වාසනාවන්ත නිවෙසක් ගොඩනඟමු

අගෝස්තු 18, 2023

තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.

නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු විද්‍යාවට එකඟව සීහෙන අන්දමට තිබීම අනිවාර්ය වේ. තවද නිවෙසේ ආලේප කරන ලද වර්ණයන්ද ධනාත්මක වීම සුබයි. එය වර්ණ විද්‍යාව (Colourlogy) සමඟ සීහුම් තිබීම විශේෂයි.

වැසිකිළිවළවල් අපද්‍රව්‍ය එක් රැස්වීම, අගාධ කුස්සිය, නිදන කාමර ආදිය ඊසාන දිසාවට අයහපත්ය. සියලුම විශ්ව ශක්තීන් කාන්දුවන්නේ ඊසාන හා උතුර නැඟෙනහිර පැතිවලින්ය.

ඕනෑම කාමරයක විදුලි මෙවලම් ගිනිකොනට තබන්න. නිදන කාමර ගිනිකොනට යෝග්‍ය නොවේ. විසිතුරු භාණ්ඩ නිසිව දිසානුගත කළ යුතුයි. නිදාගන්නා විට උතුරට හිස දමන්න එපා. චුම්භක ශක්තීන් විශාල ලෙස ඇද ගන්නා බැවින් කෘත්‍රිම දැව නිෂ්පාදනවලින් පිටවන්නාවූ කිරණ හරහා (emissions) පිළිකා, ඇදුම ඇතිවේ. නිවාස තුළ පවත්නා දුර්වල විදුලි ආන්පන්න නිසාම ශාරීරික ව්‍යාධි පිළිකා හට ගනී. කෙසෙල් ගස් නිරිතට යෝග්‍ය නොවේ. ප්‍රධාන දොරටුවට එක එල්ලේම කොන්ක්‍රීට් කණු යෝග්‍ය නැත. ස්ථම්භ දෝෂ ඇතිවේ.

නිවෙසේ මධ්‍ය ලක්ෂය (Centrefoot) අවහිර නොවන සේ තිබිය යුතුයි. නිවස තුළ මර්මස්ථාන යන්හි දොරටු තැබීම දෝෂයකි. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට බාධා ඇතිවන විටදී භූ ව්‍යාධි රෝග කාරක වේ. සිරුරේ විදුලි ක්‍රියාවලිය අඩපණ වේ. මනසේ කලාත්මක පැතිකඩ අවම වේ. රිද්ම රටාව විනාශ වේ. ප්‍රධාන දොරටුවට අවහිර වනසේ යම් යම් ගොඩනැඟිලි කණු ආදිය තිබීම අසුබයි.

ප්‍රධාන දොරටුවෙන් නිවෙසට ඇතුළු වන විටදී දොරටුව සමීපයේ බිත්තියේ කැටයමක් තිබීම ධනාත්මක වේ. දෝෂ සමනය කරයි. එය කලාත්මක හැඩ තලයකින් යුක්ත වීම ඉතාම යහපත්ය. නිවෙස ඉදිරියට මිදුලේ මල් පැළෑටි අතර කැනාස්, පතොක් වැනි ශාක අහිතකරයි. ලොවි,උගුරැස්ස, දෙහි, දොඩම් සහිත කටු සහිත ශාක වර්ග යෝග්‍ය නොවේ.

මිදුලේ ඊසාන, උතුර හෝ නැඟෙනහිර පැත්තේ බුදුමැදුර හා පොකුණු ජලතටාක නිර්මාණයට ඉතාම සුබයි. ඉඩමේ ඊසාන පැත්ත ඉතාම පවිත්‍ර කාරකීයව තැබීම වාස්තුවට එකඟයි.

නිවෙස තුළ ආගමික වතාවත් කිරීමට උතුර, ඊසාන හා නැඟෙනහිර යෝග්‍ය වේ. නිතර සුවඳ දුම් ඇල්ලීම, පිරිත් හඬපට දැමීම, ආගමික වතාවත් කිරීම, දෙවියන්ට පින්දීම, ලක්ෂ්මී දෙවඟනට පුද පූජා තැබීම ඉතාම යෝග්‍ය වේ. වාලම්පූරියක් දක්ෂිණාවෘත්ත සංඛයක් තබාගෙන සර්තෝත්‍ර ගායනා කිරීමෙන් නිවසට මූල්‍යමය සම්පත් එක් රැස්වේ. කුස්සියේ කෑම පිසීමේදී උතුර හා නැඟෙනහිර දිශාවන් බලා වැඩ කිරීම යෝග්‍ය වේ.

කුඩා දරුවන් සිටින නිවසක වාස්තු දෝෂ සමනය වේ. වහලයේ මූට්ටු ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වීම කුරුපා බෙදෙන ගණන යහපත්ය. නිවස ඇතුළත හතරැස් කණුවලට වඩා රවුම් කණු සුබයි.

 

නිවාසීය මිථ්‍යා මත

කුස්සිය ගෙබිමට වඩා පහත්වීම දොරටු ගැන බැලීමේදී උළුවස්සකට ලී සවිකිරීමේදී ලීයේ මුල පැත්ත බිමටත් අග පැත්ත උඩටත් තිබිය යුතුයි. එදා උළුවස්සට ලී 4ක් තිබිණ. අද ඇත්තේ ලී කෑලි තුනකි. උළුවහු පනින්නේ කෙසේද? යටලීය නැති නිසා ගොම ගෑම තුරන්වීම නිසා යට එළිපත්ත අහෝසිවී ඇත. මුදුන්ලීය වැසිකිළිවලට වැටීම ළිඳට සමාන්තරවීම, නිවසේ මුදුන් බිත්තියට ඉහළින් දුම් චිමිනිය නැඟීම, ප්‍රධාන දොරෙන් බැලූවිට ඊළඟ දොරෙන් එළිය පිටත පෙනීම නිවෙස ඇතුළත අම්ලකර වායුව චක්‍රයක් සේ කැරකීමට ඉඩ නොතිබීම බ්‍රහ්ම පාදයට ඉහළින් වහලයේ ලී වැටීම ආදී සමහර වැදගත් නොවන අංග ගැන සැක සිතීම වාස්තු මූල ධර්මයන්ට එකඟ නැත. පැරණි කාලයේ පොල් අල්ලි ප්‍රමාණයට ඉඩම් වෙන්කර තිබිණ. අද පර්චස් 3 හෝ 2 වැනි ඉතාම කුඩා බිම් කොටසක සර්ව සම්පූර්ණ වාස්තු විද්‍යානුකූලව නොව උපක්‍රමශීලිව මූල වාස්තුවට පටහැනි නොවී නිවසක් ඉදිකර ගත යුතුයි.

ඔය කියන තරම් යකා කළු නෑ. මිථ්‍යා මත වාස්තුව තුළ වපුරා ඇත. අවශ්‍ය වන්නේ විද්‍යාත්මකව හරවත් වාස්තු විද්‍යාව අනුගමනය කිරීමයි. එයට අවශ්‍ය වන්නේ පළපුරුදු අත්දැකීම් බහුල වාස්තු විද්‍යාවේදියෙකුය. ඔබ නිවෙසක් ඉදිකිරීමට අදහස් කරන්නේ නම් වාස්තු විද්‍යානුකූලව නිවැරැදිව කරන්න. නීරෝගී සෞඛ්‍ය සම්පන්න වාසනාවන්ත නිවෙසක් ගොඩනඟාගන්න කායිකව හා මානසිකව යත්න දරන්න.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.