මේෂ, කටක, තුලා, මකර ලග්නවලට සුවිශේෂ ගුණයක්

ජනවාරි 15, 2021

සත්කලත්‍ර, රවි බුධ ආධිත්‍ය, චන්ද්‍ර මංගල, නීචභංග, ගජකේශරී, කාලසර්ප, සස, රුචක, වෙශී, වොශී, අනථා, මහාභාග්‍ය, ගුරුශනි, පංච මහා ග්‍රහයෝගාදී රැල්ලක් ධනාත්මක මෙන්ම ගුණාත්මකව දුරුතු මහට විද්‍යාමාන කරවමින්, කුජ + ශනි - චන්ද්‍ර + කුජ, කුජ - ශුක්‍ර, ත්‍රිකෝණ දෘෂ්ඨිය, ගුරු + ශනි - ශනි + චන්ද්‍ර - චන්ද්‍ර + ශුක්‍ර - ගුරු + චන්ද්‍ර - රවි + චන්ද්‍ර සංයෝග - උතුරුසල 02, 03, 04 සුවණ 01, 02, 03, 04 දෙනට 01, 02 පාද ආශි‍්‍රතව රවි, චන්ද්‍ර, අඟහරු ග්‍රහ චලිත පෙරදැරිව පෙබරවාරි 12 වෙනි සිකුරාදා පස්වරු 09.12 ට කුම්භ රවි සංක්‍රාන්තිය තෙක් මකර රාශිය මකර නවාංශකය, උතුරුසල 02 පාදය ස්පර්ශ කෙරෙමින්, උත්තරායනය සිසිර සෘතුවෙහි මකර රවි 01 භාග දුරුතු මහේ පුර පෑලවිය නම් තිථියලත් ජනවාරි 14 ගුරු දින පෙරවරු 08.15 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි සූර්යය දිව්‍ය රාජයාණෝ මකර රාශියට ශනි ඇරයුමින් සංක්‍රමණය සිදුවිය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි මකර රාශි උදාවෙහි දී රවි සතුරුව ගුරු නීච ක්ෂේත්‍රව සෙනසුරු ස්වක්ෂේත්‍රව බුධ සහ චන්ද්‍රයා සමව තැන්පත්ව සම වූ නැප්චූන් 02 වැන්න වූ ධනස්ථාන ගතවද අඟහරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව වක්‍ර යුරේනස් සමව 04 වැන්නේ ද උච්චක්ෂේත්‍ර රාහු පුත්‍රකාරක 05 වැන්නේ ද උච්චක්ෂේත්‍ර කේතු අයස්ථානය වූ 11 වැන්නේ ද ප්ලූටෝ මිත්‍රශීලීව සිකුරු සමව වැය ස්ථානය වූ 12 වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය විරාජමාන වෙන්නේ ය.

ජනවාරි 30 බුධ වක්‍රය ද ජනවාරි 05 ගුරු අස්තය ද පෙබරවාරි 14 සිකුරු අස්තයද ජනවාරි 07 සෙනසුරු අස්තයද ජනවාරි 14 යුරේනස් නිවෘතියද එතෙක් වක්‍රය ද මකර රවි කාල පරාශය තුළ විශ්වයෙහි බලවතුන් බොහෝ දුරට වාෂ්පීකරණයෙහි ද බලපානු ලබන්නෙකි.

රවි මකර සංක්‍රාන්තිය බුද්ධකාලීන සමාජය සහ ඊට පෙරාතුව සිට පැවතෙන චාරිත්‍ර සදානුස්මරණීය වූවෙකි. මේෂ, කටක, තුලා, මකර, රවි සංක්‍රාන්ති ගමන්මඟ ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යාවෙහි භෞතික අධි භෞතික බවට පාත්‍රවූ විස්මිත සංධිස්ථානයන් බැව් සදාකල්හිම අමතක නොකළ හැකි වූවෙකි.

කාර්මික කෘෂිකාර්මික සහ කම්කරු සමස්ත විශ්ව ප්‍රජාව සංවර්ධනය සමෘද්ධිය සහ ජීවනය සමාරම්භයට මනුෂ්‍යත්වයෙන් කැපවීම වැදගත්කොට සැළකීමට දැඩි අවධානය යොමු කෙරෙයි. වරින්වර සතුරු එදිරිවාදීකම් නිර්නාමිකව සහ නාමිකව මුවහත්වීයාමේ ප්‍රවණතාවයක් ද සිදුවීමෙහි බොහෝ දුරට ඉඩකඩ ඇත. මෙකී සෙනසුරු හිමි මකර රාශිය උදාරාශියවීම රාජ්‍යයන්හි, රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ද ජාතිකානුරාගය, දේශානුරාගය ප්‍රවේශවීමේ භාග්‍යය ග්‍රහණය කෙරෙහි, රාජ්‍යයන්හි රාජ්‍යන්ත්‍රිකයන් පාලන ව්‍යුහය ජනතා ශුභවාදී නව නැම්මකට තුඩුදෙන ක්‍රමවේද අනුගමනය කරළීම රවි, මකර රාශිගතවීමෙහිලා ප්‍රබල වූ නිවේදන පැතිකඩකි. ප්‍රාන්ත, ප්‍රදේශ දූෂිත පාලන ක්ෂේත්‍රයන් ක්‍රමවත්, නීති රීති පද්ධතියකට සංස්කරණය කෙරෙනු ඇත. ජනතාව කෙරෙහි නවෝදයක ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් නව මගකින් ස්ථාපනය කෙරෙන සුළුවෙයි. ඉල්ලම් පතල් මැණික් මතු කෙරෙන සෞභාග්‍යය ගලා එන අභිමානනීය සංක්‍රාන්තියක් බැව් විනිවිද පෙනෙයි. නවෝද්‍යයෙහි නවනීති පද්ධති සමඟ ජන සම්මතවාදී චර්යා රටාවන් කෙරෙහි ගෞරවාන්විත වීමෙහි රවිගේ ශත්‍රැභාවය බොහෝ දුරට හිතකරවීයාමෙකි. ආගමට, දහමට, ගෞරවනීය බවක් බාල මහලු තරුණ පිරිස් අතර පසුබිම මඟුල් සක්වල පුරා විහිදීයාම විශ්ව කේන්දර ග්‍රහසටහනට, සමතුලිතවෙයි. සබඳතා විවාහ මංගල ආර්ථික වර්ධනය නව නිවාස සමාරම්භය ආරම්භක ව්‍යාපාර දියුණුව පංචමහා ග්‍රහයෝගය ද ඇතුළුව ජම්මරාශි දොළසටම ශුභදායක ප්‍රවණතාවයෙකි. මේෂ, කටක, තුලා, මකර රාශි සතරට සුවිශේෂි ගුණාත්මක බවක් ග්‍රහණය කෙරෙනු ඇත. උගතුන් විශාරදයන්ගේ උත්පාදන සිදුවන කාල පරාසයකි. ඓතිහාසික සංස්කෘතික ස්ථාන සංස්කරණය ද කෙරෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.