පෙබරවාරි 23 සිට පෙබරවාරි 29 දක්වා සතිය ඔබේ ලග්නයට...

පෙබරවාරි 23, 2024

 

මේෂ

ගනුදෙනුවක් සාර්ථකයි

පවුලේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස්කරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා වෙහෙසීම් වැඩිකරන සතියකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර අමතර ලැබීම් හිමි කරන මාර්ග කීපයකට ඉඩ සැලසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරයි.

රැකියාව

රැකියාවේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. අමතර වෙහෙසීම් බහුලවන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි අත්කරයි. උසස් අයගේ උදව් උපකාර හිමිකරන සතියකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරයි. අලුත් විෂයයක් හැදෑරීම වෙනුවෙන් ශ්‍රමයත් කාලයක් කැප කරයි. එමෙන්ම නව පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍ය

වරින් වර ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්ත්වයක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවන්න. ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ඇතිවන අසනීපකාරී බවක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. ඖෂධ වර්ග නියමිත මාත්‍රාවට ගැනීම වැදගත්වන කාලයකි.

 

වෘෂභ

ප්‍රභූ ඇසුරක්

විශේෂ ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමා නොසිතූ ගැටලුවකට මුහුණපායි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. එමෙන්ම අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමටද යහපත් කාලයක් බව පෙනේ. වෙනදාට වඩා විශේෂ සැලකිල්ලකින් රැකියාවේ කටයුතු සිදුකරයි. තාක්ෂණික අංශයේ රැකියා කටයුතු විශේෂ ආදායම් මාර්ග හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

වෙනදාට වඩා උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. තරගකාරී කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීම සඳහා අමතර කාලයත් වියදමකුත් දැරීමට සිදුවන සතියකි.

සෞඛ්‍ය

පැවැති අසනීපකාරී බවක් සුවවෙමින් පවතින බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. යටපත් වූ කොන්ද ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවිය හැකියි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන

අලුත් හිතවත්කම් ඇතිකරයි

වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර සිතේ නොසන්සුන්තාවය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිවෙසට යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙන්නුම් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. යටිබඩ හෝ වකුගඩු ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. විවිධ සෞඛ්‍ය පරීක්ෂණවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. කල්පනාකාරී ලෙස එදිනෙදා කටයුතුවල නිරතවන්න.

කටක

සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරයි

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියකි. විසිතුරු දේ මිලයට ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වුවත් විවාහය සම්බන්ධ සුළු සුළු අවහිරතා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී බවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ පැවැති පීඩාකාරී බව මඟහැරී යයි. එහෙත් තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවෙයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතාබලන්න. පාඩම් වැඩකටයුතු කීපයක් මඟහැරී යන බවක් පෙනේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍ය

වරින් වර හටගන්නා උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු උදාකරයි. එමෙන්ම හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලට අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි.

සිංහ

ආදායමේ වෙනසක්

සිංහ ලග්න හිමි ඔබට උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් පවුලේ අය අතර පැවැති අසමගිතා මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. නොදැනුවත්කම හේතුවෙන් සිදුවන වරදකින් පාඩු විඳීමට සිදුවේ. ආදායම් තත්ත්වයෙහි වෙනස්කම් සිදුවන කාලයකි. වචන භාවිතයේදී සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අසල්වැසි සිත් නොහොඳකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් පසුබෑම් සිදුවිය හැකි කාලයකි. වෙනදාට වඩා උත්සහවන්තව මෙන්ම වෙහෙසීම් වැඩිකරමින් කරන රැකියා කටයුතුවලට හේතු ඇති කරයි. ව්‍යාපාර කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ. තනතුරුවල වෙනසක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපන

මෙතෙක් දුර්වලතා පෙන්වූ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනුවෙන් උනන්දුව උද්‍යෝගය වැඩිකරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරයි. නිතර ඇතිවන දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. කෑම බීම ගැනීමේ දී සැලකිලිමත් වන්න.

කන්‍යා

සමාජ සේවයට නැඹුරු වේ

කන්‍යා ලග්න හිමි ඔබට මේ සතිය තුළ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු කාලයකි. නිතර දුර ගමන් අධිකවන බවක් පෙන්නුම් කරයි. පැවැති උදාසීන ගති මඟහැරී යන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අලුත් දේ මිලදී ගැනීමට හැකිවන කාලයකි. සමාජ සේවා කටයුතුවලින් කැපී පෙනෙන බවක් පෙනේ. පැවැති ගනුදෙනුවකින් නිදහස උදාකරයි.

රැකියාව

රැකියාවේ ලිපි ලේඛන කටයුතු සම්බන්ධ ගැටලුවකට මුහුණදීමට සිදුවන බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. රැකියාවේ මත ගැටුමක් දුරදිග යා හැකි බවක් පෙනේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ගැටලු කීපයකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව වැඩිකරන බවක් පෙනේ. විශේෂ අධ්‍යාපනික චාරිකාවකට සහභාගිවීමට සිදුවන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුම් සකස් කර ගන්නා කාලයක් බව පෙනේ.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන බවක් පෙනේ. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

තුලා

තනතුරු වෙනසක්

තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසීමට බාධා මතුකරන සතියකි. එහෙත් උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. දරුවකුගේ වගකීම් වැඩිකරන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා නිවෙසට යන එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් හිමිකරයි. එමෙන්ම රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියත් විවිධ බාධා මතුවිය හැකි කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් අධ්‍යාපන කටයුතු කරගෙන යන අයට පැවැති අවහිරතා කීපයක් මගහැරී යයි. අමතර වියදම් බහුල කරන සතියකි.

