2024 වසර ඔබට කොහොමද?

ජනවාරි 5, 2024

අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් ලබන කොට අපි බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. එනම්, අය වැය කොහොමද? බඩු ලාභ වේවිද? රෝගී නීරෝගි තත්ත්වය කොහොමද? දරු පැටවුන්ට කොහොමද? කියලා. මේ සියලුම විස්තර ඔබේ කේන්දරයේ නිවැරැදිව සටහන් වී තිබෙනවා.

“ලග්න ස්ථානා – ධනස්ථානා – සහජ බන්දු – පි‍්‍රයඞ ශුභඞ

ශත්‍රා කලත්‍රංච මුත්‍රංච ධර්ම කර්ම අයඞ වැයඞ

මෙන්න මේ ශ්ලෝකයට අනුව ලැබීම කොහොමද ආයුෂ කොහොමද? හදිසි ධන ලාභ තිබෙනවද? විවාහය හරි යාවිද? විවාහක නම් දරු සම්පත් එහෙම කොහොමද? කියල කියන්නෙ. මේවා බලාගන්නට විශේෂයෙන් උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීමත් තත්කාල කේන්දරයේ ග්‍රහ පිහිටීමත් සංසන්දනය කරන්න ඕනෑ. දැන් උත්පත්තියේ තිබූ ඒ කේන්දරය වෙනස් කරන්ට බැහැනේ. එහෙනම් දැන් බලාගන්න ඕනෑ තත්කාල කේන්දරයේ ග්‍රහ පිහිටීම. ඒ කිව්වේ මහ දසා අතුරු දසා කාටද කොහොමද කියල. දැනට ගෙවන මහ දසා හා අතුරු දසා ඍජුවම ප්‍රතිඵල දෙන බවත් අනිත් ග්‍රහයෝග වක්‍රව ප්‍රතිඵල දෙන බවත් දැනගත්තොත් පහසුයි. ඒක දැනගන්නට මම එක උදාහරණයක් සඳහන් කරන්නම්.

අපි හිතමු ඔබගේ උපන්දිනය 2000 - 01 -30 කියලා. උපන් නැකත පුවසල යයි හිතමු. එනම් 2024. 01.30 දිනට පලාපල බලන්නයි යන්නේ. වින්ශෝන්තර මහ දසාව සිකුරුට අවු 15 මාස 6 දින 15ක් තිබුණා සේ හිතමු. එතකොට මහ දසාව අතුරු දසාව හොයමු.

2024.01.30 දිනට වයස බැලීමට

2024-01-30

2000 - 01 -30

24.00 - 00

දැනට වයස අවුරු 24. මාස 00 - දින 00

එදා තිබූ මහ දසාව – සිකුරුට 15. 06 - 15

රවි 06 .00 .00

සඳු 10.00.00

ඔබේ වයස අඩු කරන්න 31.06.15

24.00.00

ඔබට ඉදිරියට සඳු මහ දසාව 07.06.15

 

එසේ නම් පංචාංගයට

අනුව 07.06.15

07.03.00

මහ දසා සඳු කේතු අතුරු දසාව

ඉදිරියට 00.03.15

ඉන්පසු සඳු මහ දසාවේ

සිකුරු අතුරු – 01 - 08 -00

ඊට පසු සඳු මහ දසාවේ

රවි අතුරු – 00 -06 -00

ඒකත් ගෙවුණට පසු සඳු මහ දසාව ඉවරයි – ඊට පස්සේ අඟහරු පටන් ගන්නවා.

ඔය විදියට ඕනෑම කෙනෙකුගේ දැන් පවතින මහ දසාව හා අතුරු දසාව දැනගන්න. 2024 ජනවාරි මස 01 දිනට මේෂ ලග්නයට ග්‍රහ පිහිටීම බලාගෙන එක එක ලග්නවලට කොහොමද කියලා කරුණු ඇතිව දැනගනිමු.

 

මේෂ ලග්නය

අඟහරුවට අයත් ලග්නයේ ගුරු ගෝචරය නිසා ශිල්පය හදාරන හා ශිල්පය මුල්කරගෙන වැඩ කරන අයට යහපත් කාලයක්. නමුත් විවාහකස්ථානය ශප්තම දෘෂ්ටියට අසුවන නිසා ඒ අයට පශ්චාත් උපාධි වැනි කටයුතු මුල්කර ගැනීමෙන් විවාහ කටයුතු කල්දමන ගතියක් එළඹෙනවා.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නය හිමි සිකුරු දැනට බුධ සමඟ යෝග වී අෂ්ටමයේ ගෝචරය වුවත් 18/1/2024 දින ධනුවට සංක්‍රමණය වන නිසා සම ග්‍රහතාවයක් පවත්වනවා. එවිට බුධ ග්‍රහයාගේ ශප්තම් දෘෂ්ටියට ලක්වන නිසා තීරණයකට ඒම අපහසු තත්ත්වයක් පෙන්වනවා. වර්තමානය බලවත් වන නිසා විශේෂයෙන් කරදර ඒම වළකින ගතියක් පෙන්වනවා.

