හිතෝපදේශයෙන්

මැයි 14, 2021

ඍෂිවරුන් විසින් ආදර්ශමත් ගුණධර්ම සිරිත්විරිත් චාරිත්‍ර ආදී දැනමුතුකම් ලියා තබන ලද්දේ යහපත් දිවිපෙවෙතක් ගෙවමින් සමාජයට ආදර්ශමත් වීමටය. එම ග්‍රන්ථයන් අද භාවිතයෙන් තොරව සමාජය තුළින් ඈත්ව ගොස් ය.

 

අද සමාජයේ කල් ගෙවන ඇතැම් දැනමුතුකම් හා පැරණි දේ ගරුකරමින් දැන උගත් සුළු පිරිසක් ඇති බවට පෙනී යයි. එවැනි පිරිස මෙවැනි පොත පත කියා වීමට උනන්දුවක් දක්වයි.

හිතෝපදේශය නැමැති මෙම පුස්තකය පන්සල් අධ්‍යාපනයේදී මුලින්ම හැදෑරීමට උපයෝගී කරගන්නා බවත් ඉහතින් මුලින්ම දක්වා ඇති කරුණුද අදාල වටිනා වස්තුවකි. මුතුන් මිත්තන් ගෙන් පාරම්පරිකව පරම්පරාවෙන් පරම්පරාවට දායාද කළ හැකි ගුණ අගනා සාරධර්ම මෙම හිතෝපදේශය නැමැති ග්‍රන්ථයෙන් හෙළිවන අතර බාල පරපුර නොමගට යාමෙන් වළක්වාලීමට මෙම කියවන ඔබට මහත් රුකුලක් වනු ඇත. ඉපැරැණි සාරධර්ම හා අගනා දැනුම් සම්භාරයක් මෙයන් හෙළිවන අතර එක්තරා පුණ්‍ය භූමියක ස්වරූපයක් මෙමගින් මනසට කිදා බසිනු ඇත.

 

සි¼ධිඞ සාධ්‍යෙ සතාමස්තු – ප්‍රසාදතතසය ධුජ¡¡වෙඞ

ජාහනවිඵෙනලෙඛෙව – යනමුර්ධ්නි ශශිනං කලා

ගංගා නම් ගඟෙහි පෙන කැටියක් මෙන් යම් කෙනෙකුගේ හිසෙහි සඳතලාව බබලන්නේ ද එය ඉසුරු දෙවියාගේ පැහැදීම නිමිත්තෙන් වූ නුවණැත්තන් විසින් සිහි කටයුතු වූ දෙයක් ලෙස සැළකේවා.

හිනුවාදින්ගේ සියල්ලටම මුල්වන ගලායන ගංගා නම් ගඟෙහි ජලයෙහි බබලන පෙන කැටිය මෙන් “ඉසුරු දෙවියා හෙවත් ඊශ්වර දෙවියන් පැහැදීම හා සිහි කිරීම මෙන්ද යම් කෙනෙකුගේ නළලෙහි ඇති සඳතලාව ලෙසද උගත් පඬිවරුද . නුවණැත්තන්ද. යමක් දක්නා වෙන සිහිකටයුතු ලෙසින් අවබෝධ කර ගැනීමට උපකාර වෙත්වා.

 

ශ්‍රැතො හිතොපදෙශොයවං පාටවං සංස්කෘතොකතිෂු

වාචං සඵත්‍ර වෛචිත්‍ර්‍යං – සංස්කෘතියේ වූ පටුත්වය ද

සියලු කියමනයන්හි විසිතුරු බව ද නිති ශාස්ත්‍රයද ලබා දෙන්නේය.

ඇසීමට කියවීමට හිතෝපදේශය නැමැති මෙම සංස්කෘතික භාෂාවෙන් ලියවී ඇති මෙම ග්‍රන්ථයෙන්, කියවෙන්නේ විසිතුරු බවත් දැනුමත් යම් නීති ශ්‍රාස්ත්‍රයක්ද ලබා ගැනීමට හැකි උපයෝගියක් බව වේ.

