අගෝ. 05 සිට අගෝ. 11 දක්වා

අගෝස්තු 5, 2022

මේෂ

කටයුතු කීපයක් සාර්ථකයි

උදාවන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර මෙතෙක් මගහැරී තිබූ විවාහ යෝජනාවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ අය අතර පවැති නොසන්සුන්කාරී බව මඟහැරී සාමකාමී ලෙස ඉදිරි කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේ. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අය දුරදිග සිතා බැලිය යුතු කාලයක් වන අතර අනපේක්ෂිත ලෙස ගැටලු කීපයකට ද මුහුණ පෑමට සිදුවෙයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

අමතර මුදල් වැය වීමක්

වරින් වර ඇති කරන සහෝදර මතභේදයක් හේතුවෙන් සිත් කලකිරීම් ඇති කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. මෙතෙක් යොදාගන තිබූ කටයුතු කීපයක් වෙනස්කිරිමට සිදුවන සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට මග සැළසුනත් ඒ්වා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. සති අන්තයේදී කලකින් නොදුටු හිතවතකු මුණ ගැසීමට අවස්ථාව උදා කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

ධනු

හදිසි වාසි

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ කටයුතු වල වෙනසක් සිදු කරන සතියකි. නිතර ඇසුරු කරන අයකු සමඟ ඇතිවන සිත් නොහොඳකමක් දුර දිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි වාසි කීපයක් ගෙන දෙන සතියකි. පවුලේ වැඩිමහල් දරුවකු සම්බන්ධ සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට ද ඉඩ ඇති බවක් පෙනේ. සති අන්තයේදී දුර ගමන් යෙදුණත් ඒ්වා පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙයි‍.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

වෘෂභ

විශේෂ ගමනක්

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි. වරින් වර ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි‍. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුවන් පිළිබඳ තීරණ ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. මවු පස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමෙන් සිතේ පැවැති නොසන්සුන්කාරී බව මඟ හැරී යන බවක් පෙනේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙළක් වෙනසකට ලක් වන සතියකි. තීන්දු තීරණ ගැනීමේදී දුර සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. විදෙස් ලැබීමකට බාධාකාරී වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.අසල් වැසි සිත් නොහොදකමකට මග සැලසෙන බවක් පෙන්වයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ඇතිව ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සති අන්තයේදී තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකලිමත් වන්න. ‍

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර

නිවසින් බැහැරව කටයුතු කරයි

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විවාහ ගිවිසුමකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරන සතියකි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ හදිසි ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී මවු පස ඥාතියකු සමඟ සිත්තැවුලක් ඇති කර ගනී. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි. නිතර දවසින් වැඩි කාලයක් නිවසින් බැහැරව සිටීමට සිදුවන බවක් පෙන්වයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - බ්‍රහස්පතින්දා

සුබ දවස - ඉරිදා

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.