සෞඛ්‍ය

පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. එහෙත් දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලේ විෂවීමක් හෝ මූත්‍රගත ආබාධයකටද හේතු ඇති බැවින් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

වෘශ්චික

වාහන ගනුදෙනුවක්

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන් තාවයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසෙන සතියකි. අසල්වැසි ඇසුරේ දී වචන භාවිතයේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. මෙතෙක් පීඩාගෙනදෙමින් පැවැති දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමෙන් වාසි කීපයක් අත් කරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. පාඩම් වැඩකටයුතු කෙරෙහි අමතර වෙහෙසීම් ඇති කරන කාලයකි. විදෙස් ගත අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගනී. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලින් විශේෂ වාසි උදාකරන කාලයකි. අධ්‍යාපනික චාරිකාවකට සහභාගිවීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති බාධා කීපයක් මගහැරී යයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි සැලසෙන කාලයකි.

සෞඛ්‍ය

රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය වෙනදාට වඩා කල්පනාවෙන් පසුවන්න. හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලට ද සම්බන්ධවීමට සිදුවන කාලයකි.

ධනු

සතුරු කරදරයකින් නිදහස්

ධනු ලග්න හිමි ඔබට උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයෙන් හා ධෛර්යය ඇතිව කටයුතු කීපයක් සිදුකරයි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීමට සිදුවන කාලයකි. මෙතෙක් පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට මඟ සැලසේ. වාහන ගනුදෙනුවකින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

සේවක සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන යන බවක් පෙනේ. නව ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. ස්වයං රැකියා කටයුතුවල දියුණුවක් දැකිය හැකි කාලයකි. එමෙන්ම නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධිකවන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරගෙන යන සතියකි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීම සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි. අතපසු පාඩම් වැඩ කීපයක් හිතමිතුරන්ගේ සහයෝගයෙන් කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍ය

උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ශීතල ආහාර පාන ගැනීම වැදගත් වන බවක් පෙනේ. වරින් වර ඇතිවන ක්ලාන්ත ගති හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවෙයි.

 

මකර

ස්වයං රැකියා වාසි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දැඩි අවිවේකී බවකින් කටයුතු කීපයක් සිදුකරයි. නිතර ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා මතුකරයි. අඹුසැමි සහයෝගයට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

හවුල් ව්‍යාපාරයක් නිසා නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සේවක පක්ෂය සමඟ මත ගැටුමක් ඇතිවීමට ඉඩ ඇත. එහෙත් ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුකරන සතියකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උදාසීන බව හේතුවෙන් පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කරගන්නා සතියකි. තාක්ෂණික අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයකි. තරගකාරී කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍ය

ස්නායුගත ආබාධයකට හෝ සෙම් රෝග වැනි අසනීප තත්ත්ව හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. නිසි ලෙස වෛද්‍ය උපදෙස් පැතීම යහපත් ය. හදිසි තැළීම්, කෙටීම් වැනි සුළු තුවාල සිදුවිය හැකි කාලයකි.

 

කුම්භ

ගිවිසුමක් සාර්ථකයි

 

කුම්භ ලග්න හිමි ඔබට මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා පැන නැඟීමට ඉඩ ඇති කාලයකි. එහෙත් දියුණුව පිළිබඳ කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියා, ව්‍යාපාර අංශයේ සේවක පාලනය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන කාලයකි. විදෙස් අධ්‍යාපන සැලසුමක් කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. තරග විභාගවලට සම්බන්ධවන කාලයකි. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදුකරයි.

සෞඛ්‍ය

නිතර ඇතිවන මානසික ආතතිය හේතුවෙන් ශරීර සෞඛ්‍යට බාධා ඇති කරයි. සෙම් රෝග, වාතාබාධ බහුල කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

 

මීන

දියුණුවට විශේෂ පියවර

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි. එහෙත් නොසිතූ ලෙස සතුරු කරදරයක් ඇතිවීමෙන් මනසට පීඩාකාරී බවක් ඇති කරයි. අතමිට සරු වුවත් වැයපස අධිකවන කාලයකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදාකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සේවක ප්‍රශ්න මතුවිය හැකි කාලයකි. එහෙත් අමතර ලැබීම් ඇතිවන රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් සැලසුම් සකස්කර ගන්නා සතියකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිවිය හැකි කාලයකි. නව පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

සෞඛ්‍ය

යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතුවිය හැකිය. එමෙන්ම උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවන අසනීපකාරී බවකට ප්‍රතිකාර පතයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂාවකටද සම්බන්ධවීමට සිදුවන සතියකි.

පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ. තමා ගන්නා ආහාරපාන පිළිබඳ කල්පනාකාරී වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.