ක්‍රිෂ්ණමුර්ති පද්ධතියට අනුව 2024 ඔබේ ලග්නයට කොහොමද?

ජනවාරි 5, 2024

 

මේෂ ලග්නය

චිත්ත පී‍්‍රතිය

 

ප්‍රබෝධමත් වසරක්. බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟේ. ඔබගේ අවබෝධ ඥානය මැනවින් කැපී පෙනෙන අතර තම පෞද්ගලික දියුණුව පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනු ඇත. සියලු බාධක මැඩ ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ගෙන දෙන වසරකි. රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් මෙන්ම නව බලතල හිමිවන බව පෙන්නුම් කරයි. නව රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල වන කාල වකවානුවක්. විදෙස් රැකියා අපේක්ෂා කරන මේෂ ලග්න හිමියන්ගේ අදහස් ඉටුවේ. ස්වයං රැකියාවල නිරත අයට සුවිශේෂ ඵල අත්කර ගැනීමට ඉඩ ලැබේ. රූපලාවණ්‍ය කටයුතු, වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදාවන බව පෙන්නුම් කරයි.

ධනය -

මිල මුදල්වලින් අගහිඟකමක් නොදැනෙන භාග්‍යවන්ත වසරකි. යාන වාහන හෝ ඉඩමක් මිලදී ගැනීමට හැකිවේ.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ආදායම් උපයන්නන්ට සුබදායකය.

ගෘහ ජීවිතය -

යුග දිවිය සතුටින් හා සාමයෙන් ගත කිරීමට ඉඩ ලැබෙන අතර පෙම් සබඳතා කෙරෙහි සිත යොමුවන බව පෙනී යයි.

සෞඛ්‍යය -

සෞඛ්‍ය තත්ත්වය යහපත්ය,

ශුභ දවස් - අඟහරුවාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක- 5, 6, 8, 9

ශුභ වර්ණ - නිල්, රතු

 

වෘෂභ ලග්නය

වැය පස ඉහළ යයි

 

මේ වසර ශුභා ශුභ මිශ්‍රඵල විපාක ගෙන දෙන අතර ඔබේ ශක්තිය, ධෛර්යය වැඩි කරවන වසරක් වනු ඇත. රැකියාවල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට රැකියා උසස්වීම් හා රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ වන වසරකි. මොනයම් හෝ බාධාවක් ජය ගැනීමේ ශක්තියක් ඔබ තුළ පවතින බව පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම අදහස් මුදුන් පමුණුවා ගැනීමට අපොහොසත් වුවද ජංගම වෙළෙඳුන්ට වැඩි ලාභ ගෙනෙදන බව දක්නට ලැබේ. ඔබේ ඉක්මන් හා මුරණ්ඩු ස්වභාවයක් හේතු කොටගෙන නැති ආරවුල් මතුවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න.

ධනය -

ආර්ථිකය යහපත් මට්ටමක ඇතත් අනපේක්ෂිත සිද්ධීන් මතුවීම තුළ වියදම් පක්ෂය ඉහළ යනු ඇත.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවලට යහපත් වසරකි. විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ හිමිවෙයි.

ගෘහ ජීවිතය -

විවාහ අපේක්ෂිත අයට මංගල යෝග ක්‍රියාත්මක වන අතර විවාහක අඹු සැමියන්ට පී‍්‍රතිමත් යුග දිවියක් ගත කිරීමට ඉඩ ලැබේ.

සෞඛ්‍යය -

සෙම් රෝගවලින් පීඩා ගෙන දෙන අතර ගමන් බිමන්වලදී ප්‍රවේසම් විය යුතු ය.

