පාදවල ආබාධ ඇති කරන ග්‍රහ පිහිටීම්

දෙසැම්බර් 16, 2022

 

පාදවලට සම්බන්ධ තවත් භාවයක් වන කුම්භය ලග්න අධිපති සමඟ දෛන්‍ය මහා පරිවර්තන යෝගයක් උදා කළ බුධ ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියෙන් සහ දෙවැන්නේ සිටින 8 අධිපති අඟහරුගෙන් සහ සතුරු ශනිගෙන් පීඩා වූ රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් මෙන්ම බාධක ස්ථානාධිපති ගුරුගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වී ඇත

 

අප ජීවත්වන මේ සමාජයේ සුළු පිරිසක් පාද ආබාධවලින් පීඩා විඳිති. ජන්මියකුට කාරණා තුනක් හේතුකොට ගෙන පාදවල ආබාධ ඇති විය හැක. ඉන් පළමු වැනි කරුණ නම් හදිසි අනතුරක් හේතුකොට ගෙන පාදවලට හෝ කොඳු නාරටියට හානි සිදුවීමෙන් ඇවිදීමට නොහැකි වීම. ඒ අනුව මෙරට ජීවත් වන ජනතාවගෙන් වැඩි පිරිසකට ඇවිදීමේ අපහසුතා හෝ ඇවිදීමට නොහැකි වන්නේ යටකී ලෙස හදිසි අනතුරු හේතු කොට ගෙන පාදවලට හෝ කොඳු ඇට පෙළට හානි සිදු වීමෙනි.

 

දෙවැනි කාරණය නම් පෝලියෝ වැනි රෝග වැළඳීම හේතුකොටගෙන දෙපා දුර්වල වීමෙන් ඇවිදීමට නොහැකි වීමය. තෙවැනි කාරණය නම්, අංග විකල රෝගියෙක් වශයෙන් උපත ලැබීම හේතුකොට ගෙන ඇවිදීමේ අපහසුතා හෝ ඇවිදීමට නොහැකි වීමය.

දෙපා ආබාධ ඇති වීමට හේතු භූත වන කරුණු පිළිබඳව ඡ්‍යෝතිෂමය දෘෂ්ටි කෝණයකින් කරුණු විමසා බලන කල ලග්න කේන්දරයකට අනුව මිනිස් සිරුරේ මුළු බර දරා සිටින දෙදණ නිවේදන කෙරෙන 10 වැන්නත් එහි අධිපතිගෙන්, එමෙන්ම බත් කෙණ්ඩ නිවේදනය කෙරෙන 11 වැන්නත් එහි අධිපතිගෙන්, දෙපා නිවේදනය කෙරෙන 12 වැන්නත්, එහි අධිපතිගෙන් බල දුබලතාවයන් මෙන්ම විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ දෙදණ නිවේදනය කෙරෙන මකර රැස සහ එහි අධිපති ශනිගෙන් බත් කෙණ්ඩ නිවේදනය කෙරෙන 11 වැන්න වූ කුම්භයත්, එහි අධිපති සෙනසුරුගෙන් දෙපා නිවේදනය කෙරෙන 12 වැන්න වූ මීනයත් එහි අධිපති ගුරුගේ බල දුබලතා ගැනත් විමර්ශනය කර බැලිය යුතු වන්නේ ය. ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණුවල සත්‍ය අසත්‍යතාවය අවබෝධ කර ගැනීමට දෙපා ආබාධිත ජන්මියෙක්ගේ කේන්දර සටහනක් අධ්‍යයනය කරමු. පහත දැක්වෙන කන්‍යා ලග්න කේන්දරය හිමි වන්නේ කුඩා කල පෝලියෝ රෝගය වැලඳීම හේතුකොට ගෙන දෙපා ආබාධිත වූ කාන්තාවකටය. උපත අලුයම 5.45ට මේෂ නවාංශකයේ පුවසල නැකතේ 3වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 8 යි මාස 1 යි දින 27 ක් ශේෂව තිබුණි. දෙදණ නිවේදනය කෙරෙන 10 වැන්නාධිපති බුධ දුෂ්ටභාවයක් වන 12 වැන්නේ පතිතව 12 වැන්නාධිපති රවි ලග්නයේ පතිත වීමෙන් බුධ ලග්නාධිපති ද වන හෙයින් 12 වැන්න හා ලග්නාධිපති අතර දෛන්‍ය මහා පරිවර්තන යෝගයක් යෙදීමෙන් ලග්නාධිපති මෙන්ම 10 වැන්නාධිපති බුධ දුර්වල වී ඇත. 10 වැන්න 8 අධිපති කුජගෙන් පීඩා වූ බාධක ස්ථානාධිපති ගුරුගෙන් සහ සතුරු ශනි, මාන්දි ගුලික යන ග්‍රහයන්ගෙන් පාප කර්තරි යෝගයකට මැදිව 22 වෙනි දෙර්කාණාධිපති මෙන්ම 64 වැනි නවාංශකාධිපති සඳුගේ සප්තම දෘෂ්ටියෙන් පීඩා වී ඇත. එමෙන්ම ඉහත සඳහන් කළ පරිදි බත් කෙණ්ඩ නිවේදනය කෙරෙන භාවයක් වන 11 වැන්නේ ශනි සතුරු වූ මාන්දි සහ ගුලික සමඟ සිටින අතර එහි අධිපති සඳු සිව් වැන්නේ 22 වැනි දෙර්කාණාධිපති මෙන්ම 64 වෙනි නවාංශකාධිපති වෙමින් 12 වැන්නාධිපති රවිගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් සහ දුෂ්ට භාවයක් වන 8 වැන්නේ සිටින කේතුගේ පූර්ණ දෘෂ්ටියෙන් පිඩා වී ඇත. එමෙන්ම පාදවලට කාරක සෙනසුරු යට කී ලෙස 6 වැන්න වූ 11 වැන්නෙහි සතුරුව පතිත වී රාහු, කුජ, කේතු යන ග්‍රහයන්ගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වී ඇත. දෙදණ නිවේදන කෙරෙන 5 වැන්න වූ මකර රැස මාන්දි සහ ගුලිතගෙන් පීඩා වූ සතුරු ශනිගේ සප්තම දෘෂ්ටියෙන් සහ කේතු, කුජ, රාහු යන සහජ පාපීන්ගෙන් පීඩා වී ඇත.

පාදවලට සම්බන්ධ තවත් භාවයක් වන කුම්භය ලග්න අධිපති සමඟ දෛන්‍ය මහා පරිවර්තන යෝගයක් උදා කළ බුධ ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියෙන් සහ දෙවැන්නේ සිටින 8 අධිපති අඟහරුගෙන් සහ සතුරු ශනිගෙන් පීඩා වූ රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් මෙන්ම බාධක ස්ථානාධිපති ගුරුගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වී ඇත. ඒ අනුව ඉහත විග්‍රහ කළ පරිදි දෙපා ආබාධිත වීමට හේතු වූ ග්‍රහ පිහිටීම් බොහෝමයක් ඉහත කේන්දරයේ පිහිටීම හේතුකොට ගෙන මෙකී කාන්තාවට කුඩා කල පෝලියෝ රෝගය වැලඳී දෙපා දුර්වල වීම හේතුකොට ගෙනමැ ය. රෝද පුටුවක් ආධාරයෙන් දෛනික වැඩ කටයුතු කරන්නීය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.