ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1, 2, 3, 4, 5 හිමි ඔබ ගැන දැනගන්න

ජනවාරි 19, 2024

පසුගිය සතියේ පෞද්ගලික අංකය සොයාගන්නා ආකාරය සහ ජනවාරි මාසයේ උපන් පුද්ගලයන්ගේ ජිවන තොරතුරු සාකච්ජා කරන ලද අතර අද ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1, 2, 3, 4, 5 හිමි අයගේ ජිවන තොරතුරු සාකච්ජා කරමු.

දෙසැම්බර් මාසයේ 28 සහ ජනවාරි මාසයේ 1, 10, 19, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

ජනවාරි මාසයේ මේ දිනයක උපන් ඔබට ප්‍රබල අනන්‍යතවයක් නිතැතින්ම උරුම වන අතර ඉතාම ස්වාධින නිර්මාණශීලි බවක් ද සතුවේ. තමන්ගේ අරමුණ සඳහා තමන්ගේ මතය මත ක්‍රියාත්මක වීම ඔබගේ ක්‍රමය වන අතර අන් අයගේ අදහස් සලකන්නේ නැත. නමුත් වගකීම් භාරගන්නා ඕණැම කටයුත්තක් නිවැරදිව ඉටුකිරිමට ලොකු කැපකිරිමක් දැඩි උත්සහයක් ගන්නා පුද්ගලයන් ලෙස ඔබව හැදින්විය හැකිය. ස්ථිර වශයෙන්ම දියුණුවීමේ අරමුණින් කටයුතු කිරිම සිදුවන නමුත් ජීවිතයේ දෙවැනි අවධිය දක්වා ඔබගේ සාර්ථකත්වය ප්‍රමාද වීම කණගාටුවට කරුණකි. නමුත් ඔබ උත්සාහය අතහරින්නේ නැති අතර ප්‍රායෝගිකව මනස සමබරව තබා ගැනිමේ හැකියාව ඔබ සතුවන බැවින් ඇතිවන බොහෝ අවහිරතා ඉවසීම සහ අධිෂ්ඨානය මඟින් පරාජය කරණු ඇත. ඔබට ප්‍රවේශම්කාරිව ආර්ථීකය හැසිරිය හැකිය.එමනිසා ආයෝජයන් තුළින් ප්‍රයෝජනය ගැනිමට උත්සහා කළ යුතුය.

ඹබට යහපත් සෞඛ්‍යමය තත්වයත් උරුම නමුත් මත්පැන් සහ මත් ද්‍රව්‍ය හුරු වීමෙන් අසනීප තත්වයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. හදිසි උණ ආතරයිටීස් රෝගි තත්ත්වයන් ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කිරිම යහපතට හේතුවේ. සියලුම සුබ කටයුතු සදහා අංක 1ට යෙදෙන දින එනම් 1,10, 19, 28 යන දිනයන් යොදා ගැනිම මෙන්ම රන්වන්, කහ, තඹ සහ රන් දුඹුරු පැහැයේ වර්ණයන් භාවිතා කිරිමද යහපත්වේ.

දෙසැම්බර් 29 දින සහ ජනවාරි මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා සදු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

මේ දිනයක උපන් ඔබ අධි සංවේදි ස්වභාවයකින් යුක්ත වේ.එම නිසාම සුළු කරුණක් නිසා හෝ ඉතා ඉක්මනින් සිත් රිදවාගැනිම ඔබ සිදුකරගනි. එසේම අධි සංවේදිභාවය නිසා ගමනක් යාම සදහා ඔබ වටා සිටින්නන්ගේ ඔසවා තැබිම් ධෛර්ය දීම් යොමු කිරිම ආදිය බලාපොරොත්තුවේ.එය සියලු කාර්්‍යයන්ට නිරතුරුවම ඔබට බාධාවක් වන බැවින් විරුද්ධාකල්ප හා විරුද්ධ පාර්ශ්වයන් ට මුහුණ දීම සදහා පෞරුෂය වර්ධනය කර ගත යුතුවේ. තවද ඔබට සෞම්‍ය නිර්මාණශීලි ප්‍රතිභාපූර්ණ මනසක් ද උරුමය. එම නිර්මාණ ශක්තිය මෙහෙයවා වඩාත් සාර්ථක විමට ඔබට හැකියාව ඇත.