ශුභ දවස - සඳුදා, බදාදා, සිකුරාදා, ඉරිදා

ශුභ අංක - 5, 6, 8

ශුභ වර්ණ - කොළ, සුදු

 

මිථුන ලග්නය

වාසනාව උදා වෙයි

 

භාග්‍යවන්ත වසරක් බව පෙන්නුම් කරයි. විනෝදයට අලංකාරයට හා සැපයට විශේෂ සැලකිල්ලක් දක්වන ඔබගේ රැකී රක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. උසස් වැටුප් තල හිමිවන අතර රජයේ නව රැකියා හිමිවන මිථුන ලග්න හිමියන් ඔබගේ සිතුවිලි හා උපකල්පන බොහෝදුරට සාර්ථක වන බව පෙනී යයි. නොසිතූ අවස්ථාවක අනපේක්ෂිත වාසනාවක් මේ වසර තුළ ගෙන දීමේ ප්‍රවණතාවක් පවතී. විදේශගත රැකියාවන් අපේක්ෂා කරන ඔබේ ප්‍රාර්ථනා ඉටුවීමට පටන් ගන්නා වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායකය. තම ආදායම් සතුටුදායක මට්ටමක තබා ගැනීමට හැකිවන බව පෙනී යයි. ඖෂධ වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභ ලබා ගත හැකි වසරකි.

 

ධනය -

මේ වසර තුළදී මිථුන ලග්න හිමියන්ට හදිසි ධන ලාභයක් හෝ දේපළ හිමිවීමක් පෙන්නුම් කරයි. ආර්ථිකය ශක්තිමත්ය.

අධ්‍යාපනය -

අධ්‍යාපනයේ යෙදෙන දරු දැරියන්ට යහපත්ය. උසස් අධ්‍යාපනයේ නියුතු වූවන්ට තම අදහස් මුදුන්පත් වන කාලවකවානුවක්.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතයේ සාමය හා සතුට රජයන වසරක් බව සතුටින් ප්‍රකාශ කළ හැකිය.

සෞඛ්‍යය -

අක්ෂි දුර්වලතා ඇතිවීමෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි.

ශුභ දවස් - සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක - 3, 5, 12, 14

ශුභ වර්ණ - කොළ, කහ

 

කටක ලග්නය

සිතට නව ප්‍රබෝධයක්

 

2024 වසර ඔබගේ දියුණුවත්, සෞභාග්‍යයත් සපිරුණු වසරක් බව පෙන්නුම් කරන අතර ප්‍රබල අධිෂ්ඨානශීලී බවකින් වසර පුරාම කටයුතු කරන බව පෙනී යයි. රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් උසස් ප්‍රගතියක් ඇති කරයි. පසුගිය වසරේ රැකියාවල තිබූ අර්බුදකාරී තත්ත්වයන් විසඳේ. නව වගකීම් සම්බන්ධව දැඩි උනන්දුවකින් ක්‍රියා කිරීමට යොමුවන කටක ලග්න හිමියන් තම රැකී රක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ජන සන්නිවේදන මාධ්‍යයන්හි නියැළුණු අයට මෙන්ම වෛද්‍ය හා හෙද වෘත්තියන්හි නියුතු අයටද යහපත් වසරකි. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලට ශුභ දායකය.

ධනය -

ආර්ථික පසුබිමේ ශුභදායක වෙනසක් ඇති කරයි. ඇන හිටි ආදායම් මාර්ග කිසියම් ආකාරයකින් පණ ගැන්වන බවක් පෙන්නුම් කරයි. ආර්ථිකය යහපත් මට්ටමක තබා ගනී.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ අදහස් ඉටුවනු ඇත.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි වසරකි. පිනට දහමට ළැදිවෙයි. ගෙදර දොර කටයුතුවල දියුණුවක් ගෙනදෙන බව දක්නට ලැබේ.

සෞඛ්‍යය -

රෝග පීඩාවන්ට පත්ව සිටින කටක ලග්න හිමියන්ට නීරෝගි සුබ තත්ත්වයක් උදාවනු ඇත.

ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංක- 2, 7, 9

ශුභ වර්ණ - සුදු, ක්‍රීම්, කහ

 

සිංහ ලග්නය

ශුභදායකයි

 

