වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1945 ක් වූ මකර රවි 05 භාග දුරුතු පුර නවවක ලත් කිවිදින සිට එම රවි 11 භාග දුරුතු පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ...
2024-01-18 18:30:00
ඒරාෂ්ටකය ගැන ඔබ නොදන්නා සැඟවුණ කරුණු ටිකක් කියන්නට තමයි අද සටහනට තේමාව කර ගත්තේ. මේ සටහන ලියන්න පාදක වූ කේන්ද්‍ර කීපයක් ගැනත් විස්තර ලියනවා....
2024-01-18 18:30:00
පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (sex abuse) නැතහොත් ලිංගික අපරාධ (sex crimes) පිළිබඳ වාර්තාවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මූලික තැනක්...
2024-01-18 18:30:00
පසුගිය සතියේ පෞද්ගලික අංකය සොයාගන්නා ආකාරය සහ ජනවාරි මාසයේ උපන් පුද්ගලයන්ගේ ජිවන තොරතුරු සාකච්ජා කරන ලද අතර අද ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1, 2, 3...
2024-01-18 18:30:00
එළැඹුණු 2024 වසරේ තත්කාල සටහනට අනුව ලග්නාධිපති ගුරු පස්වැන්නේ සිටින අතර, පස්වැන්නාධිපති ලග්නයේ යෙදී පස්වැන්න හා ලග්නය අතර මහා පරිවර්තන යෝගයක් තනයි....
2024-01-11 18:30:00
සරල ලෙස ඡ්‍යොතිෂය හදාරමින් සුළු ඡ්‍යොතිෂ දැනුමක් පවතින කෙනෙකුට පවා පුද්ගලයාට මෙන්ම ලෝකයටම වුවත් අනාවැකි කිව හැකි පුදුමාකාර විස්මිත ශක්තියක් අඩංගු ක්...
2024-01-11 18:30:00
ආරියරත්න කහවිටයන්ගේ බලවත් ඉල්ලීම පිට සිංහල සිනමාවට එක් වූ රොබින් ප්‍රනාන්දු චිත්‍රපටි 200කට පමණ රංගනයෙන් දායක වූ බව කියා තිබේ. පසු කාලය තුළදී...
2024-01-11 18:30:00
අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි අපිට වැදගත් වු අංක කිහිපයක් තිබේ. ඒ අපගේ පෞද්ගලික අංකය, දෛව්‍ය අංකය, සහ මාසයේ බලයයි. යම් පුද්ගලයකුගේ...
2024-01-11 18:30:00
චීන රාශි චක්‍රය වසර 12 ක් පුරා සෑම වසරකටම එක් සතෙකු බැගින් නියෝජනය කරයි. මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා...
2024-01-04 18:30:00
අස්විද නැකැත ආර්ථිකය - සශ්‍රීක කාලයක ආරම්භයක් නැවත ගොඩනඟන කාලයකි. ව්‍යාපාර කරණයන්ගෙන් ඉහළ ලාභ සහිත ආර්ථිකයක් ගොඩනැඟෙනු ඇත. වාසනාවන්ත වසරක්...
2024-01-04 18:30:00
අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් ලබන කොට අපි බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. එනම්, අය වැය කොහොමද? බඩු ලාභ වේවිද? රෝගී නීරෝගි තත්ත්වය කොහොමද? දරු පැටවුන්ට...
2024-01-04 18:30:00
මේෂ ලග්නය මේෂ ලග්න හිමියන්ගේ 2024 වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා 11, වැන්නෙත් රාහු 12, වැන්නෙත්,කේතු 6 වැන්නෙත් ගමන් කරයි. ගුරු ග්‍රහයා වර්ෂය...
2024-01-04 18:30:00
මේෂ ලග්නය චිත්ත පී‍්‍රතිය ප්‍රබෝධමත් වසරක්. බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟේ. ඔබගේ අවබෝධ ඥානය මැනවින් කැපී පෙනෙන අතර...
2024-01-04 18:30:00
මිනිස් ජිවියේ පැවත්ම උදෙසා විවාහය මෙන්ම විවාහයෙන් පසු දරුවන් බිහි කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේම විවාහයේදී සැමියා බිරිඳ එක්තැන් කරන පුරුක වන්නේ ද...
2023-12-28 18:30:00
ශකවර්ෂ 1945 ක් වූ ධනු රවි 14 භාග උඳුවප් අව තියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග උඳුවප් අව අටවක ලත් ගුරු දින දක්වායි. ග්...
2023-12-28 18:30:00
නව වසර ආරම්භය ජනවාරි පළමුවන දින පෙරවරු 06.22 ට හිරු උදාවත් සමඟ පවතින තක්කාල කේන්ද්‍රය වනුයේ ධනු ලග්නය හිමි සිංහ නවාශකයයි. මෙහි රවි සහ කුජ ග්‍රහයින්...
2023-12-28 18:30:00