මාර්තු 29 සිට අප්‍රේල් 04 දක්වා සතිය ඔබේ ලග්නයට...

මාර්තු 29, 2024

 

මේෂ

වගකීමකින් නිදහස්

මිශ්‍ර ඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. එමෙන්ම ගේ දොර අලුත්වැඩියාවකට ද කරුණු සැලසෙන අතර, අලුත් බඩුභාණ්ඩ මිල දී ගැනීමකට කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සතුටුදායක ලෙස කරගෙන යන කාලයකි. එමෙන්ම තනතුරු ස්ථිර වීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. නිතර ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. විදෙස්ගත අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් මහන්සි වීමට සිදු වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීමේදී සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය – 08

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

වෘෂභ

සහෝදර උපකාරයක් 

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ස්ථිර අදහස් ඇතිව කටයුතු කරන කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර පක්ෂයේ උපකාරයක් හිමි වීමට ඉඩ ඇති සතියකි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි. විදෙස් රැකියා මාර්ගවලටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් පසුගාමීත්වයක් දැක්වූ අධ්‍යාපන කටයුතු යළි උනන්දුවෙන් මෙන්ම උද්‍යෝගයෙන් කරගෙන යන බවක් පෙනේ. විවිධ තරග විභාගවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරන කාලයකි.

සෞඛ්‍යය

පැවැති සුළු සුළු ආබාධ කීපයක් මඟහැරී යන සතියකි. ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

අය 06 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – සුදු

සුබ දවස – බදාදා

මිථුන

ගතට සිතට සැනසිල්ල

අමතර වෙහෙසීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල උදා කරන සතියකි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදු වෙයි. නිතර පින්දහම් කටයුතුවල නිරත වන කාලයකි. අමතර වියදම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තරගකාරි බවක් ඇති කරයි. එමෙන්ම සුළු සුළු ලාභ හිමි කරන ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. දුර පළාතකට රැකියාවේ කටයුතු සඳහා යාමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරන බවක් පෙන්නුම් කරයි. නිතර පොත්පත් ලිපි ලේඛන, කටයුතු කෙරෙහි වෙහෙසීමට සිදු වෙයි. සෞන්දර්යාත්මක අධ්‍යාපන කටයුතුවලින් සම්මාන සහතික හිමි කරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියකි. ලේ විෂ වීමක් සම්බන්ධ ඇතිවන අසනීපකාරී බවකින් පීඩා අත්කරයි. එමෙන්ම සුළු සුළු අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

කටක

ගනුදෙනු වාසියක්

ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ඇතිවන සිත් නොහොඳකමක් දුර දිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. වරින්වර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන සතියකි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි ගනුදෙනු වාසියක් සිදු විය හැකි බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. ආයතන ප්‍රධානීන් සමඟ ඇතිවන ගැටලුකාරී බවක් දුර දිග යාමට ඉඩ ඇත. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

වරින්වර උසස් අධ්‍යාපන කටයුතු අවහිරතා මතු කරයි. පාඩම් වැඩකටයුතු කීපයක් ප්‍රමාද වන අතර, ඒවා උදාසීන බවකින් කරගෙන යන කාලයකි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට ද බාධා ගෙන දෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය වෙනදාට වඩා යහපත් වන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. එහෙත් රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය වැනි අසනීප කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 07 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – රතු

සුබ දවස – සිකුරාදා

සිංහ

රැකියා ස්ථිරවීමක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වන සතියකි. විවාහ යෝජනාවක් ප්‍රමාද වන හෝ ඒවාට බාධා ඇති කරන කාලයකි. එහෙත් අන් සතු වස්තු ලාබයකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්නට ලැබේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථිර වීමකටද හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ආගමික පොත්පත් කියවීම කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. උගත් දෙයින් ප්‍රයෝජනයක් ලබා ගත හැකි කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන බවක් පෙනේ.