අජාරාමරවත් ප්‍රාඥො විද්‍යාමත්කුච චිත්තයෙත්

ගෘහිතෘ ඉව කෙශෙෂු මෘත්‍යුනා ධර්‍මමාවරෙත්

උගත නුවණැති පුද්ගලයා ජරා මරණ නැති ලෙස ශාස්ත්‍රය හා වස්තුව ද ගැන සිතන්නේය. එසේම මාරයා විසින් හිස කෙස් වලින් ඔසවා ගෙන සිටින අයෙකු ලෙසද සළකා යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නේය.

උගත්, නුවණැත්තන්, යහපත් ගුණැති අය ජරාවත්, මරණයත් නැති ලෙසට උගත් ශාස්ත්‍රයත් වස්තුවත් ගැන සිතයි. එසේම මාරයාද හිසේ කෙස් වලින් උසවා ගෙන සිටින කෙනෙක් ලෙස යහපත් කටයුතු හා ධර්මයෙහි යෙදී කටයුතු කරන්නේය.

 

සව¢දාච්‍යෙෂු විද්‍යෙව ද්‍රවමොහුරනුත්තමම්

අභාQත්‍ථාදක්‍ෂයÀවාචච සව¢ද්‍ර

පැහැරගත නොහැකි හෙයින්ද මිල කළ නොහැකි නිසාද කිසි විටෙකත් අඩු නොවන හෙයින්ද, සියලු වස්තූන් අතුරෙන් ශාස්ත්‍රයම ඉතා උතුම් උදුරාගැනීමටත් සොරාගැනීමටත් මිල නියමයන් කිරීමටත් බැරි කිසි විටෙක අඩු නොවීමත් නොවන්නේත් සියලුම වස්තූන් අතුරෙන් ඉතා වටිනා උතුම්ම වස්තුවක් හා ලැබීමක් වන්නේ උගත් ශාස්ත්‍රය පමණයි.

සංයොජති විදෛ්‍යව නිචගාපි නරං සරිත්

සමුද්‍රමීව දුධ¢ෂීංනාපං භාග්‍යමතං පරම්

ගලායන ගඟ මුහුද සමඟ එක්වන්නාක් මෙන් මිනිසාට ළඟාවිය නොහැකි රජු හා එකතු කිරීම ශාස්ත්‍රය විසින් කරණු ලබයි. අනතුරුව උතුම් ඉසුරු සමඟ එක් කරන්නේය.

ගලායන ගඟක් හරි දිය වැලක් මුහුදට කොතැනකදි හෝ මුහුදට එකතු වීමකට හැකිවෙයි. රජෙකු ළඟට යාමට හරි දුෂ්කරයි. අමාරුයි. ශාස්ත්‍රය උගතාට ශාස්ත්‍රය තුළින් රජු ළඟට ළඟාවීමට පහසු කරයි. ඒවාගේම උගත් ග්‍රන්ථය තුළින් උතුම් වස්තු සම්භාරයක් ලබා ගැනීමට ද උදව්වක් ද වෙයි.

 

විද්‍යා දදාති විනයං – විනයාද්‍යාති පාත්‍රාතාම්

පාත්‍රÀවාදධමාජනොති – ධාතාධර්‍මං තතඞ සුඛම්

ශාස්ත්‍රය හික්මීම ලබාදෙයි. හික්මීමෙන් ගෞරවනීයත්වයෙන් යුතු සුදුසු බවට පැමිණේ. සුදුසු භාවයෙන් ධනවත් බවට පත් ධනවත් ධර්මවාදී බවට හා සැපයට පැමිණේ.

උගත් ශ්‍රාස්තය හා දැනුම අනුව සැකසුමකට ද එමඟින් ගෞරවනීයත්වය හෙවත් පිළිගැනීමකට හා සැලකීමකට ද පත්වීම නිසා ධනවත් වන බවත් ධනය පාරිශුද්ධත්වයෙන් පරිහරණය කිරීම අනුව ධර්මවාදීත්වයට පත්වන බවට ළඟාවෙයි.

