක්ත ශාස්ත්‍රයන් අතරින් යුග ගණනක් භාවිතව අභාවිතව යළිත් සමාජයේ ගැඹුරු අවධානයක් හිමි කරගෙන ඇති වාස්තු ශාස්ත්‍රය පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කරමු. පුරාතන සෘෂි සම්ප්‍රදායයන් දෙකක් (විශ්ව කර්මය වශයෙන්) ඔස්සේ විකාශනයව ලොව පුරා අඩු වැඩි වශයෙන් පැතිර ගිය මේ වස්තු ශාස්ත්‍රය සුවිශේෂ සිද්ධාන්ත පද්ධතියක් මත විකාශනය වූවක් බව පෙනේ. මේ අතර බලවත්ම සංකල්පයක් ලෙස “වාස්තු පුරුෂයා” යන්න දැක්විය හැකියි. ඊශානයට හිස පිහිටුවා නිරිත දිශාවට දෙපා පිහිටුවා නිර්මාණය කර ඇති මෙකී වාස්තු පුරුෂ සංකල්පය මත බොහෝ ගැඹුරු වාස්තු පිළිවෙත් සරලව පැහැදිලි කර ගත හැකියි.
නිවෙසක භාවිතයට ගන්නා කොටස් නැතහොත් පහත අංග ඒවායේ කාර්යයන් අනුව පිහිටුවිය යුතු දිශාවන් දක්වන මේ වාස්තු ශාස්ත්‍රීය සිද්ධාන්ත පෙර කී වාස්තු පුරුෂ සංකල්පයෙහි හකුළුවා දක්වා ඇති බව අපට වටහා ගත හැකියි.
වන්දනීය හා ආධ්‍යාත්මික කටයුතු නැතහොත් සුහදතාව, සිත් ගැනීම් ආදී කරුණුවලට වාස්තු පුරුෂයාගේ හිස පිහිටන ඊශාන දිසාව යෙදෙන්නේ ද මෙයට නිදසුන් සපයමිනි. මෙයින් ඔබ්බට යම් සියුම් විශ්ලේෂණයකට යෑමේ දී අපට පංච මහා ධාතූන් හෝ චතුර් මහා භූතයන් හමුවේ. මේවා ගළපමින් ගෘහ අංග තවදුරටත් නිශ්චිත කොට පිහිටුවා ගත හැකියි. ඒ අනුව ආපෝ ධාතුව හෙවත් වැගිරෙන සුලු ගුණයට ගැළපෙන ළිං පොකුණු තැනීම ඊශානයේ සිදු කළ හැකියි. එසේම තේජෝ ධාතුවට හිමි තාපය (ගින්න) බලවත් කළ යුතු ගිනිකොනට නිවසේ ළිප පිහිටි මුළුතැන්ගෙය යොදා ගත හැකියි. වායෝ ගුණය හෙවත් චලනය වන ගුණයට හිමි වයඹ දිශාව ඒ අනුව බැහැර කළ යුතු අපවිත්‍ර දේ වැසිකිළි කැසිකිළි ආදියත්, අමුත්තන් සඳහා වූ කාමරත් පිහිටුවීමේ වරදක් නැත. නිවසේ වගකීම් සහගත ගුණය ඇති තද බවෙන් යුතු ස්ථිර ගුණයන් තිබිය යුතු ඝෘජු ගුණාංග ඇතුළත් විය යුතු නිරිත දිශාවට නිවසේ ගෘහ මූලිකයන්ගේ නිඳන කාමරය හෙවත් ප්‍රධාන නිදන කාමරය පිහිටුවන්නේ ඒ අනුවමය. චතුර් මහා භූත තත්ත්වයනට අයත් නොවන එකම වස්තුව වන ආකාශ ධාතුව මධ්‍යයේ පිහිටන බැවින් නිවසේ මැද හැකිතාක් ඉඩකඩ සහිතව හිස් බවෙන් යුතුව පිහිටුවිය යුත්තේ ඒ අනුවය.
