චීන ඡ්‍යොතිෂයෙන් 2024 වසරේ ඔබට කියන පලාපල

ජනවාරි 5, 2024

චීන රාශි චක්‍රය වසර 12 ක් පුරා සෑම වසරකටම එක් සතෙකු බැගින් නියෝජනය කරයි. මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා, එහි අනුපිළිවෙළයි. ඒ සතුන් අයිති රාශි 12 ද නැවත ලෝහ, දැව, ජලය, ගින්න, පඨවි ආදී එක් එක් මූලද්‍රව්‍ය සමඟ සම්බන්ධ වේ. එබැවින් එක් සතෙකු වසර 12 කට පසු නැවත පෙනී සිටින විට එහි මූලද්‍රව්‍ය වර්ගය වෙනස් වේ. එනිසා එකම වර්ගයේ සතකු සහ මූලද්‍රව්‍ය සහිත වසරක් උදා වන්නේ වර්ෂ 60කට වරක්ය.

චීන ඡ්‍යොතිෂයට අනුව 2024 නම් කෙරෙන්නේ දැව මකරාගේ වසර ලෙසයි. එය 2024 පෙබරවාරි 10 වැනි දින ආරම්භ වන අතර 2025 ජනවාරි 25 දක්වා පවතී. එය දියුණුව, ප්‍රගතිය සහ ආඪ්‍යබව නියෝජනය කිරීමට හැකි වසරක් ලෙස විශ්වාස කෙරේ.

මකරා චීන සංස්කෘතියේ සාර්ථකත්වය, බුද්ධිය සහ ගෞරවයට සම්බන්ධ වන අතර දැව මකරුන් ශක්තියෙන් පිරිපුන් ලෝකය වෙනස් කිරීමට සිහින දකින අය වෙති.

එයට හේතුව මේ වසර අයත් වන මූල ද්‍රව්‍යය වන දැව ජීව ශක්තිය සහ නිර්මාණශීලීත්වය නියෝජනය කරන අතර මකරා චීන සංස්කෘතියේ සාර්ථකත්වය, බුද්ධිය සහ ගෞරවය පිළිබිඹු කිරීමයි. දැවමකරාගේ වසරක් මීට පෙර එළැඹුණේ වසර මීට වසර 60 කට පෙර එනම් 1964 දීය.

දැන් අපි ඔබ උපන් වර්ෂයට අනුව ඔබ අයත්වන සත්ත්වයා හෙවත් රාශියට 2024වසර කෙලෙස බලපාන්නේද යන්න සොයා බලමු.

 

 

මීයා

 

1960 1972 1984 1996 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

2024 දී ඔවුන් වටා විස්මයන් රාශියක් ඇති වනු ඇත. මීයා ඉතා ප්‍රගතිශීලී සහ වෙහෙස මහන්සි වී වැඩ කරන සත්ත්වයෙකි. ඔවුන් වාසනාව ළඟා කරගත් පසු, ඔවුන්ගේම ශක්තීන් සහ හැකියාවන් සඳහා සම්පූර්ණ අවස්ථාව ලබා දීමටත් අනෙක් අයට වඩා දීප්තිමත්ව කටයුතු කිරීමට සහ විශාල මුදලක් උපයා ගැනීමට දක්ෂ වනු ඇත.

කෙසේ වෙතත්, මී රාශියට අයත් අය රැකියාව සහ විවේකය අතර සමබරතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු වනු ඇත. මේ වසර තුළ ඔවුන්ට වාසනාවක් මතු වනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කරන අතරතුර, තම හිතෛශීන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ද උත්සාහ ගන්න.

 

වෘත්තීය ජීවිතය

වෘත්තීමය වශයෙන් මීයන්ට රැකියා ස්ථානයේ කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට හැකි වසරකි. ඔවුන් කුමක් කළත්, තමන්ගේ ශක්තිමත්බව සහ හැකියාව පෙන්නුම් කරන්නට අවස්ථාව ලැබේ. ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. අන්තර් පුද්ගල සබඳතාවලදී නම්‍යශීලී විය යුතු අතර, ආවේගශීලී බවින් තොරව කටයුතු කළ යුතුය.

ධනය

රැකියා හෝ ව්‍යාපාරවලින් ලබන ආදායම යහපත් වනු ඇත. අමතර ආදායම් සඳහා වාසනාව ලැබිය හැකිය. ඒ සියලු දෑ පිළිබඳ මැදිහත් සිතින් බැලීම සුදුසුය.

