ඒරාෂ්ටකය පල දෙන්නේ මෙහෙමයි

ජනවාරි 19, 2024

 

ඒරාෂ්ටකය ගැන ඔබ නොදන්නා සැඟවුණ කරුණු ටිකක් කියන්නට තමයි අද සටහනට තේමාව කර ගත්තේ. මේ සටහන ලියන්න පාදක වූ කේන්ද්‍ර කීපයක් ගැනත් විස්තර ලියනවා. යමක හරිහැටි කරුණු ඒ අයුරින්ම පෙන්වා දීම එදා සිටම සුබසෙතින් සිදුවූ යුතුකමක්. ඒ නිසා ඒ යුතුකම හෙට දිනයටත් අපේ පාඨකයන්ට පෙන්වා දෙනවා.

සෙනසුරු ඒරාෂ්ටකය ඇවිත් තිබෙන්නෙ ඔබට හෝ ඔබේ දරුවකුට කිව්වොත් ඇත්තටම ඔබ බිය වනවා. පෙරදා විෂ්ණු දෙවියන්ට සෙනසුරු ඒරාෂ්ටකය කරපු හැටි මතක් වනවා. මේ සෙනසුරු ලග්නය හෝ චන්ද්‍රයා පසුකරන විට හෝ අෂ්ටමයට ආපු පළියටම ඒරාෂ්ටක කරන්නෙ නැහැ. මේ අවස්ථාවට සෙනසුරුට බලය, ශක්තිය තිබෙනවද? දෝෂ භංගයක් එහෙම පවතිනවද කියල හිතන්න ඕනෑ. ඇමැතියකු වෙලා වැඩක් නැහැ. ඇමැතිගේ බලය නැත්නම්. ඕනෑම කෙනකු ළඟ පෙනෙන දෙයට වඩා වටිනා දෙයක් හැංගිලා තිබෙන්නෙ බැරි නැහැ.

මේ ඉරහඳ යට සමහර දේවල් තිබෙනවා කරනවා, නොකරනවා හා කෙරෙනවා. නොකෙරෙනවා කියලා. පව්, පින්වල ප්‍රතිපල කෙරෙනවා. ඒරාෂ්ටක කරනවා. කරනව කිව්වොත් ග්‍රහයකු හෝ සත්වයකු විසින් කරනවා. ඒරාෂ්ටකයත් සෙනසුරු විසින් කරනවා. ඒ නිසානේ විෂ්ණු දෙවියන්ට සෙනසුරු ඒරාෂ්ටක කළේ. මේ කතාවේ මුල හොයාගෙන ගියොත් ලොකු දේව කතාවක්. විෂ්ණු අයිති රවිට. හිරු ඒ කිව්වේ අර්කඞ අර්කඞ ශනෙන්ෂ්වරඞ සදා වෛරයි කියල තිබෙනවනේ. ඒ දෙන්නා නයි පොළොංගු වගේ. වෛරකාරයෝ විෂ්ණු දෙවියො බට කොළ කාපු කතාව කිව්වෙත් මේකට තමයි.

ඒරාෂ්ඨකය කිව්වොත් මතක් වන්නෙ සෙනසුරු ග්‍රහයාව. ඒ තරමටම සෙනසුරාව විපාක දෙන ග්‍රහයෙක් බවටයි. ඡ්‍යොතිර්වේදියා දකින්නෙ. සෙනසුරු ළඟ හොඳ ගතිගුණ කිසිවක්ම නැහැ. එකක් මතක තබා ගත්තොත් හොඳයි. ඕනෑම කෙනකු ළඟ හොඳ ගතිගුණත් තිබෙනව කියල කලින් ලිව්වනේ. මේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු තරම් ලැබීම් දෙන වෙනත් ග්‍රහයකු නැහැ. සෙනසුරු දුබලයකු හැටියටයි සමහර ඡ්‍යොතිර්වේදීන් හඳුන්වන්නේ. හරියටම කියනව නම් සෙනසුරු බලගතුයි. සෙනසුරු හැප්පෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලයේ ලොක්කා ප්‍රධානියා රවි එක්ක. ඉතින් සෙනසුරු නිවටයෙක්ද?

මේ ළඟදි මම සටහනක් ලිව්වා සෙනසුරු විතරද ඒරාෂ්ටක කරන්නෙ කියලා. ඇයි කුජයා. මේ කරුණු සුබසෙතින්මයි විස්තර කරන්නේ. අෂ්ඨක කරනව, කියනව කියන්නෙ කෙනෙකුට සුබ. ප්‍රතිඵලයක් ඉටු කරනව කියන එක. ඒර් + අෂ්ටක කියන්නෙම ඒකේ විරුද්ධ අර්ථය. අනික සෙනසුරු සාධාරණ ග්‍රහයකු. ඕනෑම කෙනකු තව කෙනකුට දඬුවම් දෙනකොට පවුලේ අය, ඥාතීන් බේරනවා. සෙනසුරු එහෙම නැහැ. එයාගේම රාශිය වන මකරයටත් නරක් වුණොත් දැඩි දඬුවම් දෙනවා. අවශ්‍ය නම් මරණය පවා දෙනවා. සෙනසුරු ගැන තව පුංචි දෙයක් කියන්නම් කෝ. නිකං වගේ මතකයේ තබා ගන්නකෝ. සෙනසුරුගේ යහපත් කාලයේදී විශේෂයෙන් සෙනසුරු තුලා රාශියේදී දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙනවා. ඒ කිව්වේ මුදල්, ඉඩකඩම්, අනියම් සම්බන්ධතා, යාන වාහන, මත්පැන් පුරුදු, ඔය ඔක්කොම දෙනවා. ඒ සෙනසුරු උච්ච වෙලා ඉන්න කාලසීමාවේ විතරයි. ඒ කාලයේදි ඇතිවන පුරුදු පවතිනවා. පුරුද්දට කරනවා. හොඳ හා නරක. සෙනසුරු අවුරුදු 3 දින 3කදි මාරු වුණාට පුරුද්ද මාරු වන්නෙ නැහැ. ඉතින් මිනිහා නැතිවනවා.