මේ අදහස් පිළිබඳ අධ්‍යයනයක් නැතියවුන් විසින් අවිචාරවත් අදහස් පළ කරන බව පෙනෙන්නට ඇති හෙයින් එවැනි අය හදෑරීමෙන් තොරව අති මහත් භක්තියෙන් වැලඳ ගන්නා බටහිර විද්‍යාව ඇසුරෙන් මේ වාස්තු භාවිතය වටහාදීම වැදගත් විය හැකි ය.
බටහිර විද්‍යා ඉතිහාසයෙන් 1911/12 සමයේ කීර්තිධර භෞතික විද්‍යාඥයකු වන වික්ටර් හස් විසින් ඉතා දුෂ්කර අධ්‍යයනයක් ඔස්සේ අන්තරීක්ෂ ශක්තිය පිළිබඳ සංකල්පය ලොවට ඉදිරිපත් කර තිබේ. එයින් පසු පෘථිවියේ සිදුවන තම අක්ෂය වටා වන භ්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස ඒ වටා ඇති අන්තරීක්ෂ ශක්තිවලට ඇතුළත පොළොවේ සිටින නිරීක්ෂකයකුට සාපේක්ෂව ශක්ති ධාරාවක් නිරීක්ෂණය කළ හැකියි. එය ඊශානයෙන් පෙනෙන බැවින් අද වන විට සාමාන්‍ය ව්‍යවහාරයටත් ඊශාන දිශාවෙන් විශ්ව (අන්තරීක්ෂ ) ශක්තිය ගලා එන බවක් ඇතුළත් වෙමින් තිබේ. එහි විවිධාකාර මිථ්‍යා දිගුවන් විසින් සමාජයේ සිදු කරන කියුම් කෙරුම් පෙර කී වැදගත් ප්‍රායෝගික භාවිතයන් හෑල්ලුවට ලක් වෙමින් තිබීම ද අප මෙහිදී සැලකිය යුතුව තිබේ.
සාම්ප්‍රදායික ශාස්ත්‍රයනට මෙන්ම පොදුවේ වාස්තු විද්‍යාව විවේචනය කරන භවතුන් ඒ සඳහා බටහිර විද්‍යාව හා බුදු දහම භාවිත කරන බව පෙනේ. එසේ කරන්නන් බොහෝ දෙනෙකු බුදු දහම මූලික දේශනා ඇසුරින් අධ්‍යයනය නොකරන, මෙන්ම නූතන බටහිර විද්‍යාව විශේෂයෙන් නූතන බටහිර භෞතික විද්‍යාව හදාරා නොමැති අය බව පැහැදිලි වී ඇති වාර බොහෝයි. විද්‍යාව ලෙස ඔවුන් සිතා සිටින අදහස් මාලාවක් ප්‍රත්‍යක්ෂයන් සේ දක්වමින් සමාජයට වීරත්වයක් පාන්නන්ගේ අවබෝධය පිණිස කිය යුතු දේ බොහෝයි.
බටහිර විද්‍යාව විසින් මෙවැනි සාම්ප්‍රදායික විෂයයන්ගේ සහේතුක බව තහවුරු කර ඇතත් ඒවා දැන අවබෝධ කර ගැනීමට තරම් යාවත්කාලීන බවක් මේ විවේචකයනට නොමැති බැවින් සිදු වන්නේ මෙබඳු විෂයයන් අවබෝධ කර ගැනීමට නොහැකි වනවා මෙන්ම සමාජයට වැරැදි අදහස් ඉදිරිපත්වීමද අවසන් නොවේ.
මේ තත්ත්වයට ප්‍රධානතම වගකිය යුතු එක් පිරිසක් නම්, වාස්තු විද්‍යා කටයුතුවල යෙදී සිටින ශිල්පීන් වේ. ඔවුන්ද එතරම් ගැඹුරු අධ්‍යයනයක් නොකොට ජීවිකාවක් ලෙස පමණක් සිතා ක්‍රියා කිරීමෙන් ඔවුන් ද යාවත්කාලීන නොවන බව පෙනේ. වැඩි ආදායමක් ඉලක්ක කොට ගෙන වාස්තු ශිල්පීන් සිදු කරන ගුප්ත ලෙස බිය වැද්දීම් හා අනාරක්ෂිත කරුණු දැක්වීම වඩවඩාත් විෂය හෑල්ලුවට ලක් කරවන බව පෙනේ. මේ සඳහා ගත යුතු පියවර මොනවාදැයි අපගේ අවධානය යොමු කොට බැලීමද මෙහිදී වැදගත් වේ.