මුදල් සම්බන්ධයෙන් ඔබට හැගිමක් නැත. මුදල් අවශ්‍ය වන්නේ අවශ්‍යතාවයට පමණක් බව ඔබගේ විශ්වාසය වන අතර මුදල් ඕනෑම අවස්ථාවක උපයාගත හැකි බවට විශ්වාසයක් ඔබට ඇත. එම නිසාම දුක්ඛිතභාවයට ඇද වැටිමේ අනතුරක් ඔබ ඉදිරියේ ඇත. මානසික තෙහෙට්ටුව නිසා අසනීප තත්වයන් ඇතිවේ. මේ තත්ත්වය වඩාත් ප්‍රබල වුවහොත් මානසික අවපීඩනයක් දක්වා ගමන් කළ හැකිය.එම නිසා විවේකය ලබා ගැනිම මේ තත්වයන් පාලනයට මහත් රුකුලක් වේ. ආහාර තෝරාගැනිම යම් ක්‍රමවේදයක් අනුව සිදුකිරිමෙන් බොහෝ රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකිය. නමුත් ආත්‍රයිටීස් වැනි අසනීපයන් සදහා අවදානමක් දැකිය හැක.

ඔබේ කටයුතු සාර්ථක කරගැනිම සඳහා අංක 2 ට යෙදෙන දින එනම් 2,11, 20,29 යන දිනයන් යොදා ගැනිම යහපත් වේ. එසේම කොබෙයියාගේ අලු පැහැය ළා පැහැයේ සිට තද පැහැයේ වර්ණ සාර්ථකත්වය වෙනුවෙන් යොදාගත හැකිය.

දෙසැම්බර් මාසයේ 30 සහ ජනවාරි මාසයේ 3, 12, 21, දිනයන් හි උපත ලද ඔබට ජනවාරි මාසයට අදාල පෞද්ගලික අංක 3 හිමි අතර එය ගුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජනවාරි මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඉහත දිනවල උපන් ඔබ තරමක් ආක්‍රමණශිලි වන අතර ඔබෙ සියලු කටයුතුවලදි එම ස්වභාවයෙන් ක්‍රියාත්මක වීම දැකිය හැකිය. අනිත් අය පරදවා තම අරමුණ කරා ගමන් කිරිමේ බලාපොරොත්තුව සහ ජීවිතය ඉහළට ගෙන යාම සදහා දැඩි උත්සහයකින් මෙන්ම අධිෂ්ඨානයකින් ක්‍රියාත්මක වීමේ ක්‍රමයද ඔබ සතුවේ. මේ තත්ත්වය මත ඔබට සතුරන් ඇතිවීම වැළක්විය නොහැකි බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය. එසේම විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම වැළකිය නොහැකිය. මෙ නිසා තත්ත්වය සමතයකට පත් කර ගැනිම සදහා ඔබේ ක්‍රියාමාර්ග අගයන පාර්ශවයක් විවාහය සඳහා සොයා ගත යුතුය. ශනි ග්‍රහයාගේ බලපෑමට ද යටත් වන බැවින් තනි පුද්ගලයෙකුට වඩා පෙලඹේ. පෞද්ගලික ලැබීම් බලාපොරොත්තු නොවන කටයුතුවලින් ඔබට සාර්ථකත්වය ලගා කරගත හැකිය. මහා පරිමාණ සැලසුම්වලට යාමෙන් ඔබ වැළකීම ඉතා හොඳය. යහපත් සෞඛ්‍ය තත්වයකට හිමිකම් කියන නමුත් එක දිගට පැමිණෙන මානසික පීඩාවන් නිසා අංශභාගයට හෝ හෘද අශ්‍රිත රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩක් තිබේ. එම නිසා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ඔබේ සාර්ථකත්වය සදහා සෑම කටයුත්තක් සඳහාම අංක 3 දින එනම් 3 12, 21, 30 යන දිනයන් යොදා ගැනීම යහපත් වන අතර වයලට් වර්ණයේ ප්‍රභේද සහ වයලට් දම් පැහැය වැනි වර්ණයන්ද භාවිතය යහපත් වේ.

දෙසැම්බර් මාසයේ 31 සහ ජනවාරි මාසයේ 4, 13, 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.

