සිකුරු මකරයට එයි ලග්න රැසකට හදිසි ධන වාසනා

නොවැම්බර් 22, 2024

ලග්න එකොළහකට ධන වාසනා උදා කරමින් දෙසැම්බර් 02 වැනිදා පෙරවරු 11.58ට සිකුරු මකර රාශියට සංක්‍රමණය වනුයේ සමස්ත ජනතාවට අසිරිමත් ජීවන රටාවක් උදා කරවමිනි. සියලු ලග්න හිමියන්ට තමන්ගේ උත්පත්ති ග්‍රහබල අනුව ගෘහ ජීවිතය, ආදරය, ධනය, තනතුරු ආදිය ළඟා කරන සතුටුදායක කාලයක් උදාවීමට හේතු වන්නේය. ධනු ලග්න හිමියන්ට ඒ අතර සතුරු බලවේග ක්‍රියාත්මක විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම බුද්ධි ගෝචර වේ.

මේ අතර කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න සතරට සස යෝග බලය උදාවීමෙන් ආශීර්වාදාත්මක පසුබිමක් විද්‍යමාන වෙයි. එසේම බුධ ආදිත්‍ය යෝගය ලග්න සියල්ලටම එක සේ සුබ ප්‍රතිපල ගෙන දෙයි.

ලංකා කේන්දරයේ 01-05-09 ධර්ම ත්‍රිකෝණය සෙනසුරුගෙන් ද 10 වැන්න රවි, බුධ, බුධ ආධිත්‍ය යෝග බලයෙන් ද නිවෘත සිකුරු මිත්‍රශීලිව 12 වැන්නේද ජවබලසම්පන්න වී යාම මෙන්ම ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වූ සෙනසුරු හිමි කුම්භ උදා රාශියෙහි අර්ථකෝණය කෙරෙහි සුවිශේෂි බලපෑමක් ද විද්‍යමාන වීම ක්‍රමවත්, හරවත්, සමාජ සම්මුතියන් කෙරෙහි යොමු කරවනු ඇත. 06 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති අතර නීච ක්ෂේත්‍ර පරිවර්තන යෝගය නව වසරෙහි විශ්ව ජන ජීවන රටාව නවතාවයෙන්ම විධිමත් කරනු ඇත.

04 වැන්නෙහි සතුරු ගුරුගෙන් සෙනසුරු කෝණ දෘෂ්ටියට ලක්වීම නොසිතූ කටකතා සමඟ සතුරු උපායමාර්ගයන් හිස ඔසවන පිහිටීමකි.

කලාවට, සෞන්දර්යයට, ලෞකික සැප සම්පත්වලට, ආදරයට, ශෘංගාරයට, විලාසිතාවලට සුබවාදී ග්‍රහයෙකු වූ සිකුරු 12 වැන්නට පිවිසීම අතිශය විශිෂ්ටය. මෙය 2024 වසරෙහි අවසාන කාර්තුව ඓතිහාසික කාලපරාසයක් වීමට තුඩු දෙන ග්‍රහ සංක්‍රමණයකි.

විදේශීය ආයෝජකයන් හා විදෙස් සබඳතා මඟින් ආර්ථිකය ශක්තිමත් වීමද, කාර්මික, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති ආරම්භයට හේතු වන්නේය.

 

මේෂ ලග්නය

අටවැන්න ආශි‍්‍රත වූ බුධ ආධිත්‍ය යෝග බලය නව දිවිගමනක සමාරම්භයක මූලාරම්භය ආශි‍්‍රතව වෙන්නෙකි. සිතැඟියාවන් ශක්තිමත්වීම අනුව රැකියා ව්‍යාපාර සාර්ථකවීම සිදුවෙයි. ජනතාව අතර ප්‍රධානත්වය, ආකර්ෂණය දැඩි වෙයි. ප්‍රබල ආර්ථික පැතිකඩක් ග්‍රහණය වෙයි.

වෘෂභ ලග්නය

හත්වැන්න අයත් කාමකෝණයේ බුධ ආධිත්‍යය යෝගබලය ලෞකික ජීවිතය උසස් බවකට නැඹුරු කරයි. කර්ම ස්ථානය තුළ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වූ සෙනසුරුගෙන් සංසාරික ශුභවාදී කර්ම ශක්තිය ජවබල සම්පන්නවීම අතිශයෙන්ම සුබවාදීය.

මිථුන ලග්නය

02,06,10 වැන්න බුධ ආධිත්‍ය යෝගබලයෙන් ප්‍රබත්වයට පාත්‍රවීම රැකියා ආදායම් මාර්ග උසස්වීම් ආදියට හේතුයි. භාග්‍යස්ථානගත සෙනසුරු යානවාහන දේපළ වස්තු පිළිබඳව ද ස්ථාවර පසුබිමක් සහ සමාජ තලයෙහි වැදගත් අවස්ථා උදා කරනු ඇත.

කටක ලග්නය

05 වැන්නෙහි බුධ ආධිත්‍ය යෝගය 08 වැන්නෙහි ශනි අෂ්ටම ඒරාෂ්ටකයද 07 වැන්නෙහි සිකුරු ද ගෘහ ජීවිතය පුරා ජවබලසම්පන්නව නව නැම්මක් ඇති කරන අතර රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. ඇසුරු කරන්නන් නිසා ඇතිවන වගකීම් ගනුදෙනු නඩුහබ ප්‍රශ්න කෙරෙහි බලපායි.

