සුබ විදියට ළිඳ කපා සෞභාග්‍යය ළඟා කරගන්න

ජනවාරි 27, 2023

ළිං කැපීම හෙවත් තූප ශාස්ත්‍රීය කරුණු අනුව ඉඩමක නිවෙසක් ඉදි කිරීමේදී පළමුවෙන්ම ළිඳක් කපනු ලැබේ. මෙම ළිං කැපීමේදී නිවෙසට බලපානු ලබන වාස්තු දෝෂ මඟහරවා ළිඳ කැපීම ඉතාම සුබදායක වේ. ඡ්‍යෝතිෂ විද්‍යාත්මකව නිරීක්ෂණය කරන විටදී මීන, කටක, මකර ග්‍රහ ලග්නයන්හි අධිකව ජල සම්පත හිමි වේ. වෘෂභ, කුම්භ අර්ධ ජලයද වෘශ්චික, තුලාවන්හි ස්වල්ප ජලයද දක්නට ඇත.

සෙසු ලග්නවලට ජලය එතරම් සුලබ නැත. බ්‍රහස්පතින්දා, සඳුදා, සිකුරාදා මිහිරි ජලය ලැබේ. වැව්, පොකුණු නිර්මාණයේදී ඡ්‍යෝතිෂමය සිද්ධාන්ත ගොනු කර ගත යුතු වේ. නිවෙසේ යටලීය ගෙයි සතර කොන් උළුවහු මැදට හසුවන සේ ළිඳ කැපීම අසුබයි. ඊසාන, නැඟෙනහිර, උතුර ශුභයි. දකුණ අසුබයි. වයඹ සතුරු පීඩා ගෙන දේ. දකුණ ස්ත්‍රී විනාශය ඇති වේ. හත, මා, අනුර, පුෂ, දෙනට, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙණ, සියාවස, ළිං කැපීමට ඉතා සුබයි.

ළිඳ කැපීමට ගෙහිමියාගේ අතේ රියනින් ගත යුතුයි. සුබ රියන් 7,15,23,24,25,27,31,40,57 වේ. අසුබ රියන් 1,2,3,4,5,12,21,22,28,39,46,48,51 වේ.

සුබ දිසාවන් ඉඩමේ හරි මැද බ්‍රහ්ම පාදය ආශි‍්‍රතව ළිඳ කැපීම ඉතාම අසුබයි. සම්පත් විනාශ වේ. ධන හානිය. පිරිහීම ඇති වේ. ඊසාන සම්පත් ලැබීම, නැඟෙනහිර ඉසුරු වැඩීම, ගිනිකොන සම්පත් විනාශය. දකුණේ බිරිඳට හානිය, වස්තුව නැති වීම, නිරිත මරණය ඉතාම අසුබයි. බස්නාහිර සම්පත් යස ඉසුරු ලැබීම, වයඹ සතුරු පීඩා ධන හානිය, උතුරු දිසාවේ යස ඉසුරු සම්පත් ලැබීම් ඇති වේ.

නිවසේ හරි මැදට ජනේල, උළුවහු මධ්‍යයට ළිඳ තිබීම හානිකරයි. සම්පත් විනාශ වේ.

කුඩා ඉඩමක පර්චස් 2,3,5 වැනි බිමක ළිඳ කපන විට සැලසුම් කර ගත යුතු වේ. නිවෙසේ වස්තුවට හානි නොවන සේ ළිද කැපිය යුතුයි.

ළිං ජලය අපිරිසුදු මඩ සහිත බොර ගතිය තිත්ත හා ලවණ ගතිය මෙන්ම යම් දුර්ගන්ධයක් තිබේ නම් මෙම ඖෂධ සංයෝගය ළිං ජලයට එකතු කරන්න. විෂ්ණු ක්‍රාන්ති, කළාදුරු අල, සැවැන්දරා, වැටකොලු මදය, නෙල්ලි, පුච්චාගත් සුණු, ඉඟිනි ඇට, සීනක්කාරම් මෙම ඖෂධ කුඩු ළිං ජලයට දැමීමෙන් ජලය වහා පවිත්‍ර වී බීමට ඉතාම සුදුසු වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.