අප්‍රේල් 26 සිට මැයි 02 සතිය ඔබේ ලග්නයට...

අප්‍රේල් 26, 2024

මේෂ

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. සහෝදර මතභේදයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. දේපළ ගනුදෙනුවකින් වාසි සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට යහපත් කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. තනතුරු ලාභ හිමිවුවත් උසස් අයගේ පිහිට පැතීමට සිදුවෙයි. ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ.

අධ්‍යාපනය

දැඩි උනන්දුවකින් මෙන්ම උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දහම් අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කාලයකි. සෞන්දර්යාත්මක අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ සැලසෙන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇතිවන ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් වන්න.

අය 07 වැය 04,

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

වෘෂභ

අමතර ලැබීම් හිමිකරයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි අනාගත සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර බැහැර ගමන් යෙදෙන කාලයකි. කලකින් නොදුටු ඥාතියකු හමුවීමට මඟ සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වන කාලයකි. ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරුකරන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. නිතර සෞන්දර්යය විෂයන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බවක් පෙනේ. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන සතියකි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. එහෙත් දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙයි.

 

 

අය 05 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - සුදු

සුබ දවස - බදාදා

 

මිථුන

ව්‍යාපාර ලාභ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අසල්වාසීන් සමඟ සුහදතාවයට කරුණු ඇති කරයි. එමෙන්ම ඇසුරු කරන අය සමඟ වචන හුවමාරුවේ දී සැලකිලිමත් වන්න. පැරැණි පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යයි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වාසි සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු යෙදේ.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ඇතිවන අපහසුතා කීපයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 08 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

කටක

තනතුරුවල වෙනසක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අඹුසැමි මතභේදවලට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. අමතර වියදම් බහුල කරන සතියකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු උදා කරන කාලයකි.

රැකියාව

රැකියාවේ තනතුරුවල වෙනසක් සිදුවිය හැකි කාලයකි. ආයතන ප්‍රධානීන්ගෙන් වැඩි සහයෝගයක් හිමිකරන බවක් පෙනේ. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් අධ්‍යාපන කටයුතු කෙරෙහි පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. තරග විභාගවලින් විවිධ ජයග්‍රහණ ලබාගත හැකි කාලයකි. දහම් අධ්‍යාපන කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා බහුල කරයි. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

ආගමික භක්තිය වැඩි කරයි

සහෝදර බැඳීම්වලට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නැති වූ දෙයක් නැවත හිමි කරන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වන සතියකි. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගනීමට අවස්ථාව උදා කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු සැලසේ. කථික තරග, කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි. වරින් වර හටගන්නා උදරාබාධයකින් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කන්‍යා

අලුත් හිතවතුන් ඇසුරට

උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් සාර්ථක කරන සතියකි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර, අලුත් හිතමිතුරන් ඇසුරට ලැබීමටද ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් සකස්කර ගන්නා බවක් පෙනේ. තනතුරුවල වෙනසක් සිදුවිය හැකි කාලයකි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසේ.

අධ්‍යාපනය

නොසන්සුන්කාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැඟීමට ඉඩ ඇත. නව දැනුම ලබා ගැනීමේ මාර්ගවලට යොමුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට හෝ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයකටද ඉඩ ඇති කාලයකි.

අය 05 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

තුලා

ඥාතියකුට උපකාරයක්

නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි සිත යොමුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දේපළ ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. මවට හෝ මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එහෙත් මෙතෙක් කරගෙන ගිය රැකියා කටයුතුවලට නොසිතූ අවහිරතා මතුවීමට ඉඩ ඇත. අමතර රැකියා ලැබීම් අතින් එතරයම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට අවහිරතා මතු කරයි. අමතර පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හදිසි පොත්පත් මිලදී ගැනීමක් සිදුකරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. නිතර රැධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

වෘශ්චික

හිතවතකුගෙන් භෝජන සංග්‍රහයක්

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරයි. එමෙන්ම නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් සුළු සුළු ලාභ හිමිකරයි. එමෙන්ම පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට ද ඉඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

නව දැනුම සොයායන මාර්ගවලට යොමුවන සතියකි. එමෙන්ම කණ්ඩායම් වැඩ සටහන්වලට යොමුවීමට අවස්ථාව උදා කරයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විවිධ කුසලතා සහතික හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති සුළු සුළු අසනීප ගති මඟ හැරී යන බවක් පෙනේ. එහෙත් උගුර ආශි‍්‍රත ආබාධයක් හෝ දතක ආබාධයකින් පීඩා ඇති කරන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

ධනු

ඥාති හමුවීමක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති වගකීමකින් නිදහස අත් කරයි. කලකින් නොදුටු ඥාතියකු හමුවීමට කටයුතු උදා කරයි. වැඩිහිටියකු නිසා යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. අතමිට සරු වුවත් වැයපස අධික වන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි.

රැකියාව

රැකියාවේ ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට නොසිතූ ගැටලු කීපයක් පැනනැඟීමට ඉඩ ඇත. එහෙත් උත්සාහය හා උනන්දුව මත ජයග්‍රහණ හිමිකරයි. ගුරුභවතුන්ගේ ප්‍රසාදයට පත්වන සතියකි.

සෞඛ්‍යය

යටපත් වූ සෙම් රෝගයක් මෙන්ම සුළු සුළු අසනීප ගති මතුවීමට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදී කල්පනාකාරී වන්න.

අය 08 වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

මකර

විශේෂ උත්සව අවස්ථාවක්

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් මතු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වැඩිහිටි උපදෙස් නොපිළිපැදීමෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. විසිතුරු භාණ්ඩ අලෙවිය සම්බන්ධ රැකියා කටයුතුවලින් විශේෂ වාසි හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමෙන් ජයග්‍රහණ හිමිකරයි. නව දැනුම සොයන මාර්ගවලට යොමුවීමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන සැලසුමක් සාර්ථක වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුම් සකස්කර ගැනීමට වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික දුර්වලතා කීපයක් මඟහැරී යයි. එහෙත් ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

කුම්භ

අලුත් රැකියා මාර්ග

අමතර ලැබීම් අතින් යහපත් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. විසිතුරු දේ මිලයට ගැනීමට සිත පෙලඹෙන කාලයකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගයකට සිත යොමු කරයි. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට සිත යොමුකරන කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන සෙම් අමාරු හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

මීන

දේපළ ගැටලුවක් නිරවුල්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලුකාරී බවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා කාලයකි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසකට කරුණු ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් හෝ ස්වයං රැකියා කටයුතුවලින් වාසි ගෙන දෙන කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. එහෙත් වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. අලුත් විෂයයක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි. කොන්ද ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳීමට සිදුවන අතර, ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.