මිනිසා හසුරුවන බුධ ග්‍රහයා

ජූලි 19, 2019

අපේ ජීවිත නැත්නම් මිනිස් ජීවිත භාරව ඉන්න ග්‍රහයා බුධ බව දැන සිටියේ නැහැ නේද? මනුෂ්‍ය ජීවිතයේ මිනිස් මොළයට, දැනුමට, ප්‍රාණයට සංඥා ඉන්ද්‍රිය පද්ධතියට අධිපතියා බුධ.

බුදු,පසේ බුදු, මහරහත් වැනි උත්තමයන් වහන්සේලාට නැවත ඉපදීමක් සිදු නොවන බව බණ පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ හැරෙන්න අපි සියලුම දෙනා මරණයෙන් පසු කොහේ හෝ කවුරුන් වශයෙන් හෝ නැවත උත්පත්තිය ලබනවා.

අපේ බෝසතාණන් වහන්සේ ඉපදුන සෑම භවයකම නායකත්වය රැගෙන ඉපදුන බව දහම් පාසලේදි දැනගත්තා මතකයි. ඉපදීම පසුපස මරණයත්, මරණය පසුපසද ඉපදීමත් සිදුවන බවත් එය කරන ලද කුසලා කුසලයට අනුව සිදුවන බවත් “මනෝපුබ්බංගමාධම්මා” යන ගාථා දෙකින් වැටහෙනවා.

අපේ බුදු අම්මා දරුවෝ ලෝකයට බිහි කළාට පසුව පිං පොතට අනුව මරණය ළඟා වෙනකං සිදුවන සියලුම කාර්යයන් විශ්ව ශක්තිය භාරගන්නවා. සිරස් ආකාරයට ප්‍රස්තාරයෙන් නිර්මාණය කළා නම් තරුණ වයස ප්‍රස්තාරයේ සිරස වනවා. එතැන් සිට මැරෙන තෙක් බහින කලාව. ඒ කිව්වේ ක්‍රමයෙන් ආයු ක්ෂය වන කාලය. සමහර අයට සිරසට වත් යන්න බැරි වෙනවා. පානාතිපාතා වැනි අකුසල කර්ම නිසා. ඒ බාලාරිෂ්ඨ යෝග නිසා.

ඡ්‍යොතිෂයේ පංචාංගය නැකැත් රිෂ්ඨ වැනි කරුණුවලට අමතරව බොහෝ දේ වසංවෙලා පවතිනවා. ඒවා රහස් ඡ්‍යොතිෂ පරම්පරාවලට සීමා වුණා. ශ්ලෝකවලට සීමා වුණා. ශ්ලෝක කිව්වේ ඍෂි මත. නැත්නම් ඍෂිවරයන්ගේ අදහස්, ඒවා සම්පූර්ණයෙන්ම නිවැරැදියි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යා

ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ භාරත භාෂ්කර ශිරෝමනී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.