ලබන්නා වූ නව වසර සිංහ ලග්න හිමියන්ට ශුභදායකය. ඔබගේ සියලු කටයුතු හා අපේක්ෂාවන් සඵලවනු නොඅනුමානය. ඔබට මෙතෙක් ප්‍රමාද වූ යම් යම් උත්සාහයන්හි ප්‍රතිඵල අනපේක්ෂිත ලෙස ඉටුවන අතර ජීවිතයේ අභිවෘද්ධිය සඳහා විවිධ මාර්ග උදාවන වසරක් වනු ඇත. රැකී රක්ෂා කටයුතුවල සාර්ථකත්වයන් දක්නට ලැබේ. රැකියා ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කළ හැකි අතර රැකියා උසස් වීම්ද ලබාගන්නා බව පෙන්නුම් කරයි. පසුගිය වසරට වඩා රැකීරක්ෂා කටයුතු පහසුවෙන් කර ගැනීමට ඉඩ සැලසීමෙන් සිතට මහත් සැනසීමක් ලබාගනී. රැකියා අරමුණු උදෙසා විදෙස් ගතවීමට බලාපොරොත්තු වන්නන් සඳහා ශුභදායක වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට නව ආදායම් මාර්ග උපදවන අතර නව ව්‍යාපාර ආරම්භ කිරීමටද හැකිවන බව පෙන්නුම් කරයි.

ධනය -

ආර්ථිකය සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබෙන අතර තැන්පත් ධනය ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන්ට ශුභදායකය. උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන සිංහ ලග්න හිමියන්ට යහපත්ය.

ගෘහ ජීවිතය -

ඉඩකඩම්, දේපළ සම්බන්ධව තිබූ ගැටලුකාරී තත්ත්වයක් නිරාකරණය කර ගැනීමට හැකිවන අතර ගේ දොර ඉදි කිරීම් යනාදියට අවස්ථාව සැලසෙන බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යය -

ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, ඉරිදා

ශුභ අංක - 1, 4, 5, 9

ශුභ වර්ණ - රතු, කොළ

 

කන්‍යා ලග්නය

ගෞරවයට පාත්‍ර වේ

 

කලට වේලාවට තම යුතුකම් ඉටු කිරීමට සමත් වන හෙයින් බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙයි. රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් හා කැපවීමක් දක්වන අතර කන්‍යා ලග්න හිමියන්ට ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගත හැකි වසරකි. රැකියා අපේක්ෂිතයන්ට කුමන අන්දමේ හෝ රැකියාවක් හිමිවීමේ භාග්‍ය උදාවන බව පෙනී යයි. රැකියා ස්ථානයේ උසස් බලයක් ගොඩනඟා ගැනීමට හැකිවීමෙන් සිතේ පී‍්‍රතිය ගෙන දෙන අතර, රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතුවූවන්ට උසස්වීම් ලබාගත හැකි අතර සුවඳ විලවුන්, රසායනික දේවල් හා ඖෂධ වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයන්ට ශුභදායකය.

ධනය -

ආර්ථිකය යහපත්ය. හදිසි ධන ලාභ ආදිය සඳහා ඉඩකඩ යෙදේ. ආර්ථිකමය වශයෙන් ඉමහත් සමෘද්ධියක් ගෙන දෙන වසරකි.

අධ්‍යාපනය -

ඉගෙනීමේ කටයුතුවලට ශුභදායකය. තරග විභාග යනාදියෙන් උසස් ලෙස ජය ගැනීමට හැකිවෙයි. ගුරු භවතුන්ගේ කරුණාව හා සැලකිල්ල නොඅඩුව ලබාගත හැකි බව පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය -

ඥාතීන් සමග ඇසුර වැඩිවේ. ගේ දොරවල වැඩකටයුතුවල විශේෂ අවධානයක් යොදන අතර පී‍්‍රතිය රජයනු ඇත. ගෘහ ජීවිතය වාසනාවන්තය.

සෞඛ්‍යය -

ඇදුම රෝගයෙන් පීඩා විඳින කන්‍යා ලග්න හිමියන් ප්‍රවේශම් විය යුතු ය.

ශුභ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක - 2, 5, 6, 7

ශුභ වර්ණ - කොළ, සුදු, කහ

 

තුලා ලග්නය

පදිංචියේ වෙනසක්

 