විද්‍යා ශාසත්‍රස්‍ය ශාස්ත්‍රස්‍යවෙ විද්‍යෙ ප්‍රතිපත්තයෙ

ආද්‍ය හාස්‍යය වාඬිෙÀව ද්විතීයාද්‍රියතෙ සදා

විද්‍යාව දෙයාකාරවේ. එයින් පළමුවැන්න මහලු අයගේ මහලුභාවයේ

සිනහව පිණිස වන්නේය. දෙවැන්න සදාකාලික දියුණුව හා ආදරය පිණිස පවතින්නේය. පවතින්නේය.

දැනුම හැකියාව තුළින් විද්‍යාවේ බලය කොටස් දෙකකි. එයින් පළමුවැන්න ප්‍රකාශ කරන්නේ මහලු බවට පත්වූ විට ඇතිවන හැඩතල අනුව උපදින සිනහවය. අනෙක වෙන්නේ කරණ කටයුතු අනුව උපදින දියුණුව හා ලැබීම අනුව ඇති වන සතුටටත් ආදිය පිළිබඳ ඇති වන සතුටට උපදවන සිනහව වෙයි.

 

මිත්‍රලාභඞ සුභෘද්භෙද්‍රො – විග්‍රහඞ ඍෂි සන්ධිරෙවච

පංචතන්ත්‍රාත්තථෘ න්‍යසමාද්ග්‍රන්ථාදකෘෂ්‍ය ලිඛි්‍යතෙ

හිතමිතුරු ලැබීම් ලාභය හිත මිතුරු ගැටලු ආරවුල් සටන මිත්‍රභාවය හෙවත් සමගිය යන මේවාද පංචතන්ත්‍රය නැමැති වටිනා පොතෙන් ද ඒ සමාන පොත්පතින් ගති තොරතුරු අසුරෙන් මෙම තොරතුරු ලියා ඇති බවත් මෙයින් ප්‍රකාශ වෙයි.

අස්ති භාගිරථිතිරෙ පාටලීපුත්‍රනාම ධෙයං නගරං

 

තත්‍ර සව¢ස්වාමිගුණෝපෙතං සුදශ¡¡නො නාම නරපතිරාසිත්

සභූපතිරෙකදා කෙනාපි පඨ්‍යමානං – ශ්ලෝකචයං ශුශ්‍රාව

ගංගානම් ගංගාතීරයේ පාටලීපුත්‍ර නම් නගරයක් ඇත. සියලු රාජගුණයෙන් යුක්තවූ සුදර්ශන නම් රජෙක් විය. ඒ රජු එක් දවසක කිසිවෙකු විසින් කියනු ලබන “ශ්ලෝක දෙකක් ඇසුවේලු.

අනෙක සංශයොවෙරදි – පරොක්‍ෂාත්ථිස්‍ය දශ¡¡කම්

සව¢ස්‍ය ලොචනං ශාස්ත්‍රං – යස්‍ය නාසත්‍යනව එවසඞ

 

ඇතිවන්නාවු ගැටලු සැකයන් ඉවත දැමීමට දක්ෂයෙක් ද, නොදන්නාවු යමක් සිතා බලා දැන ගැනීමට සමත් වූවන් ද ඇසකට සමාන වූ අගයක ශාස්ත්‍රයක් දැනගැනීමට නොහැකි කෙනෙක්නම් ඒ තැනැත්තා හෝ තැනැත්තියක් ඇස් නොපෙනෙන අන්ධයෙකුට සමාන බවට පත්වෙයි.

යෞවනං ධනසමපෙත්තිඞ ප්‍රභÀවමවිවෙතිතා

එකෙකමප්‍යානÀවාය – කිමු යත්‍ර චතුෂ්ටයම්

තරුණ බවය. වස්තුසම්පත්ය. ප්‍රධාන ක්‍රමය, අපරීක්‍ෂාකාරි බවය. යන මේ එක් එක් ඒවා අවැඩ පිණිසද හේතුවන්නේය. යම් තැනෙක ඒ සතරම ඇත්තේ නම් කියනු කිම?

