වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
වැන්දඹුවක් වන ග්‍රහ හැසිරීම
යුවලක් යුගදිවියට පා තබන්නේ අතිශයින්ම දුෂ්කර කටයුත්කයෙදී අග්‍රඵලයක් නෙළා ගනිමින් ය. අනාගත අපේක්ෂාවන්ගේ මල්ඵල හට ගැනීමක් වන තුරු දෑස් නොපියාගෙන බලා සිටී. යුග දිවියට පත් වී සති මාස හෝ වසර කීපයකින්ම තමා වැන්දඹුවක් බවට පත් වන්නේ නම් එතරම් මානසික වේදනාවක් මෙලොව නැති තරම් ය.
සිය පණ මෙන් ආදරය කරන ලද සැමියාගෙන් වියෝවීම නිසා දෙවැනි විවාහයට නොගොස් තනි වී හුදකලා දිවියක් ගෙවීමට සිදුවන්නේ නම් එය දරාගත නොහැකි ය. තවත් වරෙක සැමියාගෙන් බාහිර තාඩන පීඩන බේබදුකම වැනි දෑවලින් තදින්ම පීඩා විඳිමින් අවසානයේ වැන්දඹුවක් වේ නම් කියනුම කවරේද? ඉන්දියානු සංස්කෘතියේ නම් තම සැමියාගේ දර සෑයට පැන සිය දිවි නසා ගන්නා බිරින්දෑවරු ද සිටිති.
තවත් සමහර බිරියන් සැමියාගේ වියෝව හෝ අත්හැර දැමීම නිසා සතුටට පත්වන බවද ප්‍රසිද්ධ කරුණකි. වැන්දඹුවක් සහේට ගැනීමට පිරිමි අකමැති වූවත් වැන්දඹුවන් පි‍්‍රය කරන අයද සිටී. වවුලන් හපන ලද කජු පුහුලමක් රස යැයි සමහරු සිතන බැවිනි. වත්මන් සමාජයේ වැන්දඹුවන් බවට පත්වන ඇතැම් කාන්තාවන් සුදු ඇඳුම් (සාරි, ඔසරි) ඇඳීමට ගොස් අන්‍යවශ්‍ය කරදරවලට මුහුණපාන බැව් ඇත්තකි.
සියලුම කුණු කන්දල් එන්නේ ගැහැනියටයි. පිරිමි එයින් බේරේ. මේ වැන්දඹුවීමට ග්‍රහයින්ගේ බලපෑම සිදුවේ. කුජ 1, 7, 8 කුජ, ශනි, රාහු හා ඒරාෂ්ටකයන්ද හේතු කාරක වේ. 7 අධිපතියා දුබලව 8 අධිපති සමඟ 12 වැන්නේ වීමත් ශනි සමඟ කුජ යෝග වී 8 වැන්නේ හෝ 12 වැන්නේ වීමත් 7 වැන්නේ රාහුවීමත් හරහා වැන්දඹුබවට පත්වේ.
8 අධිපතීන්ගේ මහ දශාව ලබා ඒරාෂ්ටක වී නම් වැන්දඹුවේ. ධනු, මකර, මීන රාශිවලින් උපත ලබා කුජ 7 වැන්නේ සිට රාහු, කුජ යෝග වීමෙන් ශනි සප්තමය දැකීම නිසා වැන්දඹු වේ. විෂ කන්‍යා යෝගය යෙදී මල්වර වී නම් ශනි, කුජ, රාහු යෝගය හරහාද වැන්දඹු වේ. විවාහ වී ප්‍රථම සම්භෝග අවස්ථාවේ ග්‍රහ හැසිරීම කුජ, ශනි, රාහු, රවි දුබලව හත් වැන්නේ යෙදීමෙන්ද වැන්දඹු තත්ත්වයට පත් වේ. විශේෂයෙන්ම බිරිඳගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ගැන බැලීම අනිවාර්යවේ. මේවාට මූලාශ්‍රය වන්නේ හිතුවක්කාර ලෙස විවාහ වී කල්යත්ම දෙදෙනාම හැකි ඉක්මනින්ම දෙපැත්තට වීමකි. සිංහ, මේෂ, වෘශ්චික, මකර, කුම්භ ලග්නවල ඉපිද ශුක්‍ර සඳු ග්‍රහයින් එහි සිට 5 වැන්නේ පාපීන් දුටුවිට ශුභයින්ගේ පෙනීම නැත්නම් වඳ බවට පත්වේ.
7 හි රාහු රවියෝග වී ශනි දැක්මෙන්ම ද වඳ බවට පත් වන්නී ය. ගුරු, ශුක්‍ර 8 සිට පාපීන් දැක 8 වැන්නට ලක්වීමෙන් මළ දරු උපත් ලැබේ.
විවාහ වීමට පෙර පොරොන්දම් ගැළපීම් බලන විටදී දරු උපත් තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. සම්පත් දාරක සරු බීජ ඇත්තේ සැමියාටයි. බිරිඳට ඇත්තේ දාරක සරු බීජ දරා ගැනීමේ ශක්තිය ගැබ ගර්භාෂය තුළ තිබේද යන්න බැලීමයි. බිරිඳට යන්ත්‍ර එල්ලාගෙන හිටියාට බිරිඳකට දරුවන් ලැබෙන්නෙ නැත. සැමියා උපතින්ම වඳනම් දරුවන් ලැබෙන්නේ කෙසේද? මෙයයි. ඇත්තම ඇත්ත. හැම දෙයකට ගැහැනියට බැණීම හරිම ලේසියි.
සරුදාරක බීජ නැති ඕනෑතරම් සැමියන් සිටින බව ප්‍රසිද්ධ රහසකි. මෙය විද්‍යාත්මක පදනමකි. ලක්ෂ කෝටි ගණනක ශුක්‍ර අනු බීජවල ප්‍රබලත්වය මත අර්තවානු සමඟ සංයෝගයෙන් දරු උපත සිදු වේ. එයට ක්‍රොමසෝම මෙන්ම කෝටිසොල් බලපෑමෙන් පිරිමි ගැහැනු දරු උපත් සිදුවේ.
මිථ්‍යාමතවලට රැවටී, ගැහැනිය අවඥාවට ලක්කොට භාරතීය ක්‍රමවේදයන් අප වත්මන් දියුණු සමාජයකට එන්නත් කරන්නට යෑම විපත්කර වේ. ඔබ විවාහවීමට පෙර කේන්ද්‍ර දෙකම ගැඹුරින් පරීක්ෂා කර බලා වැන්දඹු යෝග ඇත්නම් එයට අවාසනාවන්ත විවාහ වී පසුව වැන්දඹුබවට පත්වන බව කේන්ද්‍රයේ කොටුවල ග්‍රහ හැසිරීමෙන් දැන ගත හැකිවේ. ඡ්‍යොතිෂ විද්‍යාවේ දියුණුම තලයකට නවීන සමාජය පත්වී තිබේ. අඳුරේ අතපත නොගා මේ පිළිබඳව තෙවැනි ඇසින් බලමු.