 

සිංහ ලග්නය

සසයෝග බලය 07 වැන්නේද සිකුරු මිත්‍රශීලිව 06 වැන්නේද බුධ ආධිත්‍ය යෝගබලය 04 වැන්නේද නිර්මාණය වෙනු ඇත. පදිංචි ස්ථානය සහ රැකියා ආදායම් මාර්ගද සමාජශීලි ක්‍රියාකාරකම්ද සතුටුදායක බවට පාත්‍රවෙනු ඇත. උත්සාහය, උනන්දුව අධිෂ්ඨාන ශක්තිය ප්‍රබල වෙයි. ජවබලසම්පන්න ජීවන රටාවක් උදා වෙයි.

කන්‍යා ලග්නය

03 වැන්න වූ වික්‍රම ස්ථානගතව බුධ ආධිත්‍ය යෝගය ද සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 06 වැන්නේද සිකුරු 05 වැන්නේද ප්‍රබල වෙමින් පවතිනු පෙනේ. මූල්‍ය කටයුතු සාර්ථක වන අතර සමාජයේ උසස් බවට පාත්‍ර වීමද සිදු වෙයි. ගෘහ ජීවිතයෙහි විවිධත්වයකින් යුතුව සාර්ථක වෙයි.

තුලා ලග්නය

02 වැන්න වූ ධනස්ථානගතව 02,06,10 අර්ථකෝණගතව ආර්ථිකය සාර්ථක වෙයි. ආනයන අපනයන රටාවක් සුදුසු වෙයි. බුධ ආධිත්‍ය යෝගබලය 02 වැන්නේය. සිකුරු මිත්‍රශීලිව සතර වැන්නේය. පදිංචිය මෙන්ම රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතවද නවතාවයකට මඟ පෑදෙයි. දෙස් විදෙස්ගතව ද රැකියා සේවා සතුටුදායක වෙයි.

වෘශ්චික ලග්නය

සසයෝග බලය පදිංචි ස්ථානගතව සතුටුදායක බවක් දෘශ්‍යමාන කෙරෙයි. සිකුරු 03 වැන්නා වූ වික්‍රමස්ථානගතව ද බුධ ආධිත්‍ය යෝගබලය ලග්නගතවද යෙදී මේ වර්ෂයෙහි අගභාගය මෙන්ම 2025 වසර ආරම්භයේ සිටම උසස් දියුණුවකට පාත්‍ර වනු ඇත. බුද්ධිමත් දූරදර්ශීව ක්‍රියාකරලීමෙන් උසස්තම දියුණුවක් ළඟා කෙරෙනු ඇත.

ධනු ලග්නය

බුධ ආධිත්‍ය යෝගබලය 02 වැන්නේද සිකුරු මිත්‍රශීලිව 02 වැන්න වූ ධනස්ථානගතව ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සෙනසුරු වික්‍රමස්ථානගතව ද යෙදීම ප්‍රබල වූ සමාජ තලයකට පාත්‍රවීමක් පෙන්වයි. උත්සාහය උනන්දුව මතුවෙයි. පදිංචියෙහි මෙන්ම පවතින රැකියා, ආදායම් මාර්ගයන් ආශි‍්‍රතව සොර සතුරු බලවේගයන් ද ක්‍රියාත්මක විය හැකිය.

මකර ලග්නය

දෙස් විදෙස් සහ පිට පළාත් ආශි‍්‍රතව ව්‍යාපාර රැකියා, දියුණුව සැලසෙයි. සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 02 වැන්නෙහි යෙදීම ධනය පිළිබඳ සතුටුදායක බවක් විද්‍යමාන කරයි. බුධ, ආධිත්‍ය යෝගබලය අයස්ථානය වූ 11 වැන්නේය. නිර්මාණශීලි රැකියා ආදායම් මාර්ග බහුල කෙරෙනු ඇත. නව රැකියා ව්‍යාපාර, නිධන් මැණික් ව්‍යාපාර දියුණු වෙයි.

කුම්භ ලග්නය

සෙනසුරුගෙන් කුම්භ රාශිගත සස යෝග බලයද මිත්‍රශීලි සිකුරු 12 වැන්නේද බුධ ආධිත්‍ය යෝග බලය 10 වැන්න වූ කර්මස්ථානගතවද යෙදීමෙන් ලෞකික ජීවිතය උච්චස්ථානයට පාත්‍රවෙනු ඇත. ප්‍රභූ ජනයාගෙන් උපකාර ලැබෙනු ඇත. සතුටුදායක නව වසරක සමාරම්භය උදාවනු ඇත. විවිධ රැකියා ව්‍යාපාර සාර්ථක වෙයි.

මීන ලග්නය

සෙනසුරු ස්වක්ෂේත්‍රව 12 වැන්නේද අයස්ථානය 11 වැන්නවූ මිත්‍රශීලි සිකුරුගෙන් ද බුධ ආධිත්‍ය යෝගබලය 09 වැන්නාවූ භාග්‍ය ස්ථානගතව ද යෙදීම උසස් ප්‍රභූ ජනයා ඇසුරට හේතුවෙයි. භූමිගත වස්තුමෙන් නව නිවාස, උත්සව, යෙදෙයි. ඇරඹූ කටයුතු සතුටුදායක බවක් මතු කෙරෙයි. විශේෂයෙන් රැකියා ව්‍යාපාර දියුණුව ගෙන දෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.