කෙනෙකුගේ තරුණබව, ධනවස්තු සම්භාරය නායකත්වය පරික්ෂාකාරි හෙවත් සෙවිල්ල යන මේවා සමහර විටෙක පලක් නැති දේවල් වෙයි. මේ කරුණු සියල්ල එක් වු ඇති අවස්ථාවකදීද මොන ප්‍රතිඵල යක් ඇති වේවිද යන බව ගැටලුවකට පත්වෙයි.

ඉත්‍යාකර්‍ණ්‍යාත්මනඞ – පුත්‍රාණාමනධිගතාශාස්ත්‍රණාම්

නිත්‍යමුන්මාර්‍ග¡ගාමිනං ශාස්ත්‍රා නනුෂ්ඨානොදවීග්න මනඞ

මෙසේ අසා ශාස්ත්‍රය අවබෝධ - සරාජා චිත්තයාමාස නොකළ නිරන්තරයෙන් නොමගයන තම පුතුන් ශාස්ත්‍ර ඉගෙන නොගැනීම ගැන කලකිරුණු රජ මෙසේ සිතුයේලු .

 

කෝථිඞ පුත්‍රණෙ ජාතෙන යො න විචාන්ත ධාර්මිකඞ

කාරොන චක්‍ෂුෂා කිංවා චක්‍ෂුඞපීඩෛව කෙවලම්

යමෙක් උගත් නොවන්නේ ද ධාර්මිකව නොහැසිරේද? එවැනි උපන්නාවූ පුත්‍රයන්ගෙන් කුමන නම් වැඩෙක්ද? අර්ථයක්ද කණාවූ ඇසින් ඇති පීඩාවට පත් කරණු විනා වෙන කුමක්ද?

කෙනෙකුට උගත්කමක් නැතිද, ධාර්මික ගුණතාවයක් ඇති ජීවත්නොවන්නේ ද? එවැනි ගතිගුණ ඇති පුතුන් ගෙන් ඇති වැඩක් ම නැත. තෙරුමක්ද නැත එවැනි අය කණවූ ඇසක කැක්කුම ඉවසන්නේ කෙසේද ඒ ආකාරයම වගේය.

අජාත මෘත මුඛෙභ්‍යො – වරමාදෙත්‍යා න චාන්‍තිමඞ

සකෘද්දුඞඛරාවාද්‍යාන්තිමස්තු පදෙ පදෙ

 

නූපන් මළ නූගතුන්ගෙන් ඉස්සර වෙලා උපන් පුතුන් දෙදෙනා වඩා හොඳයි උතුම් වෙනවා. එහෙම උන්ට අන්තිමයාගේ කටයුතු වලින් වැඩක් නැත. ඔහු අනෙක් දෙදෙනා එක් වරෙක දුක කටයුත්තක් කරණ කොට අන්තිමයා පියවරක් පියවරක් පාසා දුක් කටයුතු කරන්නේය.

සජාතො ගෙන ජාතෙන යාති වංශඞ සමුන්නතිම්

පරිවර්තතිනී සංසාරෙ මෘතඞ කොවෘන ජායතෙ

යමෙක් දසස් කුලයක ඉපැදීම හෙතු කොට ගෙන ඉපදීම උපන්නේ නම් වෙයි. (එසේ නොවේනම්) පෙර ලෙන්නාවූ සංසාරේ මළාවූ කවරෙක් නම් නූපදින්නේවේද?

යම් කෙනෙකුගේ ඉපදීම හේතුකොට ගෙන ඒ අතරම වංශය කුලය, උසස්වීමට පත්කර ගන්නා කටයුතු කරගන්නවා. පෙරළෙන්නාවූ මේ සංසාරේ මිය ගියා වු කෙනෙක් නැවත් කොහොම කෙනෙක් වී උපදින්නේ ද කියා තෝරාගත් හැකි ද?

 

ඡ්‍යොතිර්වේදී සාමවිනිසුරු

රාජ්‍ය සම්මානලාභී කළාභූෂණ

මාකෙහෙල්වල කරුණාපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.