මාර්තු 01 සිට මාර්තු 07 දක්වා සතිය ඔබේ ලග්නයට...

මාර්තු 1, 2024

 

මේෂ

සුළු සුළු ලාබ හිමි කරයි

හදිසි තීරණයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. වෙනදාට වඩා පවුලේ වගකීම් තමා පිට පැවරීමට ඉඩ ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නො කරයි. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදු වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල වන අතර, ඒ සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි. විශේෂ වරප්‍රසාද කීපයකට කරුණු සැලසුණත් ඒවාට බාධා ගෙන දෙන සතියකි. සුළු සුළු ලාබ හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි තීරණ ගැනීමෙන් අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් සිදු කරයි. හදිසි පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පොත්පත් කටයුතු පිළිවළකට තබා ගැනීමට උනන්දුවක් දක්වයි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. එමෙන්ම පපුව ආශි‍්‍රත ඇතිවන දැවිලි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අය 06 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

වෘෂභ

ප්‍රසිද්ධියට කරුණු යෙදේ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8, 9 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරයි. අවිවාහකයන්ට යහපත් කාලයකි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වෙයි.

රැකියාව

මෙතෙක් සැහැල්ලුවෙන් කරගෙන ගිය රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වගකීම් බහුල කරයි. සුළු ව්‍යාපාරයක් දියුණුවට පත්කර ගැනීමට කටයුතු කරනු ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් සැලසේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන කාලයකි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයක් බලාපොරොත්තු වන අයට සුබදායක ලෙස කටයුතු කරගැනීමට හැකි වෙයි. අලුත් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ.

සෞඛ්‍ය

යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුකරයි. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. දතක හටගන්නා වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අය 07 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

මිථුන

අලුත් දේ මිළදී ගනී

වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරණි හිතවත්කමක් අලුත් වන සතියකි. නිතර ගේ දොර කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරයි. අලුත් දේ මිළදී ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. ප්‍රමාද වූ මුදල් ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. ස්ථාන වෙනසකට හෝ ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වන සතියකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු කල්පනාවෙන් කළ යුතු සතියකි. උසස් නිලධාරින්ගේ පැසසුමට ලක්වන කරුණු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

විදෙස්ගත අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වන බවක් පෙනේ. අලුත් පොත්පත් මිල දී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍ය

නිතර උදාසීන ගති ඇතිකරමින් සතිය උදා කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. එමෙන්ම මුත්‍රා අමාරුවක් හෝ පපුව ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි කාලයකි.

අය 08 වැය 06

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

කටක

උත්සවයකට සැලසුමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස් කරගන්නා සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අවිවේකී බවක් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. තනතුරුවල වෙනසක් සිදු වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම හිතමිතුරන්ගේ සහය ඇතිව මෙතෙක් මඟහැරී තිබූ පැවරුම් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි.

සෞඛ්‍ය

පපුව ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. ආහාරපාන ගැනීමේදී මෙන්ම ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

අය 05 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

සිංහ

දේපළ ගැටලුවක් විසඳේ

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල අඩු කරන සතියකි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරයි. පවුලේ වැඩිමහල් දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

සෞන්දර්යාත්මක රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි. නිතර ඉතා සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතු, විවිධ අත්කම් නිර්මාණවලටද පෙලඹෙන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධව පැවැති බාධාකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍ය

ගතට සිතට පීඩාකාරි සතියකි. වරින්වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුවලට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 07 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

කන්‍යා

නැති වූ දෙයක් යළි ලැබේ

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකි වෙයි. ගේ දොර කටයුතු පිළිබඳ පැවැති උදාසීන ගති මඟහැරී යන බවක් පෙනේ. ඥාතියෙකුගෙන් උපකාරයන් හිමි වීමට ඉඩ ඇත. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවල නිරත වන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ උසස් නිලධාරින්ගේ පැසසුමට ලක්වන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධව ගත සිත වෙහෙසීමට සිදු වෙයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගැනීමට සිදු වන බවක් පෙනේ. හදිසි පොත්පත් මිල දී ගැනීමකට අමතර වියදම් බහුල කරන බවක් පෙනේ.

