විවාහයට දිනයක් තෝරා ගැනීම එතරම් පහසු නැත

ජුනි 19, 2020

කිසිම අඩුවක් නැති දෝෂ නොමැති කේන්ද්‍රයක් නොමැත. විවාහ දෝෂ 20 ක් පමණ ඇති අතර විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීමට හැකි වූවත් සාර්ථකම විවාහයක් පවත්වා ගෙන යාමට එක් ලකුණු මට්ටම පමණක්ම සෑහේවිද යන්න ප්‍රශ්නයකි. 

යම් යම් දෝෂ ඇතත් තත්කාලීනව සුබවාදී අති ප්‍රබල ග්‍රහයෝගයකින් විවාහය සිදුවුවහොත් දෝෂ මඟහැරී යනු ඇත. අසුබ ග්‍රහ හැසිරීම් හරහා විවාහ කටයුතු නොකර සුබ ධනාත්මක අවස්ථාවන්හි විවාහ කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවේ. 

අසුබ යෝග - කෝණ මාසවලදී විවාහයට සුබ නැත. දෙසැ. 16 සිට ජනවාරි 16 දක්වා ද මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වාත් ජුනි 15 සිට ජුලි 16 අතරද සැප්. 17 සිට ඔක්තෝබර් 16 දක්වා අතරද වේ. බිනර, වප්, චන්ද්‍ර තෙමස තුළ දී විවාහයට සුදුසු නැත. රික්තා, තිථි 3 තද පෝය තිථි 4 ඉතා අසුබයි. මිථුන, රවි, ඇසළ මාසයේ පුර තිථි 4, 8, 9, 14, 15 සහ අව පක්ෂයෙහි සිහලු තිථි අසුබයි. 

මා, මුල නැකත් දෙකේ 1 පාදයන් රේවතී නැකතේ 4 වැනි පාදය අසුබයි. 

මේෂ, රවි බක් මස වෘශ්චික රවි සූර්ය්‍ය මාසය තුළට වැටෙන ඉම් මාසය ද මකර වේ. සූර්ය්‍ය මාසය තුළට වැටෙන දුරුතු මාසයද තුළ දින අසුබයි. 

කෝණ මාස අග දින 15 ඉතා අසුබයි. 

පවුලක කුළු දුල් (වැඩිමල්ම) ළමයාට ඇගේ (ඔහුගේ) ජන්ම චන්ද්‍ර මාසය යෙදෙන කාලය අසුබයි. වෙසක් මස උපන් දෙදෙනාටම වෙසක් මස තුළට යෙදෙන දිනයක විවාහයට සුබ නැත. 

ජන්ම දිනය නැකත මාසයද අසුබයි. 

ධනු රාශිය, මේෂ රාශිය, සිංහ රාශිය, මකර රාශිය, වෘශ්චික රාශිය ලග්න වශයෙන් යොදාගත් රවි, කුජ, ශනි දිනයන් ද ර, කු, ශ හෝරාවන් අසුබයි. 

විසා නැකත සමඟ යෙදෙන කුම්භ ලග්නයද විවාහයට සුදුසු නැත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.