ගවයාගේ රාශියට මේ වසර සුබයි

චීන ජ්‍යොතිෂයෙන්
ජුනි 2, 2023

 

ගවයාගේ රාශියට අයත් වන්නේ 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021 වසරවලදී උපන් පුද්ගලයන් ය, චීන ජ්‍යෝතිෂයේ දෙවැනි රාශිය වන්නේ ගවයාගේ රාශියයි. ගවයාගේ රාශියේ උපන් අය කඩිසර, විශ්වාසවන්ත, ශක්තිමත්, අධිෂ්ඨානශීලී ගතිවලින් හෙබි පුද්ගලයන් වේ.

මේ වසර හාවාගේ වසරකි. ඒ අනුව ගවයාගේ රාශියේ උපන් අය හාවාගේ වසරක උපන් අය හා එකිනෙකාට උපකාර කර ගන්නා බව පෙන්නුම් කරයි. මෙය ගවයාගේ රාශියේ අයට වාසනාවන්ත වසරක් වනු ඇති. එසේ වුවත් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. ඔබ මේ වසර වඩාත් සාර්ථක කර ගැනීමට නම් තමාට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය.

මේ වසරේදී ඔබේ වෘත්තීන්හි විසල් ප්‍රගතියක් ඇති විය හැකියි. විශේෂයෙන් රාජකාරි කටයුතු කරන අයට උසස් අයගේ සහාය ඇතිව මෙම වසරේ උසස්වීම් සඳහා වඩා හොඳ අවස්ථාවන් ලැබෙනු ඇත. රැකියා කරන ඔබට රැකියා ස්ථානයේ ව්‍යාපෘතිවලදී ඔබේ දක්ෂතාවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකිය. එමගින් ආයතනයේ උසස් නිලධාරීන්ගේ සහ ආයතන සගයන්ගේ ප්‍රසාදය ලබා ගත හැකි වේ. ඔබට රැකියා ස්ථානයේ ප්‍රධාන කටයුතු සඳහා සහභාගී වීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඔබේ ව්‍යාපෘතිවලදී ඔබට යම් දුෂ්කරතා ද ඇතිවිය හැකිය. ඔබ ව්‍යාපෘති සාර්ථක කර ගැනීම උදෙසා නොපසුබට උත්සාහයක් නොගන්නේ නම් ව්‍යාපෘතියක් අතරමග අත්හැර දැමීමෙන් ඔබේ පෙර උත්සාහයන් ද අපතේ යයි. වාසනාවකට මෙන් ගව රාශියේ උපන් ඔබට දුෂ්කරතා ඇති වූ විට උසස් අයගේ උදව් උපකාර ලැබේ.

ඔබ ව්‍යාපාරිකයෙක් නම් මේ වසරේ දී ඔබේ ව්‍යාපාරය දියුණුව කරා මෙහෙයවීමෙන් එය ව්‍යාප්ත කර ගැනීමට ද හැකියාව ලැබේ. එහෙත් ආයෝජකයන් සොයන විට ඔබ අනෙක් පාර්ශ්වයේ උගුල්වලට හසු නොවන පරිදි සුපරික්ෂාකාරීව හා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

ගවයා රාශියේ උපන් අයට ස්වභාවයෙන්ම නායකත්ව හැකියාව පිහිටා ඇත. එබැවින් ඔබ අන් අය සමඟ හොඳීන් ඇසුරු කරන විට ඔවුන්ට විශ්වාසදායක හැඟීමක් ලබා දෙන අතර ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබ දක්ෂ බැවින් ඔබට බොහෝ විට විරුද්ධ වාදීන්ගේ ප්‍රසාදය ද ලැබෙනු ඇත.

ඔබ තනිකඩ අයකු නම් මේ වසරේදී ඔබට දෛවයේ සහකරු හමු විය හැකිය. එබැවින් ඔබ කැමති පුද්ගලයකු හමු වූ විට එම අවස්ථාව හොඳීන් ප්‍රයෝජනයට ගන්න. ඔබ ඉදිරියේ ඇති අවස්ථාව ගිලිහී යාමට ඉඩ නොදෙන්න. නැතිනම් ඒ ගැන ඔබ පසුවට පසුතැවෙනු ඇත.

