දේහ ලක්ෂණ විද්‍යාව

අප්‍රේල් 2, 2021

දේහ ලක්ෂණ විද්‍යාවට ශරීරයේ සෑම කොටසක්ම අඩංගු ය. විවිධ අඟ පසඟ හා ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්කල මේ දෙපක්ෂය තුළම වෙන් වෙන් වශයෙන් දේහ ලක්ෂණ විද්‍යාවේ පලාපල ලියා ඇත. ස්ත්‍රීන්ගේ මුහුණේ සිට පාද දක්වා විවිධ පලාපල සෘෂිවරුන් විසින් සටහන් කර ඇත. ඒ වගේම අඟපසඟ හැඩය ගැනද ශරීරයේ පිහිටන ලප කැලැල්, රෝමකූප ගැනද මේ දේහ ලක්ෂණ විද්‍යාවේ විවිධ පලාපල සඳහන්ව ඇත.

 

“සමුද්‍ර” නම් දෙවියන්ගේ නිර්මාණයක් වූ දේහ ලක්ෂණ විද්‍යාව නාරද, ලක්ෂක, වරාහ, මාණ්ඩවඝ සහ කාර්තිකේය නම් සෘෂිවරුන් විසින් ලොව සියලු සත්වයන්ට මෙය හඳුන්වා දුන්නෙමු. මෙය මහා විද්‍යාවකි.

 

ලෝකවාසීන්ට අවබෝධ කොටගැනීමට හැකිවනසේ සරල කොට සකස් කරන ලද්දේ “සමුද්‍ර” නම් සෘෂිවරයා විසිනි. එය වූ කලි සමස්ත මානව වර්ගයාටම දේහ ලක්ෂණ විද්‍යාවක් වශයෙන් පිළිගැන්වුණු මොහොතක් විය. ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්ත්‍රයක් වූ දේහ ලක්ෂණ විද්‍යාව පසුකාලීනව අංග කීපයකට බෙදී ගිය බැව් පෙනේ. අතිශයින්ම විද්‍යාත්මක වූද දේහ ලක්ෂණ විද්‍යාව ගොඩනැගී ඇත්තේ මනසත්, සිරුරත් අතර ඇති භෞතික හා අධ්‍යාත්මික සබඳතාවයනුත් පදනම් කොට ගනිමිනි.

වර්තමාන බටහිර විද්‍යාර්ථීන් අතර ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ඇගයීමකට ලක්ව ඇති එහෙයින්ම ලොව පුරා පැතිර ඇති දේහ ලක්ෂණ විද්‍යාව සැබවින්ම ගරුකළ යුතු සුවිශේෂ විද්‍යාවකි. භාරතීය සමාජයේ ද ඊට උචිත ස්ථානයක් ලැබී ඇතත් වර්තමානයේ ලංකාවේ නම් දේහ ලක්ෂණ විද්‍යාවට එතරම් උසස් තත්ත්වයක් හිමි වී නැත. දේහ ලක්ෂණ විද්‍යාවට ශරීරයේ සෑම කොටසක්ම අඩංගු ය. විවිධ අඟ පසඟ හා ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්කල මේ දෙපක්ෂය තුළම වෙන් වෙන් වශයෙන් දේහ ලක්ෂණ විද්‍යාවේ පලාපල ලියා ඇත. ස්ත්‍රීන්ගේ මුහුණේ සිට පාද දක්වා විවිධ පලාපල සෘෂිවරුන් විසින් සටහන් කර ඇත. ඒ වගේම අඟපසඟ හැඩය ගැනද ශරීරයේ පිහිටන ලප කැලැල්, රෝමකූප ගැනද මේ දේහ ලක්ෂණ විද්‍යාවේ විවිධ පලාපල සඳහන්ව ඇත. එක වගේ දෙදෙනෙකුගේ පලාපල කීමට අපහසු යැයි ඔබට සිතේවි. නමුත් පොඩි වෙනසක් හෝ අපට දක්නට ලැබෙන අවස්ථා ඇත. දේහ ලක්ෂණ විද්‍යාවේදී මේ අංශයන්ගේ සම්බන්ධය අපි දේහ ලක්ෂණ විද්‍යාවේ ශරීරයේ මුල සිට අග දක්වා විවිධාකාරව පිහිටි ලක්ෂණ ඉදිරියේ දී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමු.

 

පළමුවෙන්ම අපගේ මුහුණෙන් පෙනෙන චරිත ලක්ෂණ ගැන සඳහන් කරමු.

