වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ධර්ම කර්මාධිපති යෝගෙයන් වෘශ්චිකය බලවත් වෙයි
ඕනෑම ලග්නයක නවවැන්න හා දසවැන්න අධිපතීන් සංයෝගවීමෙන් ධර්මකර්මාධිපති යෝගය උදාවේ. ඡ්‍යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල් කඩ වන මෙය රාජයෝගයකි. සඳු හා රවි වෘශ්චික ලග්නයට නවවැන්න හා දසවැන්න අධිපතියන් වේ.
නොවැම්බර් මස 16 වැනි දින උදේ 07.33ට හිරු වෘශ්චික රාශි ගත වන අතර 30 වැනි දින උදේ 06.04ට සඳු වෘශ්චික රාශිගත වීමෙන් වෘශ්චික ලග්න හිමියන්ට ධර්මකර්මාධිපති යෝගය උදාවේ. එය දෙසැම්බර් මස 02 වැනි දින සවස 03.44 දක්වා බල පැවැත්වේ.
ඉහත කාල සීමාව තුළ වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබන දරු දැරියනට මේ උතුම් යෝගය හිමි වනු ඇත.
එසේම වෘශ්චික ලග්නයෙන් උපත ලැබූවන්ට මෙතෙක් තිබූ දුක් කම්කටොලු අවහිර බාධා පහව යනු ඇත. ශාරීරික රෝගවලින් යම් සහනයක් ඇතිවුවද මානසික පීඩා ඇතිවිය හැකිය. වෘශ්චිකයේදී සඳු නීච වුවත් හිරුගේ බලය එම අසුබතාවන් මඟහරවයි.
ධර්මකර්මාධිපති යෝගයෙන් ජන්ම ලාභය ලබන්නෝ අනාගතයේ ධාර්මික වූ යහපත් ජීවන මාර්ගවල නියැළෙන්නෝය. සිතට එකඟව කටයුතු කරයි. පිරිසකට හෝ පළාතකට නායකයකු වීමේ වාසනාව සහිතය. උපදින විට තිබූ තත්ත්වයට වඩා උසස් ස්ථානයකට පැමිණේ. ප්‍රසිද්ධියට පත්වේ. දෙවි බඹුන් අදහන්නෙකි. රජුන් හා ඒ හා සමානයන්ගේ ගරු බුහුමන් ලබන අතර ඒ අය සමඟ උරෙනුර ගැටීමටද වාසනාව ඇත්තෙකි. ධර්මාවබෝධය සහිතය. සියලුම සැප සම්පත් ලැබේ. සෞභාග්‍යය, යස ඉසුරු හා ගෞරව, කීර්තියද ලබයි.