දැනටමත් සහකරුවකු සිටින ඔබ ඔහු හෝ ඇය සමගින් ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනු ඇත. නමුත් ගවයාට කේන්ති යන බැවින් ඉඳහිට ආරවුල් ද ඇතිවිය හැකිය. ඒ සියල්ලම සැමියා හා බිරිය අතර කුඩා මත ගැටුම් විය හැකි අතර සබඳතාවට හානි නොවන ලෙස ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත් වේ. කෙසේ වුවත් ගවයාගේ රාශියේ ඔබ, තම හැඟීම් පාලනය කිරීමට පුරුදු පුහුණු විය යුතුය. එවිට ඔබේ විවාහ දිවිය වඩාත් සාමකාමී හා සාර්ථක එකක් කරගත හැකියි. ඔබේ ආර්ථික තත්ත්වය මේ වසරේ දී උච්චාවචනය වේ. ඉපැයිම් වැඩි වනු ඇත. එසේ වුව ද රැකියා ස්ථානයේ යම් යම් වෙනස්කම් ඇති විය හැකිය. අනවශ්‍ය වියදම් ද ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

මේ වසරේ දී ඔබ හොඳ මූල්‍ය සැලසුමක් ඇතිව වැඩ කළ යුතුය. ඔබගේ වත්මන් රැකියාව ගැන ඔබ සෑහීමකට පත් නොවෙයි නම් රැකියාව වෙනස් කළ හැකිය. නමුත් මේ රැකියා වෙනස අතරතුර කාලයේදී වියහියදම් සඳහා යම් මුදල් ප්‍රමාණයක් ඔබ සතු විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබට අපහසු කාලයක් ගත කිරීමට සිදුවේ. ඔබට සාමාන්‍යයෙන් මේ වසරේ දී වාසනාව ලැබෙනු ඇත. ඔබ මූල්‍ය අංශයෙන් ස්ථාවර වූ පසුව වඩාත් විශ්වාසදායක මූල්‍ය නිෂ්පාදනයන් ආයෝජනය කිරීම සඳහා තෝරාගන්න. ඔබ ආයෝජනය කිරීමට පෙර ප්‍රවේශම් විය යුතුය.

අන් අය සමඟ කටයුතු කරන සෑම විටකදීම විවිධාකාරයේ සුළු සුළු ගැටලු මතුවේ. අන් අය සමග කටයුතු කරන විට ඔබ ආවේගශීලීව කටයුතු කළ හැකිය. එකිනෙකා සමග රණ්ඩු විය හැකිය. මෙය ඔබට නෛතික ගැටලු පවා ඇති කිරීමට හේතු වේ. එම නිසා ඔබගේ කෝපය පාලනය කරගැනීමට ඉගෙන ගන්න. ගමන් බිමන් යාමේදී අනතුරු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. රාත්‍රියේ දී ගමන් බිමන් යාම එතරම් සුබ නැත. නිවසේදී ගෑස් විදුලිය ආදිය ගැන අවධානයෙන් කටයුතු කිරීමෙන් අනතුරු වළක්වාගත හැකියි.

ඔබට යම් ශාරීරික අපහසුතාවක් දැනේ නම් කල්ගත නොකොට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය. එසේ නොකිරීමෙන් සුළු රෝග තත්ත්වයන් වුවද බරපතළ රෝගයක් දක්වා උත්සන්න වනු ඇත. ගවයාගේ රාශියේ උපන් අයට වඩාත් ගැළපෙන අනෙකුත් රාශි වන්නේ මීයා, සර්පයා, කුකුළා රාශීන් ය. ගවයාගේ රාශියේ ඔබට සුබ අංක වන්නේ 09, 01. ඔබට සුබ වර්ණ වන්නේථ නිල්, රතු, දම් වර්ණයන්ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.