දයාව, ප්‍රේමය, සෙනෙහස, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය බිහිවන උල්පත හදවත නම් එම හැඟීම් දෝර ගලන ගඟ වන්නේ මුහුණයි. මුහුණ හදවතේ කැඩපත කියා කියමනක් ඇත්තේ ද මේ නිසා ය. ඒ නිසාම මුහුණ එකිනෙකාගේ ස්වරූපය හා ගතිලක්ෂණ මැනීමේ ප්‍රධාන උපකරණයක් වශයෙන් ද හඳුන්වා දෙන්න පුළුවනි. අද අපි ඔබට පවසන්නේ හදවතක ස්වරූපය දකින කැඩපත වන මුහුණින් එකිනෙකාගේ චරිත ලක්ෂණ දැකීමටයි.

අප මුහුණු දහයක් දෙස බැලීමේ දී එකිනෙකට වෙනස් ස්වරූප ලක්ෂණයෙන් යුක්ත විවිධාකාර හැඩැති මුහුණු දක්නට ලැබේ. ඒ හැඩ සහිත මුහුණ අතරින් රවුම් හැඩයෙන් පිහිටි මුහුණක් හිමි ස්ත්‍රිය වාසනාව ළඟාකර ගනියි. අධ්‍යාපන අංශයෙන් විශාල තත්ත්වයකට නොපැමිණියත් තමන්ගේ බුද්ධිය මෙහෙයවා ජීවිතය ක්‍රමානුකූලව සකස්කරගනී. කා සමඟත් සුහදව ජීවත් වෙයි. මේ නිසා අන් අයගේ සහය මැයට නිරන්තරයෙන් හිමිවෙයි. මෙවැනි ළඳුන් තම ඉදිරි ගමන ආලෝකවත් කරගැනීමට සෑම මොහොතකම උත්සාහ කරයි. සෑම අතින්ම ගුණයහපත් සැමියෙකු හට විවාහවීමට හැකි මෙම තරුණියන්ගේ යුගදිවිය ඉතා වාසනාවන්ත වේ.

යම් කාන්තාවකගේ මුහුණ ත්‍රිකෝණාකාර වූ හැඩයක් ගනී නම් ඇය මනා තීක්ෂණ බුද්ධියක් හිමි තැනැත්තියකි. එසේම සියලු ශිල්ප ශාස්ත්‍රයන්ට දක්ෂ වෙයි. සියලුම කලා අංශ ගැන උනන්දුවක් දක්වන මෙම කාන්තාවන් එමඟින් තම ඉදිරි දියුණුව සකසා ගනී. විවාහය නියම වයස්වලදී ප්‍රේම සම්බන්ධයක් මඟින් සිදුවෙයි.

සමහර කාන්තාවන්ගේ මුහුණ දිගු හැඩයෙන් පිහිටයි. මෙම කතුන් තමන්ගේ මෙන්ම අනුන්ගේ වැඩකටයුතු ගැන ද උනන්දුවෙන් ක්‍රියා කරන අයයි. උපක්‍රමශීලීත්වය මොවුන් සතු ප්‍රධාන ගුණාංගයක් නිසා විවිධ ශිල්ප ගැන අවබෝධයක් ලබයි. කලබලකාරී බව චංචලබව මොවුන් සතු ප්‍රධාන ගුණාංගයක් නිසා විවිධ ශිල්ප ගැන අවබෝධයක් ලබයි. නමුත් විවාවය වැනි තීරණාත්මක අවස්ථාවලදී මොවුන් චංචල තීරණවලට නම් එළඹෙන්නේ නම් නැත.

හතරැස් හැඩයෙන් යුක්ත මුහුණ හිමි කාන්තාව ඉතා සැලසුම් සහගතව කටයුතු කරන අයයි. අන් අයට උපදෙස් දීමට වගේම කතාවට රුසියන් වන මෙම ළඳුන් තම මතය අනුව වැඩ කරන තමන්ගේ අදහස් අනුව අන් අයව ක්‍රියාත්මක කරවීමට ද උත්සාහ කරයි. කා සමඟත් සුහදව ජීවත්වීමට කැමති මෙම කාන්තාවන් යහපත් පවුල් ජීවිතයක් ගත කරයි.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා මුහුණ විශාලව පිහිටන කතුන් ඉතා කරුණාවන්ත අයයි. ආගම දහමට ලැදිව කටයුතු කරමින් අන්අයට උදව් උපකාර කිරීමට බෙහෙවින් පෙළඹෙයි. නිතරම සිනාමුසු මුහුණින් කල් ගෙවූවත් සිත් ඇතුළතින් බොහෝ දුක් වේදනා විඳින්නීය. ප්‍රේම සම්බන්ධතාවලදී බොහෝ විට මොවුන්ට වේදනා විඳීමට සිදුවෙයි. ප්‍රේම සබඳතාවලින් තොරව ජීවිතය ගෙන යාමෙන් සතුටින් සිටින්න හැකියාවක් ඇත.

