මහනුවර අස්ගිරියේ ගුප්ත මන්ත්‍ර

පෙබරවාරි 1, 2019

ගුප්ත විද්‍යා කරුණු ඇතුලත් බොහෝ පුස්කොළ පොත් පන්සල් වල සුරක්ෂිතව පැවතියේ පුරාණයේ සිටය. මන්ත්‍රයක ඇතුලත් කරුණූ ගැන සලකා බැලීමේදී බුදුදහමේ සඳහන් දෙවි, බඹුන්, යක්ෂ, පේ‍්‍රත, අවතාර ගැන ලියැවෙන කරුණක් එහි අන්තර්ගත වීම මීට විශේෂත්වයකි.

ඡ්‍යොතිෂයේ අවසාන පාඩම් මාලාව චූල නක්ෂත්‍රය හැදෑරීමයි. එනම් ජන්මියෙකුගේ මරණය ගැනත් එය ලඟාවන කාලසීමාව පැවසීමය. නියම ඡ්‍යොතිෂ ගුරුවරයෙකුගෙන් පාරම්පරික ශිෂ්‍යයෙකුට ඡ්‍යොතිෂ දැනුම ලබාදීමේදී අවසාන පරිච්ඡේදයයි මෙය. සමහර කුල පරම්පරාව මීට වෙනසක්ද වෙයි. මෙම චූල නක්ෂත්‍රයෙන් ලබාගත් මැරෙන දිනය පැවසීම නොකරන ලෙසට ගුරු මුෂ්ඨියක්ද පැනවේ. ගුරු මුෂ්ඨි එම පරම්පරාව අනුව වෙනස් වේ. ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනත් ආඩම්බරව නිහතමානිව ඉදිරියට ගෙන යන පාරම්පරික ඡ්‍යොතිර්වේදින් අද ද නැතුව නොවේ.

සමහර වර්තමාන ආචාර්යවරුන්ගේ වෛකල්පිත ඡ්‍යොතිෂය, ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය, සිද්ධාන්ත, ඡ්‍යොතිෂය වැනි දෑ පැහැදිලි කලත්, උගැන්නුවත් නිවැරදිව ගුණාගුණ නැත්නම් පලාඵල කීමේ හැකියාව නැත. තුන්වැනි ඇස උපයෝගී කරගෙන පලාඵල කීමේ හැකියාව බොහෝ ඡ්‍යොතිර්වේදින්ට තිබුණද, සමහර අයගේ උපතින් ලැබූ නෙත්ද අන්ධ වී ඇත්තේ පෙර අකුසල කර්මවලට බව බුදුදහමේද සඳහන් වේ.

අස්ගිරි පන්සලේ වැඩවාසය කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේගේ ඡ්‍යොතිෂ දැනුම්, සිංහල වෙදකම මුදලට විකුණුවේ නැත. අපවත් වී වදාළ කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ඉතාම සමීප මිත්‍ර භික්ෂූන් වහන්සේ නමකි. සිංහල වෙදකම කෙරෙහි මහත් අල්මක් දැක්වූ මෙම ස්වාමීන් වහන්සේ එම ඖෂධ වර්ග නිමකරන ලද්දේද එම පන්සලේදී උන්වහන්සේ අතිනි. එසේ සිඳවන ලද තෙල් වලින් ප්‍රයෝජනය ලබාගත් බොහෝ දෙනා පන්සලට විත් රැගෙන යති. එනමුත් මෙම දුර්ලභ තෙල් කිසිවිටෙකත් මුදලට කඩසාප්පුවලට මිලයට විකිණීමට නොතැබූ බව මා දැන සිටියේ උන්වහන්සේ මා ඉතා සමීපයෙන් ඇසුරු කළ හෙයිනි. වරෙක උන්වහන්සේට විරුද්ධව අධිකරණයේ පැවැති එක්තරා අධිකරණමය කටයුත්තකට ගුරුකම් කිරීමට මට භාරවිය. එම නිසා අපේ ඇසුර තව තවත් දියුණු විය . ශාස්ත්‍රීමය කරුණු අප දෙදෙනා බෙදා හදා ගැනීමට නොපසුබට විය.

වරෙක උන්වහන්සේ යමෙකුගේ දේහ ලක්ෂණ බලා අනාවැකි කීම උන්වහන්සේ භවයෙන් ලැබූ දායාදයකි. ඉතා වටිනා විද්‍යාවක් වූ ගුප්ත ශාස්ත්‍රයෙහි ඇතුලත් යන්ත්‍ර මන්ත්‍ර අපවත් වී වදාළ කොණ්ඩදෙනියේ ගුරු හාමුදුරුවන්ගෙන් ලැබූ බව කීප විටක්ම මට පවසා ඇත. උන්වහන්සේලාට , ගුප්ත ශාස්ත්‍රය කොණ්ඩදෙනිය හාමුදුරුවන් ප්‍රායෝගිකව පුහුණු කළ අතර සිංහල වෙදකම මෙම හාමුදුරුවන් වහන්සෙට උරුම විය. ඉතා සීග්‍රයෙන් අප අතරින් වෙන්වන සත්‍ය ගුප්ත ශාස්ත්‍රය නැත්නම් ගුරුකම් සඳහන් පොත්පත් මෙම ස්වාමින් වහන්සේ සතු විය. මාගේ කිට්ටු සබඳතා ඇසුරෙන් පසු මෙම පොත් මා භාරයට පත්කරන ලද්දේ මේ සම්බන්ධව ලෝකයාට සත්‍ය ලෙස විවර කරන්නට උන්වහන්සේ සිතුවා යයි මම සිතමි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්තවේදී භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

ඡ්‍යොතිෂ විද්‍යා සහතිකලාභී

මීපේ ගණිතගේ රන්ජිත්

විද්‍යාරත්න

මොරටුව

0722174553/0779870007

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.