ආදරය

ආදරය සම්බන්ධ බොහෝ විස්මය ජනක අත්දැකීම් ලබා ගත හැකි වසරකි. තනිකඩ අය සම්බන්ධතා ඇති කර ගැනීමේදී විශ්වාසයෙන් හා ධෛර්ය සම්පන්න විය යුතුය. විවාහක අයගේ පවුල් ජීවිත යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ද එය රැක ගැනීමට පරෙස්සම් විය යුතුය.

සෞඛ්‍යය

හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් තම දෙමාපියන් හෝ පවුලේ අනෙකුත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම සුදුසුය.

වාසනාවන්ත අංකය: 1, 6

වාසනාවන්ත වර්ණය: රන්වන්

 

 

ගවයා

 

1961 1973 1985 1997වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

වසර පුරා මූල්‍ය කළමනාකරණය පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව චීන ඡ්‍යොතිෂ නියමයයි. මහත් විශාල ඉලක්ක පිළිබඳ සිහින මැවීමට වඩා ළඟා කරගත හැකි ඉලක්ක වෙනුවෙන් වෙහෙසීමට වඩාත් කල්පනාකාරීව සැලසුම් කළ යුතුය. තරගකාරී බවින් පීඩාවට පත් නොවීමට වගබලා ගන්න.

 

වෘත්තීය

කාර්මික අංශවල නියුතු අය අනතුරුවලින් වැළකී සිටීමට පරෙස්සම් විය යුතුය. අලස ගති මඟහැර උනන්දුවෙන් කටයුතු කිරීමෙන් සහ වගකීම් පැහැර නොහැරීමෙන් වෘත්තීය දියුණුව ළඟා කරගත හැකිය. ආයතනයේ කාන්තා පාර්ශ්වයේ උදවු උපකාර ඔබට ලැබෙනු ඇත.

 

ධනය

මූල්‍යමය පාඩු සිදුවිය හැකි බැවින්, උපයන මුදල් කළමනාකරණය කර ගැනීමට සැලකිලිමත් වන්න. මුදල් ආයෝජනයේදී සහ ණයට දීමේදී විශ්වාසවන්ත අය සමඟ පමණක් කටයුතු කිරීම වඩා උචිතය.

ආදරය

ආදර සම්බන්ධතා පිළිබඳ ඔබ උකටලීබවින් තොරව සිතිය යුතු වසරකි. විවාහය සහ දරුපල පිළිබඳ ධනාත්මකව සිතන්නට යොමු වන්න. පවුල් ජීවිතයේ ගැටලු මතු වුවද ක්‍රමානුකූලව ඒවා විසඳී යනු ඇත.

සෞඛ්‍යය

ගවයාගේ ලකුණින් උපන් කාන්තාවන් සහ වැඩිහිටි පිරිස තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීම රෝගාබාධ වළක්වා ගැනීමට ආධාර වේ. අනතුරුදායක කටයුතුවල යෙදීමෙන් වැළකී, ආගමානුකූල කටයුතුවල යෙදීම බොහෝ කරදර වළක්වා ගැනීමට උපකාරී වේ.

වාසනාවන්ත අංකය: 6, 8

වාසනාවන්ත වර්ණය: රතු

 

කොටියා

 

1962 1974 1986 1998 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

චිත්ත ආවේග පාලනයට අවධානය යොමු කළ යුතුය. බරපතළ ගැටලුවලට තුඩු දිය හැකි බැවිනි. කෙසේ වුවත් අධිෂ්ඨානය හා ධෛර්යය පිරි වසරකි.

 

වෘත්තීය

රැකියා ස්ථානයේ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බැවින් ප්‍රධානීන් සමඟ යහපත් අන්තර්පුද්ගල සබඳතාවක් පවත්වා ගැනීම අවශ්‍ය වේ. වගකීම් බහුල වන බැවින් ඔවුන්ට විවේකය හා මානසික සුවය පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

ධනය

මනා මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව වසර ගත කළ යුතු වේ. තමන්ගේ හෝ අනුන්ගේ රෝගාබාධ සඳහා මුදල් වැය විය හැකි බැවිනි. නිවාස අලුත්වැඩියා ආදියටද කටයුතු යෙදෙයි. අමතර ආදායම් මාර්ග ද යෙදේ.