උල් හැඩයෙන් යුත් මුහුණ හිමි කතුන්ගේ දකින්නට ලැබෙන අඩුපාඩුව නම් නිතර කෝපයට පත්වීමයි. හේතුවක් නැතුවත්, ඇතුවත් කෝපවීම ඔවුන්ගේ සිරිතයි. මෙවැනි අය සමඟ ඇසුරු කිරීමේ දී ඉතා බුද්ධිමත් විය යුතුයි. මේ අය පිරිමියෙකු මෙන් තම උත්සාහයෙන් ජීවිතය ගොඩනඟාගන්නා අතර මෙවැනි කතුන් සැමියාව තම අණසකට යටත්කර පාලනය කරයි. නමුත් සැමියාට ආදරයෙන් සලකයි.

සමහර කාන්තාවන්ගේ මුහුණ එල්ලා හැලෙන ස්වභාවයක් ගනී. මොවුන් නම් ඉතා ආඩම්බර කපටි තැනැත්තියන් ය. මේ අය අනුන්ගේ අඩුපාඩු සොයා සතුටක් ලබයි. තම සැමියා සිටියදී වෙනත් අයථා සබඳතා සඳහා මුල පිරීමට රුසියන් වන අතර මෙම කතුන් තමන්ට වඩා කෙනෙක් තවත් නොමැති බව කියාපායි. මේ අය ධනයට කෑදරකමක් දක්වයි. මොනම ආකාරයකින් හෝ ධනය ලබාගැනීමටම උත්සාහ ගනී. ඒ වගේම ජීවිතය ගත කිරීමේදී තමන්ගේ නරක චරිතය ගැන නොපෙන්වා අමුතුම රටාවකට රඟපෑම් කිරීමට ද දක්ෂයි. මේ නිසා මේ අයට ඕනෑම දෙයක් කිරීමට වැඩි වේලාවක් ගත නොවේ. ඇසුරු කිරීමේ දී ප්‍රවේසම් විය යුතු යි.

සමහර කාන්තාවන්ගේ වයස ලාබාල වූවත් පෙනුම වියපත් වූ දිරාපත් වූ මුහුණු පිහිටයි. මේ අය සමහරවිට ඉතා සැපවත් ජීවිත ගත කරන පවුල්වලින් උපත ලබන කෑම බීමෙන් අඩුවක් නැති අය වීමට පුළුවන. ඒත් මේ අය සමහරවිට වයස අවුරුදු විසිපහක් වුවත් තිස්පහක පෙනුමක් ඇත. එම කාන්තාවන් සමාජශීලී ගතිගුණ අඩු අයයි. ඊර්ෂ්‍යාසහගත සිතුවිලිවලින් පිරුණු මොවුන් අන් අයට උදව් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. නිතරම රූප සම්පත්තිය අඩු වුවත් ප්‍රේම සම්බන්ධතා නිතරම ගොඩනඟා ගැනීමට ඉතා දක්ෂය. ඒවා සාර්ථක වන්නේ නම් කලාතුරකිනි. ඒ වගේම මේ අයගේ විවාහ ජීවිතයද සාර්ථක වන්නේ කලාතුරකිනි. විවාහ ජීවිතයද අසාර්ථක වේ. මේ අය විශේෂයෙන්ම කේන්දර ගළපා විවාහ වීමෙන් සාර්ථක යුග දිවියක් ගත කිරීමට හැකියාවක් ඇත.

සමහරුන්ගේ මුහුණු කළුයි. හැඩයෙන් පිහිටියත් ඒවායේ පෙනුම දැකීමේ දී පි‍්‍රය උපදවන දැකුම්කළු බවක් පිහිටා ඇත. සුදු පාට නොවුනත් මේ අය දැකීමේ දී සිනහවීමට ප්‍රසන්න බවක් ඇත. සමහරුන්ට නපුරු පෙනුමක් ද ඇත. බලන්නේ වපර ඇසින්. තවත් සමහරු දැකීමේ දී කපටි කෛරාටික පෙනුමක් ඇත. මේවා සලකා බැලීමේ දී කාන්තාවකගේ දේහ ලක්ෂණ බලා පලාපල ප්‍ර‍්‍රකාශ කළ යුතු යි. මුහුණ පමණක් බලා තීරණය කිරීම සාර්ථක නොවේ.

 

ඡ්‍යොතිර්වේදියා සම්මානලාභී ගොඩගම

ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.