වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සඳු සිකුරු යෝගය
අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ.
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත.
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය.
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි.
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්‍රහයෙකුගේ හෝ අශුභ ග්‍රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි.
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය.
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ.
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යා විශාරද
දේශබන්ධු,
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
ලග්නාධි යෝගය, චන්ද්‍රාධියෝගය ලෙස කේන්දරවල අධියෝගය යෙදේ. ලග්නයෙන් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයෝම පමණක් යෙදී ඇත්නම් එය ලග්නාධි යෝගය වශයෙන් සැලැකෙයි....
2024-12-12 18:30:00
ශක වර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 28 භාග උඳුවප් පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 04 භාග උඳුවප් අව ජලවක තිථියලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 13 උදේ 11.20 ට යුරේනස් ග්‍රහයා කුජ හිමි මේෂ රාශියට පැමිණෙන්නේ, කුම්භ ලග්න තත්කාලයක් උදාව ඇති මොහොතක සඳු ග්‍රහයාද කුම්භ රාශියේ ගෝචර...
2024-12-12 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 21 භාග උඳුවප් පුර විසේනිය ලත් කිවි දින සිට එම රවි 27 භාග උඳුවප් පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-12-05 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා අර්ඛඞ නැත්නම් රවි ග්‍රහයා සම්බන්ධ යන්ත්‍රය තමයි සූර්ය මණ්ඩලය. ඒක ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වුවත් ලැබුණු දුරකතන...
2024-12-05 18:30:00
සුහුණන් ඇඟට වැටීම පිළිබඳ අප සමාජයේ ඇත්තේ විශේෂ පිළිගැනීම් රටාවකි. ශරීරයේ ඒ ඒ ස්ථාන අනුව සුහුනකු වැටුණ විට ගෙන දෙන සුබාසුබ පල පිළිබඳ පසුගිය...
2024-12-05 18:30:00
ජන්ම අංක අටෙන් උපදින අය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සෙනසුරු ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයෙකි. එක රාශියක් තුළ වසර දෙකහමාරක පමණ...
2024-12-05 18:30:00
දෙසැම්බර් 07 ශනි දින පාන්දර 05.04 ට කටක රාශියේ පුෂ නැකැතේ වක්‍ර වන කුජ ග්‍රහයා 2025 වසරේ පෙබරවාරි 24 දක්වා දින 79 ක් වක්‍ර ගමනේ යෙදෙයි.කටකයේ වක්‍ර වූ...
2024-12-05 18:30:00
ඡ්‍යොතිෂයෙහි පරාශර මහා ඍෂිවරයා මෙන්ම ඉන්පසුව බිහි වූ මහා පඬිවරු අවධාරණය කොට දක්වා ඇති විශේෂ යෝගාවලියක් මෙහිදී මාතෘකාව කර ගනිමු.සාමාන්‍ය ඡ්‍යොතිෂ...
2024-11-28 18:30:00
පිල්ලි යැවීම පිළිබඳව අප විසින් ලියන ලද පළමු ලිපිය කියැවූ, අප හිතවත් ගුප්ත විද්‍යා ගවේශකයකු වූ විශ්ව ශක්ති පර්යේෂක මෙරිසන් අතුකෝරළ මහතා පැවසුවේ,...
2024-11-28 18:30:00
යන්ත්‍ර විද්‍යාවේ යන්ත්‍ර ගැන විස්තර කරන මේ වකවානුවේ මීළඟට ලියන්න හිතාගෙන හිටියේ පසුගිය දිනෙක පොරොන්දු වූ පරිදි රවි ග්‍රහයාගේ අපලවලට නියමිත සූර්ය...
2024-11-28 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 14 භාග ඉල් අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 20 භාග උඳුවප් පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ සහ...
2024-11-28 18:30:00
මේෂ ලග්නයසුවිශේෂී මාසයකි. මනසට ප්‍රීතිය ගෙන දේ.ව්‍යාපාරික අරමුණු සාර්ථක වේ.සුබවාදී කාලයකි. සංචාර ව්‍යාපාර සිහින සැබෑවේ. ආදර බැඳීම්වලට සුබයි....
2024-11-28 18:30:00
විවිධ ජන සමාජයන්හි විවිධ විශ්වාස වන්නේය. ඇතැම්හු දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් ඔස්සේ ඒවා සිය ජීවිතය හා සම්බන්ධ කර ගනිමින් ඒවායේ සත්‍යතාවය ප්‍රත්...
2024-11-28 18:30:00
පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හාගුප්තවිද්යා උපදේශකරවිශංඛ සේනානායකඑළැඹෙන දෙසැම්බර් මස 02 වැනිදා උදේ 11.58 සිකුරු ග්‍රහයා මකර රාශි ගත වන අතර...
2024-11-28 18:30:00
දෙසැම්බර් මස 28 වැනි දින රාත්‍රී 11.40ට සිකුරු කුම්භ රාශිගතවීමත් සමඟ සිකුරු හා බුධ යන ග්‍රහයන්ගේ කේන්ද්‍රගත දෘෂ්ටියට ග්‍රහ ලොව දැවැන්තයා වන ගුරු...
2024-11-28 18:30:00