ආදරය

මේ වසර ඔබ ඉතා සංවේදී ලෙස ගත කරන අතර ප්‍රේම සබඳතා නිසා සිත සසල වනු ඇත. තනිකඩ අය තමන්ගේ සබඳතා වර්ධනය කර ගැනීමට දැඩි උනන්දුවක් දැක්විය යුතුය. විවාහක අය වැරැදි වැටහීම් ඇති කරනොගෙන සාකච්ඡාවෙන් ගැටලු විසඳාගත යුතුය.

 

සෞඛ්‍යය

ආහාර විහරණ පිළිබඳ හොඳ සැලකිල්ලකින් කටයුතු කිරීමෙන් සුබවාදී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැකිය. අධික තෙල් සහිත හෝ සිසිල් ආහාර අනුභව නොකළ යුතුය. හදිසි අනතුරු තුවාල ඇති විය හැකිය.

වාසනාවන්ත අංකය: 3, 7

වාසනාවන්ත වර්ණය: අළු, නිල්

 

 

හාවා

 

1963 1975 1987 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

ඔබ 2024 දී අනතුරුවලින් වැළකී සිටීමට සිතට ගත යුතුය. මානසික පීඩාවන්ට ලක් විය හැකි වසරකි. බාධා මැඩගෙන යෑමට ධෛර්යසම්පන්නව අධිෂ්ඨාන ශක්තිය ගොඩනගා ගත යුතුය. ආගමික කටයුතුවල නිරත වීම සුබදායකය.

 

වෘත්තීය

රැකියා කටයුතුවලදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටීමට අදිටන් කරගත යුතුය. කෙසේ වෙතත් උසස් නිලධාරීන් හා බුද්ධිමතුන් මුණ ගැසීමට ඉඩකඩ වැඩි බැවින් ඔවුන්ගේ මිත්‍රශීලී උපදෙස් පිළිපැදීමෙන් ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇත.

 

ධනය

ධනය වැය වීමට බොහෝ කරුණු කාරණා යෙදෙන බැවින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. තමන්ගේ වටිනා භාණ්ඩ හෝ මුදල් නැති වීමට පවා ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

ආදරය

සැකය, අවිශ්වාසය, වැරැදි වැටහීම් ආදිය පසෙක ලා තාර්කිකව කටයුතු කිරීම නුවණට හුරුය. ආදරණීයයන් සමඟ කටයුතු කිරීමේදී ගැටලු විසඳීමට මුල් පියවර තමන් විසින් තැබීමෙන් බොහෝ ප්‍රශ්න නිරාකරණය කරගත හැකි වනු ඇත.

සෞඛ්‍යය

රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩ ඇති බැවින් ව්‍යායාම මෙන්ම ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන ආදිය ගැනීම වැදගත් වෙයි. විශේෂයෙන් රිය පැදවීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න.

වාසනාවන්ත අංකය: 8, 9

වාසනාවන්ත වර්ණය: කහ, කොළ

 

 

මකරා

 

1964 1976 1988 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

2024 වසර මකරාගේ ලකුණෙන් උපන් අය තමන් වෙනුවෙන් ඕනෑවට වඩා ඉහළ ඉලක්ක තබා නොගෙන සැහැල්ලුවෙන් ගත කළ යුතු වසරක් වන අතර සිතට ඕනෑවට වඩා පීඩනයක් යෙදිය යුතු නැත. තරගකාරී බවින් තොර ජීවිතය සුමට හා සුවපහසු ලෙස ගෙවී යනු ඇත.

 

වෘත්තීය

2024 දී, රැකියාවේ වගකීම් සහ කාර්යබහුලත්වය ඉහළ යනු ඇත. එනිසාම දුෂ්කරතා හමුවේ නොසැලී සිටීමට අදිටන් කරගත යුතුය. ගැටලු විසඳා ගැනීමට දැනුමැති අයගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වනු ඇත.

 

ධනය

මේ වසරේ ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම කළ හැකි වන්නේ දුෂ්කරතා මධ්‍යයේය. එබැවින් මනා මූල්‍ය කළමනාකාරීත්වයක් වසර පුරා පවත්වා ගැනීම වැදගත්ය.