අය 08 වැය 06

ජය අංකය 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

කන්‍යා

පැරැණි හිතවත්කම් අලුත් වෙයි

පවුලේ අය අතර සතුට සමාදානයට කරුණු සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල උදාකරයි. ගෙදර දොර පැවැති අඩුපාඩු කීපයක් මඟහැරී යයි. පවුලට අලුත් සාමාජිකයකු සම්බන්ධ විය හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත්කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. එමෙන්ම මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති රැකියා ස්ථිර වීමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. කුඩා පරිමාණයේ ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. අතපසු වූ පාඩම් වැඩකටයුතු සම්පූර්ණ කර ගැනීමට හැකි වේ. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු සතියකි. අජීර්ණ ආබාධයකටද ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

තුලා

දරුවකු පිළිබඳ සතුටක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර, කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා වැය පස අධික වන සතියකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සුබදායක ලෙස කරගෙන යන සතියකි. අමතර ආදායම් හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පදිංචියෙන් පිට කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි මාර්ග කීපයක් යෙදේ. විභාග ජයග්‍රණයකට හිමිකම් ඇති කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. නිතර ඇතිවන ක්ලාන්ත ගති හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 06 වැය - 04

ජය අංකය - 04

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

වෘශ්චික

විශේෂ වරප්‍රසාදයක්

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස සතිය ආරම්භ කරන බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරීමට ඉඩ ඇත. අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් කල් දැමීමට සිදු වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල වන අතර, ඒ සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි. විශේෂ වරප්‍රසාදවලට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

හදිසි තීරණ ගැනීමෙන් අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී බවක් ඇති කරයි. තරගකාරි කටයුතු කීපයකට විශේෂ උනන්දුවක් දක්වන සතියකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන සතියකි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති බවක් පෙන්වයි. වරින්වර ඇතිවන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. කෑම බීම ගැනීමේදී කල්පනාකාරී විය යුතු සතියකි.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

ප්‍රභූ ඇසුරක්

පවුලේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කාලයකි. එමෙන්ම වැඩිහිටි ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමටද කටයුතු උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. ප්‍රභූ ඇසුරකට අවස්ථාව උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. සේවා ස්ථානයේ ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් පාඩම් වැඩකටයුතුවල නිරත වන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයකට මඟ සැලසෙන කාලයකි. අමතර දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩා ගෙන දුන් ශාරීරික ගැටලු කීපයකින් සුවය හිමි කරයි. එහෙත් සෙම් කෝප වීම්, හුස්ම ගැනීමේ අපහසුතා මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න.

අය 07 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර

වාහන ගනුදෙනුවක්

අවිවේකී ලෙස දවස උදාකරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම්වලට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසියේ යෙදෙන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියාවකටද සැලසුමක් ඇති කර ගන්නා සතියකි. රෙදිපිළි කර්මාන්තයේ නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයක් සාර්ථක කරයි. නිතර සෞන්දර්යාත්මක පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. එමෙන්ම නාට්‍ය කලාව, රංගනය ආදී කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

වරින්වර වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. වෙනදාට වඩා ආහාර පාන ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – සුදු

සුබ දවස – සිකුරාදා

 

කුම්භ

අලුත් දේ මිල දී ගැනීමක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් අලුත් දේ මිල දී ගැනීමට මඟ සැලසෙන සතියකි. අලුත් ඥාති හිතවත්කම්වලට හේතු ඇති කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සම්බන්ධ කටයුත්තක් සිදු වීමට ඉඩ ඇත. පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන සතියකි. වගකීම් බහුල රැකියා කටයුතුවල නියැළෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට කටයුතුª උදාකරයි. උසස් අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන සතියකි. අලුත් පොත්පත් මිල දී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

අතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු අතර, හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමටද සිදු වන බවක් පෙන්නුම් කරයි.

 

අය 08 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

මීන

රැකියාවේ අලුත් සැලසුමක්

පැවැති අසහනකාරී බව මඟහැරී යමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් හිමි කරන මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගෙන කටයුතු කරයි. දානමය කටයුත්තක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කර ගන්නා බවක් පෙනේ. එමෙන්ම තනතුරුවල වෙනසක් සිදු විය හැකි කාලයකි. ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි හිමි කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ පාඨමාලාවකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. පොත්පත් මිල දී ගැනීම්වලට අමතර මුදල් වැය කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරී බව හේතුවෙන් එදිනෙදා සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වේ. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවක් පෙනේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.