වාස්තු විද්‍යා විෂයය අධ්‍යයනයේ දී ඒ විෂයයට අදාළ මූල ග්‍රන්ථ කියවා පුරාණ වාස්තු ශාස්ත්‍රය හොඳින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ. කෙතරම් නූතන විද්‍යාව හා වාස්තු විද්‍යාව දැන සිටියත් ඝෘෂි භාෂිතයන් අධ්‍යයනය සිදු නොකරන්නේ නම්, එය බරපතළ අඩුපාඩුවකි. එසේ වෙන වෙනම ඒ ඒ ග්‍රන්ථ අධ්‍යයනය කිරීම අපහසු අයකු විසින් යුතු වැදගත්ම කටයුත්ත නම් කරඳන යටිපව්වේ වයි.ඒ. හරමානිස් අප්පුහාමි සූරීන් විසින් ලියන ලද “වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය” නම් කෘතිය කීප වර කියවා බැලීමයි.
පුරාතන වාස්තු ශාස්ත්‍රය දන්නා අයකු විසින් ඊළඟට කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ නූතන වාස්තු විද්‍යාව පිළිබඳ අධ්‍යයනය ආරම්භ කිරීමයි. මේ සඳහා ඉංගී‍්‍රසි වැනි වෙනත් භාෂාවලින් බොහෝ පොත පත ලියැවී ඇතත් ඒ සඳහා අපගේ අත්දැකීමට අනුව උචිතම ක්‍රමවේදය වන්නේ මහාචාර්ය ජිටෙන් භට්තුමන්ගේ “ර්‍ථරපචථඪඤ රචදබපච ටධප මචචඵබභ” “ර්‍ථරපචථඪඤ මචචඵබභ” ආදී කෘති ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. එසේම ඒවායේ දැක්වෙන සිද්ධාන්ත තවදුරටත් පැහැදිලි කරන අන්‍ය කෘතීන් අධ්‍යයනය කිරීමයි. එසේත් නොහැකි වන්නේ නම් කළ යුත්තේ සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයත් නූතන වාස්තු විද්‍යාවත් පිරමීඩ වාස්තු ශිල්පයත් මැනවින් දන්නා භවතුන්ගෙන් හැදෑරීමට කටයුතු කිරීමයි.
මෙසේ ගැඹුරු අධ්‍යයනයක් සිදු නොකරන බොහෝ වාස්තු ශිල්පීන්ට නිශ්චිතව යමක් කීමට නොහැකි වන අතර, ඝෘජුව යමක් කීවද ඒවාට හේතු පහදාදීමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව අපගේ අත්දැකීමයි.
අද වන විට පරිශ්‍ර (Online) පරීක්ෂාවන් සඳහා ඇති ඉඩකඩ විවිධ හේතූන් මත සීමා වී ඇති තත්ත්ව යටතේ ඉදිකිරීමක නිවැරැදි සැලැස්මක්, මිනින්දෝරු සැලැස්මක් (අදාළ භවතුන්ගේ ජන්ම පත්‍ර) ආදිය මාර්ගගතව (ර්‍ණදතඪදඥ) පරීක්ෂා කර විසඳුම් ලබා දිය හැකි වීමද අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. මේ සඳහා වාස්තු ශිල්පියාට පරිමාණ රූපයක් අඳ මැන පරිමාණයට අනුව ඉදිකිරීමේ විවිධ ස්ථානවල ප්‍රමාණ ආදිය නිශ්චය කිරීමේ හැකියාව තිබිය යුතුම වේ. දිශා දක්නය (මාලිමාව) රැගෙන කී පමණින් නිවසට පැමිණ වාස්තු පරීක්ෂාව හා ප්‍රතිකර්ම සිදු කිරීමට වැර දරන්නන් විසින් සිදු කරන බොහෝ වැරදි නිසා වර්තමානයේ පවා විෂයයට සිදු වී ඇති නිගරුව එවිට යම් පමණකින් හෝ සමනය කර ගත හැකි වනු ඇත.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න