ආදරය

විවාහ ජීවිතයේ මෙන්ම ආදර සබඳතාවලදී කතා බහෙන් මතුවිය හැකි ප්‍රශ්න මඟහරවා ගැනීමට කල්පනාකාරී වන්න. තනිකඩ අයට බොහෝ සබඳතා ඇතිවිය හැකි වසරකි. එහෙත් ස්ථාවර සබඳතාවක් තෝරා ගැනීමට උත්සුක විය යුතුය. ආදරය උතුරා යන වසරකි.

සෞඛ්‍යය

තමන්ගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව හොඳීන් සැලකිලිමත් විය යුතුය. සුළු අසනීප තත්ත්ව මඟහැරීමෙන් වළකින්න. මනා ආහාර විහරණ පුරුදු සහ ආගමික වතාවත්වල යෙදීම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගැනීමට හේතු වේ.

වාසනාවන්ත අංකය: 8

වාසනාවන්ත වර්ණය: රතු

 

 

සර්පයා

 

1965 1977 1989 2001 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් හමුවිය හැකි වසරකි. ඒ අවස්ථා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට උනන්දු විය යුතුය. දෛවයට අවස්ථාව දෙනවා වෙනුවට අධිෂ්ඨානයෙන් ජීවිතය ජයගත යුතුය.

 

වෘත්තීය

වෘත්තීය ජීවිතය ධනාත්මකව මෙහෙයවනු ඇති අතර, කෙටි කාලීන පසුබෑම් ඇති වුවද දියුණුව සඳහා විශාල අවස්ථා ලැබෙනු ඇත. රැකියාවේ දුර ගමන් යෙදිය හැකි අතර උසස්වීම් සහ වැටුප් වැඩිවීම් ද ලැබෙනු ඇත.

ධනය

 

මුදල් ඉපැයීමේ දී යම් පෙරළියකට මුහුණ දුන්න ද රැකියා හෝ ව්‍යාපාරවලින් සැලකිය යුතු ආදායමක් ලැබෙනු ඇත. අමතර ආදායම් මාර්ගවලින් ද ධනය ඉපැයිය හැකි වන වසරකි.

ආදරය

ආදරය හා සබඳතාවල විස්මය විඳ ගැනීමට හැකි වසරකි. තනිකඩ අයගේ සම්බන්ධතාවය ඉතා වේගයෙන් ඉදිරියට යනු ඇති අතර, ඔවුන් ක්ෂණිකව විවාහ වීමට පවා ඉඩ ඇත. විවාහක අයට යහපත් කාලයකි. දරුඵල හිමිවන වසරකි.

සෞඛ්‍යය

සුළු රෝගාබාධවලට ගොදුරු විය හැකිය. කෙසේ වෙතත් ඒවා ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇත. ව්‍යායාම, නිසි ආහාර ගැනීම මඟින් සෞඛ්‍යය තත්ත්වය යහපත් වනු ඇත.

වාසනාවන්ත අංකය: 0, 2, 7

වාසනාවන්ත වර්ණය: තැඹිලි

 

 

අශ්වයා

 

1966 1978 1990 2002 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

විස්මිත වාසනාවක් ඇති වන අතර ඔවුන් වසර පුරා කලබලකාරී තත්ත්වයක සිටිය හැකිය. අභියෝග පිළිගැනීමට කැමති වන අතර අලුත්ම දේවල් උත්සාහ කිරීමට කැමති වසරකි. එමනිසා දුෂ්කර කාලයක් ඇති බව අන් අයට හැඟුණද, ඔවුන්ම ඔවුන්ගේ ජීවිත භුක්ති විඳීති. සමහර ගැටලු සමඟ කටයුතු කිරීමේදී ඔවුන් බොහෝ අත්දැකීම් සහ කුසලතා රැස්කර ගනු ඇත, එය අනාගතයේදී ඔවුන්ගේ පෞද්ගලික සංවර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

 

වෘත්තීය

රැකියා ස්ථාවරත්වය පිළිබඳ ගැටලු ඇති විය හැකිය. එහෙත් එයින් ඔවුන් නව්‍ය හා සිත්ගන්නාසුළු මාවත්වලට පිවිසෙනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රවල අයට ඉහළ නිලධාරීන්ගෙන් ඇගයීම් ලැබීමට අවස්ථාව තිබේ.