සෞඛ්‍ය

පාදයේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයක් කිරීමට සිදුවේ. ශරීර අප්‍රාණික ගති ඇතිකරන කාලයකි.

අය 07 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – සඳුදා

තුලා

වාහන ගනුදෙනුවක්

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. එමෙන්ම වෙහෙසකාරි කටයුතු කීපයකටද සම්බන්ධ වීමට සිදු වෙයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති කාලයක් වන අතර, අමතර ලැබීම් අතින්ද යහපත් වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතෙහි චංචලකාරී බවක් ඇති කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ තනතුරු වෙනසක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. රැකියා ස්ථානයේ සිදුවන ගැටලුකාරී බවක් දුර දිග යාමට ඉඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. හිතවතකු සමඟ පොත්පත් හුවමාරුවක් සිදුකර ගන්නා සතියකි. තරග විභාගයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාවේ.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙසීම් අධික කරන කටයුතු කීපයක් යෙදේ. හදිසි කැපීම් සීරීම් සිදු විය හැකි කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – රතු

සුබ දිනය – බ්‍රහස්පතින්දා

වෘශ්චික

ඥාති උපකාරයක් හිමි කරයි

හිතුවක්කාර තීරණයක් නිසා තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. පදිංචිය සම්බන්ධ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරන සතියකි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

මානසික අසහනකාරී ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. හදිසි පොත්පත් මිල දී ගැනීමකට කටයුතු සැලසෙන සතියකි. සෞඛ්‍ය

පැවැති ශාරීරික අපහසුතා කීපයක් තරමක් දුරට මඟහැරී යයි. එහෙත් බෙල්ල, උරහිස ආශි‍්‍රත වරින්වර අපහසුතා මතුකරයි. කෑම බීම ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු

අමතර ලැබීම්

අවිවේකී ලෙස සතිය උදාකරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු ක රයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් නොහොඳකමකට මඟ සැලසේ.

රැකියාව

ලිපි ලේඛන ගැටලුවකට මුහුණ දීමට සිදු වන සතියකි. ආයතන ප්‍රධානීන් සමඟ මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් සිදු කරයි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා, මාර්ගවලට හේතු ඇති කරයි. දැන උගත්කම් අනුව රැකියා හිමිකම් ඇති කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති උදාසීන ගති පැවැතුම් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. උනන්දුව, උද්‍යෝගය මත ජයග්‍රහණ හිමි වන බවක් පෙනේ. අමතර දේ ඉගනීමට වෙහෙසේ.

සෞඛ්‍ය

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සඳුදා

මකර

තරග විභාගවලින් ජය

නොසිතූ ගැටලුවකට මුහුණ පාමින් සතිය ආරම්භ වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ පැවැති මතභේදකාරි බව හේතුවෙන් මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟහැරී යයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

මෙතෙක් බාධාකාරී බවක් ගෙන ගිය අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසේ. තරගකාරි කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන කාලයකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. ආහාර නොදිරවීමේ ආබාධයකින් පීඩා විඳින සතියකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධව කල්පනාකාරි වන්න.

අය 06 වැය 05

ජය අංකය – 08

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

කුම්භ

සැනසිල්ල උදා වේ

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

උත්සාහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල උදාකරන කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරන කාලයකි. පියපස ඥාතියකු පිළිබඳ සිත් සතුටු කරන පුවතක් අසන්න ලැබේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු වීම වැදගත් වේ. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් සම්මාන සහතික හිමි කරන බවක් පෙනේ. අලුත් පොත් පත් කියවීමට කටයුතු සැලසන කාලයකි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර උරහිස සම්බන්ධව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය විය හැකි සතියකි.

අය 06 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මීන

අලුත් දේ ඉගෙනීමට අවස්ථාව

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ කටයුතු සම්බන්ධව මූලිකත්වයක් ගැනීමට සිදු වන කාලයකි.

රැකියාව

රැකියාවේ මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යයි. එහෙත් අමතර ලැබීම් හිමි කරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. තනතුරු වෙනසක් සිදු වීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

අවිවේකී වුවත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ දරන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍ය

උදරගත ආබාධයක් වකුගඩු හෝ මුත්‍ර මාර්ගයේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන බවක් පෙනේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.