දැන් සෙනසුරු නැහැ. බුධට තත්කාලය මාරු වුණා. නරක පුරුදු ක්‍රියාවට නංවන විට දැන් කියනවා. සෙනසුරු ආපු නිසා දුන්නා. ගිය නිසා කරදරයෙ දැම්මා කියා. නරක පුරුදුවීම නිසයි ඔබට වැටහෙන්නෙ ඔබ අන්ත දුගී භාවයට වැටුණට පසුවයි. කිසි කෙනෙක් ඔබව වැට්ටුවේ නැහැ. ඔබ විසින්මයි වැටුණේ. අද වන් හොඳට මතක තබා ගන්න අනවශ්‍ය නම් කොච්චර දේවල් නොමිලේ කවුරු දුන්නත් ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නත් එපා. අපි පුරුදු වෙලා ඉන්නෙ නිකං ලැබුණොත් ඕන දෙයක් ගන්න. ඒ ගතිගුණය නතර කරන්න.

මේ ළඟදි කටක ලග්න හිමියන් කීපදෙනෙක් ම හා මකර ලග්න හිමියන් කීප දෙනෙක් ම මා ලවා ඔවුන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවා ගත්තා. මහ දසා අතුරු දසා නොගියත් සෙනසුරුගේ ගෝචරය අෂ්ටමයේ මකර ලග්න හිමියන්ට ධනස්ථානයේ මේ විදියට බලන කොට සප්තම දෘෂ්ටියටත් අසු වනවා. එම නිසා ඒරාෂ්ටකයට අහුවෙනවා කියන එකයි ඒ අයගේ තර්කය. ගොඩක් අය ඒ අයව බය කරල. ඒ අය මානසිකව වැටිලා ගොඩක් අය එහෙම කිව්වට. 2023 ජුනි 17 සිට නොවැම්බර් 4 වනතුරු සෙනසුරුගේ වක්‍රයක් තිබුණා. ඒක කාට කාටත් අමතක වෙලා. සෙනසුරු හෝ ග්‍රහයකු “වක්‍ර” වනවා නම් “අස්ත” වනවා නම් ඒරාෂ්ටකවල බලය දෙන්නෙ නැහැ. බය වන්ට එපා. හැබැයි කේන්දරයේ වෙන ප්‍රශ්නයක් තිබුණොත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒවා බෝධි පූජාවලින් හැරගිය නුගගස්වලට පහන් දැල්වීමෙන් සමනය කරගන්න පුළුවන්. මම මේ ලිව්වේ ඒරාෂ්ටකය කියු පළියට බයවන්ට එපා කියන එකයි. දැන් අර කේන්දරය බලාගත් අයට උසස්වීමකුත් ලැබිලා. ජයයි.

ඡ්‍යොතිෂය කරන ගොඩක් අය දක්ෂ කොම්පියුටර් ක්‍රියා කරවන්නො විය හැකියි. ඒත් ඡ්‍යොතිර්වේදින් නොවන බවත්, ඔය අතරතුර ඉතා දක්ෂ ඡ්‍යොතිර්වේදින් ඉන්න බවත් අමතක කරන්න එපා.

පරිගණකය හඳුන්වා දුන්නට පස්සේ අපේ ගොඩක් දක්ෂ ඡ්‍යොතිර්වේදින්ගේ ධාරණ ශක්තිය පිරිහුණා. පහසුව කවුරුත් බලන නිසා ඒ අයගේ වැරැද්දක් කියන්න බැහැ. ඔබ වටහා ගන්න. පරිගණකයෙන් ලබා ගන්නෙ කවුරු හෝ ඇතුළත් කළ දත්ත විතරයි. ඒ ඇති.

ඡ්‍යොතිෂයේ ශ්ලෝකවල සත්‍ය විස්තර එළිදරව් කරනවා. ඔය හැම ග්‍රහයෙකුටම එක එක් ශ්ලෝකයෙන් විස්තර කරනවා. මේවා පැරණි ඍෂිවරුගේ මත සෙනසුරුටත් එහෙමමයි. එහෙනම්

නිත්‍යං විවාද වද බංධන රෝග පීඩා

භන්ධො සදා විමුක්තං

වර මිත්‍ර වෛරඞ අසානි රස්ථ කෘභි

නිශ්ඵල නාස්ති හානිං

සර්මෙසු සම්භව දසා සුත රෝග්‍ය පෛනී

සෙනසුරුට අපල කාලයට පලඳින්න ඕනෑ. ශනි මුත්‍රජ්‍යය යන්ත්‍රය විතරක්ම නොවේ. නීල මණ්ඩලය, නව ග්‍රහ යන්ත්‍රය මහා නවනාථය යන යන්ත්‍රත් හොඳයි. මේවා තඹ කොළයක පන්හිදෙන් ලියලා රත්‍රං ආලේප කරල 1800 වර ජප කරන්න.

ඔබටත් නවග්‍රහදීන්ගේ පිහිටයි !

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.