ධනය

මුදල් ඉපැයීමේදී සමහර උසස් පුද්ගලයින්ගේ අනුග්‍රහය සහ මග පෙන්වීම ලැබෙනු ඇත. එය ඉපැයීම් පහසු කර ගැනීමට උපකාරී වේ. ආදායම යහපත් වුවද, මුදල් ඉතිරි කිරීමේ අභිලාශයක් නැති බැවින් මූල්‍ය කළමනාකරණයට අවධානය යොමු කිරීම වැදගත්ය.

 

ආදරය

ආදර සබඳතා මුලදී අවුල් සහගත වුවද පසුව සාර්ථක වනු ඇත. තනිකඩ අශ්වයන් නොදැනුවත්වම තුන්කොන් ප්‍රේම සබඳතාවල පැටළිය හැකිය. විවාහක අයගේ අදහස්වල පරස්පර හා ආරවුල් ඇති විය හැකි වුවත් මොවුන් සම්මුතියට හා විඳදරාගැනීමට දක්ෂ බැවින් ගැටලු සරලව විසඳාගත හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු වසරකි. එදිනෙදා ජීවිතයේදී තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන්ගේ සෞඛ්‍යය පිළිබඳවද කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක ක්‍රියා මඟහැරීම නුවණට හුරුය.

වාසනාවන්ත අංකය: 5

වාසනාවන්ත වර්ණය: කොළ

 

 

එළුවා

 

1967 1979 1991වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

මේ වසර මිශ්‍රපල දායකය. ඒ ඒ අවස්ථාවන්ට අධිෂ්ඨානයෙන් මුහුණ දීමෙන් වාසි උපරිම කර ගැනීමට සහ ඍණාත්මක බලපෑම් අවම කරගැනීමට හැකිය.

 

වෘත්තීය

ආරවුල් ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කළ යුතු වසරකි. කෙසේ වෙතත්, පොදුවේ ගත් කල, ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන තාක් කල්, ජයග්‍රහණ ලබා ගත හැකිය. කිසි විටෙක නොසැලකිලිමත් ලෙස කටයුතු නොකළ යුතු අතර පැනනඟින ගැටලුවලදී තමන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්න.

ධනය

බොහෝ අනුග්‍රාහකත්ව ලැබෙන වසරකි. ඔබට නව ව්‍යාපාරික තොරතුරු ලබාගැනීමට හැකි වන අතර ඒවායින් ඉහළ ආදායම් උපයා ගත හැකිය. එහෙත් නිසි ලෙස කළමනාකරණය නොකළ හොත් අධික වියදම් යෙදිය හැකිය.

 

ආදරය

ආදරය සහ සබඳතා ඇති කර ගැනීම කෙරෙහි ඔබ වැඩි උනන්දුවක් දැක්විය යුතුය. තනිකඩ අය හුදෙකලා ලොවක සිටීමට වඩා විවාහය සහ දරුවන් පිළිබඳ සිතිය යුතු වසරකි. විවාහක අය සුළු සුළු ගැටලු කතාබහෙන් විසඳගෙන ජීවිතය ඉදිරියට ගෙන යෑමට අදිටන් කරගත යුතුය.

සෞඛ්‍යය

රුධිරගත රෝග ආදිය ඇති විය හැකි බැවින් සහ අනතුරු සිදු විය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. ආගමික වතාවත්වල යෙදීමෙන් සහ මනා සෞඛ්‍ය පුරුදු මඟින් නිරෝගී දිවිපෙවෙතකට මඟ පාදාගත හැකිය.

වාසනාවන්ත අංකය: 2, 7

වාසනාවන්ත වර්ණය: තැඹිලි, දම්

 

 

වඳුරා

 

1968 1980 1992 2004 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

වාසනාවන්ත වසරක් වනු ඇත. වඳුරන් ධනාත්මක හා ශුභවාදී විය යුතු අතර, ඕනෑවට වඩා කම්මැළි නොවිය යුතුය. ආත්ම විශ්වාසයෙන් පූර්ණ විය යුතුය. නව සොයාගැනීම් සඳහා උත්සාහ වන්ත විය යුතුය. මෙය බොහෝ අංශවලින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වසරකි

 

වෘත්තීය

වෘත්තිය වශයෙන් පෞද්ගලික දක්ෂතාවලට පූර්ණ අවස්ථා ලබා ගත හැකි අතර ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක් විය හැකිය. උසස් වීම් ලැබෙනු ඇත.

