අප්‍රේල් 19 සිට 25 දක්වා සතිය ඔබේ ලග්නයට...

අප්‍රේල් 19, 2024

 

මේෂ

තනතුරු වෙනසක්

අමතර වියදම් බහුල කරමින් පවතින සතියක්වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. අසල්වැසි සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඔවුනොවුන් ඇසුරේදී කල්පනාකාරී වන්න.

රැකියාව

අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ අවහිරතා කීපයක් පැන නැගීමට ඉඩ ඇත. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලා කටයුතු කරන්න. නිතර පාඩම් වැඩ කටයුතු අතපසු කර ගැනීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. විශේෂ පාඨාමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සියට හේතු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දණහිස සම්බන්ධ ආබාධයක් ඇතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

වෘෂභ

දරුවකු පිළිබඳ සතුටක්

සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් ඥාති හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදෙයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන සතියකි. විවාහ යෝජනාවක් ප්‍රමාද කරන බවක් පෙන්නුම් කරයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක සතියකි. විශේෂ වරප්‍රසාද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තරග විභාගයකට සම්බන්ධවීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශාරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. එහෙත් යටපත් වූ චර්ම ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත. මෙතෙක් තමා ගන්නා ඖෂධ වර්ග කීපයක් වෙනස්කිරීමට සිදුවේ.

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

ව්‍යාපාර ලාභ හිමිකම්

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. එමෙන්ම පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. නිතර රැවටීම්වලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති උදාසීන බව මඟහැරී යයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. පොත්පත් මිලදී ගැනීමකට අමතර මුදලක් වැය කරයි. අධ්‍යාපන ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හදිසි කැපුම් කෙටුම් තුවාල සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. රුධිරගත සීනිමට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කටක

රූපාලංකාරයට අවධානය

හදිසි මුදල් වැයවීමකට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගේ දොර අලංකාරය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන සතියකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා තම රූපාලංකාරය පිළිබඳව ද වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සිතේ සැහැල්ලුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විසිතුරු භාණ්ඩ අලෙවිය සම්බන්ධ රැකියා කටයුතුවලින් අතමිට සරු කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. පොත්පත් වැඩකටයුතු අතපසු කර ගන්නා ආකාරයේ කටයුතු කීපයක් සිදු කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

නිතර ඇතිවන යටි බඩ සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

ණය මුදලක් ලැබෙයි

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන සතියක් බව පෙන්නුම් කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

මෙතෙක් වෙහෙසකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු නිරවුල් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. අලුත් පාඨමාලාවකට සම්බන්ධවීමට කටයුතු සැලසෙන සතියකි.

සෞඛ්‍යය

හිස ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු උදා කරයි.

 

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

රැකියාවේ වගකීම් වැඩිවෙයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතයය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ඇති වනු ඇත. නිතර පදිංචිය සම්බන්ධ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකය. එමෙන්ම දරුවන්ට අමතර දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට නියැළෙන කාලයකි. රැකියාවේ වගකීම් බහුල කරන බවක් පෙනේ. උනන්දුවෙන් උත්සාහයෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි.

අධ්‍යාපනය

විවිධ අවහිරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරගකාරී කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන සතියකි. නිතර ගුරු භවතුන්ගේ උපදෙස් පැතීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. නිතර ගන්නා ඖෂධ ගැන සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

තුලා

දුර ගමනක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ චංචල බවක් ඇති කරයි. ස්ථිර ලෙස එක රැකියාවක නිරත නොවන බවක් පෙනේ. එමෙන්ම රැකියා ස්ථානයේ අය අතර ගැටලු ඇති කර ගන්නා කාලයෙකි.

අධ්‍යාපනය

නොසිතූ ලෙස උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ බලාපොරොත්තු කඩවීමක් සිදු වෙයි. විදෙස් අධ්‍යාපනය සම්බන්ධ බලාපොරොත්තුවක් වෙනස් කිරීමට සිදු වෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. එමෙන්ම නහරගත ආබාධයකටද ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් විය යුතු සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘශ්චික

හදිසි තීරණවලින් වළකින්න

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙස දරන සතියකි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වගකීම් බහුල සතියකි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවෙයි. දුරක සිට රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි. එමෙන්ම පිරිස් පාලන සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධාකාරී බව මඟහැරී යයි. කණ්ඩායම් වැඩසටහනක ප්‍රධානත්වයක් ගැනීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීරර වෙහෙස ගෙනදෙන සතියකි. උදරගත ආබාධයකින් පීඩා විඳීමට සිදු වෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

ගේ දොර අලංකාර වෙයි

පැවැති ගැටලුකාරී බව මඟහැරී යමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කෙනකු වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමක් සිදු කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. විදෙස්ගත සැලසුමකට සම්බන්ධවීමට සිදුවෙයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නීතිමය ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. මෙතෙක් සැහැල්ලුවෙන් කරගෙන රැකියා කටයුතුවල වගකීම් වැඩිකරයි. සේවක ගැටලුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි.

අධ්‍යාපනය

හදිසි තීරණ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් එල්ල කරයි. පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු වී යන කාලයකි. එහෙත් මෙතෙක් කරගෙන ගිය විශේෂ පාඨමාලාවකින් ජයග්‍රහණ හිමිකරයි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. එහෙත් උෂ්ණාධික රෝගයකට හෝ චර්මගත ආබාධයකට මුහුණපාන සතියකි.

 

අය 08 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

මකර

වෙළෙඳාමෙන් වාසි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විවාහ යෝජනාවක් කල් දැමීමට සිදුවන බවක් පෙනේ. නිවසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. කලාකාමී කටයුතුවල නිරතවන සතියකි. වගකීම් බහුල වන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසෙන කාලයකි. එමෙන්ම මෙතෙක් අතපසුවෙමින් පැවැති පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට අයහපත් බවක් පෙන්නුම් කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. චර්ම ගත ආබාධයකටද ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ

ගනුදෙනුවකින් නිදහස්

ආදායම් මාර්ගවල වෙනස්කම් කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. එහෙත් විවාහ ගිවිස ගැනීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට හැකිවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බව දුරදිග යා හැකිය. නිතර ආයතන ප්‍රධානීන් සමඟ මතභේදකාරී බවක් ඇති කර ගනී. ස්වයං රැකියා කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරු කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව යෙදෙන සතියකි. එමෙන්ම සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට වගකීම් වැඩිකරයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. පෙණහැල්ල ආශි‍්‍රත ආබාධයකට හෝ සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 06 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

මීන

විදෙස් ඥාති උපකාරයක්

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. එහෙත් උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා කාලයකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවෙයි. සුළු සුළු ස්වයං රැකියා ලාභ හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. එමෙන්ම ප්‍රමාද වූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවෙයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

ගතට සිතට පීඩාගෙනදෙන බවක් පෙනේ. යටපත් වූ දතක ආබාධයක් නැවත මතු කරයි. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු ආබාධවලට තුඩුදීමට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

 

අය 07 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.