ජිවිතයේ ශුභදායී වෙනස්කම් රැසක් ගෙනදීමට හේතු වන වසරකි. ගතවූ වසරට වඩා නව වසර යහපත් අවස්ථා උදාකරන බව පෙන්නුම් කරයි. විශේෂයෙන් රැකියා අරමුණු උදෙසා විදෙස් ගතවීම් බලාපොරොත්තුවන්නන් සඳහා ශුභ දායක වසරකි. රැකී රක්ෂාවල දියුණුව හා අභිවෘද්ධිය සඳහා පසු බිමක් සකස්වන බව පෙනේ. රැකියා කටයුතු සම්බන්ධයෙන් පෙරට වඩා ශුභදායක වාතාවරණයක් ගෙනදෙනු ලබයි. රැකියා ස්ථානයේ අභිමානය, බලතල වැඩිවන ඉසව් විවර වනු ඇත. මේ වසර තුළදී ස්ථාන මාරුවක් ලැබීමට හේතුවන අතර කළමනාකරණ හා සැබැඳි රැකියාවන්හි නියුතු වූවනට ශුභදායකය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත්ය. වාහන හා යකඩ වෙළෙඳාමෙන් අනපේක්ෂිත ලාභ ලබා ගන්නා බව පෙන්නුම් කරයි.

ධනය -

මිල මුදලින් අඩුපාඩු නොවන වසරකි. ඇනහිට තිබූ ආදායම් මාර්ග කිසියම් ආකාරයකින් පණ ගැන්වෙන ස්වභාවයක් වසරේ මුල සිට ක්‍රියාත්මක වන බව පෙනී යයි. ලොතරැයි, ඔට්ටු ඇල්ලීම වැනි දේ මත මුදල් ලාභ බලාපොරොත්තු වන්නන්ටත් ශුභදායක තතත්ත්වයක් ගොඩනැඟෙනු ඇත.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවලින් අපේක්ෂා කළ ප්‍රතඵල ලබාගත හැකි අතර ශිෂ්‍යත්ව ලබාගැනීමේ භාග්‍ය උදාවිය හැකි වසරකි.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතය පී‍්‍රතිමත්ව ගත කළ හැකි වසරකි. ප්‍රේම සබඳතාවලට මැදිවී සිටින තුලා ලග්න හිමියන්ට තම සබඳතා තහවුරු කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය - ශරීර සෞඛ්‍යය යහපත්ය.

ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක - 3, 4, 7, 9

ශුභ වර්ණ - කහ, රතු, තැඹිලි

 

වෘශ්චික ලග්නය

දේපළ, ධන ලාභ උරුමෙන්

 

අන්තිම කැමති පත්‍ර මාර්ගයෙන් දේපළ හා ධනලාභ උරුමයෙන් ලබා ගත හැකි වසරකි. රැකියා කටයුතු සම්බන්ධයෙන් පෙරට වටා දායක තත්ත්වයක් උදාකරයි. මෙම වසරේ දී මෙතෙක් පැවැති රැකියා කටයුතු සම්බන්ධව බාධා දුරුවීමෙන් වෙනදාට වඩා කාර්ය ශූරත්වයකින් ඉදිරිපත් වී කටයුතු කරනු ඇත. මේ වසර තුළදී ඔබට ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගත හැකි අතර වැටුප් වැඩි කර ගැනීමටත් උසස්වීම් දිනා ගැනීමටත් හැකිවනු ඇත. තාවකාලික සේවයේ යෙදී සිටින වෘශ්චික ලග්න හිමියන්ට රැකියාවල සුරක්ෂිත භාවය ලබාගත හැකිය. නීතිඥයන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත අයට ශුභදායකය.

ධනය -

අනපේක්ෂිත ධන ලාභ හා පාරම්පරික උරුමයක් හිමිවීමේ භාග්‍ය උදාවිය හැකි බව පෙනී යයි.

අධ්‍යාපනය -

අධ්‍යාපනයේ යෙදී සිටින අයට ශුභදායකය. උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන වෘශ්චික ලග්න හිමියන්ට යහපත්ය.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතයේ සමගිය, සමාදානය, හා වාසනාව ගෙන දෙන අතර, ගෙදර දොර අඩු පාඩු රැසක් සපුරා ගැනීමට හැකිවන වසරකි. අසල්වාසීන් අතර ජනපි‍්‍රයත්වයට හා ප්‍රසිද්ධියට ඔබ පත්වන පෙන්නුම් කරයි.

සෞඛ්‍යය -

සෙම් රෝගවලින් පීඩා විඳීමට සිදුවේ.

ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක - 2, 3, 4, 7, 9

ශුභ වර්ණ - ලා රතු, තැඹිලි

 

ධනු ලග්නය

සමාජයෙන් පැසසුම්

 

වසර පුරා සතුටුදායක ලෙස ගත කරන්නට ලැබෙනු ඇත. සමාජය තුළ ඔබට ප්‍රධානත්වය ලැබෙන බව දක්නට ලැබේ. සමාජ සේවා කටයුතුවල ක්‍රියාශීලී අයෙකු බව පෙන්නුම් කරන අතර රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ උදවු, උපකාර ලබා ගනී. මේ වසර තුළදී තනතුරු උසස්වීම් මෙන්ම වැටුප් සංශෝධනයන්ද ලබා ගැනීමට භාග්‍ය හිමිවේ. තාවකාලික රැකියාවල නිරත අයගේ තත්ත්වය ස්ථිර වේ. ධනු ලග්න හිමියන් තම රැකියාව සම්බන්ධයෙන් තම වගකීම් දැඩි ඕනෑකමින් ක්‍රියා කිරීමට යොමුවනවා ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්වෙයි. සිනමාව, සංගීතය සහ නැටුම් වැනි කලාත්මක භාවය මුසු වූ රැකියාවල නියුතු අයට ශුභදායකය.

ධනය -

ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. තැන්පත් ධනය ඉහළ යන අතර අනපේක්ෂිත ධන ලාභයක් හිමිවන බව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවල නියැළෙන දරු දැරියන්ට යහපත්ය. තරග විභාගවලින් පහසු ජයක් අත්වනු ඇත.

ගෘහ ජීවිතය -

මේ වසර තුළදී ඔබේ නිවසේ මංගල උත්සවයක් සඳහා කටයුතු යෙදෙනු ඇත. යුග දිවිය සතුටින් ගත කිරීමට හැකිවන වසරකි.

සෞඛ්‍යය -

ශරීර සෞඛ්‍ය සම්බන්ධව තරමක් ප්‍රවේශම් විය යුතුය.

ශුභ දවස් - බදාදා, සිකුරාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා

ශුභ අංක - 3, 5, 6, 8

ශුභ වර්ණ - සුදු, කහ, ළා නිල්

 

මකර ලග්නය

ආර්ථිකය යහපත්

 

2024 වසර මකර ලග්න හිමියන්ට ශුභදායකය. දියුණු හා සෞභාග්‍ය උදාවේ. මිල මුදලින් අග හිගකම් නොදැනෙන ඔබට අනපේක්ෂිත ධන ලාභ වරින්වර ලැබෙන අතර වසර අග භාගයේ දී ලොතරැයි ලාභයක් හිමිවීමේ භාග්‍ය උදාවිය හැකිය. සිතේ පී‍්‍රතියෙන් හා උනන්දුවෙන් යුතුව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් ගොඩනැඟෙන වසරකි. රැකියා කටයුතු වඩා කාර්යක්ෂම අන්දමින් ක්‍රියා කිරීමට ඉඩ ලැබෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. මකර ලග්න හිමි ලේඛකයන් අතින් උසස් ග්‍රන්ථ නිර්මාණය වන අතර ලේඛන කටයුතුවල යෙදී සිටින්නන්ට සම්මාන හිමිවන බව දක්නට ලැබේ.

ධනය -

ආර්ථිකය යහපත්ය. මේ වසර තුළදී නොසිතූ නොපැතූ ලාභ ප්‍රයෝජන හිමිවන අතර උසස් ආර්ථිකයක් ගොඩනැඟෙනු ඇත.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතු ශුභදායකය. තමන් අපේක්ෂා කළ දක්ෂතා ප්‍රතිඵල ලබාගත හැකි අතර ශිෂ්‍යත්ව ලබා ගැනීමේ භාග්‍ය උදාවිය හැකි වසරකි.

ගෘහ ජීවිතය -

ගේ දොර පරිසරය යහපත්ය. යුග දිවිය සතුටින් ගත කිරීමට ඉඩ ලැබේ. ඔබෙන් ඈත්ව සිටි ඥාතීන් ඔබ සොයා එන බව පෙනී යයි.

සෞඛ්‍යය -

රුධිර පීඩනය හා හෘද රෝගයෙන් පීඩා විඳින මකර ලග්න හිමියන් ප්‍රවේසම් විය යුතුය.