ධනය

රැකියා ස්ථානයේ කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වනු ඇත. ආදායම් ඉහළ යන අතර අමතර ආදායම් ලැබෙන වසරකි. ඥාතීන් සහ මිතුරන්ගේ උපකාර ලැබෙනු ඇත.

ආදරය

ආදරය හා සබඳතාවයේ ඉතා වාසනාවන්ත වනු ඇත. තනිකඩයන්ට නියමිත ආදරය හමුවීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, ඉක්මනින් විවාහ වීමට පවා ඉඩ ඇත. විවාහ සබඳතා තවත් සමීප වනු ඇත. දරුසම්පත්වලට හේතුයි.

සෞඛ්‍යය

සෞඛ්‍යය සම්බන්ධ එතරම් ගැටලු ඇති නොවනු ඇත. වඳුරු සංකේතයේ දරුවන්ට නිරෝගීව හා ශක්තිමත්ව වැඩීමට හේතු පෑදේ. වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පෙනුමක් ලැබෙනු ඇත. වාසනාවන්ත අංකය: 8

වාසනාවන්ත වර්ණය: රන්

 

 

කුකුළා

 

1969 1981 1993 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

ජීවිතයේ සියලු දේ අපේක්ෂා කරන අයුරින්ම සිදුවන වසරක් වනු ඇත. කරන ඕනෑම දෙයක් සඳහා තම කාලය හා ශක්තිය කැපවීමෙන් යොදවන්නේ නම් අවසානයේ ඔවුන්ට අපේක්ෂිත ඵල නෙළා ගැනීමට හැකි වනු ඇත. අහංකාර ගති මතු නොවී නිහතමානීව ක්‍රියා කිරීමෙන් කටයුතු සාර්ථක කරගත හැකි වේ.

 

වෘත්තීය

රැකියා ස්ථානයේ සුහදත්වය හා අන්තර් පුද්ගල සම්බන්ධතා මෙන්ම සියල්ලන්ගේ උපකාර ලබා ගත හැකි වනු ඇත. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු මල්පල ගැන්වෙනු ඇත. එහෙත් කාර්යබහුලත්වය සහ විවේකය අතර නිසි සමබරතාවයක් තබා ගත යුතුය.

ධනය

ආදායම ඉහළ යනු ඇත. මුදල් ඉපයීමේ බොහෝ මාර්ග පෑදෙනු ඇත. ආයෝජකයන්ට යහපත් ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. පාප මිත්‍ර සේවනයෙන් මුදල් කළමනාකරණයට බාධා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

 

ආදරය

කුකුළාගේ රාශි හිමියන්ට 2024 දී පරමාදර්ශී ආදර සම්බන්ධතා ඇතිවිය හැකිය. විවාහ ජීවිතය යහපත් වනු ඇත. තනිකඩ අයට මංගල සීනු හැඬවෙනු ඇත. විවාහ සහ ප්‍රේම සම්බන්ධතා වඩාත් තහවුරු වනු ඇත. කෙසේ වෙතත් විශ්වාසය තහවුරු වන අන්දමින් කටයුතු කරන්න.

සෞඛ්‍යය

ප්‍රතිශක්තිය ඉතා ශක්තිමත් වන අතර ශරීර ශක්තිය යහපත් වන අතර හොඳ මානසික හා ශාරීරික තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි වනු ඇත.

වාසනාවන්ත අංකය: 5, 8

වාසනාවන්ත වර්ණය: කළු, රතු

 

 

සුනඛයා

 

1970 1982 1994 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

වඩාත් ධනාත්මක මනසකින් යුතුව කටයුතු කිරීමෙන් සුබ කාලයක් උදා කර ගත හැකි වනු ඇත. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දුෂ්කරතාවන්ට මුහුණ දිය යුතුය. අනපේක්ෂිත වියදම් ඇති විය හැකි බැවින් මනා කළමනාකරණයකින් යුතුව මුදල් පරිහරණය කළ යුතුය.

 

වෘත්තීය

වෘත්තීය වශයෙන් වෙනස් මුහුණුවරකින් කටයුතු කිරීමට කැමැති වසරකි. එය ඔබේ වෘත්තීය ජීවිතයේ දියුණුවට බලපානු ඇත. රැකියා කටයුතු සඳහා විදේශගතවීම් වැඩිපුර ඇති විය හැකි වසරකි.