මිථුන ලග්නය

අඟහරුට අයිති වෘශ්චිකයේ මිථුනය අයිති බුධ ජනවාරි 02 නිවෘත ස්වභාවයට පැමිණ ජනවාරි 07 ධනුවට ගමන් කරයි. වෘශ්චිකයේ සිටින කාලසීමාවේ කිසියම් සමග්‍රහ ජාලයක් පෙන්නුම් කරයි.

කටක ලග්නය

2024 ජනවාරි 01 සිට 02 දිනවල සිට 2 වැනි දින පැය 30.45ට කන්‍යාවට සංක්‍රමණය කරයි. සඳු නැතහොත් චන්ද්‍රයා මිත්‍ර රාශියක් බව පෙන්වා දෙයි. දරුවන්ගේ ශිල්ප කටයුතු වැඩිදියුණු කරයි. 11 වැන්නේ ශනිට ශප්තම දෘෂ්ටිය හෙළන නිසා මඳ ප්‍රමාදයක් සිදුවන බවද කිව හැකිය.

සිංහ ලග්නය

සිංහයට අධිපති වූ රවි, ගුරුට නැතහොත් බ්‍රහස්පතිට අයත් ධර්මස්ථානයේ කුජ සමඟ සංයෝග වී සිටීම නිසා මිත්‍රත්වයක් ඇති වෙමින් පවතී. බුධගේ දෘෂ්ටියට අසුවන නිසා තවත් සුබදායක තත්ත්වයක් ඇතිවේ.

කන්‍යා ලග්නය

බුධට අයත් කන්‍යාව මෙම ලග්න චාරය හිමි වන 06 වැන්නේ සිටින කේතා නිසා සත්‍රෘත්තාවයක් පෙනේ. අර්ථයක් නැති කරදර, රෝගයක් නැති රෝග, ඇස් වහ කටවහ වැනි රෝග, ශරීරයේ “ලේ” කෝපවීම වැනි රෝග ඇති කරයි. අනවශ්‍ය රණ්ඩු සරුවල්වලින් හැකි තරම් ඈත් වන්න.

තුලා ලග්නය

තුලාවට අයත් සිකුරුට, 2 වැන්න හා 7 වැන්න අයත් බව පෙනේ. නමුත් සිකුරුගේ ගෝචරය 8 වැන්නේ නිසා ජනවාරි 07 වන තෙක් බෝ වෙන රෝගවලින් ප්‍රවේසම් වන්න.

වෘශ්චික ලග්නය

ලග්නය හා අෂ්ටමය අයත් වෘශ්චිකය අඟහරුවගේ ගෝචරය ධර්මස්ථානයේ රවි සමඟය. මිතුරු ග්‍රහ යෝගයක් ඇති නිසා නරක පල නොදේ. නමුත් කරන කියන සෑම එකක්ම කඩිනම් කෙරේ.

ධනු ලග්නය

10 වැන්න හා 12 වැන්නට අධිපති ගුරු නැත්නම් බ්‍රහස්පතිගේ ගෝචරය ලග්නයේ මිත්‍රව සිටීම නිසා සියලුම දේ ඉතා ශිල්පානුකූලව යහපත්ව සිදු වේ. නමුත් මේ ගුරු 2024 මැයි 01 වැනිදා වන තෙක් අයහපත් වන බවකුත් ඈපා පංචාංගයේ සඳහන් වේ.

මකර ලග්නය

මකරයට අධිපති සෙනසුරු 11 වැන්නේ වෙයි. රක්ෂාවේ උසස්වීම්, හදිසි ධන ලාභ ලැබීමට නියමිතය. සමහර විට ලැබීම ප්‍රමාදයක් වන බවද පෙන්වයි.

කුම්භ ලග්නය

10 වැන්න අධිපති ශනිගේ ගෝචරය අයස්ථානයේ නිසා බලාපොරොත්තු රහිත සුබ දේවල් ලැබීමට නියමිතය. කෙම්මුර දිනවලට කපුටන්ට කිරිබත් දීම යහපත් වේ.

මීන ලග්නය

මීන අයත් බ්‍රහස්පති ලග්නයේ සිටීම නිසා යහපත් වුවද මීනයෙහි හතුරු රාහු සිටීම නිසා දුර බැහැර ගමන්වල නිෂ්ඵලතාවයක් පෙන්වයි. සාමාන්‍යයෙන් 2023 වසරට වඩා 2024 යහපතක් බව පෙන්වයි.

මෙම සටහනේ කේන්ද්‍ර සහ මහ දසා සැකසීම 60 පැයේ ක්‍රමයට වන අතර, ග්‍රහයන්ගේ උච්ච - මූල, මිතුරු - හතුරු විස්තර ලංකා ග්‍රහස්ඵුටය පොතින් උපුටා ගත් බව සලකන්න.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී

මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.