ශුභ දවස් - අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංක - 6, 8, 9

ශුභ වර්ණ - සුදු, රතු, නිල්

 

කුම්භ ලග්නය

වැය පස ඉහළට

 

ආදායම් මාර්ග හිමිවුවද, වරින්වර නිශ්ඵල ගමන් බිමන් සඳහා වැඩිපුර මුදල් වැයවන බව පෙන්නුම් කරන අතර මෙම වසර ආරම්භයේ දී ආර්ථික ගැටලු මතු වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. වැය පස ඉහළ යන අතර අමතර වියදම් පියවා ගැනීමට තැන්පත් මුදලක් වැයවිය හැකිය. කෙසේ වෙතත් වසර මැද භාගයේ දී ආදායම් මාර්ග උපදවා ගැනීමට හැකිවේ. රැකී රක්ෂා කටයුතුවලදී කාර්ය බහුලත්වය තුළ අවිවේකී බවක් ගෙනදෙන අතර උසස් නිලධාරීන්ගේ සහයෝගය ලැබීමෙන් ඔබගේ අභිවෘද්ධිය සම්බන්ධ අපේක්ෂා කිහිපයක් ඉෂ්ට සිද්ධ වන බව පෙනී යයි. වසර මැදදී පැවති අර්බුදකාරී ස්වභාවය බැහැරව යන කාලසීමාවක් බව පෙන්වාදිය යුතුව ඇත. රැකියා කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි අතර තමාට වඩා පහළ ශ්‍රේණිවල සේවකයන්ගේ සහයෝගය හා සුහදතාවය අනිවාර්යයෙන්ම හිමිවන වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සගත තත්ත්වයක් උදාවනු ඇත.

ධනය -

ආර්ථිකය යහපත් වුවද ආදායම් කටයුතු නිසි පරිදි සංවිධානය කර ගැනීමටට අපොහොසත් වෙයි.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතු යහපත්ය. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ හිමිවන අතර කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය -

පී‍්‍රතිමත් ගෘහ ජීවිතයක් ගත කිරීමට හැකිවන අතර තරුණ තරුණියන්ට මංගල යෝග උදාවිය හැකි වන වසරකි.

සෞඛ්‍යය -

පාද ආශි‍්‍රත රෝග පීඩා ගෙනදීමේ ප්‍රවණතාවක් පවතී.

ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බදාදා

ශුභ අංක - 2, 3, 7, 9

ශුභ වර්ණ - කහ, රතු, සුදු

 

මීන ලග්නය

සිතට සහනය

 

සිතට සහනය ගෙනදෙන මේ වසර දියුණුවත් සෞභාග්‍යයත් සපිරුණු වසරක් බව පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල නව මුහුණුවරක් ඇතිවේ. රැකියා ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකිවන බවත් රැකියාවල වගකීම් හිමිවන අතර පමාවෙමින් පැවැති රැකියා උසස්වීම් මේ වසර තුළදී ඉටුවනු ඇත. ජනසන්නිවේදන මාධ්‍යයන්හි සේවයේ නියැළුැණු අයට ඡ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාවන්හි නිරත මීන ලග්න හිමියන්ට ඉතා ශුභදායක වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත්ය. තම වගකීම් හා යුතුකම් නිසි අයුරින් ඉටු කිරීම නිසා වෙළෙඳ ව්‍යාපාරිකයන්ට හොඳ නමක් දිනා ගැනීමට හැකිවේ. අනාගත අභිවෘද්ධිය සඳහා නව ව්‍යාපාර ආරක්ෂා කිරීමෙන් වැඩි ලාභ ප්‍රයෝජන අත්වන බව පෙන්නුම් කරයි.

ධනය -

ආර්ථිකය, සතුටුදායකය. ආදායම් තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවනු ඇත.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතුවලදී පෙරට වඩා උනන්දුවක් යොමු කෙරේ. ගුරුවරුන්ගේ මනා සහායක් ඔබ හට ලැබෙනු ඇත.

ගෘහ ජීවිතය -

ජීවිතය පී‍්‍රතිමත්ය. එදිනෙදා කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර පින්දහම් කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වයි.

සෞඛ්‍යය -

ශරීර සෞඛ්‍යය යහපත් ය.

ශුභ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා

ශුභ අංක - 1, 3, 4, 9

ශුභ වර්ණ - රතු, කහ

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.