ධනය

ක්‍රම ක්‍රමයෙන් මුදල් තත්ත්වය යහපත් කර ගැනීමට පියවර ගත යුතු අතර හදිසි තීන්දු මත වියදම් කිරීමෙන් වළකින්න. යහපත් මූල්‍ය කළමනාකරණය අත්‍යවශ්‍ය අංගයක් වනු ඇත.

 

ආදරය

ප්‍රේම සබඳතාවලට බාධා ඇති විය හැකි අතර, ඔවුන්ට ප්‍රීතිමත් හා මිහිරි ආදරයක් සහ විවාහ ජීවිතයක් ලබා ගැනීමට කැප කිරීම් කළ යුතු වසරකි. තනිකඩ අය සඳහා බොහෝ ඇඳුණුම්කම් ඇති වුවත් ඒවා විවාහයෙන් කෙළවර විය හැකි යැයි සිතිය නොහැකිය.

සෞඛ්‍යය

මානසික පීඩනය සහ නොසන්සුන් බවක් ඇති විය හැකි බැවින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීම සහ ගැටලු බරපතළ ලෙස නොගැනීම මෙන්ම නිසි සෞඛ්‍යය පුරුදු මඟින් යහපත් දිවියකට මඟ පෑදෙනු ඇත.

වාසනාවන්ත අංකය: 3, 9

වාසනාවන්ත වර්ණය: නිල්, කහ

 

 

සූකරයා

 

1971 1983 1995 2007 වසරවල උපන් අය මේ රාශියට අයත් වෙති.

 

2024 වාසනාවන්ත වනු ඇත. කෙසේ වෙතත්, සමහර පැතිවලින් කුඩා කරදර වලටද මුහුණ දීමට සිදුවේ. එහෙත් ඔවුන්ට උදව් කිරීමට ඥාතීන් සහ මිතුරන් ඉදිරිපත් වන බැවින් ඉක්මනින් දුෂ්කරතාවයෙන් මිදීමට හැකි වනු ඇත. තම වගකීම් භාර ගැනීමට නිර්භීත විය යුතු අතර, අධ්‍යාපනයේ හා වෘත්තියෙහි වැඩි උත්සාහයක් ද ගත යුතුය.

 

වෘත්තීය

උසස් නිලධාරීන් විසින් වෘත්තීය දක්ෂතා හඳුනාගෙන අගය කරනු ඇත. අනුග්‍රාහකයන්ගෙන් වාසිදායක තත්ත්වයක් ඇති වනු ඇත. තම වටිනා දැනුම, අත්දැකීම් සහ කුසලතා දියුණු කර ගැනීමටද ඔවුන්ට හැකි වසරකි. තම කීර්තිය තවදුරටත් ඉහළ නැංවිය හැකි අතර, ඉහළ තනතුරු ලාභ පෙන්වයි.

ධනය

මේ වසරේ හොඳ ආදායමක් ලැබෙනු ඇත. එහෙත් හදිසි වියදම්වලට මුහුණ දීමට සිදු විය හැකිය. උපයාගත් මුදල ඉතිරි කර ගැනීමට කල්පනාකාරී විය යුතුය. අලුත් ව්‍යාපාරවලට යොමු වන්නේ නම් වඩාත් කල්පනාකාරී විය යුතුය.

ආදරය

ආදරය හා සබඳතාවලින් ප්‍රීතිමත් වසරක් වන අතර තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය. තනිකඩ අයට ඥාතී මිත්‍රයන් විසින් ආදරවන්තයන් හඳුන්වා දෙනු ඇති අතර ඉක්මනින් විවාහ ගිවිස ගැනීමකට යොමු විය හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු ඇත. කෙසේ වෙතත් ඇතැම් සුළු රෝගාබාධ හා අනතුරු නොවැළැක්විය හැකිය. නිදන්ගත රෝග ඇති අයට ප්‍රතිකාරවලින් සම්පූර්ණ සුවය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇත. 2024 දී විදේශගතවීම් සහ දුර ගමන්වලින් වැළකී සිටීම අනතුරු වළක්වා ගැනීමට හේතු වේ.

වාසනාවන්ත අංකය: 7

වාසනාවන්ත වර්ණය: නිල්, අළු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.