ජනවාරියේ පෞද්ගලික අංක 4 හෙවත් ඉහත දිනවල උපන් ඔබ සම්ප්‍රදායිකත්වයෙන් මිදි කටයුතු කරන අතර නිර්මාණත්මක සැලසුම් ලෝකය හමුවේ ඉදිරිපත් කිරිමේ හැකියාවෙන් යුක්තය. ඔබ අලුත් අදහස් සෑම විටම ඉදිරිපත් කරන අතර අනිත් අයගේ සැලසුම්වලට ඔබ කොටස් කාරයෙක් වන්නේ නැත. එසේම ඔබ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කිරිම ඔබගේ ක්‍රමය වේ. දෛවයේ ඉහළ පහළ යාම් වලට ඔබට මුහුණ දිමට සිදුවේ. වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26, 31, 35 යන වර්ෂ අතිශය දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. එම නිසා මේ වයස් සිමාවන් එන වර්ෂයන්හි විවාහය ව්‍යාපාර ආදි සුබ කටයුතු ආරම්භ කිරිමෙන් වැලකි සිටිම නුවණට හුරුය. එම නිසාම ආර්ථිකය වශයෙන් දියුණුවක් ලබා ගැනිම අපහසුවේ. අතෙහි මුදල් ඉතිරි වන්නේ නැත. එම නිසා මුදල් ඉතිරි කිරිම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ජීවිතයේ අවසාන භාගයේ ප්‍රයෝජනයට මුදල් ඉතිරි නොකළොත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවේ.

මේ දිනවල උපන් ඔබ හොද කායික සෞඛ්‍යයකින් උපදින අතර ජිවත් වන පරිසර තත්වයන් අනුව වෙනස් වීමට පුළුවන. එසේම දෙපා සහ පතුල් අනතුරට ලක්විය හැකිය. බොහෝ දුරට මරණය සිදුවන්නේ ප්‍රචණ්ඩත්වයෙන් හෝ අනතුරකිනි. මේ දිනවල උපන් ඔබට සෑම කටයුත්තක් සදහාම 1, 2, 7, 10, 11, 16, 19, 20, 25, 29 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. කහ රන්වන් වර්ණයේ ප්‍රභේද වර්ණ භාවිත කිරිමද යහපත් වේ.

ජනවාරි මාසයේ 5, 14, 23 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධට අයිති වේ. එසේම මොවුන්ගේ උපත සිදුවුයේ ජනවාරි මාසයේ නිසා බුධ ග්‍රහයාට අමතරව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වේ.

ජනවාරි මාසයේ පෞද්ගලික අංක 5න් උපන් ඔබ නිරන්තරයෙන්ම මුහුණ පාන ගැටලුවක් වන්නේ ඔබගේ දක්ෂතාවලට සරිලන රැකියාවක් සොයාගැනිමයි. එම නිසාම රැකියාව කිහිපවරක්ම වෙනස් කිරිමට හෝ රැකියා ස්ථානයේ වෙනස්වීම් නිරන්තරයෙන් ඇතිවේ. ඔබ සංචාරයට කැමතිය. එමනිසා ලෝකයේ බොහෝ ස්ථාන ගවේෂණය කිරිමට ඔබ කාලය කැප කරයි.

බුධ ශනි සංයෝගය නිසා පොත් පත් කියවීම ප්‍රිය කරන අතරම නව නිර්මාණ පිළිබදවත් ගුප්ත ශාස්ත්‍ර පිළිබදවත් උනන්දුවක් ඔබ තුළ ඇතිවේ. එවායින් ප්‍රතිඵල ලබා ගැනිමට නම් ප්‍රායෝගික සිතුවිලි වෙනස් කර ගත යුතුය. ජීවිත කාලය පුරා වරින් වර කලකිරිමට පත්විය හැකි බැවින් ජිවිතය ගැන නිවැරදි වටහා ගැනිමක් ඇතිකර ගැනීම සුදුසු වේ. මුදල් කටයුතුවලදි ඔබ ඉතා පරිස්සම්කාරිව කටයුතු කරන බැවින් ආයෝජන සදහා මුදල් යොදවන්නේ නැත. එවිට ඔබට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට අපහසුවේ. ඒ නිසා ඒ පිළිබදව අවධානය යොමු කර තමාට වාසි සහගත තත්වයන්ගෙන් ප්‍රයොජන ගත යුතුය.

යහපත් සෞඛ්‍යමය තත්වයක් සහජයෙන්ම ඔබට උරුමය. නමුත් ස්වභාවයෙන්ම වරින් වර ඇතිවන කලකිරිම් තත්ත්වයන් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්වයන් ඇතිවිය හැකිය. ඒ වගේම ඔබේ දණහිස් සන්ධි අසනීප අපහසුතා ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. ඔබ සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම් 5, 14, 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ කටයුතු සඳහා යොදා ගැනීම යහපත් වේ.

 

ජනවාරි මාසයේ පෞද්ගලික අංක 6, 7, 8, 9 න් උපන් ඔබගේ ජිවන තොරතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.